තරු මගට පිවිසුණු යූරි ගගාරින්ගේ ස්වයං චරිතාපදානය

post-title

‘නාඳුනන නොහඳුනන මිතුරනි  සහෝදර  වැසියනි  සියලු රටවල සියලු මහද්වීපවල ජනතාවනි, තව මිනිත්තු කිහිපයකින් මේ ප්රයබල අභ්යා වකාශ යානාව  මා කටුව විශ්වයේ ඉතා දුරට පියාසර කරාවි ’

ඔහු ඔබට මට පමණක්ම නොව සමස්ත මානව වර්ගයාටම වීරයෙකි. කිසිදාක ඔහුගේ නාමය අමතක කරන්නට ලෝකයට හැකි නොවනු වනු ඇත. තරු මං සොයන්නට එපිටට ගිය ප්රාථම මිනිසා වූ ඔහු යූරි ගගාරින්ය . වීරත්වය හෝ සිහින හෝ අප කිසිවෙකුටත් දුර නොවන වග ඔප්පුකල ඔහු අභ්ය‍වකාශයට පා තැබුවේය. ( මේ ලියනා වචන විද්යාත්මක ගැලපීමකින් තොර වග දන්වා සිටිමි) .  

'' Road To The Stars'' යනු යූරි ගගාරින් නම් වීර තාරකාවේ ස්වයං චරිතාපදානයයි. ලංකාවේ විශිෂ්ටතම පරිවර්තකයකු වන චූලානන්ද සමරනායකයන් විසින් මේ මාහැඟි කෘතිය '' යූරි ගගාරින් තරු මඟට පිවිසුනෙමි'' ලෙස සිංහලට නඟා ඇත. අපි මේ පොළොව මත දීම අඩියක් පෙරට තියන්නට කොපමණ පැකිලෙන්නේද? හැකිලෙන්නේද?. එහෙත් ඔහු මේ ලෝකයෙන් එපිටට ගමන් කළේය. ඒ වරම වාසනාවක් වීමට වඩා ඔහුගේ උත්සාහයේඅග්ර?තම ත්යා්ගයක් විය. රුසියාවේ දුප්පත් ගමක උපන් ඔහු ගිය දුර මැනිය හැක්කේ කවරෙකුටද? ඔහු මානව ශිෂ්ටාචාරයටම තරු ලකුණක් වූවේ කෙසේද? ඔබ ළග සිහිනයක් ඇත්නම්, උන්මාදයක් ඇත්නම් ඔබ වළක්වාලන්නට හැක්කේ කාහටද? කොහේ හෝ තැනක ඔබට ඉඩක් තියන බව සහතිකය. 

මේ ජීවිත කතාව, කුඩා මෙන්ම වැඩිහිටි ඔබ ද මා ද කියවිය යුතුම වග මම විශ්වාස කරන්නෙමි. ඔහු උපන් බිමෙන් එපිටට අඩියක් තියන්නට පෙර උපන් ලෝකයෙන් එපිටට අඩියක් තියන්නට තරම් වාසනාවන්ත මෙන්ම නිර්භීතම වූවේය. එහෙයින් කුඩා උපුටන කිහිපයක් මෙහි සටහන් කරමි.

'' එනමුදු යම් දිනෙක සොබා දහමට එරෙහි අරගලයකට සහභාගී වීමට මට සිදුවනු ඇති බව හා ගුරුත්වාකර්ෂණය පරයා මිහි මවගෙන් මිදී ගුවනට ලැබේ යැයි සැබවින්ම මට එකල කිසිදු අදහසක් තිබුණේ නැති..'' ( 19 පිටුව )

'' මෙන්න බලාපල්ලා . 

