ඔයත් ගොඩක් BUSY.... කෙනෙක ද? (717)

post-title

ලෝකෙ තියෙන භයානකම අකුරු හතර කිව්වොත්, විස්වාස කරනවද? වචනයකට එච්චර දෙයක් කරන්න පුළුවන්ද? ඒ වචනය ඇතුළෙ සැඟවුණු දෙයක් දෝංකාර දෙන බව ඔබට දැනෙනවද? සමච්චලයට හෝ හිතල තියෙනවද එහි භයානක බවක් ඇති කියලා. නැහැ.ඒ තරමට ඒ වචනය සැඟවිලා අපේ life එක කොනිත්තනවා.

 Busy ....ඔබ හිතනවනම් busy කියන අය එච්චරම busy කියලා ඒක වෙන්න බැහැ. busy එක තීරණය වන්නේ පුද්ගලයා හා ඔහුගේ වටපිටාව අනුව. "කෙනෙක් ඔබට කිව්වොත් මම මේ දවස්වල ගොඩක් busy. ඒ නිසා මේ week එකම මට ඔයාට call එකක්වත් දෙන්න බැරි වෙයි."කියලා .."බැරිවෙයි" ඒ වචනය ඇතුළෙ තියෙනවා එයාගෙ busy එක එයාම හදාගන්න යන එකක් කියලා. ඒ busy එක ඇතුළෙ තියෙන්නෙ ඔවුනගේ සැඟවුණු ආත්මාර්ථකාමිත්වය.

life එක enjoy කරන්න කියලා හිතාගෙන සල්ලි හොයන්න පට්ට විදියට කට්ට කාලා busy වෙලා ලොකු ලොකු වැඩ්ඩො වෙන පිරිසකුත් ඉන්නවා. ඒක The realty of bustiling life. යථාර්ථයයි. තවත් අය පට්ට විදියට කටුකාලා වගේ ලොකුවට busy එක ඔලුවටම ගහගෙන ලෝකෙට ම පෙන්නගෙන life එකේ ආපස්සට හැරිලා බලද්දි ගහපු බෙරේකුත් නෑ. අන්තිමට බෙරේ පලුවකුත් නැති උන පිරිසක්. එතන තියෙන්නෙ Braging about being busy එකක්. එහෙනම් ඔයාගේ busy එක ඇතුළෙ ඔයාගෙ life , family , friendships, relationship කියන හැමදේම තිබුණ නම් ඔබ නියම busy වැඩ්ඩෙක්.

අද දවසෙ මේ මොහොත 1st. ජීවිතය කියන fantasy ඇතුළෙ ගෙවෙන හැම තත්පරයක් ම අපිට වැදගත්. දවසක අපි ඒ fantasy එකෙන් එලියට ඇවිත් බැලුවම බහුතරය කරලා තියෙන එකම දේ time pass කරලා විතරයි. ඔබේම ආත්මාර්ථකාමිත්වයෙන් ඔබ ඔබව ම හිර කරලා. Busy Busy Busy. මේ ලැබුණ life එක enjoy කරන්නෙ කවුද එතකොට? කියන තරම් ම මිනිස්සු busy නැහැ. ඒ වචනෙ ඇතුළෙ භයානකකම අනිත් අයට පේන්නෙත් නැහැ. ඔබෙන් ප්‍රයෝජන ලැබෙන කොට ඔබ ළඟ සිටි අය අද ඔබට ඔවුන් අවශ්‍ය විට ඔවුන් busy නම් ඒක Braging about being busy. මිනිස්සුන්ට කෙනෙක්ව එපා වෙනකොට, වටිනාකම අඩුවෙනකොට ඔබෙන් ප්‍රයෝජන නැතිවෙන කොට මිනිසා කියන සතාගෙ ඇතුළෙ ඉන්න දරුණු ආත්මාර්ථකාමිත්වය එලියට එන වචනය busy. ඒ වචනය එන්නෙ ඔහුගේ හෝ ඇයගේ හිතේ ඔබට දීලා තියෙන ඉඩ සහ තැන අනුව.

අපේ life එක එන්න එන්නම සංකීර්ණ වෙද්දි නොදැනි ම අපිට ඒ life එක ඇතුළෙ busy වෙද්දි අපේ life එකේ වටිනාම දේවල් අපට මග හැරෙනවා හරි අපූරුවට. ඔයාගෙ පවුල එතනින් ප්‍රධානයි. දවසට එක call එකක් දීලා අම්මා තාත්තා එක්ක කතා කරන්නවත් බැරි තරමට ඔයා busy නම් ඒක ඔයාගෙ පව්කාරකම. ඔයා බිල්ගේස්ට් වගේ සාර්ථක උනත් වැඩක් නෑ. ඔයා ඔයාගෙ පවුලෙ අයටත් busy කියන තැනට පත් උනොත්. ඒක තමන්ගෙ time balance එක සහ mind එකේ ප්‍රශ්නයක් කියලා අමටහක කරන්න එපා. දියුණු යැයි සම්මත ලෝකේ ගොඩක් වීරයොන්ටත් තියෙනවා ඒ සාර්ථකත්වයෙ කදුලු කතාවක්. ඔබත් එවැනි වීරයෙක් නොවන්න. life එකේ හරි තැන නතර වෙලා life එක enjoy කරන්න . එහෙම කලොත් ඔබ තමයි නියම සාර්ථක මිනිසා.

Life එක ගොඩ දාගන්න කිය කියබල්ලොත්නොකන සල්ලි හොය හොය උමතු වූ මිනීමරුවන් වගේ අද සමාජය.එකමඅපායක්.ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි නිසා.ඔබ ඔබේ ගමන යන්න.පිස්සො වගේ කට්ට කාලා නිදිමරලා වැඩ කරන්න.හැබැයි ඒ busy එක ඇතුලට ඔබේ ආදරණීයන්දාගන්නත් අමතක කරන්න එපා.මොකද ඒ අවස්තාව මග හැරුනොත් මග හැරෙන්නෙ මුලු ජීවිත කාලෙටමයි.ඒත් සල්ලි අද නැතත් කවද හරි හොයා ගන්න පුලුවන්. ඇස් අරින්න. busy එක ඇතුලෙ තවත් ආත්මාර්ථකාමියෙක් නොවන්න. මේ මොහොත පවා life එක enjoy කරන් කෙනෙක් වෙන්න try කරන්න. busy එක ඇතුලෙ ඔබට මගහැරෙන ඒ life එක ආයෙත් මෙලොවදීවත් පරලොවදීවත් කවමදාකවත් ලැබෙන්නෙ ම නැහැ. තවත් දෙයක් ඔබට busy උන මිනිස්සු එක්ක ආයෙත් ඇසුරුකම් පවත්වද්දී ප්‍රවේසමෙන්. මොකද මිනිස්සු ඇත්තටම කියන තරම් busy නැහැ. Braging about being busy කියන බොරුව සහ The realty of bustiling life යතාර්තය හඳුනා ගැනීම ඔබට බාරයි.

#BBD0E0 »

Top