‘තෙරියුම් කෝකිලා ’ ගැන මා දැන ගත්තේ අහම්බයකිනි. ඒ තෙරියුම් කෝකිලාගේ අයිතිකරු කපිල එම්. ගමගේ කවියාගේ ගුවන් විදුලි වැඩසටහනකට සවන්දෙමින් සිටි අතරතුරකය. ඒ මොහොතේ සිට මම තෙරියුම් කොකිලාට ආසක්ත වූවේ එහි වූ දමිල ඌරුව සහිත නම නිසාය. කෝකිලා මට හමුවන්නට පෙර සිටම මම ඒ නම විවිධ තාලවලට මුමුණමින් දින ගණනක්ම ගෙවා දැමීමි. අවසානයේ පසුගිය දිනෙක මට සැබෑවටම තෙරියුම් කෝකිලා හමු විය. ඒ බණ්ඩාරනායක සම්ම්මන්ත්ර්ණ ශාලාවේ වූ කවි පොත් සල්පිලෙනි .
දමිළ සංස්කෘතියට ආබද්ධ මාතෘකා සම්බන්ධව කියවීමට විඳීමට රිසිව සොයා ගත්තද ‘තෙරියුම් කෝකිලා ’ තුළ වූවේ විවිධ මානයන් ඔස්සේ ලියවුනු කවිය. ඒ සියලු කවි කියවීමට පෙර මම ඔහුගේ පෙරවදන විඳින්නට වූවෙමි . ‘ තේරෙන යමක් ’ යනුවෙන් ලියවුනු එම සටහන සැබෑ මානවවාදී කවියෙකුගේ හදවතින් නික්මුණු මානවීය උණ්ඩ වැනිය. ඒ අප හිතේ ඇඳ ගත් කවියා යන සොඳුරු හිතක් හිමි මිනිසෙකුගේම හදවත කතාකල මොහොතකි.
‘කිසිදු ආයුධ සම්බන්ධ අරගලයක් සාමාන්යඳ මිනිසෙකු ලෙස මගේ සිත් ගන්නේ නැත. මගේ දේශපාලනය තුළ , මට ඉඩක් ලැබෙන අවස්ථාවල යුද්ධය මානව විරෝධී බව ප්රකකාශකර ඇත්තෙමි. මා දකින්නෙම එයින් සිදුවන මනුෂ්යසත්වයේ ඝාතන පමණි . වෙනත් ජයග්රවහණයක් යුද්ධයක් තුළ මට නොදැනේ ....’
ඉන් අනතුරුව මා සිත්ගත් අනෙක් වැකියේ සඳහන් වන්නේ ,
‘ මට පසු පරම්පරාවේ මටත් වඩා අපූරුවට කවි ලියන ...( තරුණ කවීන්ගේ නම් රැසකි ) ඇතුළු අලුත් පරපුරේ කවි කිවිඳියන ගැන මට ඇත්තේ ගෞරවයකි . අපෙන් පසු ඔවුන් කවිය හදා වඩා ගනු නියති. ’
කවියෙකුගේ හදවතින් ගලා බැසිය යුතු දයාව කරුණාව මෙලෙස සටහන් වනවිට හිතට කියාගත නොහැකි හැඟීමකින් පිළිසිඳෙන කඳුලක් නෙතට ඉනුවේය. කවි ගැනම නොව මතු පරපුර ගැනද මෙලෙස සුබවාදී බලාපොරොත්තු තබමින් ඔවුන්ට දිරි පුදන දුලබ ගනයේ කවීන් අතරට වැටෙන කපිල එම් . ගමගේට තුති පිදිය යුතුවන්නේමය.
තෙරියුම් කෝකිලා ගේ හදවත් පටුන විමසන විට එහි කුටීර තිස්තුනකට බෙදා තිබුනේ කවි තිස්තුනකිනි. එකෝමත් එක දෙසම්බරයකින් ඇරඹ් හමාර පූජා පාදය දක්වා අවකාශයක් තුළ පැතුරුනකි. කෙසේ වුවද කපිල එම් . ගමගේ ගේ කවි කොපමණ හිත උඩ රඟදේද? යන්න කියන්නට පෑන් තුඩට නොහැකි වුවද ඒ හැඟීමෙන් අංශු මාත්ර යක්වත් ලියා තබන්නට උත්සහ දරමි. තෙරියුම් කෝකිලා සතු කාව්යරනුභූතින් පිළිබඳ කල්පනා කරන කල ඇය පොදු අනුභූතීන් රැසක හිමිකාරිනියකි.
