පාපොච්චාරණයක අපුර්ව නිරූපණය - "මට යන්න දෙන්න" (643)

post-title

 "මට යන්න දෙන්න " යනු දෙවන ලෝක සංග්‍රාම අවධිය පිළිබඳ තවත් මතක සටහනකි. හෙලන් ස්ටේන්බ්ර්ග් වල වියානාවේ උපත ලද දැරියක් වන අතර 1914 දී හෙල්ගා ශ්නයිඩර්ගේ මව පියාවත් , ඇයවත් බාල සොහොයුරාවත් අතහැර යයි. දෙවන ලෝක යුද්දයෙන් වසර 60 කට පසුව වියානාහි පිහිටි වැඩිහිටි නිවාසෙක සිටින ඇයගේ මවගේත් හෙල්ගා ගේත් අවසන් හමුවිම පිළිබඳ කතා පුවතින් මට යන්න දෙන්න කෘතිය ඇරඹේ.

ඇයගේ මව අවුෂ්ටිෂස් ඇතුළු නාසි වද කඳවුරු වල නාසි එස් එස් ආරක්ෂක භටයෙක් වශයෙන් සිටියදී ගත කල ජීවිතය, සිදු කල කුරිරු ක්‍රියාවන්, යුදෙව්වන්ට දුන් වදහිංසා ආදිය පිළිබඳව කිසිදු පසුතැවීමක් නැතුව හෙල්ගා ඉදිරියේ පාපොච්චාරණය කරන්නේ එවන් අතීතයක් තමන්ට හිමි නොවූ ගානටය. හෙල්ගා මෙම සංවාදය සිහිපත් කරන්නේ මව යන හැගීමත් මව විසින් සිදු කරන ලද බියකරු ක්‍රියාවන් පිළිබඳව සිතේ ඇති වන ත්‍රාසය මුසු හැගීමත් අතර අසරණ වෙමිනි. 

ඇය වසර 6ක සිර දඬුවමකට යටත් ව සිටි අතර යුදෙව්වන් ඝාතනය සේම ගණිකා නිවාස වලට තරුණ සිරකාරියන් තෝරා යැවීම, දරුණු අත්හදා බැලීම් වලට සිරකරුවන් සේම කුඩා දරුවන්ද යොදා ගැනීම වැනි කුරිරු ක්‍රියාවන් වලට දඩුවම් ලැබිය.

වසර 30ක කාලයක් තම මව වෙනුවෙන් බලා සිටි හෙල්ගා තම කුඩා පුතු වූ වියානා සමග මව බැලීමට ගිය විටදී ඇය ඇගේ එස් එස් නිළ ඇඳුම ආඩම්බරයෙන් පෙන්වයි.එමෙන්ම අවුෂ්ටිෂස් සහ බර්කෙනෝහි සිදුකල සමුහ ඝාතනයන්ට සහය වූ ආකාරය පිළිබඳව විස්තර කරයි. මෙම සෑම තැනකදීම හෙල්ගාගේ සීත පිඩාවට පත්වන අතර මේ කතාව ඔස්සේ පාඨක මනසට හෙල්ගා සහ මව වූ ට්‍රොඩි ගේ චිත්ත අභ්‍යන්තරයේ ඇතිවන ඝට්ටනය පිලිබඳ මනා හෙළිදරව්වක් සිදු කරනු ලබයි. රවුන්ඩ්ස්බ්‍ර්ක් හිදී ඇය වෛද්‍යවරයකුගේ සහයිකාව විදියට කටයුතු කර ඇත ඇත. එහිදී සිරකරුවන්ට මාංශ පේශි සහ අස්ථි බද්ධ කිරීම සිදු කා ඇත. පසුව ඇය බර්කොනිහි හි වැඩ කිරීම සඳහා මානුෂියකරණය පිළිබඳ පුහුණුවක්ද ලබාගෙන ඇත.

හෙල්ගා විසින් නව සොයා ගොස් සොයා ගන්නා කරුණු ඔස්සේ ඇගේ ළමා විය, යොවුන් විය, තරුණ විය පිලිබඳ ගවේෂණාත්මක හෙළිදරව්වක් ඉදිරිපත් කරන්නේ ඇයගේ මනසේ ඇතිවන චිත්ත වේගය මනාව ඉස්මතු කරමිනි. නාසි පාලන සමයේදී ජර්මනියේ පැවති තත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම කෘතිය ඔස්සේ අවස්තාව පාඨකයාට ලැබේ, මේ හා සබැඳි වැඩි විස්තර මෙම පොත් ආශ්‍රයෙන් නිමවුණු ජුලියට් ස්ටීවන්සන් රඟපෑ චිත්‍රපටය නැරඹීමෙන් දැන ගත හැකිය.

මට යන්න දෙන්න කෘතිය වසර ගණනක නාසි පාලනයෙන් පසුවත් තමා සිදු කල කුරිරු ක්‍රියාකාරකම් පිළිබඳව පසුතැවිලි නොවන යුදෙව්වන්ගේ වෛරයට සහ ක්‍රෝධයට පාත්‍ර වූ මවක් පිලිබඳ දියනිය විසින් සිතුවම් කරන ලද චිත්‍රයයි.මෙය හැඟීම් අභිප්‍රේරණය ,බැඳීම් ,සබඳතා,හර්ද ශක්තිය,පාපොච්චාරණය සහ ස්වයං අවදානය පිළිබඳ විසල් පාපොච්චාරණයකි.

Top