වනන්තරේ නිරන්තරේ හුස්ම ගන්න හැටි දකිමු... විඳිමු.... (675)

post-title

‘වනන්තරේ සංචාරයට කලින් ඒ ගැන දැනගත යුතු කාරණා ටිකක් කියන එක හොඳයි‘ කියල කිරිගණිතා මාමා කීවේ බුලත් විට සප්පායං උනාට පස්සේ.

“අපේ මහත්තයා මූකළානට ගාටන්ට කලියෙන් අපි හුඳට ලැහැස්ති වෙන්ට ඕනෑ. මූකළාන වෙනම ලෝකයක් නෙවැ. ලොකු පුංචි සතා සරුපයා, අපා දෙපා සීපා සත්තු නිස්කලංකේ ජීවත්වෙන උන්ගෙ ලෝකෙට නෙව අපි පය ගහන්නේ. උන්දැලා ඒකට මනාප නැති හන්දා සමහරු අපිත් එක්ක ආරෝවට එන්ටත් හදනවා. විසකුරු සරුපයන්ගෙන් පරෙස්සන් වෙන්ට නං තියන අඩියක් ගානේ හුඳ හෝදිසියෙන් තමයි යන්ට ඕනෑ. මේ මූකළානේ වල් ඌරා, මුවා, ගෝනා කුඑහරකා විතරක් නෙමේ හඳුන් දිවියා, වල් බලල්ලු වගේම කොටි හපුවත් ඉන්නවා. ඔක්කොටෝම වැඩියෙන් අලි උන්නැහෙලගෙන් පරෙස්සං වෙන්ට එපායැ.”

“එහෙනම් මේක ලේසි ගමනක් නොවෙයි. මට නම් බයත් හිතෙනවා. තුවක්කුවකුත් අරන් යන්ට වෙයි වගේ”

කිරිගණිතා මාමා ඇස් ලොකු කරල මා දිහා බලල අමුතු හිනාවක් පෑවේ ඔච්චමට වගේ. 

“අහකං... අපි දඩයං කොරන්ට යනවයැ. කැලේ සතා සරුපයා ඔහේ උන්ගෙ පාඩුවේ ඉඳී අපි සූජහනමෙන් පරෙස්සමෙන් යනවා නං. වනන්තරේ ගාටන එක ලේසි නෑ. ’දැනගෙන ගියොත් කතරගම නැතිනං අතරමග‘ කියනව නේ. අපේ මහත්තයා කිසි දේකට කලබොල වෙන්ට කාරි නෑ. මං කියල දෙඤ්ඤංකෝ ඒ සෑස්තරේ කොරන විදිහ... හා පුරා කියල කියන්නේ මං කැලේ ගාටන ලීලේ හුඳට ඇහැ ගහගෙන ඒ විදිහට කන් දෙමින් අඩි තියන එක. තමන් පය ගහන තැන කොයි විදිහද, පැහැදිලි ද කියල බලන එක මුලින් කෙරෙන්ට ඕනෑ. ඒ කියන්නේ පයට කලින් ඇහැ යන්ට ඕනෑ. පයට පෑගෙන කොළ රොඩුවල සද්දෙ ඇහෙනකොට සත්තු කලබොල වෙනවා. ඒ හන්දා සද්ද කොරන්නෙ නැතුව අඩිය තියන එක හුඳයි. ඒ එක්කම කන පාවිච්චි කොරන්ටත් ඕනෑ.” 

“වනන්තරේ ඇවිදින එක ලේසි පහසු කාරියක් නොවේ එහෙනං”

