අරටුව හයිය ගහක් වගේ ජීවිතය දරා ගන්න

post-title

‘හැම තැනම හොයාගෙන හොයාගෙන ගිහින්, බැරිම වුණු තැනදි අන්තිමට මට මුණ ගැහෙනවා මාව., කොහොමත් අපිට බැරි වෙද්දි කවුරුත්ම නැති වෙන නිසා..’  මේ ජීවිතේ එක අඳුරු කාලෙක දැණුනු දෙයක් ලියවුනු හැටි. ඔව්.. සමහර විට අපිට අපිව හොයාගන්න කවුරුත්ම නැතිවෙන්න ඕනේ. ජීවිතේ සමහර කාලවල එහෙම දේවල් වෙනවා. එහෙම වෙද්දි අපිට තනියම අපිව හොයාගන්න වෙනවා. මොකද තව කෙනෙක් ආදරේට, අපිට අපිව හොයලා දෙන්නේ නැති නිසා. සමහරුන්ගේ වාසනාවට ගොඩක් සාර්ථක පවුල් පසුබිමක් ලැඛෙනවා. ඕනෙම දේකට ශක්තිය දෙන්න පුළුවන් දෙමව්පියෝ, සහෝදරයෝ, නෑදෑයෝ ලැඛෙනවා. පුංචි දේටත් ලොකු ශක්තියක් දෙනවා. එහෙම වෙන්නේ වාසනාවට.. 

එතකොට එහෙම නොවුනොත්... ? 

එහෙම ශක්තිමත් පවුල් පසුබිමක් නැතිව ලොකු ආර්ථීක හයියක් තියෙන සහෝදරයින්, නෑදෑයින් නැතිවෙන එක අවාසනාවද..? නෑ.. ඒක තමයි ජීවිතේකට ලැඛෙන්න පුළුවන් ලොකුම ආශිර්වාදය. මොකද එහෙම වෙද්දි ජීවිතේ අඩියක් හරි ඉස්සරහට තියන්න අපි විශ්වාසය තියන්නේ අපි ගැනම විතරක් නිසා. 

මොකක්ද ඒකේ තියෙන වාසිය..? 

තව කෙනෙක්ගේ හයිය අරන් ජීවිතේ හදන්න ගිහින්, වැටුණු දවසට ආයෙ නැගිටින්න හයිය අපිට නෑ. ඒත් අපි අපේම මහන්සියෙන් ඉස්සරහට තියන අඩියක හැම අමාරු දශමයක්ම අපි දන්නවා. ඒ හින්දා මුලින් මම මාව හොයාගත්තම එළියක් අල්ලන්න තව කෙනෙක් නැතුවට යන පාර මට විශ්වාසයි නේද? ශක්තිමත් කුරුල්ලෝ පියාඹලා ඇවිත් ඕනෙම දිරපු අත්තක බය නැතුව වහනවා. ඒ ලීය ගැන දන්න හින්දා නෙවෙයි, තමන්ගේ පියාපත් ගැන තමන්ට විශ්වාස නිසා. ඒ නිසා දන්න කියන අය ඉන්න එක හයියයක්. හැබැයි තීරණ තමන්ගේ වෙන තරමට වගකීම ගැන බර තියෙන්නනෙත් තමන්ටමයි. එහෙම ගමනක් වෙන කිසිම හේතුවක් නිසා තව කෙනෙකුට වෙනස් කරන්න බෑ. 

වලාකුළු ගොඩක් ලොකුවට පේන්නේ අහසේ පහලින් තියෙන නිසා. ඒ නිසා හරි ලේසියෙන් වලාකුළකට පුළුවන් හඳ වහන්න. ඒ වුනාට වලාකුළක් කොච්චර ලොකු වුනත්, කොයිතරම් උඩ ගියත් වලාකුළකට පුළුවන්ද හඳ පායන එක නවත්තන්න..? මේක ලියද්දි මං ජීවිතේ ගොඩක් දුර ඇවිත්. කියවන ඔබත් එහෙමයි. ආපහු අතීතේ දවසකට යන්න පුළුවන් නම් ගොඩක් දේවල් වෙනස් කරගන්න තිබුණ කියල සමහර වෙලාවක හිතිල නැද්ද? නමුත් ඇත්තට අපිට ආපහු ගිහින් ආරම්භය වෙනස් කරන්න බෑ නේද?  ඒත් අපිට දැන් ඉන්න තැනින් යමක් පටන් ගන්න පුළුවන්. එහෙම පටන් ගත්තොත් අපි අකමැති විදියට සිද්ධ වෙන්න තිබුණ අවසානය වෙනස් කරන්න තවම පුළුවන්. මිනිස්සුන්ට කරන්න පුළුවන් දේත් තියෙනවා, බැරි දේත් තියෙනවා කියලා ගොඩක් මිනිස්සු කියන කතාවක් තියෙනවා අහල ඇති. ජීවිතේ සමහරක් තැන් ෆේල් වෙද්දි අපිත් මෙහෙම කියලා ඇති. ලෝක පූජිත ඇමරිකානු බේස්බෝල් ක්රීළඩක ටොමී ලසෝඩා වරක් මෙහෙම කියලා තියෙනවා. 

