ඕලන්ද ඉස්පිරිතාලෙට ගිහින් එමුද? (750)

post-title

කොළඹ කොටුව පහුකරලා ඉස්සරහට එද්දි ඈතින් පේන පිට්ටු බම්බුව එහෙමත් නැත්නම් ලංකා බැංකු ගොඩනැගිල්ල පැත්තට මොහොතකට ගියොත් හරි අපූරු පරිසරයක සුවය විදගන්න ඔබට පුලුවන්. එක පැත්තකින් ගෝල් ෆේස් යන පාර, ඒ පාරේ අපේ රටේ ආර්ථිකට සුවිශේෂි මෙහෙවරක් සිදුකරන සංචාරක හෝටල් කලාපය, අනෙක් පසින් ඩච් රෝහල. ඩච් එක ඇතුළට ගියොත් ඔබට විවිධ මාදිලියේ ආහාර අත්දැකීම් විදින්න විතරක් නෙවෙයි, කතා කර කර ඉන්න, ඇවිදින්න, බලන්න බොහෝ දේවල් තියෙනවා. ෂොපින් කරන්න කැමති අයටත් ඩච් හොස්පිටල් එක කියන්නේ බොහොම වැදගත් තැනක්. 

ඇත්තටම ඩච් හොස්පිටල් එහෙමත් නැත්තනම් ඩච් රෝහලේ ඉතිහාස කතාව මොකද්ද

මේ ගොඩනැගිල්ල කොළඹ කොටුවේ තියෙන පැරණිතම ගොඩනැගිලිවලින් එකක් විදියට සැලකෙනවා. එය ගොඩනැගෙන්නේ ලන්දේසි පාලන සමයේ. එහෙමත් නැත්නම් නෙදර්ලන්තයට අපි යටත් වෙලා ඉන්න කාලේ. එහි අතීතය 1681 දක්වා කාලයට දිවයනවා කියලා සැලකෙනවා. ක්‍රිස්ටෝෆර් ස්කැවයිටර්ස් නම් පුද්ගලයෙක් මේ පිළිබඳව කතා පුවත් කිහිපයක්ම ලියා තිබෙන බවත් සඳහන්. 

මේ රෝහල හැදෙන්නේ ලන්දේසි පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ නිලධාරින්ට ප්‍රතිකාර ගැනීමට වගේම වරායට කිට්ටුව තිබුණු නිසා නාවිකයන්ගේ පහසුව සඳහාත් මේ රෝහල යොදාගෙන තිබෙනවා. 

බි්‍රතාන්‍යයන් ලංකාව යටත් කරගත්තට පස්සේ මේ ගොඩනැගිල්ල තවදුරටත් දියුණු කරන්න උනන්දු වුණා. 185 දී මෙය භාවිත වුණේ බි්‍රතාන්‍ය හමුදා බැරැක්කයක් විදියට. ඊට පස්සේ කාලේ හමුදා නිළදාරියෙකුගේ කාර්යාලය පවත්වාගෙන යන්නත් මේ ගොඩනැගිල්ල භාවිත කරලා තියෙනවා. මේ රෝහලටම තමයි ඕලන්ද ඉස්පිරිතාලේ කියලා කියන්නෙත්. 

ඉතින් කොළඹට එනවා නම් ඕලන්ද ඉස්පිරිතාලේ පැත්තේ රවුමක් යන්නත් අමතක කරන්න එපා. සැලකිය යුතු මුදලක් අතේ තියෙනවා නම් සාමාන්‍ය ආහාර වේලක රස බලන්නත් බැරි වෙන්නේ නැහැ. ආස දෙයක් මිලට ගන්න අපහසු වෙන්නෙත් නැහැ. ඒ කොහොම වුණත් ටිකක් වාඩි වෙලා ගිමන් හරිනකොට, රෝහල ඇතුලේ ඇවිදිනකොට ඒ අතීත ලංකාවේ අපි තාමත් ඉන්නවා වගේ දැනෙන නොස්ටැල්ජියානු හැඟීමෙන් මිදෙන්න නම් ඔබට බැරිවෙයි. 

 

Top