“ හක්ඇඃ...තව කොච්චර ජාති තියෙනවද? වනන්තරේ හතර දිග්බාගයෙන් ඇහෙන නොයෙක් ආකාරයේ සද්ද බද්දඔලට කං දෙන එක තමන්ගෙ ආරස්සාවට හුඳයි. මූකළාන් ගොම්මනේ හීන් හුළංරැළි හමන කොට එන සෝ.... සෝගගගගසද්දේ කනට හුරුකොරගන්ට හුඳයි. සත්තු අඩි තියන සද්දේ, උන් කෑ ගහන ලීලේ කංකෙටිඔලට හුරුකොර ගන්න එක වැදගත්. අලියෙක් හරි රංචුවක් හරි ළග පාතක ගැවසෙනවානං උන් කන්පට ගහන සද්දේ, අතු ඉති කඩන සද්දේ එහෙම ඇහෙනව. හිමිහිට පිඹින සද්දේ ඇහෙනව. වනන්තරේට ඇතුල් වෙනකොට හැම වෙලේම හුළං හමන දිහාවට විරුද්ධ පැත්තට ඒ කියන්නේ ‘උඩු හුළඟේ‘ යනඑක හුඳයි. අලියා ඉන්නකොට අනික් සත්තු කලබොල වෙන්නෙ නෑ. හැබැයි රිලව් වඳුරෝ, කුරුල්ලෝ එහෙම අමුතු විදිහට කෑකොස්සන් ගහන්ට පටන් ගත්තොත් නෙවරදීම අහළ පහළ කොටි හපුවා ගැවසෙන බව දැනගන්ට ඕනෑ. ඒ උනාට කොටි හපුවා හැම තිස්සෙම බලන්නේ අනතුරක් දැනෙන්නෙ නැත්තං හිමිහිට මගඇරල යන්ට. කුඑ හරකයි වලහයි එහෙම අමුත්තෙක් දුටු ගමන් පිඹගෙන එනවා අනින්ට. ඈත තියාම මගඇරල යන එක තමයි කොරන්ට තියෙන්නේ”

 ”අනික් කාරණේ මහත්තයා හිතට ගන්ට හුඳයි ගෙඩි ඉදිච්ච වීර ගහකින් ගෙඩි කඩන්ට හිතුණොත් ගහ ගාවට යන්ට කලියෙන් මුවැත්තියක් පැටව් එක්ක තිපාසෙට වතුර උගුරක් බොන්ට දිය කඩකට කිට්ටු කොරනකොට වට පිට ඇලුම් බැලුම් කොරන්නැහේ සීරු මාරුවට කොරන්ට ඕනෑග මොකොද දන්නවද? වීර ගෙඩි කන්ට වලස්සු හැබෑ බඩජාරියෝ. මේ ඉසව්වේ වලස්සු හිග උනාට කියන්ට පුලුවනෑ ඔය කොහෙන් හරි පාත්වෙච්ච උන් නැතෑ කියල”

“ඉතිං මාමේ කැලේ ගමන් ගැන දැනගන්ට තවත් දේවල් තියෙනවද?”

“හං....හං...හා... නැතුව මොකොද? සමහරක් දේවල් මෙහෙමය කියල දැනුම් කොරන්ට අමාරුයි. ඔව්වා ඉතිං ඇවිදල බලලම ඉගෙන ගන්ට ඕනෑ. ඔය පලා පොළෙන්ගු වගේ සරුපයෝ ගස්වල දිගෑදිල ඉන්නවා. ඒ හන්දා ගස් අතුඔලට අත පිට දෙන්ට කලියෙන් හුඳට හෝදිසි මාදිසි කොරන්ට හුඳයි. අනික් කාරණය ලන්දේ ඇවිදිනකොට කහඹිලිය වාගේ විස කොළජාති කටු වැල් එහෙම තියෙනවද කියල බලන එක. නයි කහඹිලිය කොළයක් කකුලේ ගෑඋනොත් මහත්තයට තෙල් ගාල දවසක්ම කහ කහ ඉන්ට වෙයි ඕං... කැලේ ගමන්වල මහම කැරදරකාරයෝ තමයි කූඩැල්ලො. උන්දැලා ලේ උරා බොන්ට රුසියෝ නෙව. ඒ හන්දා දණිස්ස ගාවට එනකං කකුල්වල ගාගන්ට බේතක් අන්න යන්ට ඕනෑ. අද අපි මූකළානේ ටිකක් දුර ඇවිදල කරුණු කාරණා ගැන හොයල බලමුකෝ.”

එහෙම කියපු කිරිගණිතා මාමා අතේ තිබුණ බෝතලයෙන් කඑපාට දියරක් මගේ අත් දෙකට වත්කරල කකුල්වල ගාගන්ට කියල එයත් කකුල්වල ගාගත්තා. 