සමාජයේ යතාර්ථය කවිය තුළ බයක් සැකක් නොමැතිව තැන්පත් කළ , අපූරු සංකල්පයන්, චමත්කාරයන් , උපමා රූපක නිර්ලෝභීව කවිය මගින් සහෘදයාගේ හදවතට තැපැල් කරන්නේය . ඒ පණිවුඩ සියල්ල සැබෑ ලෝකයේදී තමන් විඳීම හේතුකොටගෙන මේ කවි රසික ප්රවජාව තමන්ගේම කරගනු ඇත.
ඔහුගේ ‘තාත්තෙක් නම්’ කවිය විමසන කල
‘ තාත්තෙක්ට නම්
තිබිය යුතුමය
බඩගින්න
නොදැනෙනා මොහොතක්
මසවුලින් පිරි වීදි පසුකොට
යන්න හැකි
එඩිතරම මනසක් ...’’
පියෙකුගේ සැබෑ චරිතය , ගුණයන් ඔහුගේ කවි තුළම නිරූපණය වන්නේ සාමාන්යං පියගුණ රචනාවන්හි යෙදෙන සුලබ කව්යෝක්ති ඔස්සේ නොව දුලබ සේම සැබෑ සරල පද වික්රූමයන් මගිනි. පියෙකු වීමට එකම සුදුසුකම ශුක්රානුවක් තෑගී කිරීම නොව උතුම් වූ පීතෘ ගුණයන්ගෙන් ආඩ්ය වීම වග අඩුවක් පාඩුවක් නැතිවම කවිය තුළ අන්තර්ගත වී ඇති සෙයකි. ඒ අතර ‘ අත්තම්මා ’, ‘මහගෙදර ’ආදී කවි තුලින් අපිව ගෙන යන්නේ අපි සියල්ලන්ගේම හදවත් තුළ සඟවා ඇති ප්රිපයතම මුතු ඇටය එළියට ගනිමිනි. මහගෙදර පමණ අගනා මුතු ඇටයක් වෙන කොහිද?
‘ ඔය ඔතන වංගුවෙන් හැරුණු විට
දුර අතන පේන්නේ මහගෙදර
පරපුරක පිය ලකුණු එකතු කළ
අතීතයකට පැරද පලාගිය...
කෙළවරක අතීතය ගොඩ ගැසුව කුටියක්ය
විවර නොකෙරුණ දොරත් වියපත්ය
නාගයෙක් රකින නිල මැනිකක්ය
අතීතය ඇතම්විට ඇත්තටම රහසක්ය ..’
සරල පද භාවිතය තුලින් ගැඹුරුතම හැගීම් නිද්රාරවෙන් අවදි කරන්නට අපූරුවට සමත් වී ඇත. සැබෑවටම අතීතය නාගයකු රකින නිල මැණිකක් සේය. එම යෙදුම් මහගෙදර කතාවස්තුව ඉදිරිපත් කරන්නට කවියාට කවි හිතෙන් ලද ත්යා ගමය . ‘මෙතරම් ප්රේතමයක් ’ නම් කවියේ යොදන්නාවු යෙදුම බුදු දහමේ හරය තුලින් ලද සමීපාර්ථ ජනිත කරන්නකින් පන ලැබූවකි .
‘ දැවී ගිය මුදු ළයක් විනි විදින
මුදු කැලුම් නෙත් සරය
නිවෙන දැල්වෙන අතර විරාමය
පමණ ඇත ජීවිතය ඇත හැරෙන ..’
‘පරමෙශ්වර් යාපනේ යයි ‘’ කවිය තුල කැටිවී ඇත්තේ වත්මන් සමාජයට පිළිලයක් වී තිබූ යුද්ධයේ ඛේදාන්තයයි . මෙම අනුභූතිය කෙරෙහි කවියා යෙදු භාෂා යෙදුම්, උපමා රූපක යෙදීම ව්ය ක්ත සේම සහෘදයා තුලට යුද්ධයේ කෲර බව නැවත නැවතත් මෙනෙහි කරනු ලබන්නේ යුද්ධයකින් විනාශයක් දුකක් සංතාපයක් පමණක් ඉතිරිවන වගට යලිත් මතක්කර දෙමිනි.