එක ශක්තිමත් චරිතයකට තවත් ඒ වගේම චරිතයක් බිහි කිරීමේ බලය තියනවා කියන එකට මෙන්න උඹලට කදිම සාධකයක් තියනවා .(35 පිටුව )

'' ගුවනේ සිටිනවිට කිසිවිටෙකත් ඔබේ උපකරණ පිලිබඳ සැක නොකරන්න. එසේම ඉක්මන් තීරණ නොගන්න.'' (46-47පිටු)

''විශ්මය ජනක පියාපත් පිළිබඳ සිහින දකිමින් හා නොදන්නා පවසකින් පෙළෙමින් මාද දෙදණ හා නාසය හැම ඇරගත් අවස්ථා අපමණය. ඉදින් දැන් අවසානයේදී , මම ගුවනේ සිටිමි. ....(48 පිටුව)

'' අනාගතේ අයිති උබලගේ පරම්පරාවටටයි '' වෙන්ව යාම සඳහා අතට ඇත දුන් අවස්ථාවේ ඔහු කීවේය. '' අපි කවදාවත් හීනෙන්වත් නොදැකපු ගුවන් යානා පදවන්න උඹලට ඉඩ ලැබෙයි''( 58 පිටුව)

හොඳ ඇඹරුම් ගලකින් සැම විටම ඉතා හොඳින් ධාන්යෙ ඇඹරෙද්දී නරක ගලකින් ධාන්ය  අපතේ යන බව කියමින් ඇය මගේ අනාගතය උදෙසා අවවාද දුන්නාය .( 73 පිටුව)

'' යූරි අපේ සතුටේ නිමවුම් කරුවා අපම බව සිහි තබාගන්න . කිසි දිනෙක හෝ ඉරණමට හිස නිනමන්න . බලා සිටීම යනු විශිෂ්ට කලාවක් බව සිහි තබාගන්න . ප්රේ මාන්විත හැඟුම් හොඳම මොහොත සඳහා රැක ගන්න; ( 74-75 පිටු)

'' සඳෙහි පස් ආදර්ශ රැගෙන අපේ ගගන ගාමින් මෙහි ළගාවෙන දිනයක් එළබෙනු ඇත්තේය '' අපි එසේ අපේ පුවත් සඟරාවේ ලියුවෙමු. (114පිටුව)

'' අපරවර්තී ගෝලය කියන්නේ උඹට සීමාවක් නොවෙයි හාදයා '' ඔහු මා දිරිගන්වමින් කීවේය. ( 121 පිටුව)

''පරම්පරා ගණනාවක සිහිනය සාක්ෂාත් කරන පළමු වන්නා බවට පත්වීම, මනුෂ්යව වර්ගයාට අභ්යාපවකාශය වෙත මන් විවර කරන පළමු වන්නා වීම... ....මේ වනාහි ... මානව වර්ගයාගේ වර්තමානය මෙන්ම අනාගතය කරාද වන වගකීමකි... ''  (176පිටුව )  

''මම මගේ ඔරලෝසුව දෙස බැලීමි. මොස්කවූ වේලාවෙන් නවය පසු වී මිනිත්තු හතයි......''( 178 පිටුව)

''කෙටියෙන් පවසන්නේ නම් කිව යුත්තේ මෙයයි. යක්ෂයා සිතන තරම් නැත '' (180 පිටුව)

'' ඉදින් අවසන, දැන් මම මගේ දිවියේ ශ්රේයෂ්ටතම සංචාරයේ එනම් පෘතුවිය වටා සංචාරයේ යෙදෙමින් සිටියෙමි'' ( 183 පිටුව) 

මෙලෙස දිග හැරෙන ඒ වීර කතාවේ හිත ලකුණු කළ තැන් මෙසේ ලිවීම පහසු නොවේ . එය මෙලොව වෙසෙන්නාවූ සියල්ලෝම දැනගතයුතු ආඩම්බර විය යුතුම කතාවකි. දුක හිතෙන හැම විටම කඩා වැටෙනා හැම විටම ළග තබා යලි යලිත් කියවිය යුතුම කතාවකි.

එබැවින් ඔබ එය සොයාගෙනම කියවිය යුතු කතාවකි

 

Top