“දුංකොළ, සබන්, එඬරු තෙල් එහෙම දාල මේක හදා ගන්නේ. හෝරාවකට විතර පස්සේ ආයෙත් වඩියක් ගාගන්න එක හුඳයි.” එහෙම කියපු උන්දෑ ඉස්සර වුනා. සරුවාලයක් ඇඳගෙන ඊට උඩින් ඉණේ බැඳගත්ත ලොකු රෙදි පටියේ කොපුව එක්ක මන්නා පිහියත් බුලත් මඩිස්සලෙත් එල්ලාගෙන මිට දිග වක් පිහිය අතේ අරගෙන කිරිගණිතා මාමා යන්නේ. කාකි වාගේ රෙද්දකින් මහපු අත් දිග බැනියමත් ලොකු සුම්බරෙත් නිසා කිරිගණිතා මාමා පිටුපස්සෙන් එන කෙනෙකුට නං හඳුනා ගන්ට අමාරුයි. අඩිපාරක් දිගේ වනාන්තරය ඇතුළට යනවිට මට පැහැදිලි වුණේ එය ගැමියන් වනයට යන්ට නිතර පාවිච්චි කරන මංකඩක් බව. විවිධාකාර රූස්ස ගස් කොලන් අතර කිතුල් ගස් තැනින් තැන ඇති අතර සමහර ගස්වල මල් මැදල ගොටු එල්ලා තිබුණිග

ගමන නතර කළ කිරිගණිතා මාමා කතාව පටන් ගත්තා.

“මේ ඉසව්වේ ගම්මායිමට යාව දිගටම තියෙන කිතුල් ගස් ගමේ ඇත්තෝ ආරෝවක් නැතුව වෙන් කොරගෙන මල් මදිනවා. හැබැයි මූකළානේ ගොඩක් ඇතුළට තියෙන ගස් මදින්නෙ නෑ. ඔය තියෙන්නේ අංකැන්ද, යක් නාරං, හපු, කුඩුදවුල කැන්ද වාගේ ගස් කොලන්. අර තියෙන්නේ මා වේවැල් ගාලක්. මිනිස්සුන්ට උවමනා උනහම වේවැල් කපා ගන්නවා ග්රාම රාලාමී මගින් ප්රාදෙශීය ලේකම් උන්නාන්සේගෙන් බලපත්ර කඩදහිය අරගෙන. ගමේ පවුල් කීප පොලක්ම වේවැල් කරුමාන්තෙ කොරනවා නෙව. ගමේ බවලත්තු දරකෝටු කඩා ගන්නෙත් මේ අඩවියෙන් තමයි. මහත්තයට පේනවද අර තියෙන ඇටඹ, බෙලි ගස් එහෙම. ගෙඩි හැදෙන වාරෙට එව්වත් කඩා ගන්නවා.”

“එතකොට අර ගෙඩි පිරිල තියෙන ගස් මොනවද?”

“හපෝයි අපේ මහත්තයාග තවඩිංගිත්තක් කිට්ටුකොරල බලමුකෝ මොනවද කියල. එතකොට මහත්තය ඔව්වා මොනවද කියල දැනගනී.” ගහ ගාවට ගියාට පස්සේ තමයි ඒ නෙල්ලි කියල දැනගත්තේ. ගෙඩිවලින් බරවුණු අතු ඉති බිමට නැමිල අතින් කඩා ගන්ට හැකි විදිහට.

“අපේ ගමට බුක්කියට වගේ තියෙන මේ අඩවියේ ගස්වල ගෙඩි කඩන්ට පිටස්තර උදවියට එන්ට දෙන්නෙනෑග මේ ගෙඩි පැහෙනකොට ගමේ උදවිය ඇවිත් කඩාගෙන විකුණල කීයක් හරි හොයාගන්නවා.”

 එහෙම කියපු කිරිගණිතා මාම ඉදිරියට යන්ට පටන් ගත්තාග වක් පිහියෙන් ලන්ද එහාට මෙහාට නමාගෙන යන ඔහු අඩි පාරට නැමුණු අත්තක් අතින් උස්සල ඒක යටින් රිංගල ගිහින් මං එනතුරු අත්ත අල්ලාගෙන හිටියාග අතේ තියෙන පිහියෙන් නිකමටවත් පාර එළිකර ගන්ට අත්තක් කපන්ට එයාගෙ අත ඉස්සුණෙ නෑග වනන්තරේට හිරිහැරයක් කරන්ට එයා කිසිම දෙයක් නොකරන බව මට වැටහුණාග

