හාත්පස අඳුරු පැහැ
ගැන්වෙයි...
තාරකා තැනින් තැන
දැල්වෙයි...
අරුමැසි රැහැයියන්
හඬනගන නිශාවේ,
බියකරු බොහෝ දේ
සිදුවෙයි...
පිනි වැටුණු තණපලස මත
කණමැදිරියෙක් වැතිරෙයි....
මැදියමෙන් පසු
එළැඹි මොහොතේ,
සේපාලිකා ගෙල සිඳී මිය යයි....