‘මිනිසුන්ට කල නොහැකි දේ හා කල හැකි දේ අතර වෙනස තියෙන්නේ පුද්ගලයෙකුගේ අධිෂ්ඨානය තුලයි’ කියලා. 

දැකල තියෙනවද අරටුව හයිය ගස්..? දවසට දෙකට හැදිල නෑ තමයි. හැබැයි හරි තැන හරියට මුල් අල්ල ගත්තට පස්සෙ වැහි කාල, නියං කාල දාහක් ආවත් ගහ ඒවා දරාගන්නවා තනියම. හෙවණ පලවැල දෙනව හැමෝටම. හැම මනුස්සයෙක්ම ජීවත් වෙන්න මොනම හරි දෙයක් කරනව. සමහර විට හොඳ දෙයක්, සමහර විට සමාජය ප්රැතික්ෂේප  කරපු දෙයක්. මොන දේ කලක හැමෝම කරනවට වඩා දශමයක් ඉදිරියෙන් හිතල කරන කෙනා ලෝකෙට මතක තියෙනවා. හැමෝම නටද්දි මයිකල් ජැක්සන්  ඒක ටිකක් වෙනස් විදියට කලා. හැමෝම ෆෝන් හදද්දි ස්ටීව් ජොබ්ස් ඒකට අළුත් හැඩයක් දුන්නා. හැමෝම ක්රි්කට් ගහද්දි මාලිංග ඒකට වෙනස් රිද්මයක් දුන්නා. හැමෝම රාජකීය වෙද්දි සසෙක්ස් ආදිපාද විලියම් කුමාරයා ආදරයට අලූත් වටිනකමක් දුන්නා. තවත් අපිට මතක තියෙන ගොඩක් මිනිස්සු එහෙමයි. 

අවරුදු 32 දි මියගිය බෲස් ලී සටන කලාවක් කරලා ලෝකෙට දුන්නා. මිනිස්සු මතකයන් අමරණීය කරන්නේ එහෙම. ලෝකෙ පුරා ජනප්රිසය ඇමරිකා ගොට් ටැලන්ට් රියැලිටි වැඩසටහනට ලෝකේ පුරාම අති දක්ෂ තරගකරුවන් එනවා. ඉතාම තරඟකාරී නිර්මානශීලී තරගකරුවන් දහස් ගණනක්. ගිය අවුරුද්දේ මේ තරගෙට වෙනම හැඩයක් දෙන්න පිරිසක් සමත් වුනා. ඉන්දියාවේ බොම්බායේ පහත්ම පෙලේ කියල වෙන් කරපු මුඩුක්කු වලින් එකතු වුන තරුණ පිරිසක්. අවු.14 විතර ඉඳලා අවුරුදු 30 විතර වෙනකල් වුන තරුණ කොල්ලො කෙල්ලො ටිකක්. වැඩි දෙනෙක් දුප්පත්කම නිසාම හරියට ඉගෙනගෙන නෑ. ගොඩ දෙනෙක්ට ඉංග්රීුසි කතා කරන්න බෑ. සමහරුන්ගේ දෙමව්පියෝ නෑ. ඇමරිකාව කියන්නේ මිනිස්සුන්ගේ හීනයක්. මහා දුෂ්කර ගමනක් ගිහින් මේ කොල්ලො කෙල්ලේ ටික ඇමරිකාවෙම මිනිස්සුන්ට හීනයක් හැදුවා. වී අන්බීටබල් කියලා යූ ටියුබ් එකේ හොයල බැලූවොත් දවස ගානේ ඒ අයගේ වීඩියෝ මිලියන ගානින් බලනවා. ජීවිතේ හැම අඩුවකම පීඩනය උන් පිට කළේ නැටුම් වලින්. වේදීකාව දෙවනත් වෙන්න නටනවා. විශ්වාස කරන්න බැරි විදියේ නිර්මාණ. අඩි ගාණක් උඩ විසි වෙන කෙනා ඇස් පියාගන්නේ බිම ඉන්න තමන්ගේ සගයා තමන්ව බිම දාන්නේ නෑ කියලා විශ්වාසෙන්. හැම නැටුමකම තියෙන්නේ ඉන්දියානු චිත්රනපට ගීත. අදහ ගන්න බැරුව විනිශ්චයකරුවන් ඒ අයව අගය කරද්දි මේ ඉන්දියානුවෝ කකුල අල්ලලා ඉන්දියානු ක්රගමේට මේ ඇමරිකානුවන්ට ආචාර කරනවා. නැටුම් අවසානයේ උන් කියන්නේ තමන්ගේ ජීවිතේ කතාව. අද ඇමරිකාව වගේම ලෝකෙ වටේ මේ පිරිසට ප්ර ශංසා ලැඛෙනවා. උන් ගැන චිත්රපපට හැදෙනවා. 

ජීවිතේ කියන්නෙ අවස්ථාවක්. අපිට ඒක බාරගන්න පුළුවන්. තව කෙනෙකුට බාර දෙන්නත් පුළුවන්. තීරණය තියෙන්නේ අපේ අතේ. අපි අපේ හීනය හැබෑ කරන්න මහන්සි වෙනවද..? තව කෙනෙක්ගේ හීන හැබෑ කරන්න ජීවිතේම කැප කරනවද කියලා.

 

Top