කාන්තාවන් රූප පෙට්ටියෙ හිරකරන ඩැහි අඬුව හෙවත් සෝප් ඔපෙරාව (685)

post-title

නිවසක ගෘහ මූලිකයාගේ විදියට සලකන්නෙ තාත්තා උනාට ගෙදරක වැඩි ප්‍රධාන තැනක් හිමි වෙන්නේ අම්මට. අම්මා වටා තමයි පවුලේ සමගිය, දූ දරුවන්ගේ අධ්‍යාපනය, පවුලෙ කළමනාකරණය සියල්ල බැඳිලා තියෙන්නේ. තාත්තා හා දරුවන් අතර සබඳතාව ගොඩනගන දම්වැල් පුරක වෙන්නෙත් අම්මා ම තමයි. හැබැයි අද වෙනකොට රූපවාහිනිය ඔස්සේ විකාශනය වන සෝප් ඔපෙරාව හරහා පවුල් සබඳතා බිඳ වැටීමට රුකුලක් සපයන බව පැහැදිලිවම දකින්න තියෙන කාරණයක් වෙලා තියෙනව. රොබට් ඇලන් කියන මාධ්‍ය විචාරකයාට අනුව නම් සෝප් ඔපෙරාව කියන්නේ ආර්ථික විධානයන් උදෙසා සෑම කලකදීම භාවිතා කරන ආඛ්‍යානාත්මක පඨිතයක්. සෝප් ඔපෙරාව නිර්මාණය වෙලා තියෙන්නෙ ම කාන්තාව උපයෝගී කරගෙන. 

සෝප් ඔපෙරාවේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි පවුල් සබඳතා, පුද්ගල සබඳතා හා ආවේගාත්මක හා සදාචාරාත්මක ගැටුම් උලුප්පා දක්වන එක. අපේ රටේ තියෙන සෝප් ඔපෙරාව ගැන උදාහරණ ඇසුරෙන් පැහැදිලි කරනවා නම් , මුලින්ම සෝප් ඔපෙරාව ආරම්භ වන්නේ දු දරුවෝ ටෙලිනාට්‍යයෙන්. ඉන්පසුව ක්‍රමයෙන් විදේශීය නාට්‍ය කලාව අපේ රටේ රූපවාහිනීය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. එදා ඉදන් අද දක්වා විදේශීය නාට්‍ය ඇසුරු කරගත් සෝප් ඔපෙරා කලාවක් රූපවාහිනිය තුළ දැක ගන්න පුළුවන් වුණා. මහගෙදර, ප්‍රවීණා, මේ ආදරයයි, සප්නා, සදහටම ඔබ මගේ, boys over flowers වැනි ටෙලි නාට්‍යය එයට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඊටත් පස්සෙ ඒවා අනුරූප කරගනිමින් වසුදා ,කිඳුරංගනා, පබා, ඉතිං ඊට පස්සේ වැනි ටෙලි නාට්‍ය මෙරට නිර්මාණය වුණා. මේ සෝප් ඔපෙරා කලාවේ විශේෂම ලක්ෂණය තමයි ගැහැණිය මුල්කරගෙන නිර්මාණය කර තිබීම. එයට හේතුව තමයි කාන්තාවන් ආකර්ෂණය කරගැනීම පහසු වීම. මේ කතා වල අන්තර්ගතය ඇතුලේ කාන්තාව නිර්භීත වීර කාන්තාවක් බවට පත් කරලා තියෙනවා. ඊට අමතරව තම පෙම්වතාව සැමියාව ආරක්ෂා කරන චරිතයක් බව උලුප්පා දක්වනවා. මේ සියලු දෑ ගැහැණිය බොහොම ඇලුම් කරන ආකර්ෂණය දේවල්. ඒ හින්දම කාන්තාව සියලු වැඩ පසෙකලා මෙවැනි ටෙලි නාට්‍ය නැරඹීමට පෙළඹෙනවා. ඒ වගේම ගැහැණිය තවත් ආසා දෙයක් තමයි ඉතාමත් ලස්සන ඇඳුම් පැලඳුම් භාවිතය හා නිවස අලංකාරව තබා ගැනීම. මෙවැනි කාරණා ද සෝප් ඔපෙරා ටෙලිනාට්‍ය තුළ මනාව උලුප්පා දක්වන හින්දම ගැහැණිය මේවා නැරඹීමට නිරායාසයෙන් පෙළඹෙනවා. 

ඒ වගේම තමයි මෙවැනි මෙගා ටෙලි නාට්‍ය නිර්මාණය කිරීම තුළ නාලිකාවන් විශාල වශයෙන් ආර්ථික වාසි ලබා ගන්නව. ඒ කොහොමද කියනවනම් නිෂ්පාදන පිරිවැය අඩු වෙන එක, ග්‍රහකයන් රදවා ගැනිම පහසු වෙන එක සහ අනෙක් වැඩසටහන්වලට වඩා මෙවැනි ටෙලි නාට්‍යය ලාබදායී වීම තමයි ඒ කාරණා. ඒ වගේම තමයි දැන් ගොඩක් පෞද්ගලික නාලිකා ප්‍රේක්ෂක ප්‍රජාව මේ ටෙලිනාට්‍ය තුළ රඳවා ගන්න පාවිච්චි කරන දෙයක් තමයි රන් දෙපැයක් නම් කරලා ඒ නාට්‍යවලින් අහන ප්‍රශ්න වලට නිවැරදි උත්තර ලබා දෙන අයට ගෙදරටම ගිහිල්ලා තෑගි දෙන එක.මේවාට රැවටෙන ප්‍රජාව නිරන්තරයෙන් එවැනි ටෙලි නාට්‍ය නැරඹීමට පෙළඹෙනවා. 

