නම්බුකාර සූරියකාන්ත

දෙනෙත් පියා රැයක් තිස්සේ
සුවද වත් නොදෙන තරමට
හිරු කුමරුගෙ ආදරයෙන්
විතරක් විකසිත වෙන
නම්බුකාර සූරිය කාන්තිය !
 
උඹටත් තිබුණා නෙව
සද එළියට ඇස් අරින්න
සිහිලට පෙම් වදින...
 
නෑ...
 
උණුසුම ම..
නැවුම් සිහිල් කරගන්න...
දෙහිතින් නොව ,
එක හිතක් ඇති...
 
උඹ නම්බුකාර යි සූරියකාන්ත
Top