වචන.lk එක්ක බදුලු පුරවරට ගිය දුම්‍ රිය ගමන (503)

post-title

කොරෝනා නිසා ගෙදරටම වෙලා ඉන්න හින්ද ගොඩක් සුන්දර දේවල් අපෙන් මගහැරිල ගිහිල්ලා . වෙනද පොඩ්ඩක් ඇවිදල කරල විනෝදයෙන් හිටපු ජීවිත අද වෙද්දි හිරවෙලා කොටුවෙලා පීඩනෙන් තමයි ඉන්නෙ. ඒ උනාට අකුරු තුළින් මැවෙන වචන එක්ක අපට ලංකාවේ විතරක් නෙවෙ ලෝකෙ වටේ උනත් සංචාරය කරන්න පුලුවන් . කියවීම මිනිසා සම්පූර්ණ කරනව වගේම අපේ පරිකල්පන හැකියාවත් වර්ධනය කරනවා. ඉතින් අද වචන .lk තුළින් පාඨක ඔබට ගෙනෙන මෙම ලිපිය කියවන ගමන් සිතින් සිතුවම් අදිමින් ලංකාවේ දැනට පවතින කොළඹ - බදුල්ල දුම්‍රිය මාර්ගයෙත් , ඉස්සර කාලෙ තිබ්බ නානුඔය - උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයෙත් ලස්සනයි, අතීත කතාවයි බලලා වචන කෝච්චියෙ පුංචි රවුමක් ගිහින් එමු. 

අපි කවුරුත් දන්නවා බදුල්ල , නුවරඑළිය , බණ්ඩාරවෙල කියන්නෙ කොහොමත් ටිකක් සීතල පරිසරයක් තියෙන්නෙ කියල. ඇග කිලිපොළා යන සීතලත් වෙලාවකට ගෙනෙන්නෙ සිත කුල්මත් කරවන මිහිරියාවක්. ඒ මිහිරියාවත් එක්ක අපි මුලින්ම යමු දැනට නටබුන් පමණක් ශේෂව තිබෙන නානුඔය සිට උඩුපුස්සැල්ලාව දුම් රිය මගට. ඉස්සර ඉංග්‍රීසි පාලන සමයෙ නානුඔය ඉදලා උඩුපුස්සැල්ලාවට යනකන් දුම්රිය මාර්ගයක් ඉදිකරල තිබ්බත් අද වෙද්දි තියෙන්නෙ එහි ශේෂව ගිය නටබුන් විතරයි. ඒ වගේම ඒවා උනත් අද යනකෙනෙකුට බලන්න යන්න වෙන්නෙ බස් රථයෙන් ගිහිල්ලා තමයි. අපි කවුරුත් දන්න කාරණයක් තමයි අපේ රට ඉංග්‍රීසින්ගෙ යටත් විජිතයක් වෙලා තිබ්බ කියන කාරණය. ඉතින් ඒ කාලෙ ඉංග්‍රීසි ජාතිකයන් විසින් අපේ රටේ තේ වගා කලා‍නෙ. ඒ වගේම ඔවුන්ම තමයි අපේ රටේ දුම් රිය මාර්ග ඉදිකලෙත්. ඒ පාරවල් වල දුවන්න කෝච්චි ගෙන්නුවෙත් එයාලම තමයි. ඉතින් , මේ සුදු ජාතිකයන්ට මුහුණ දෙන්න උනු විශාල ගැටලුවක් තමයි නුවරඑළිය , රාගල, උඩුපුස්සැල්ලාව වගේ උඩ ප්‍රදේශවල තේ පහළට ගෙන්න ගන්නෙ කොහොම ද කියන එක . ඒකට හේතුව තමයි ඒ වෙද්දි ඒ ප්‍රදේශවල තේ දළු ගෙන්න ගන්න ප්‍රවාහන මාර්ගයක් ඉදිවෙලා තිබ්බෙ නැති එක.ඊට පස්සෙ ඔවුන් ඒකට විසදුමක් විදියට රාගල උඩුපුස්සැල්ලාවට යනකන් රේල් පාරක් හදන්න එවකට ආණ්ඩුකාරවරයා උනු වෙස්ට් රිජ්වේ මැතිතුමාගෙන් අනුමැතිය ඉල්ලුව . එතුමගෙ මැදිහත් වීමෙන් නානුඔය ඉදන්නුවරඑළිය හරහා රාගල දක්වා සැතපුම් 19 ක් දිග පටු දුම් රිය මාර්ගයක් ඉදිවුනා. නානුඔය ඉදලා රාගල දක්වා ප්‍රධාන දුම් රිය නැවතුම්පොළවල් පහක් හදල තිබ්බ. ඒවා තමයි බ්ලැක්ෆූල්, නුවරඑළිය , කදපොළ, බෘක්සයිඩ් සහ රාගල. මේ ප්‍රධාන දුම් රිය පොළවල් අතරත් තවත් කුඩා දුම් රිය නැවතුම්පොළවල් ඉදිඋනා. ඒ තේ ප්‍රවාහනයෙ පහසුව පිණිස. පීඩ්‍ රූ , සමර්හිල්, ශාන්ත ජෝන් කියන්නෙ එම නැවතුම්පොළවල් අතරින් ටිකක් විතරයි . ඒ වගේම තමයි කියන්න ඕනි විශේෂ කාරණාවක් තියෙනවා . ලංකාවේ උසින්ම පිහිටපු දුම් රිය මාර්ගය උනෙත් මේ උඩුපුස්සැල්ලාව දුම්‍ රිය මාර්ගයම තමයි. අද ලංකාවේ උසම දුම් රිය ස්ථානය පට්ටිපොළ උනත් එදා ලංකාවේ උසම දුම් රිය ස්ථානය උනේ මුහුදු මට්ටමෙන් අඩි 6316ක් උඩින් පිහිටි කදපොළ දුම් රිය ස්ථානෙ තමා. ඒත් මේ කෝච්චි පාර ඉතාමත් අසීරු මාර්ගයක් . ඒකට හේතුව උනේ බෑවුම වැඩි උන එක. ඒ හින්දම උඩුපුස්සැල්ලාව ගමන් මගේ දුම් රියේ සාමාන්‍යය උනේ අඩි 24ක් ඇතුළත එක අඩියක් දුම් රිය ඉහළට එසවෙන එක. නානුඔයෙන් පටන් ගත්ත මේ නැග්ම උඩට යන්න යන්න තවත් වැඩි උන හින්ද කෝච්චියෙ සාමාන්‍ය වේගය මිනිසෙකු පැයට ගමන් කරන කිලෝමීටර් ගණන තරමට සමාන වෙලා තියෙනවා . ඒත් ඒ ගමන් මග අතිශය රමණීයයි. නමුත් මෙහි නඩත්තුවට යන වියදමයි තේ දළු වලින් ලබන ආදායමයි බැලුවම මේ කෝච්චි පාර පාඩු සහිතකර්තව්‍යයක් වූ බැවින් සුදු ජාතිකයන් මේ කෝච්චි පාර 1942 දී රාගල ඉදන් නුවරඑළිය එනකන් වහල දැම්මට පස්සෙ 1948 අගෝස්තු 02 වෙන්ද මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වහල දාලා තියෙනවා .. ඒ වගේම මේ කෝච්චි පාරෙ යන්න ගෙනාව පුංචි කෝච්චියත් එවක පාලකයන්ගේ නොසැලකිල්ල හින්ද අපට නැතිවෙලා ගිහින් තියෙනවා . ඒත අදටත් යන ඕනි කෙනෙකුට තිබ්බ බිං ගෙවල්වල සුන්බුන් දකින්න පුලුවන් .. ඒ වගේම තමයි අද ජයලත් රටබීමහල කියල තියෙන්නේ බෲක්සයිඩ් දුම්‍ රිය පොළ තමයි. 