 එන්ට එන්ටම වනාන්තරයේ අඳුරු ස්වභාවය වැඩිවෙන ගතියක් දැනුණේ වන ගහනය තවත් ඝනව වැවී ඇති නිසාග විශාල පත්‍ර සහිත වැල්, ගස් කඳන්වල එතී පහුරු බැඳගෙනග කහපාට තීරු සහිත පත්‍ර තද කොළ පැහැයෙන් ඇති නිසා අඳුරු ස්වභාවය තවත් වැඩිවෙලා. සමහර ගස් කඳන්වල එල්ලී ඇති පෙඳ පාසි නූල් වගේ පහළට කඩා වැටෙන අතර නිරන්තරයෙන් ඒවා අගින් වෑස්සෙන දිය බිංදු පහළින් ඇති කොළවලට ටොක් ටොක් හඬින් වැටෙන සද්දේ ලොකු වැස්සක් කඩා වැටෙන්ට හදනවා වගේ. හිටි ගමන් නැවතුණු කිරිගණිතා මාමා ගහක් දිහා බලාගෙන හිටියාග

“ආන් දුටුවද අපේ මහත්තයා? බලන්ටනෝ මල් පොකුරුවල ලකේ. ඔව්වට අපි කියන්නේ ‘නරි වලිග‘ කියල.. ඔය මල් පූදින්නේ අවුරුද්දට එක වතාවක්..මේ මූකලානේ හැම ඉසව්වකම හැදෙන ජාතියක්. වනාන්තරේ බලන්ට එන පෙළක් උන්දැලා ඔව්වා බරුගහගෙන යනවා ගෙවල්ඔල පැලකර ගන්ට. එව්වා හැදෙනවද කියල නං අපි දන්නෙ නෑ”

“මෙච්චර ලොකු වැන්ඩා පඳුරු නං මම දැකල නෑ. දකින දකින දේ වැදගැම්මක් නැතිව ගලවන එක නම් හොඳ වැඩක් නොවේ.”

“අහකං...හුඟක් මිනිස්සු එහෙම තමයි. ඒ උනාට අපේ පළාතේ මිනිස්සු එක්ක නං ඒ සෙල්ලං කොරන එක ලේසි නෑ.”

“ඒ කිව්වේ?”

“අපේ මහත්තයා ඒ කාරණාව දන්නෙ නෑ වෙද?. අපි වන සංරක්ෂණේ එක්ක ගිවිසුං ගහගෙන ඉන්නේ. මේ කැලේ ආරස්සා කොරගන්ට ගමේ උදවියයි වන සංරක්ෂණේ මහත්තුරුයි වැඩකොරන්නේ එකටග- ඒක සිද්දඋනේ මෙහෙමයිග මේ වැඩසටහන ‘සහබාගිත්ව වන සංරස්සනේ‘ කියල නෙව කියන්නේ-ග වනාන්තරය රැක ගන්න එක අපි දෙගොල්ලම එකතුවෙල කොරන කාරියක්ග- වනසංරක්ෂණ මහත්තුරු ගමේ අය පුහුණු කොරල තියෙනවා වනාන්තරේ වටිනාකොමත් ඒක රැකගන්න විදිහ ගැනත්ග- ඊට පස්සේ ගමේ මිනිස්සු වනාන්තරේට සිද්දවෙන අලාපාලු අඩුකොරගන්ට තමයි වැඩ කොරන්නේ. කැලේ ගස් කපන, නිදන් හාරන, වෙනත් වටින දේ නාස්තිකොරන උදවිය වළක්වන එක අපේ වැඩක්-, ඒ විතරක්යැග සත්තු මරන්ට එහෙම කැලේට ඇවිත් ගිනි තියන අය හන්දා හරි ඉඩෝර කාලයට ඇතිවෙන ලැව්ගිනි නිසා හරි කැලේ ගින්නක් ඇති උනොත් ගමේ උදවිය එක්වෙල ගින්න නිවා දමනවාග එව්වා කොරන විදිහ අපිට උගන්නල තියෙනවා නේග මේ වැඩ පිළිවෙලෙන් ගමේ අපටත් වාසි තියෙන හන්දා කවුරුත් උනන්දුවෙන් වැඩේට එක්කහු වෙනවා නොවැ-”

“මොනවද ඉතිං ගමේ ඇත්තන්ට තියෙන වාසි ? මට ඒක පැහැදිලි නෑ.”

