ඔබත් ස්වයං අධ්‍යයනය භාවිත කරලා තියේද? (811)

post-title

ස්වයං අධ්‍යයනය කියලා කියන්නේ බොහොම අපූරු දෙයක්. ඒ වගේම ගොඩක් දෙනෙක් නොකරන දෙයක්. ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ළමයි යොමු නොකරන ක්ෂේත්‍රයක්. හැබැයි මේක ඕනේ කෙනෙක්ට ගොඩයන්න පුළුවන් විදියෙ වැඩක්. ස්වයං අධ්‍යයනය එහෙමත් නැතිනම් self study කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන බොහොම පහසු, ඵලදායි ක්‍රමවේදයක්. සරලව කිව්වොත් ස්වයං අධ්‍යයනය කියලා කියන්නේ අපි යම් දෙයක් ගැන තනියම ඉගෙන ගන්නවා කියන එක. මේකෙ යම්කිසි විෂයක් වෙන්න පුළුවන්, භාෂාවක් වෙන්න පුළුවන්, පාඩමක් වෙන්න පුළුවන්, අත්දැකීමක් ලබා ගන්නවා වෙන්න පුළුවන්. අපිට ස්වයං අධ්‍යයනය කරන්න වෙලාවක්, තැනක් වෙන් වෙලා නෑ. ඕනිම වෙලාවක, ඕනෙම තැනක අපිට මේක කරන්න පුළුවන්. විශේෂම දේ තමයි අපිට සීමා නෑ. 

ඇත්තටම කොහොමද අපි ස්වයං අධ්‍යයනය කරන්නෙ. ඉස්සර නම් මේ සඳහා තිබුණු මාධ්‍යයන් වුණේ පොත් පත්, සඟරා, පත්තර වගේ දේවල්. සමහර වෙලාවට රූපවාහිනිය, ගුවන් විදුලිය වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණා. නමුත් අද වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට ඉගෙන ගන්න, දැනුම ලබාගන්න පුලුවන් තැන් බොහෝමයක් ඉදිරියට ඇවිල්ල තියනවා. සමාජ මාධ්‍ය ඒ අතරින් ඉතා ප්‍රබලයි. ඔයා මේ වෙලාවේ මේක කියවන්නෙ ඔයාගේ ජංගම දුරකථනයෙන් නම් ඔයා ගොඩක් වාසනාවන්තයි. ඔයාට දැනුම ලබාගන්න පුළුවන් හොඳ මාධ්‍යයක් ලැබිලා තියෙනවා. දැන් මං මේ අහන ප්‍රශ්නවලට ඔයා ඔයාට ම උත්තර දෙන්න. ඔයා youtube පාවිච්චි කරනවද, ඔයා google පාවිච්චි කරනවද. මං හිතනවා මේ දෙකටම උත්තරේ ඔව් ඇති කියලා. එහෙම නම් ඔයාට ස්වයං අධ්‍යයනය කරන්න හරිම ලේසියි. ඔයාට ඔයා දැනට ඉගෙන ගන්න විෂයන්වල අමාරු පාඩමක් තියෙනවා කියලා හිතන්න. ඔයාට පුලුවන් youtube එකේ ඒ පාඩම search කරලා බලන්න. අනිවාර්යෙන්ම ඒ පාඩමට අදාළ ව සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, එහෙමත් නැතිනම් ඔයාට ඕනේ ඕනෑම භාෂාවකින් videos ගොඩක් හම්බ වේවි. ඒවායින් ඔයාට ගැළපෙන, කැමති එකක් බලලා ඔයාට පුලුවන් ඔයාගේ පාඩම තේරුම් කරව ගන්න. එහෙම නැතිනම් ඔයාට මේකට ගැලපෙන පොතක් කියවන්න පුළුවන්. එහෙම නැතිනම් මේ පාඩම ගැන google search කරලා ඕනෑතරම් තොරතුරු හොයාගන්න පුළුවන්. මේක පාඩමකට විතරක් නෙවෙයි ඔයාට අමාරු ඕනෑම විෂයකටත් පාවිච්චි කරන්න පුළුවන්. 

