සතුටු වීමේ සෙල්ලමෙන් ලෝකයම සතුටු කළ - පොලියානා

post-title

ඇමරිකානු ලේඛිකාවක් වෙන එලීනර්  හෙජ්මන් පෝටර් (  Eleanor H. Porter ) විසින්  රචනා කරපු  "පොලියානා "  Pollyanna  (1913 ) සහ  Pollyanna Grows Up  (1915)   යන කෘති දෙක ඇසුරින් , සිංහල පරිවර්තනය කරන්නේ කත්යා නා අමරසිංහ නැන්දා. ලංකාවේ පරිවර්තනය වෙන්නෙ,

 " පොලියානා"  

 " සතුට බෙදන පොලියානා "  

 " ජිම් සහ පොලියානා " කියන මූද්ර ණ තුනෙන්.

 සතුටු පොත් ( Glad books ) විදිහට  ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් මේ කෘතිය පිටපත් මිලියන ගණනින් අලෙවි වෙනවා.

" පොලියානා " කෘතිය ඉතාම රසවත් විදියට කියවන්න,  අපිට හදවතින්ම විඳින්න , දැනෙන්න  පරිවර්තනය කර තියෙනවා. නම වගේම කතාවත් , ඒ කතාව කියවලා අපිට හිනාවෙන්න කියලා දෙන විදියත් ඇත්තටම අපූරුයි. කියවලා නැත්නම් මේ ලිපිය අවසන් වෙන තැනදිම ඔයාටත් හිතෙයි කියවන්න, ඒ වගේම ඔයාටත් පුළුවන් පොලියානා දුන්න ආදරේ බෙදාගන්න. ජීවිතයට එන දුක් කරදර ඉදිරියේ සුබවාදී ලෙස ජීවිතය දිනන පොලියානාගේ කතාන්දරය, බාල,තරුණ, වැඩිහිටි අපි හැමෝටම කියවන්න , බෙදාගන්න පුළුවන්  ඉතාම රසවත් කතාවක්. 

අම්මගෙ සහ  තාත්තගෙ ආදරේ අහිමි උන  පොලියානා කියන සුන්දර දැරිය වටා තමා මේ අපූරු කතාව ලියවෙන්නෙ. "පොලියානා" පොතක් විදියට , මේ තරමට ම හැමෝම ආදරේ කරන්න හේතුව තමා පොලියානාගේ සතුටුවීමේ සෙල්ලම.  දුක්වෙන්න ඕනි කියලා හිතෙන තැන්වලදිත්  සතුටුවෙන්න හේතු පොලියානාගේ " සතුටුවීමේ සෙල්ලම " ඇතුලෙ තිබුණා.

සෙල්ලම පටන්ගන්නෙ නත්තල් තෑග්ගකින්. පොලියානාට ඕනි උනේ බෝනික්කෙක්. ඒත් පොලියානාට එදා ලැබුනේ කිහිලිකරු දෙකක්. අම්මා තාත්තා අහිමි උන පොලියානා හිනාවෙන්න හේතු හෙව්වෙ මෙන්න මේ  සතුටුවීමේ සෙල්ලම එක්ක. මේ සෙල්ලමට පොලියානා ඇය ලඟ හිටිය හැමෝම එකතුකරගන්න උත්සාහ කරනවා. ඒ නිසාම නොදැනුවත්වම ඒ හැමෝටම සතුටින් ජීවත්වෙන්න හේතු හොයාගන්න පොලියානා උදව් කළා. සතුටුවීමේ සෙල්ලම එක්ක කට්ටිය එකතුවෙන්න එකතුවෙන්න පොලියානාගෙ සතුට තවත් වැඩිවුණා. පොලියානාගේ පුංචි අම්මා  ' පොලී ' , එතකොට ජිමී (  ජිමී කියන්නෙත් අනාථ දරුවෙක් ) , ජෙනී කියන වයස්ගත කාන්තාව, තව ඩොක්ටර් කිල්ටන් වගේම ඇයට මුණගැහුන හැම ජීවිතයකටම ඇය සතුටුවීමේ සෙල්ලම එක්ක හිනාවෙන්න පුරුදු කළා. පොලියානා කියන්නෙම  ආදරය පිරුණු  දරුවෙක්.

හැමෝටම සතුටුවෙන්න කියලා දුන්න පොලියානාට ඇගේ සෙල්ලමෙන් සතුටුවෙන්න බැරිඋන අවස්ථාවක් එනවා. හදිසි අනතුරක් නිසා පොලියානාට ජීවිත කාලයටම ඇවිදින්න බෑ කියලා දැනගන්න ලැබෙනවා. ඒ තමා  "පොලියානා " පොතේ හිතට දැනෙනම  කොටස. මේ තරමට සතුටුවෙන්න කියලා දුන්න පොලියානාට , එදා සතුටුවෙන්න හේතුවක් හොයාගන්න බැරිතරමටම අසරණ වුණා. ඒත් ඇය හිනාවෙන්න පුරුදු කරපු , සතුටුවීමේ සෙල්ලම කියලා දුන්න ගමේ හැමෝම , මිනිස්සු හැමෝම පොලියානා එක්ක එදා සතුටුවීමේ සෙල්ලම කරනවා. ඇය හැමෝටම දුන්න ආදරේ ආපිට ම දේව ආශිර්වාදයක් වගේ ඇයට ලැබෙනවා.

ඉතින්, ඔයත් කියවන්න. ඊට පස්සෙ තීරණය කරන්න, "මම දුකෙන් ඉන්නවද ? මම සතුටෙන් ඉන්නවද ?"   කියලා. සතුටුවීමේ සෙල්ලම කරන්න පොලියානා මටත් කියලා දුන්නා.

තාමත් කියවලා නැත්නම් කියවන්න.ඒ ආදරය, සතුට,හිනාව බෙදාගන්න. අපි පාට කරමු. මුළු ලෝකයක්ම, මනුදම් පිරුණු  ඔයාගෙ  හිනාවත් එක්ක. ඉතින් හිනාවෙන්න. මම පොලියානා .

 

Top