මම කැමති ඒකයි

ඇත්තට ඔය හුළඟ
ඔච්චරම හයියෙන් හමයිද?
කුරුල්ලොත් මැරෙයිද?
පොඩි ගෙවල් කැඩෙයිද?
අනේ පොඩි උන් තෙමෙයිද?
 
ඔබ මගේ ලඟ හිටියනම්
මොන තරම් ප්රශ්න තොගයක් අහයිද?
 
සොඳුර
 
ඔබ හිතනවට වැඩියෙන්
ඇතැම් කලු ගල් සුමටයි
මවා හෝ මහිත සුළි සුලඟක්
ඔබ කලින් ගිය එක ගැන
මම කැමති ඒකයි...
Top