රෝස පාට හිම වැටෙන කොළ පාට මීදූමෙන් වැහුන චොක්ලට් පාට හැන්දෑවක්. (830)

post-title

ඈතින් ඇහෙන ගීතීකා හඩත් එක්ක දම් පාට ලැවැන්ඩර් යායක් මැදෙන් මං ඇවිදගෙන ආවා. ඒ එන අතරම මග කැමීලියා, රෝස, කැන්වස්, මං ආදරේම ලීලී වගේ මල් ජාති ගොඩාක් පිපිලා තිබුනා. ඒ හැම මලක්ම මං එක්ක මොන මොනාද කතා කලා. අහ්.. මං එයාලාට ඔයා ගැනත් කිව්වා. එයාලාගේ ලස්සන කතාන්දර මැද්දෙන් මං හෙමින් හෙමින් උනුසුම් බීර සුවදක් අස්සෙන් රෝමාන්තික සුන්දරත්වයක් ගත්ත හුරු පුරුදු කොෆි ෂොප් එකට ගොඩ වුනා. වටපිට බලන්නත් කලින්ම මට නිල් පාට පුංචි මල් පොකුරක් රවුම් මේසේකට ආරාධනා කලා. මං ගිහින් එතන ඉදගත්තා. පුරුදු තැන්ක ආගන්තුක නිල් මල් පොකුර මං දිහා බලලා හිනා උනා. අනික් හැම ටේබල් එකක්ම පාට ගොඩාක් පිරුනු මල් වලින් පුරවපූ වීදූරු වාස් වලින් සැරසිලා තිබ්බා. ඒක ඇස් වලට සාමාන්‍යය සිදූවීමක් නිසාමද මංදා කවදාවත් මෙතන නොතිබුන නිල් මල් පොකුර ළඟට මගේ කකුල් දෙක ඇවිදන් ගියේ මටත් නොදැනිම.

ඒක ලන්තෑරුම් එලි සීතල එක්ක යාලූ වෙන වෙලාවක්.???? පල්ලියේ සීනූ හඩ එක්ක ප්‍රාතිහාර සිද්ද වෙන්න පුලුවන් වෙලාවක්....!

ඇත්තටම ඒක පුදුම තරම් ලස්සන සෑදෑවක්. හැබැයි කියාගන්න නොතෙරේන මොකද්දො ලොකූ හිස්කමක් මං වටේ කරක් ගැහුවා.

 "මට ඕනේ හොට් චොක්ලට් මික්ස් චෙරි මිල්ක් ෂේක් ඩාර්ක් බ්ලූ කොෆි එකක්."

වේටර් මං දිහා අමුතු විදිහට බැලුවේ මං මොකක් හරි නොතෙරේන අපබ්‍රංශයක් කිව්වා වගේ. ????

"ඇයි එහෙම එකක් හදන්න බැරිද"

"නෑ ඕ.. ඕ.. අ හරි මිස්....! විනාඩි දහයක් දෙන්න."

"හ්ම්...."

මේ ලෝකේ බෑ නෑ කියලා දෙයක් නෑ එයා එක අද තේරුම් ගන්න ඕනේ.

මගේ අලුත් සංකලනයට අනුව කොෆි එක රෙඩි වෙනකල් මං ඉස්සරා ඉන්න නිල් මල් පොකුර එක්ක කතා කලා.

"ඔයාගේ නම මොකද්ද..." එයා මොකුත් නොකියා ආදරෙන් මගේ දිහා බලන් හිටියා

මං හිතන්නේ ඒ එයා මට එයාගේ නම කිවේ

ම්ම්ම්ම්..... 

"Excusesme madam

මැඩම්ගේ හොට් චොක්ලට් මික්ස් චෙරි මිල්ක් ෂේක් ඩාර්ක් බ්ලූ කොෆි එක."

ඇහ් මගේ ඇස් උඩ ගියා හුරු පුරුදුක හඬක් එක්ක මං ගැස්සිලා උඩ බැලුවා.

ලන්තෑරුම් එලි පැරදුනා ඒ තරු ඇස් වලට... නිල් පාට ඇස් වලින් එයා මට කතා කලා .

"ඔයා හොදින් නේද"

මට කතා කරන්න ඕනේ............. ඒත් වචන එන් නෑනේ

මං කොෆි ෂොප් එකම ගිලලා වගේ එයා දිහා ගල් ගැහිලා බලන් හිටියා. එක මොහොතකට හිත අස්සෙ හිස් වෙලා තිබුන හිස්කම පිරුනා... මම සම්පූර්ණ වගේ හැගීමක් මට දැනුනා..

අන්න හරී හරියටම හරි හොට් චොක්ලට් මික්ස් චෙරි මිල්ක් ෂේක් ඩාර්ක් බ්ලූ කොෆි එක " දැන් තමයි ඒක රසම රස වෙන්නේ... ආයේම එයාගේ කටහඩට මගේ සිතීමේ ක්‍රියාවලිය ඩෝං ගලා මගේ පපුවෙම වැදිලා නැවතුනා.

"මං ඔයාට ආවේ කියලා යන්න මට වැඩි වෙලාවක් නෑ .

මට පුදුම ඔයා ආරාධනා පත්‍රය දෙන්නත් කලින් ආරාධනා ව භාර ගත්ත එකට. .."

එයා එක හුස්මට කියාගෙන කියාගෙන ගියා. ඒක හරියට මං ඕඩර් කරපූ කොෆි එක වගේ එක පාරටම තේරුම් ගන්න අමාරු කතාවක්. ඒත් මට ඒ කටහඬ මොනාවා කිව්වාත් ඔහේ අහන් ඉන්න තරම් ඇබ්බැහි වුණු තාල සංකලනක් උනා .