‘පියස්සක් නොතිබුනා කීවද
මේ නිවාස නිවසක් තමයි
අවියකින් සමතලා කෙරුවද
මතක යනු නිවසක් තමයි ’ යුද්ධයකින් අහිමි වන්නේ ජීවිත පමණක්මද? කවියා නොයෙක් මානයන් ඔස්සේ කියන්නට තතනන කාරනා ගොන්නකි. සැබෑවටම ජීවත් වීමට වඩා මියයාම යහපතක් වග සිතෙන්නේ මතකයන් විටින් විට හදවත් දවන විටය. උපන් බිම අහිමි වීම වැදූ මව අහිමි වීම තරමටම දුක්දෙන්නකි .
‘මහා පොළොව කාගේත් නොවෙන බව
කියුවත් එය එහෙම නෑ
බිමත් එක්කල බැඳෙන නෑකම
මෙන්න මෙහෙමයි කියනු බෑ
ජීවිතේ පෙර වගේ කියමින් සිනාසෙනු කෙලෙසද ඉතින්
මතක මිය යන මහා පොළොවකට
තරු පලක් නෑ අහසින්
මතකයන් හරි බරයි සුවඳයි
අතට මිටකට ගන්න බෑ මයි
ඇඟිලි අතරින් ගිලිහී වැටුනේ
ලේ බින්දු විතරක් නොවෙයි ‘’
‘’තෙරියුම් කෝකිලා ‘’ වෙත ලියන කවි පද කවියාගේ මනෝභාවයන් පැහැදිලිව හඳුනාගැනීමට අවස්තාව සලසා ඇත්තේ යාපනේට බැදී ප්රේ‘මයම ය. යුග දෙකකදී හිත දුටු වෙනස්කම කවියට නතුකර ඇත්තේ දමිල භාෂාවේ වචන යෙදීම මෙන්ම ප්රදබල කාව්යිමය යෙදුම්ද යොදාගනිමිනි.
‘’ අතහරින්නට බැරි තරම්
සිහින නැත දැන් නම් ඉතින්
ඔබ ඇවිත් ගිය දවස විතරයි
මට මගේ ලොව වසන්තම් ...
කෝකිලා නුඹ කළු තමයි
එත් සිනහව හරි සුදුයි ....
හීන් අඩිඋස සපත්තුවකින්
මැදපු පොළොවට ටොකු ඇනන්...
අපේ අම්මට දෙමල පුළුවන්
වතුර වාගෙයි කෝකිලා
මට දෙමල කොන්ජම් තෙරියුම්
ලජ්ජා හිතෙනව කෝකිලා ...
මගේ දරුවට දෙමල අරහං
තරහ එකයි කෝකිලා ....’’
යුද්ධය සේම එට හේතු පාදක සරලම කාරණය භාෂාවම වග කවියා කියා දෙන්නේය. කොකිලාගේත් තමන්ගේත් යුගයන්හි වෙනස්කම තේරුම්කරන්නට කවියා සමත්වී ඇත්තේය. අදටත් මේ රට පසුගාමීත්වයේ දොරකොඩ සිටගෙන සිටින්නෙම සරලවම මේ කරුණු කාරනා තේරුම් බේරුම් කරගැනීමට ඇති නොහැකියාව නිසාමය.
‘’ නගර වැසි ‘’ කවිය තුලින් හෙළිදරව් කෙරෙන්නේ සමාජයේ විපර්යාශයන් ඔස්සේ ජීවිත සටනට උරදෙන මිනිසුන්ගේ විලාපයයි .නගරයේ පහසුකම් යට දරන ගසා හිදිනා විසඝෝර අත් විදීම් සරල භාෂාවෙන් ව්යංනගයෙන් කවි බසට නගා ඇති අයුරු අපූරුවග නොලියා සිටින්නේ කෙසේද?
‘’ කුලගොත් විමසන
වසත් සමයද මග හැරුණ
මඟුල් යෝජනා තීරුවක
තිබේ කඳුලක් වියලුණ
සිවු දිගින් මෙහි ආව
සහ පිරිවරකි නොහඳුනන
අලුත් යැයි සිතමින
පරණ දිවියම හෙටත් වළඳන ‘’ සැබෑවට නගරයේ කටුක යතාර්ථය එයම නොවන්නේද?
