'මගේ කුළුඳුල් පෙම්වතී' කවරයේ කතාව - (159 වන ලිපිය)

post-title

උපුල් ශාන්ත සන්නස්ගල ලියූ, ප්‍රගීත් රත්නායක විසින් කංචුකය නිමවන ලද, 'මගේ කුළුඳුල් පෙම්වතී' කෘතියේ කවරය, පෑන් ඉරි, ටිපෙක්ස් සලකුණු, කුරුටු රූ බලි ඇඳි පාසල් ඩෙස්කුවක මුහුණත පෙන්වයි.

මේ කුරුටු බලි අත්සන්, ඇස්, කඳුළු, හදවත්, මුහුණු, අකුරු, වැකි, අකුරු කොටස් අතර අතර, රවුම්, දඟර, චතුරස්‍ර, ඇණය. නොහොත් පුරුෂයා සහ ස්ත්‍රිය නියෝජනය කරන සංකේතය.

මේ කුරුටු බලි ඇඳීමට භාවිත කළ වර්ණ ප්‍රධාන 3කි. සුදු - නිල් - රතු ය. මේ වර්ණ සමඟ හාව භාව ගැළපීම මා වටහාගත්තේ මෙපරිද්දෙනි.

නිල් - පෑන් ඉරි, නිල ඇඳුම, පාසල, සන්සුන්, ආරක්ෂාව

රතු - ආදරය, රාගය, ආලම්භනය, සටන

සුදු - වියැකීම, වියෝව, මතකය, සිතිවිලි, අතීතය 

කවරය පසුබිම, ඩෙස්කුව, දුඹුරුය. නමුත් එය මිනිසෙකුගේ සමක් ලෙසින් ද පෙනේ.

පසුබිමෙන් පෙනෙන ඩෙස්කුවේ මුහුණත සුමට මතුපිටක් නැතිව, මැදින් ලීය බෙදෙන තැනට ගෙන ඇත. එබැවින් -කුලුදුල්- යන වචනය දෙකට බෙදී ඇත. ඒ වචනයේ වර්ණය සුදු ය. සුදු වියෝගය ඉඟිකරන්නකි. කෘතිය කියවීමට පෙර ම, මෙහි අවසානය ගැන පාඨකයාට කරන ඉඟියක් විය හැකිය.

කවරයේ වචන දෙකට ඉහළින් ඇති කුඩා වළාකුළ, අර සියලු කුරුටු බලි පරයා අප වෙන මානයකට ගෙන යයි. අතීතාස්වාදය එය සංකේත කරනවා විය හැකිය. පසුබිම දුඹුරුය, වලාකුළ සුදුය. මෙකරුණ විවිධ මානවලට බිඳිය හැකිය. කවරයේ මධ්‍යයට ඉහළින් වම් පසින් නැගී සිටින එම කුඩා වලාකුළ, අරුන්දතී රෝයිගේ The Ministry of Utmost Happiness පොතේ කවරයේ එන සොහොන් පළකයේ දකුණේ කොණේ, ඕනෑකමින් බැලුවොත් මිස නොපෙනෙන තරමට කුඩාවට සිටින ඉන්න මැස්සා සිහිකරවයි.

Top