ඔයාටත් එහෙමද?

නොහඳුනන අංකයකින්
ඇමතුමක් ගෙන ඉඳහිට
කණ තියා අසා ඉමි
ඔබ හුස්ම ගන්නා හඬ
 
ඔබත් එහෙමම හිඳී
කුකුස් හදකින් නිහඬව
විසන්ධි වූ පසු මුමුණමි
රිදෙනවා! ඔයාටත් එහෙමද?
Top