"හරි හරි මට පරක්කු වෙලා. අ...එහෙනම් මේක ඕයාට "

මොකක්...? අර පුංචි නිල් මල් පොකුර...

දෙයියනේ මේ ටේබල් එක එයා මං වෙනුවෙන් වෙන් කරපු එකක්.

එයා මගේ ඇස් දෙකට එබිලා ගැවිලා නොගැවිලා යන තරම් දුරින් හුස්මක් අරන් මං ළඟින් හැරූනා.

" හැරිලා බලන්න එපා හොදද මේ මල් දිහා....ඔහොම්ම බලන් ඉන්න....." එයා කිවේ එච්චරයි. 

මං තාමත් සීතලට ගල් ගැහුන අයිස් කුට්ටියක් වගේ බලන් ඉන්නවා. එක තැන හිටගෙනම මම ලැවැන්ඩර් යාය මැද්දෙන් හදවත ඇතුලෙන් මහා හයියෙන් දුවන් ගියා.

පැය භාගයක් විතරගියාට පස්සේ පල්ලියේ සීනූ සද්දෙට තමයි මාව පියවි සිහියට ආවේ. එයා ගියා ????ගිහින් එන්නම් නොකියා, යන්නම් විතරක් කියලා ඇස් අස්සේන් බොදවෙලා ගියා.  මට තෙරෙන් නෑ මං අතරමං වෙලා. වටේ වීදූරු වාස් වල තිබුන හැම මලක්ම මං දිහා බලාගෙන හීල්ලූවා. ඒත් එයා මට දුන්න නිල් මල් පොකුර විතරක් තාමත් ආදරෙන් මං එක්ක හිනාවෙනවා.. 

"පිස්සුද මං දුකින් ඉද්දි ඔයා ඇයි හිනාවෙන්නෙ "

මං ඇස් පිල්ලම් වල එල්ලිලා ඉන්න කදුලු බින්දූ මර ලතෝනි තියන්න කලින් දඩබඩ ගාලා කොෆි ෂොප් එකෙන් එලිය බැස්සා

"මේ....මි..මී මිස් මිස්........ මේ කොෆී එක."

 "ආ ඒකට මං පේමන්ට් කලානේ ........"

"නෑ මිස් , මිස් එක බිව්වෙ නෑනේ"

"ආ ඒක ඔයාට, මං දැන් යන්න ඕනේ....."

අයේමත් කරකවලා අත ඇරියා වගේ වේටර් මං දිහා බලන් හිටියා.

මට තවත් එක තත්පරයක්වත් එතන ඉන්න අවශ්‍ය නොවුන නිසා මං නිල් මල් පොකුර එක්ක ආපූ පාර දිගේ ඈතටම දිව්වා.  අන්තිම ලැවැන්ඩර් යාය මැද්දේ ඉදගෙන මම හති ඇරියා .  මහා හයියෙන් අඩන්න ඕනේ කියලා හිතනකොටම මං දැක්කා පුංචි නිල් පාට ගවුමක් ඇද ගත්ත සුදු පාට රවුම් හැට් එකක් දාපූ දගකාර පුංචි ගෑනු ළමයෙක්, මීදූම අස්සේ මල් විකුනනවා . එයා ගාව තිබ්බා මගේ අතේ තිබුන පුංචි නිල් මල් පොකුරු ගොඩකුත්. මං ඉදගත්ත තැනින් නැගිටලා ඒ ගෑනු ළමයා ගාවට ගියා. තවත් මේ මල් පොකුර මං ළඟ තියාගෙන මොකටද.. එයා ගියා ගිහිම් එන්නම් නොකියාම මාව අමතක කරලා ගියා???? මං ගෑනූ ළමයට කතා කලා

"හායී... little girl"

"Hi my lucky Angel....."

"අ.... ????"

ඒ සුන්දර ආමන්ත්‍රණය ට වත් හිතට සතුටක් නැති මං අත් දෙකෙන්ම මං ගාව තිබුන මල් පොකුර ඒ ගෑනු ළමයාට දුන්නා

"හානේ ඔව් අනිවාර්යයෙන්ම

මම මතක තියගන්නම් ලකි එන්ජල් "

"මොකක් "

එහෙම කියලා ඒ ගෑනූ ළමයා එයා ගාව තිබුන නිල් මල් පොකුරක් මට දිලා මෙහෙම කිව්වා 

" forget_not_me "

මගේ ඇස් උඩ ගියා.

"ඒ කිව්වේ මේ මල්....."

"ඔව් ඒ මේ මල් වලට කියන නම

 කවුරු හරි කෙනෙක්ට තමන් ආදරේ කරන කෙනාගෙන් මේ මල් හම්බෙනවානම් එයා වාසනාවන්තයි"

Forget not me

දෙයියනේ මං එක පාරටම අයේමත් අයිස් උනා. එයා මට කිව්වා හැරිලා බලන් නැතුව මේ මල් දිහාම බලන් ඉන්න කියලා. 

ඒ කියන්නේ 

 "ගිහින් ඉක්මනට එන්නම් එතකල් එයාව අමතක කරන්න එපා කියලා ඒයා මට කියලා ගියේ

ආදරණිය පුංචි නිල් මල් පොකුර මං ආදරේයි ????

ගීතීකා සද්දේ ළඟින්ම ඇහැන්න ගත්තා. ඕව් ඒක ඇත්ත...ප්‍රාතිහාර සිද්ද වෙන්න පුලුවන් වෙලාවක්.

ඇත්තටම මේක පුදුම තරම් ලස්සන සෑදෑවක්....! 

ඉතින් මං අද දැන ගත්තා

"මල් කියන්නේ කතා කරන භාෂාවක්..."

I will never forget you....! keep you in my heart forever... 

Forget_not_me......

Top