ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ පරිසරය (814)

post-title

ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ජීවීන් 

වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් (11) ක් සාගරය ට මුදා හරින පසුබිමක ඒවායේ පාරසරික බලපෑම ගැන කතාකිරීමේදී ජීවින්ට සිදුවන බලපෑම අමතක කළ නොහැක. පොදුවේ ඔවුන්ගේ වාසස්ථාන වල ගුණත්වය අඩුවීමට අමතරව සිදුවන මෙවනි බලපෑම් අවධානය ට ගැනීමේ පහසුව උදෙසා ප්‍රධාන ලෙස කොටස් දෙකකට වෙන් කළ හැක. එනම් ප්ලාස්ටික් සුන් බුන් වල පැටලීම හා ප්ලාස්ටික් ශරීරගතවීම යි

පරිසර පද්ධතියේ සමතුලිත්තාව ය බිඳ වැටීම

පරිසරයේ ගුණාත්මක බවට සිදුවන හානි නිසා එම පරිසර පද්ධතියේ සමතුලිත්තාව ය බිඳ වැටීම සිදුවේ.

පාවී යන ප්ලාස්ටික් සුන්බුන් කුඩා සහ ක්ෂුද්ර ජීවි විශේෂ වලට ප්‍රවාහන පහසුකම් සපයනු ලබයි (hitchhiking, rafting). දියවැල් සමග එක්වන ප්ලාස්ටික් මෙලෙස විවිධ සාගර කලාප වලට ඇදී යනු ලබයි. මට්ටි, ඇල්ගී, දිලීර, සහ බැක්ටීරියා වැනි ජීවීන්ද, රෝග කාරක වෛරස් ද මෙලෙස නව කලාප වලට ඇතුළු වී ඒවායේ සමතුලිතතාවයට බාධා පමුණුවයි. තවද මෙලෙස පාවී ආ ප්ලාස්ටික් එකතු වන දූපත් වැනි ස්ථාන නව ක්ෂුද්‍ර පරිසර පද්ධති වරනය වීමට පවා අවස්ථාව සලසයි. මෙය සාගරය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධති පද්ධති වලට විශාල තර්ජනයකි.

කොරල් මත කුඩා ප්ලාස්ටික් තැන්පත් වීම සහ ජලය මතුපිට පාවීම නිසා කොරල් බුහුබාවන්ට සහ ඇල්ගී වලට අවශ්‍යය සූර්යාලෝකය අවහිටර වීම සිදු වේ.

විවිධ ජීවී විශේෂ පරිසරයේ සිදු වන වෙනස්කම් වලට අනුගත වීමට උත්සහ ගනු ලබයි. මෑතකදී පර්යේෂකයින් බූවල්ලන් මෙම ප්ලාස්ටික් මෙවලම් (camouflage) ලෙස භාවිත කිරීම සුවිශේෂී සංසිද්ධියක් ලෙසට හඳුන්වාඅ දිය හැක (රූපය 1).

1

(රූපය 1)

ප්ලාස්ටික් සුන්බුන් වල පැටලීම (Entanglement)

ප්ලාස්ටික් සුන්බුන් වල පැටලීම මෑත කාලීනව සමාජ මාධ්ය මෙන්ම විවිධ ලිපි ලේඛන හරහා වාර්තා කර ඇත. ප්ලාස්ටික් අපද්‍රව්‍ය වල පැටලීම නිසා කරදරයට පත්වූ සත්වයින් ගේ ඡායාරූප අන්තර්ජාලයේ සැරිසරන ඔබ අප දැක ඇත. මෙලෙස පැටලුණු ක්ෂීරපායින්, උරගයින් , පක්ෂීන් සහ මත්ස්යයින් මරණයට පත්වූ අවස්ථා ද, වාර්තා වේ. අත් හැර දමන හෝ නැතිවී යන ධීවර දැල් ආශ්‍රිත සිදුවීම් කොතරම් සුලබ ද යත් (Abundant Lost or Discarded Fishing Gear-ALDFG) මේ ආශ්‍රිත පරිසර හානිය වෙනම කතා කළ හැකි තරම් ය. රූපය 2 දැක්වෙනුයේ මෙලෙස විවිධ සත්ව ප්‍රජාවන්ට සිදුවූ හානීන් පිළිබඳව යි.

2

රූපය 2

ප්ලාස්ටික් සුන්බුන් වල පැටලීම (Ingestion)

ප්ලාස්ටික් ශරීර ගත වීම පාවෙමින් තිබෙන ප්ලාස්ටික් මලු කුඩා ප්ලාස්ටික් බට සහ ප්ලාස්ටික් කැබලි කුඩා ජීවීන් යැයි සිතා ආහාරයට ගනු ලබන සතුන් ද පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත. ශෝකයට කරුණ නම් එම අත්දැකීම ලබන සත්ත්වයාගේ ගේ මළ සිරුර සාක්ෂි සැපයීමයි. කෙසේනමුත් මාරාන්තික තත්ත්වයේ පසුවන සත්වයින් ශල්ය කර්ම හරහා සුවපත් කළ දුලබ අවස්ථාද වාර්තාවේ. ප්ලාස්ටික් කැබලි ආහාරයට ගැනීම නිසා සතුන්ගේ ආහාර මාර්ගය අවහිර වීමත්, කැපීම් නිසා සිදුවන තුවා ලත්, හේතුවෙන් මෙම සතුන් ආහාර ගැනීමට නොහැකිව මිය යනු ලබයි. රූපය (3) පවසනුයේ එලෙස සත්ත්ව ප්‍රජාවන් අතර වාර්තා වූ මරණයි. ප්ලාස්ටික් ශරීර ගත වීම පිළිබඳ සැලකීමේදී ආහාර දාම වල මුල් පුරුක් වන ශාක සහ කුඩා සත්වයින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආහාර යට ගැනීමෙන් ඒවා ආහාර දාම ඔස්සේ. ඉහළ මට්ටම්වලට සතුන් තුළ වැඩි වශයෙන් එක් වීමයි. මෙයද සැළකිල්ලට ගත යුතු කරුණක් වනුයේ, ප්ලාස්ටික් ස්වභාවික බහුඅවයවීක යක් වුවද නිෂ්පාදන සඳහා අවශ්ය වන ගුණාංග ලබාදීමට ඒවාට එකතු කරන විෂ රසායනික. රසායනික ශරීරය තුළ එක්රැස් වීමෙන් දීර්ඝ දීර්ඝකාලීනව හඳුනාගත නොහැකියි රෝග ඇතිවීමට දායක වීමයි.

3 රූපය (3)

 

මෙම ලිපිය කියවූ ඔබට පුද්ගලික වශයෙන් කල හැකි දෙයක් ඇත. එනම්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීමත්, නැවත භාවිතා කිර්‍ර්මත් සහ භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රීකරනය (3R) කිර්‍රමට යොමු කිර්‍රිමත් තුලින් අවෝබෝධාත්මක, වගකීම් සහිත පාරිභෝගික යෙකු වීමයි. විනයෙන් යුතු වගකීම් සහිත මිනිසුන් ගැටලු වලින් පිරි ලොවකට අවශ්‍යම සම්පතකි.

Top