කාන්තාරයක වැලි අතර ලියවුණු ඛේදනීය කතාව - කාන්තාරයේ කුසුම (303)

post-title

කාන්තාරයේ කුසුම

වාරිස් ඩයරී සහ කැත්ලීන් මිලර්

පරිවර්තනය: රංජිත් කුරුප්පූ

කාන්තාරයක වැලි අතර ලියවුණු ඛේදනීය කතාවක් ලෝකයා හමුවට කරන ලද ඉදිරිපත් කිරිමක් ලෙසින් කාන්තාරයේ කුසුම නිර්මාණය හදුනාගත හැකිය. ශුද්ධ වූ ලෙස සලකන්නා වූ ආගම්වාදයත් ගෝත්‍රික වාදයත් හමුවේ නිර්මාණය වූ සංස්කෘතික පද්ධතියක ගැහැණියකගේ වේදනාවක් තුළින් වියැකී ගියාවූ මනුෂ්‍යත්වයේ සම්ප්‍රදාය ගැන සත්‍ය වූ අත්දැකීමක් පිළිබද පාඨකයාව දැනුවත් කිරිමක් මෙමගින් සිදුවෙයි. බටහිර මෙන්ම අප්‍රිකා රටවල සංස්කෘතින් මෙන්ම සමාජ වෙනස් විම, පුද්ගල හැසිරිම් හා පරිසර පද්ධතින් සංසන්දනය කිරිමක් ලෙස හුවා දැක්විය හැකිය. එකී අප්‍රිකානූ ගෝත්‍රික සමාජයේ ස්ත්‍රී වර්ගයාගේ පාරිශුද්ධභාවය දේවානූභාවී කැමැත්තක් ලෙස මුල් කරගෙන සිදුවන්නා වූ ලිංගේන්ද්‍රයන් චර්මඡේදනයේ අත්දැකීම ගැන පාඨක ලෝකයාට මෙමගින් ඉදිරිපත් කර ඇත. කතෘ තුළ ඇති වාග් භාෂා හසලත්වය කෙතරම්ද කියතොත් චර්මඡේදනයේ හැගීම තුළින් හද කම්පාවන හැගුම මා අකුරු අතරින් වින්දේය. එතරම් ඒ කටුක හැගීම වඩාත් ඛේදනීය ලෙසින් නිරූපණය කර ඇත. එලෙසම පරිවර්තක ගේ භාශා ඥානය ද එහිදී අගය කොට සැලකිය යුතුය. 

සංස්කෘතික අභිලාෂයන් මෙන්ම ආගමීක රීතීන් නීතින් හමුවේ වෙන් වෙන කන්තා අයිතීන් මෙන්ම උක්ත සමාජයේ කන්තාවකගේ පාරිශුද්ධභාවයට දක්වන්නා වූ සැලකීම හමුවේ ස්ත්‍රියකසේ ඉපදීම ඔවුනොවුන් පිළිකුලක් සේ සලකයි. හූදී ස්වභාවධර්මයාගේ නිර්මාණය මත ඇති වූ ද්වීලිංගිකයන් මිනිස් වර්ගයා නොයෙකුත් මති මතාන්තර වලින් සංකීර්ණ කරගන්නා වූ ආගම් ඇදහීම් මෙන්ම සංස්කෘතික නම් වූ රාමූ තුළින් තම වර්ගයා බෙදා දැක්වීමට උත්සහ දරයි. නිදහස් චින්තන මතින් නැගෙන මනුෂ්‍ය වර්ගයාගේ අනාගත දියුණු ව මෙකී රාමූ වල පිහිටවූ ජන කොට්ටාශයන් නිසා වියැකී යන අවස්තාවන් අසා ඇත්තතෙමි.

ලෝකයාගේ සමබරතාවයට උපදින මානව ජීවියාගේ යුතුකම සමබරතාව පවත්වා ගැනීමට දායක වීම විනා හූදී කෝණවලට බෙදා වෙන් විම නම් නොවේ. චර්මඡේදනය අර්තකථනට හෝ එය විවේචනයට මා මෙය අවස්තාවක් කර නොගනිමී. මන්ද මේකී වේදනාත්මක අත්දැකිම් බිහි වන්නේ ආගම් හෝ ඇදහීම් මෙන්ම සංස්කෘතිය නම් වූ නියමයන් තනා ගන්නා නිසාවෙන් වීමයි. සත්‍ය නම් එකී සංස්කෘතියේ මෙන්ම ආගමික ලෙස පොදූ වූ රීතීන් නීතීන් නිර්මාණය වුයේ කෙසේද නිර්මාණය වන්නේ කෙසේද යන්න සලකා බැලුව හොත් පුද්ගලයා තුළින් මෙය නිර්මාණය වන බව පෙනී යයි. ඔවුන් තුළ ඇති වන්නා වූ සිතුවිලී සමුහයේ බැහැර කිරිම් සහ පිලිගැනීම් නිසා සමාජගත වන කරුණූ අවසානයේ යහපත් හෝ අයහපත් සංස්කෘතියක් ලෙසින් අනාගතයට දායාද වේ. 

එකී අනාගතය එහි ප්‍රතිඵල භුක්ති විදින කණ්ඩායම වන්නේය. ඒවා එවන් මානසික මට්ටම වලට නොගැලපිය හැකිය. එවිට අනාගතය තුළ ගැටීම් සහ වේදනාවට පත් වන කොට්ටාශයක් නිරායාසයෙන් නිර්මාණය වී අවසන්‍ ය. ඔවුන්ගේ ජීවිත කතා තුළින් නැවත වාරිස් මෙන් දිනපොත් අතර කතා ලියන්නට තරම් කරුණූ හට ගනිවී.

අවසාන වශයෙන් ගැහැනියකගෙ ශක්තියත් ආත්මාභිමානයත් කාන්තාරය නම් වූ රලූ භූමියක සියපතක් සේ පිපෙන්නට තරම් වාරීස්ගේ හැගීම් සමූහයා ඇය හා කල ගනූදෙනූව පාඨකයා කියාවාම අත්විදිය හැකි නම් අගනේය. 

Top