කවියාගේ සංවේදී සිතිවිලි තුලින් උපන් ‘’ජේම්ස් ටේලර්ට’’ නම් කවිය ලංකාවේ තේ කර්මාන්තය සතු දුක්බර සත්යාය මනා සංයමයකින් කියා ඇත්තේ ඒ සමාජය සතු භාෂාව, සංස්කෘතිය පිලිබඳ මනා අවබෝධයකින් යුතුව වගට කිසිදු සැකයක් නැත. අවුරුදු සිය ගානක් තිස්සේ අපි වෙනුවෙන් ජීවිතයෙන් ණය ගෙවන වතුකරයේ අහිංසක ජීවිත පිලිබඳ එක්වරම ඒත්තු ගැන්වෙන කවි ගෙතුම කවියාගේ කවීත්වය විදහාපාන ආභරණයක් වැනිය.
‘’වසන්තය කියන්නේ අහසටද
ලංවෙන්න බැරි දුරකටද
සැපයි යනු කිමැයි මට කියනවද
කෝවිලේ අභරණ තරමටම වටිනවද? ..’’
ඉනූ රන්කාසි කෝ දළු දමනු
හිස මුවා කරන වහලක් තනනු
පරපුරකි මේ පොලොව සරු කෙරුණු
මමද අර තේ පදුර යට වල දමනු.’’
මේ ඒ අසරණ මිනිසුන්ගේ සැබෑවයි. ඔවුන් දකින ලෝකය මේ තරමට කුඩාය. ඔවුන් දන්න ඔවුන් පතන සියල්ල මේ කවි පද තුල හුස්ම ගන්නේය. කොහේදෝ සිට මෙරටට පැමිණ තාමත් තේ වතුවලට කඹුරමින් තේ ගස් යටම මියැදෙන , හුන්ඩුගත ජීවිත ගතකරන මිනිසුන් වෙනුවෙන් මේ රටේ ආගමික, සමාජීය, දේශපාලනික, අධ්යාටපනික යන කිසිදු අයුරකින් සිදු වූ සෙතක් නැත. ඔවුන් මිනිසුන් වග සිතන්නටද පාලකයන්ට වුවද අවශ්යටතාවක් නොමැත.මේ කවිමගින් කවියා ප්රැකාශ කර සිටින්නේ , කියන්නේ සිත සනසන කවියක් නොව අපිටම අපි ගැන ලජ්ජා සිතෙන කාරනා ඉදිරිපත් කිරීමකි. නැවත වරක් මේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමට මේ කවි බල කර සිටින්නේමය. ඒ ප්රිබල යෙදුම් , සංකල්ප රූප මවමින් හෙළිකර සිටින්නේ කපිල එම්. ගමගේ කවියාගේ සහනුකම්පාවේ තරමය.
එසේම අපගේ සාහිත්යු ලෝකය තුල පරම්පරා ගණනක් ගෙවී ගියද තාමත් නෑකම් පාන ගම්පෙරළියේ චරිත අතර වෙසෙන ජිනදාස විසින් නැන්දාට ලියන ලියවිල්ලක් යන ස්වරූපයෙන් ලියා ඇති ‘’ජිනදාස ලියයි’’ යන කවිය විප්රජයෝගයේ දුක් තැවුල් සියල්ල මෙන්ම තාරුණ්ය යේ චිත්තවේගයන් පෙළගස්වා ඇත්තේ සරල බස නිදහසේ යොදමිනි. ජිනදාස යන චරිතයට බැසගත් කවියා තම කවියට සාධනීය ලකුණු මුසුකොට ඇතිවග අවිවාදිතය.
‘’සිංහලේ බඩ ඉරිගු ගස් යට
කිරි කරල් අමුවෙන්ම කන විට
ඔබේ ලග තිබු කිරි සුවඳ මට
දැනෙනවා නන්දා ..
බීරලුව මත මවන වියමන
ඇඟිලි තුඩගින් වින්ද හැටි මම
හොරෙන් ගෙන ආ ඔබේ හැට්ටයෙ
තියනවා නන්දා ..
හදිසියෙවත් එන්න වුනොතින්
මං බලන්නට මේ ඉසව්වට
මහා දුක් කන්දරා විඳගෙන
එන්නෙපා නන්දා..