ඒ විතරක් නෙවෙයි හිතන්නකෝ ඔයාට අලුතින් දෙයක් ඉගෙන ගන්න උවමනාව තියෙනවා කියලා. අපි උදාහරණයක් විදියට ගමු ඉංග්‍රීසි භාෂාව. ගොඩක් දෙනෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඕනි උනාම කරන්නේ ඉංග්‍රීසි පන්තියකට යන එක, එහෙම නැතිනම් ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන එක. මේ කොයි කොයි තරම් දේවල් කළත් ඉංග්‍රීසි සමීප කරගන්න අමාරු අයත් ඉන්නවා. මේ හැමෝටම පුළුවන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ස්වයං අධ්‍යයන ක්‍රමවේදවලට යන්න. ඒකටත් මම උඩින් කියපු දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ස්වයං අධ්‍යනය කියන්නේ මේ දේවල් විතරද. නෑ. ඔයාට ඕනෙම දේකට මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න පුළුවන්. 

ඔයාට පොඩි සැකයක් තියෙන්න පුළුවන් මේක හරියනවද නැද්ද කියලා. මේක හරි යන්න වගේම වරදින්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. මොකද අපි පාසලක, පාඨමාලාවක ඉගෙන ගන්න කොට ගන්න කොට අපිව ඒ දේට යොමු කරන්න ගුරුවරයෙක් හෝ යම් අයෙක් ඉන්නවා. අපිට නියමිත වැඩ කොටසක් තියෙනවා ඉවර කරන්න. ඒ දේවල් ඉවර කරල ද නැද්ද මේ හැමදේම බලන්න අය ඉන්නවා. නමුත් මෙතනදි ඔයා තනියම වැඩක් කරනකොට ඔයා වගකියන්න ඕනි ඔයාටමයි. ඒ නිසා ඔයාට self discipline හොඳටම තියාගන්න වෙනවා. මොකද ඔයා වැඩ කල් දාන්න, මේක වැදගත් නෑ කියලා හිතන්න, අද බෑ හෙට කරනවා කියලා හිතන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒ හිතෙන හැම වෙලේම නෑ මම මේ වැඩේ කරනවා කියන mindset එක පවත්වාගෙන යන්න නම් ඔයා හොදට self discipline තියන කෙනෙක් වෙන එක අත්‍යවශ්‍යයි. ඔයාට ඔයා මේ ඉගෙන ගන්න දේ ගැන ලොකු උවමනාවක් තියෙනවා නම් ඇත්තටම මේක සාර්ථක වෙනවා.

ස්වයං අධ්‍යයනය කියලා කියන්නේ බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඔයා මුදල් වියදම් කරලා ඉගෙන ගන්න දේ ඔයාට තමන්ගෙ මහන්සියෙන් මුදල් වියදම් නොකර ම ඉගෙන ගන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්න වෙලාව ඔයාට ම තීරණය කරන්න පුළුවන්. ඔයා කැමති මාධ්‍යයක්, ක්‍රමයක් තෝරගෙන ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඉතිං ඒක කොයි තරම් කොයිතරම් අවස්ථාවක් ද.

එහෙම නම් ඇයි ගොඩක් දෙනෙක් මේ ක්‍රමය අනුගමනය කරන්නේ නැත්තේ. ඒකට ලොකු හේතුවක් වෙනවා ලංකාව වගේ රටක ළමයි ඉගෙන ගන්න විදිය. පොඩි කාලේ ඉඳලම අපිට කාගෙ හරි අනුදැනුමක්, අණක් ඕනි වෙනවා දේවල් ඉගෙන ගන්න, ඉස්සරහට යන්න. සමහර වෙලාවට පුංචි මගපෙන්වීමක් වුණත් අපිට මදි වෙනවා. නමුත් එහෙම ඉගෙන ගන්න ළමයි විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ සමහර වෙලාවට අපහසුතාවට පත්වෙනවා. මොකද තමන්ට අවශ්‍ය විදිහට උගන්වන්නේ නෑ කියලා. නමුත් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නෙ තියෙන්නෙ උගන්වන ක්‍රමවේදයේ නෙමෙයි කාලයක් තිස්සේ හැඩ ගැහිලා තියෙන ක්‍රමවේදයේ. 

Wachana.lk එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ කොතනකවත් අපහසුතාවයට පත්වෙන්න ඕනේ නෑ. ඔයාට ඉගෙන ගන්න ඕනි කියල හිතෙන ඕනෑම දෙයක් ඉගෙන ගන්න අදම පටන් ගන්න. අද වෙනකොට ඔයාගේ කාලේ නාස්ති කරලා දාලා තියෙන social media ඵලදායි විදියට ප්‍රයෝජනයට අරගෙන ඉගෙනගන්න පටන් ගන්න. මේකට ඔයාට පුලුවන් ඔයාට පුළුවන් ඔයාගෙ ම කාලසටහනක් පාවිච්චි කරන්න. ඉතින් පරක්කු නෑ. දැන්ම පටන් ගන්න. ඔයාට ජය.

Top