කවුරුත් දන්න ශර්ලොක් හෝම්ස් ගැන නොදන්න කතා හතක්.... (741)

post-title

ෂර්ලොක් හෝම්ස් කියන්නේ රහස් පරීක්ෂක කතා කියවන අය අතර ජනප්‍රිය චරිතයක්. ඒ වගේ එදා මෙදා තුර බිහිවුණු හොදම රහස් පරීක්ශකයා කිව්වත් වරදක් නෑ. ආතර් කොනන් ඩොයිල් අතින් ලියවුණු හොදම කෘතිය විදියට සැලකෙන ශර්ලොක් හෝම්ස් ජනතාව අතරට පත්වනතුරු පැමිණි ගමන් මගත් ඒතරම් සුන්දර එකක් නෙවෙයි. ප්‍රතික්ශේප වීම් ගණනාවකට මුහුණ දුන්න නමුත් අද වෙද්දි ලෝකයේ අංක එකේ පරිවර්ථනයක් ලෙසත් ශර්ලොක් හෝම්ස් කතා පිලිගැනෙනවා. ස්කොට්ලන්ඩ්යාර්ඩ් රහස් පරීක්ශකයන් අනිවාර්යයෙන් කියවියයුතු පොතක් විදියටත් ශර්ලොක් හෝම්ස් පිළිගැනෙනවා.

කොහොම වුණත් අද මේ කියන්න හදන්නේ ශර්ලොක් හෝම්ස් පොත් ගැන නම් නෙවෙයි. මේ කියන්න හදන්නේ ශර්ලොක් හෝම්ස් කියන චරිතය ගැනයි. ඇත්තම කිව්වොත් ආතර් කොනන් ඩොයිල් මේ චරිතය නිර්මාණය කරද්දි කියවන කෙනා තුල අපූර්ව හැගීමක් ඇතිවන ආකාරයෙන් චරිතය නිර්මාණය කරන්න උත්සහ කරලා තියෙනවා. විශේෂයෙන්ම හෝම්ස් "කාන්තාවන් කෙරෙහි දක්වන ගෞරවාන්විත බව, ඔහු සතු මහත්මා ගුණය, යම් අරමුණක් ඔස්සේ සිදුකරන හබායාම, එක අරමුණක සිත පිහිටුවා ගැනීමේ හැකියාව, බාර ගත් කටයුත්ත සාර්ථකව අවසන් කිරීම, රහස්‍ය භාවය ආර්ක්ශා කිරීම, සාධාරණ අය කිරීම්, නිතර හොද මතකයක් තබා ගැනීම, සෑම විශය ක්ශේත්‍රයක් ගැනම ඇති උනන්දුව සහ දැනුම, අනෙක් මත ඉවසීම" වගේ ධනාත්මක ගුණාංගයන් ඔහු පාඨකයාගේ හදවතේ වීරයෙක් වන්නට හේතුවෙලා තියෙනවා.

ඒ වගේම ශර්ලොක් හෝම්ස් සතු තවත් අපූර්ව ගුණාංග බොහෝමයක් තිබෙනවා. ඉතින් අද අපි කියන්න සූදානම් වෙන්නේ ශර්ලොක් හෝම්ස් ගැන අපූරු කතා දහයක්. මේ සමහර කතා දැනටමත් ඔයා දන්නවා ඇති. ඒ වගේම අලුත් දේවලුත් දන්නවා ඇති. මෙතන නැති අලුත් දේවල් තියෙනවා නම් පහලින් ලියාගෙන යන්න.

01. ෂර්ලොක් හෝම්ස් කියන්නේ එයාගේ ඇත්තම නමද?

ඇත්තටම හෝම්ස් ගේ ඇත්තම නම මේක නෙවෙයි. ඇත්තටම කොනන් ඩොයිල් මුලින්ම හෝම්ස් ට දැම්මේ ශෙරින්ෆීල්ඩ් කියලා නමක්. මේ නම ඒ කාලේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නමක්. කොනන් ඩොයිල් කියන්නෙත් හොද ක්‍රිකටර් කෙනෙක් නිසා එයා වැඩියෙන්ම කැමති උනේ මේ නම දාන්න. ඒත් ඒ නම පාඨකයන්ට ඒ තරම් හුරු නොවෙන නිසා තමයි අන්තිමට ශර්ලොක් කියන නම යොදාගන්න සිදුවුණේ.

02. අදහස ආවේ කවදද?

කොනන් ඩොයිල් තමන්ගෙ පළමු රහස් පරීක්ෂක කතාංගය වන ස්කාර්ලෙට් අභිරහස පිළිබද කතාව ලියන්නේ අවුරුදු 27 දී. මේ චරිතය නිර්මාණය කරන්න හේතුවෙන්නේ ඒ කාලේ විශ්වවිද්‍යාලයෙ ඉගැන්වූ මහාචාර්ය ජෝශප් බෙල් ගේ චරිතය. ඔහු රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය, ඔවුන් පරික්ශා කරන ආකාරය, නිගමන ලබාගන්න ආකරය අධ්‍යනය ඇසුරෙන් තමයි ශර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය වෙන්නේ. ඒ වගේම ඒ වෙද්දි වඩාත් ජනප්‍රිය වුණු එඩ්ගා ඇලන් ෆෝ ගේ කතාත් හෝම්ස් නිර්මාණය වෙන්න හේතුවුණා.