“ඉස්සර කාලේ ඉඳලම ගමේ මිනිස්සු තමන්ට උවමනාකොරන දර, ලීදඬු, බොහෙත් පැලෑටි, මීපැණි වාගේ දේවල් වනාන්තරයෙන් හොයා ගත්තේ. ඒත් ඉතින් එව්වා වනාන්තරයට උහුලන්ට බැරි තරමට සීමා මායිමක් නැතුව කපා කොටා ගත්තු උන්දැලත් හිටියානේ. ඒ හන්දා මූකළාන්ඔලට ලොකු හානිත් සිද්දවෙල තියෙනවා. ඔය වැඩසටහනෙන් දැන් වනාන්තරයත් ආරස්සා කොරගෙන අපේ උවමනාකං පිරිමහගන්න එක තමයි කරන්නේ.. වනසංරක්ෂණේ අපට ඒ දේවල් පිරිමහගෙන බුක්තිවිඳින්ට අවසර දීල තියෙනවාග ඒ හන්දා කවුරුවත් වනාන්තරේ විනාස කරන්නෙ නෑග අපේ නීතිය තමයි ‘අවසර දීපු ගහක් තමන්ගෙ පොරෝජනේට වනාන්තරයෙන් කපා ගත්තොත් ඒ වෙනුවට පැලයක් හිටුවීම‘. මේ වැඩේ හැමදෙනාම අපූරුවට කොරනවා අපේ මහත්තයෝ. පහුගිය මාස කීපයේදී හොරෙන් ගස් කපන්ට ආපු කැලෑපාඑවෝ දහ පාළොස්දෙනෙක්ම අපි වන සංරක්ෂණේට කොටු කොරල දුන්නා... හුක්උං.”

කිරිගණිතා මාමා කතාවක් නැතුව යන්ට පටන් ගත්තේ දිය කඳුරක් අයිනේ ගල් ගොඩැලි වලින් ගහන තරමක් අසීරු මංකඩක් දිගේ. කඳුර දෙපසම යෝධ ගිනිහොට පඳුරු යායක්. රෝසපාට ගිනිහොට දළු කර උස්සා බලමින් ඉන්න කොක්කු වගේ තැනින් තැන එබිකම් කරනවා- 

“මහත්තයට පේනවා නේද ගිනිහොට ගාලේ තරම- මෙච්චර සැරේට ගිනිහොට ගස් තියෙන්නේ දියකඩක් ළගින්ම තියෙනවා කියන එක. වතුරත් එක්ක පයුරුපාසානෙට ගිනිහොට මනාපයි නේ. මේ පඳුරු අස්සේ කුරුල්ලෝ කූඩු හදන්ට කැමතියි. අර පෙනෙන්නේ ලොකු කුරුළු කූඩු දෙක තුනක්. කරවැල් කොක්කුන්ගෙ කූඩු වගේ. ඈතින් පෙනෙන ගල් පොකුර ගාවා මීවන ගසුත් තියෙනවා. මං තව ටිකකින් තවත් අමුතු පැලෑටි ජාතියක් පෙන්වන්නන්කෝ.”

එතකොට පහළ මිටියාවත පැත්තෙන් වතුර වැටෙන ශබ්දයක් ඇහන්ට පටන් ගත්තා- කිරිගණිතා මාමා ඒ ගැන යමක් නොකීවට උන්දැටත් ඒ හඬ ඇහෙන්ට ඇති.

“ඔය බිම ඇතිරිල්ලක් වගේ තියෙන කහපාට ඉරි තියෙන පංකාදු කොළ වැස්ම දිහා බලන්ටකෝ. ඒවා වටිනා ඖෂධයක්- මහත්තයා දන්නවද ඔය මොනවද කියල-”

 “එවැනි පැලෑටි දැකල තිබුණට නමක් නං මට කියන්ට බෑ. කොහොම උනත් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයක්. ”

“මෙව්වට කියන්නේ සඳරාජ කියල- වෙද මහත්තුරුන්ට ඕනෑඋනාම වනසංරක්ෂණෙන් බල කඩදාසියක් ඇරගෙන ටිකක් ගලවාගන්ට පුලුවන්- හැබැයි ජාවාරං කොරන්ට ගෝනි පිටින් ගෙනියන්ට නං දෙන්නෙ නෑ-”

ටික වේලාවකින් නිල් කැටයක් වගේ හිංසැරේ ගලා යන දිය දහරාවක් ගාවට අපිට යන්ට පුලුවන් උනා. හිතත් ගතත් සිහිල් කරන දිය පාර මැද තැනින් තැන ඕළු හා කෙකටිය මල් හිනාවෙමින් හිටියා. දර්පන තලයක් වැනි ජලය සජීවී ලෝකයක්.