ඒත් අද වෙනකොට මෙම සෝප් ඔපෙරාව නිසාම උද්ගත වෙලා තියෙන්නේ පවුල් සංස්ථාව ඇතුළෙ ව්‍යාකූල තත්ත්වයක්. ඒකට හේතුව තමයි රටේ බහුතරයක් කාන්තාවන් හවස හයහමාර වෙද්දි රූපවාහිනිය ළඟ නතර වුණාම ආයෙ එතනින් ගැලවෙන්නේ රාත්‍රී දහයට වීම. එක පෙළට නරඹන ටෙලිනාට්‍ය හින්දම මේ වෙනකොට අපේ රටේ පවුල් සංස්ථාව ඇතුලේ බැඳීම් කියන දේ බිදිල ගිහිල්ලා තියෙනවා. දෙමාපිය දූ දරු සබඳතා අඩාල වෙලා ගිහිල්ලා තියෙනවා. මාධ්‍යකරණයෙන් හැමවිටම කරන්න ඕනේ හොඳ දේවල් ජනගත කරන එක. නමුත් අද වෙද්දි මාධ්‍ය හරහා වෙන්නෙම හොද නැති දේවල් ජනගත කරන එක. සෝප් ඔපෙරාව හින්දම අද වෙනකොට එක මේසෙ වාඩි වෙලා අම්මා, තාත්තා, දරුවෝ එකට එක මේසෙ වාඩිවෙලා කෑම ගන්න පුරුද්ද අතහැරිලා ගිහිල්ලා තියෙනවා. ළමයින්ගේ අධ්‍යාපන තත්වය ගැන හොයන්න අම්මට වෙලාවක් නෑ අම්මා රූප පෙට්ටිය ඇතුලේ හිර වෙලා. සැමියා සහ බිරිඳ දෙදෙනාම කොතරම් මුදල් හම්බ කරත් වැඩක් නෑ කාන්තාව ටෙලිනාට්‍යවල අඳින පදිනවා වගේ සතියෙන් සතියට ඇඳුම් පැළදුම් ඇදීමට, ගැනීමට විශාල වශයෙන් මුදල් වැය කරන හින්ද. ඒ විතරක් නෙවෙයි අද ලංකාව ඇතුලේ දික්කසාද වීම සාමාන්‍යකරණයක් බවට පත්කරන්නෙත්, රැල්ලක් බවට පත් කරන්නෙත් ප්‍රධාන වශයෙන්ම මේ සෝප් ඔපෙරාව තමයි.අනික තුන් වේලටම බත් කන්න පුරුදු වෙලා හිටපු අපේ ආහාර රටාව වෙනස්කරන්න හේතු කාරකය උනෙත් මේ සෝප් ඔපෙරාව. ඒ හින්දම අද අපේ රටේ තියෙන්නේ අධි පරිභෝජන ආහාර රටාවක්. කිඹුල කිරිමැටි ගිලින්නා වගෙ අපේ මිනිස්සු පිටිගුලි ගිලින්න පටන් අරන්.. කිසිම පෝෂණයක් නෑ.. ඒ වගෙ අතුරු ප්‍රතිඵල විදියට තමයි අද වෙද්දි ස්ථූලතාවය ඉහළ ගිහින් තියෙන්නේ , අධි රුධිර පීඩනයෙන් යුතු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිහින් තියෙන්නෙ.. ඒ විතරක් නෙවෙයි හෘදයාබාධ වලින් මිය යන සංඛ්‍යාව වැඩිවෙන්නෙත් ඒ හින්ද.තවත් කියනවනම් මිනි ඇදුම් සංකල්පය අපේ රටට අරන් එන්නෙම විදේශීය ටෙලිනාට්‍ය .. හරි ඉක්මනට අපේ රටේ මිනිස්සු ඒ දේවල් වැලදගත්ත අපේ රටේ සංස්කෘතිය , සභ්‍යත්වය වල පල්ලට දාලා..

ඒත් විය යුත්තේ එය නොවේ.. සෑම අතින්ම ලාංකිකත්වය සුරකින්න . හරි දේ හැමවිටම ජනගත කරන්න . අපේ දේ සුරකින්න . ලාභය මතම නොව අනාගත රටේ පැවැත්ම උදෙසා තීරණ ගන්න.. එවිට ලංකාවේ ස්වාධීනත්වය රැක ගන්න, පවුල් සංස්ථාව රැකගන්න, කාන්තාව සුරකින්න හැකියාව ලැබෙනු නියතය.

Top