03. ඔස්කාර් වයිල්ඩ් හමුව

කොනන් ඩොයිල් තමන්ගේ පළමු කතාංගය ලිව්වට පස්සේ ටික කාලයක් යනකොට ඒ කතාව Lippincots මාසික සගරාවෙ පළකරන්න එහි කතුවරයා කැමති වුණා. මේ කතාව පළවුණාට පස්සෙ සගරාවෙන් සූදානම් කල රාත්‍රි බෝජන සංග්‍රහයකට යන්න අවස්තාව ලැබුණු කොනන් ඩොයිල් එතනදි තමයි මුල්වරට ඔස්කාර් වයිල්ඩ් හදුනාගත්තේ. මේ හමුවීම කොනන් ඩොයිල්ට මොනතරම් බලපෑමක් වුණාද කියනවා නම් ඔහුගේ The Picture of Dorian Gray නවකතාව ප්‍රකාශයට පත්වුණු වසරේම කොනන් ඩොයිල්ගේ සිව්රහස් සලකුණ කෘතියත් ප්‍රකාශයට පත්වුණා. 

04. හෝම්ස් ගේ තොප්පිය

ඇත්තම කියනවා නම් ශර්ලොක් හෝම්ස් කවදාවත් තොප්පියක් දාපු කෙනෙක් නෙවෙයි. මේ කතාංගය කාලයත් එක්ක ලොව පුරා ප්‍රචලිත වෙනකොට ඒ කාලේ හිටපු දක්ශ කාර්ටුන් ශිල්පියෙක් වුණු Sidney Paget හෝම්ස් ගේ චිත්‍රයක් නිර්මාණය කලා. මේ චිත්‍රයේ තමයි ප්‍රථම වරට හෝම්ස් තොප්පියක් දාගෙන ඉන්නවා දකින්න ලැබෙන්නේ. ඔහු ඒ විදියට හෝම්ස්ට තොප්පියක් දාන්නේ ඒ කාලේ ග්‍රාමීය ප්‍රදේශවල, ගොවිතැන් කටයුතු කරන සමාජවල හා සාමන්‍ය වැසියන් වැඩියෙන් සිටින රටවල මේ වර්ගයේ තොප්පි ජනප්‍රිය වෙලා තිබුණු නිසා. එයින් ඔහු බලාපොරොත්තු උනේ හෝම්ස් ඉක්මනින් ඒ සමාජයට සමීප කරවීම. නමුත් ඒ චිත්‍රය එතැනින් නැවතුනේ නෑ. රහස් පරීක්ශකයෙක් නම් එයා තොප්පියක් දාන්න ඕන වගේ දේකුත් එයින් සමාජගත වුණා. ඒ කියන්නේ අබිරහසක් විසදනවා නම් තොප්පියක් ඔලුවෙ තියෙන්නම ඕන වගේ මතයක් එයින් සමාජයේ පැළපදියම් වුණා. 

05. වැඩිම චිත්‍රපට ගණනාවකටත්

ලෝකයේ වැඩිම චිත්‍රපට ගණනාවක් සදහා යොදාගත් මංකල්පිත චරිත අතර පළමු තැන හිමිවෙන්නේ ඩ්‍රැකියුලා කියන චරිතයට. ඒ අනුව ඩ්‍රැකියුලා චරිතය චිත්‍රපට 239කට යොදාගෙන තිබෙනවා. ඉන් අනතුරුව වැඩිම වාර ගණනක් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙන්නේ හෝම්ස් ගේ චරිතයට. ඒ අනුව ශර්ලොක් හෝම්ස් පිළිබද චිත්‍රපට 232 ක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් මනුශ්‍ය චරිතයක් විදියට ගත්තාම වැඩිම වාර ගණනක් චිත්‍රපටයට නැගුනු මනංකල්පිත චරිතය වෙන්නේ ශර්ලොක් හෝම්ස් චරිතයයි.

06. ෂර්ලොක් හෝම්ස් කියන්නේ ඇත්තක්ද බොරුවක්ද

එංගලන්තයේ සිටින වැඩිහිටියන් වගේම තරුණ පරම්පරාවත් හිතාගෙන ඉන්නේ ශර්ලොක් හෝම්ස් කියන්නේ ඇත්තටම හිටිය කෙනෙක් කියලයි. ඇත්තම කියනවා නම් දෙවනි ලෝක යුද්ධය නවත්තපු වින්ස්ටන් චර්චිල් කියන්නේ බොරු එහෙමත් නැත්නම් මනංකල්පිත චරිතයක් කියලත් ඒයාලා හිතාගෙන ඉන්නවා.

07. හෝම්ස් හැම විටම සාර්ථකද?

ශර්ලොක් හෝම්ස් කියන්නේ දක්ශ රහස් පරීක්ශකයෙක් බවට කිසිම විවාදයක් නෑ. හැබැයි හෝම්ස්ටත් වැරදුනු තැන් හතරක් පිළිබදව සදහන් වෙනවා. මෙයින් එක් වතාවක ඔහු පරදින්නේ කාන්තාවකට. ඇය නමින් අයිරින් ඇඩ්ලර්. බොහිමියාවේ වංශවතාගේ අභිරහස කියවලා තියෙනවා නම් ඇයව මතක ඇති. "ඇය අපූරු ගැහැණියක්" වොට්සන් අයිරින් ඇඩ්ලර් ගැන කතා කරන හැම වෙලාවකම හෝම්ස් කියන්නේ එහෙම.

Top