“මහත්තයා ඔය ගල උඩින් ඈඳිගෙන බලන්ටකෝ නිදහසේ සතුටින් ඉන්න සත්තු කොච්චර ඉන්නවද කියල. අර පෙනෙන මාළුවෝ දන්ඩි, ගෝමර පෙතියෝ, බුලත් හපයෝ වගේ වෛවාරන්න එවුන්. උන් ඔක්කොම අපේ රටට උරුම උන මාළු ජාති. තවත් හැංගිල ඉන්න ආඳෝ, තෙලිස්සා්, වලයි වගේ ජාති ඉන්නවා.. දැක්කද කක්කුට්ටෝ ජාති දෙකක් අර ගල්උඩට වෙල අව්ව තපිනවද මන්දා. කිරිඉබ්බෝ, බත්කූරු වර්ග කොච්චර ඉන්නවද? මේ වතුර උල්පත්, ඇළ දොළවලට ගස් කොළන්වලට මිනිස්සු හානි කෙරුවොත් ඔය මොන දෙයක් වත් අපිට බලාගන්ට ලැබෙන එකක් නෑ.” 

කිරිගණිතා මාමාගෙ පරිසර දැනුම හා ආකල්ප ගැන පුදුම හිතෙනවා. හැම කෙනෙක්ම මේ වගේ හිතනවා නම් අපේ රට මීට වඩා ගොඩක් වෙනස් වෙයි කියල මට හිතුණා.

“ මහත්තයා. දැං අපිට ආපිට හැරෙන්ට වෙලාව හුඳයි. බිංකළුවර වැටෙන්ට කලියෙන් මූකළානෙන් එළියට යන්ට ඕනෑ. හෙට අපි ඇහැළගං ඕඩය දිගේ කැලේට යමු- තවත් අපූරු දේවල් බලාගන්ට එතකොට පුලුවන්.” 

ආපිට එන ගමනේ මහ වනස්පතියක් ගාවා නැවතුණ කිරිගණිතා මාමා මෙහෙම කීවා.

“ මහත්තයට අර ලොකු බෙනේ ගාවා තියෙන කතිර සළකුණ පෙනෙනවද? ඔතන මී අහිනක් තියෙනවා. ගමේ සමහරක් උදවිය මී කඩනවා නෙව. ඉතිං ඒ ගොල්ලෝ කවුරුහරි අලුත් මී අහිනක් හොයා ගත්තොත් ඒක තමන්ට අයිතියි කියල හන කොටනවා. ආය වෙන කවුරුවත් ඒකට අයිතිවාසිකං කියන්ට එන්නෙ නෑ. ඒ ගැන කියන්ට ගොඩක් දේවල් තියෙනවා. මං පස්සේ දවසක කියඤ්ඤංකෝ. දැන් අපි යමු.”

“මිනිස්සුන්ට ප්‍රයෝජන ලබන්ට පුලුවන් විදිහට ඒ අයගේ සහභාගිත්වය ලබාගන්ට ක්‍රමවේදයක් හදා ගත්තොත් කළ නොහැක්කක් නෑ කියල මට හිතුණා.

මේ කතාව අහපු මට ප්‍රසිද්ධ චීන කියමනක් මතක්වුනා. ඒ අනුව සකස් කරගත් සාර්ථක සංවර්ධන ව්‍යාපෘති රාශියක් ලෝකයේ ක්‍රියාත්මක වෙනවා. මේ තමයි එයාලගෙ මතය.

යන්න මිනිසුන් වෙත, ජීවත්වන්න මිනිසුන් සමඟ

උගත යුතු යම් දෙයක් වේ නම්, 

දුකට පත් මිනිසුන් වෙතින්

නොවනු පසුබට ඉගෙන ගන්නට,

සැලසුම් කරනු මිනිසුන් සමග 

අරඹමු සියලු දෑ දන්නා දෙයින් ඒ අය,

ගොඩ නඟමු මිනිසුන්ට ඇති දෙයම පදනම් කර

යන්න මිනිසුන් වෙත, සේවය කරනු මැන .....

Top