ඔලුව පුපුරන වේදනාවේ
කෙඳිරි ගැන පපුව ඇතුලේ
හිරවෙවී උපදින්නේ මරණය
වෙන්න එති නන්දා ...
‘නන්දා’ යන පදය හැම විටම යෙදීම තුලින් අවධානාර්ථය යොදන කවියා ජිනදාසගේ චිත්තාලාප ප්ර කාශය අවසන් කරන්නේ සැබෑ ආදරයේ ප්රාැර්ථනය හා අවවාදයද නන්දා වෙත ලියා තබමිනි. ජිනදාසද ඇට මස් ලෙයින් සැදුනු ජීවියකු වග අමතක නොකරන්නට කවියා තම කවි පද වලට හදපතුලින්ම අවසර දී ඇති සෙයකි .
කඳුළු බිදු වියලෙනා දවසට
මතක අමතක වෙලා ගිය විට
ජීවිතය කොණකින් අල්ලාගෙන
නැගිටින්න නන්දා ..’
කවියාගේ කාව්යද යෙදුම් අතර සංකල්ප රූප මැවීමේ ගුණය වඩා පැහැදිලිවන කවි පද අතර ‘’ යෝධයාගේ උයනේ සිර වූ බිරිඳ ‘’ යන කවියේ දැක්වෙන පරිදි
‘’කවුළුව සෙමෙන් විවර කර
සුලඟ එන පෙරමග බලයි
අඳුරේ නොදල්වා පහන
සඳ කිනිත්තක් අහසේ සොයයි.....’’ ආදී ලෙසද ‘’සබඳ අළු ‘’ කවියේ එන ‘’ මළගමට කළු අඳින මේ අහස්කුසයට’’එසේම පිදෙල් කස්ත්රෝේ ගේ මිය ගිය පෙම්වතිය උදෙසා ලියු කවියද ප්රේේමයේ අරුමය, වියෝ දුකෙහි ගැඹුර ප්රේ මයක උණුහුම හා බැඳුනු හයිය අපූර්වත්වයකින් යුක්තව කවියට නගා ඇත.
‘’ .. නටාලියා ඔබේ පෙම හරි බරයි
තවම මගේ හිත නිවයි
මට කලින් ඔබ ගියත්
කමක් නැහැ ඇත්තමයි
හැමදාම අපි හිතුවේ
රටක් ගැන විතරමයි.
දැන් ඉතින් ඔබ යන්න
රටක් වෙනුවෙන් උපන් සටනකට
සියලු දේ දැන් දුන්න
සැහැල්ලුව පමණක්ම ගෙන යන්න
බියුගල් නාදය ඇසෙන මානයක
පොඩි ඉඩක් විතරක්ම
තියාගෙන ඔබ ඉන්න
ගරිල්ලා පෙම්වතා විලසටම
ළඟ දිනක මට එන්න .’’
ප්රේිමයේ අවැසියාව අවසන්වන දිනක් නම් නැත. ප්රේනමය දිනෙන් දිනම වඩ වඩාත් සෙවීම පුදුමයට කාරණයක් නොවේ. තමන් අසලම රැදුණු ප්රේිමය අතින් ගිලිහී ගිය දිනක ඊට දුකින් වුවද ගෞරවනීය ලෙස සමුදිය හැකිනම් උසස්ම පෙම එය නොවන්නේද? නටාලියා වෙනුවෙන් පිදෙල්ගේ හිතට ඇතුළුව කවියා ලියා ඇත්තේ ප්රේිමයේ සමු ගැන්මේ උත්තමාචාරයයි .
කපිල එම්. ගමගේ කවියාගේ කවි හිත අපේ හිත්තුලට සොඳුරු ආක්රලමණයකු වී තෙරියුම් කෝකිලා වෙතට අපි වශී කොට ඇත. ඔහු කියනා ලෙස දැන් කෝකිලා අපේය. ඇය නල්ලුර් අහසට වඩා අපේ හිතට කිට්ටු වූ සෙයකි. අද නැතත් උතුරේත් දකුණේත් අලුත් පරම්පරාවන් කොකිලාගේ කතාව තේරුම් ගනු ඇත. ඒ වැටහීමට මෙවන් කවි පද මහා බර සාර පාඩම් රැසක් කියා දෙනු ඇත .