දැන් අපි යමු කොළඹ බදුල්ල දුම් රිය මාර්ගයට. මේ මාර්ගයෙ ඇල්ලත් දෙමෝදරත් දුම් රිය ස්ථාන දෙක අතර පිහිටි ආරුක්කු නවයෙ පාලම කියන්නෙ දෙස් විදෙස් කාගෙත් හිත දිනාගත්ත ස්ථානයක් . ගොඩක් අය අද කෝච්චියෙන් බදුලු යනවනම් අනිවාර්යයෙන් මෙතැනට යන්නත් අමතක කරන්නෙ නෑ. මේ ආරුක්කු නවයෙ පාලම උස අඩි 300කින් හා පළල අඩි 25ක් විතර තියෙන දැවැන්ත පාලමක්. ඒ වගේම පාලම සහ දුම්‍ රිය මාර්ගය 1:44 ක ආනතියක් තමයි නිර්මාණය කරල තියෙන්නෙ . ආරුක්කු දෙකක් අතර පරතරය අඩි 30ක් තියෙනවා . ඊලඟට අපි ආරුක්කු නවයෙ පාලම ගාවින් නික්මිල යමු දෙමෝදර රේල් ගැටය බලන්න. ඇත්තටම මේ ස්ථානයෙ දුම්‍ රිය මාර්ගය ඉදිවෙලා තියෙන විදියෙ පොඩි විශේෂත්වයක් තියෙනවා .. ඒ මොකක් ද කියනවනම් දෙමෝදර දුම්‍ රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්‍ රිය කන්දක් වටා ගමන් කරමින් නැවත මෙම දුම්‍ රිය ස්ථානයට යටින් ඉදිකොට ඇති උමගකින් එලියට එන්න තමයි හදල තියෙන්නෙ . ඉතින් කෝච්චිය පාරෙ යද්දි ඒක අනිත් අයට පේන්නෙ ගැටයක ආකාරයට ගමන් කරනව වගෙ තමයි . මේ උමග මීටර් 170ක් විතර දිගයි. ඒ වගේම කෝච්චිය කන්ද වටා ගමන් කරන්නෙ අඩි 44ට අඩි 1ක ආනතියකින්. ඉතින් , මේ කොරෝනා ඉවර උනාට පස්සෙ ඔයාලත් ගිහිල්ලා මේ තැන් ඇස් දෙකෙන්ම බලාගෙන රසවිදල එන්න. ඇග කිලිපොළා යන සීතලත් එක්ක රස කෝපි කෝප්පයක් බීල එන්නත් අමතක කරන්න එපා .

ලංකාව කියන්නෙ ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක්. ඒ ස්වභාවික බව වනසල කොන්ක්‍රීට් වනාන්තරයක් කරන්න දත කන්නෙත් මිනිස්සු උනු අපිම තමයි. ඒ වගේම යන යන තැන ෂොපින් කෑල්ලක් හරි වතුර බීල හිස් ප්ලාස්ටික් වතුර බෝතලේ හරි විසි කරල එන එක දැන් මිනිස්සුන්ට පුරුද්දක් වෙලා . ඒත් ඒවගෙ සැහැසි වෙන්න එපා . ඔබ අද අත්විඳින සුන්දරත්වය මතු පරපුරටත් ඒ විදියටම අත්විඳින්න ඉඩක් ඉතුරු කරන්න .

Top