ලොව හොඳම විනිසුරුවා ස්වභාව ධර්මයයි - Jallikattu (504)

ලොව හොඳම විනිසුරුවා ස්වභාව ධර්මයයි - Jallikattu (504)

මොලිවුඩ් සිනමා ලෝලීන්ගේ අවදානයට ලක් වුණ සුපිරිම ගණයේ චිත්‍රපටයක් ලෙස Jallikattu චිත්‍රපටය සඳහන් කල හැකිය. කතාව දිව යන්නේ මස් මඩුවකින් පැන යන ගවයෙක් ගැන සහ එම ගවයා අල්ලා ගැනීමට ගම් වැසියන් දරන ප්‍රයන්තයක් ගැන සිදූවීමක් වටා.

මරන්න ඉන්න හරකෙක් මස් මඩුවකින් පැනලා යනවා වගේ සරල සිදුවීමක් ෆිල්ම් එකකට ගන්න තරම් වටිනා අදහසක්ද ? එක්කෝ ඌ අල්ලගයි. නැත්නම් ඌ පැනලා යයි.බලන්න කලින්ම ඕනිම කෙනෙක්ට හිතෙන අදහස ඕක.

ඒත් බලලා ඉවර වුණාට පස්සේ මොකක්ද මේ උනේ කියලා හිතා ගන්න බැරි තරම් සංකීර්ණය කාරණාවක් අස්සේ මිනිහෙක්ව හිර කරන විදිහේ ප්‍රබල චිත්‍රපටයක්.

චිත්‍රපටයේ මතුපිටින් බැලුවවහම සැකයක් ඉතුරුවෙන විදිහේ ending එකක්.ඇත්තටම ගවයා මැරුවද නැද්ද ? නැත්නම් සතා මනුසතා වෙන්කර ගන්න බැරිව මිනිහෙක්ව මැරුවද ?

ඉතින් ඇත්තටම මොකක්ද වුණේ.මනුෂ්‍යත්ව මිය යනවා. ස්වාභාව ධර්මයාගේ සර්ව සාධාරණත්වය නැගී සිටිනවා.

චිත්‍රපටයේ ගැමි පරිසරය. මලයාලම් සිනමාවේ සුපුරුදු මායාව මේ චිත්‍රපටය තුලත් නොඅඩුව අන්තර්ගත වනවා.

ඊලඟට චිත්‍රපටයේ සංගීතය. මිනිසුන්ගේ හැම ක්‍රියාවකම පසුබිම් සංගීතය ගවයෙක් කෑ ගහන ,දඟලන හඬ. ඒ සංගීතය තුළින් මිනිසුන් තිරිසනුන්ට සමානයි හෝ ඊටත් ඉක්මවා ගිහින් කියන කාරණාව නිර්මාණකරුවා මතක් කොට දෙනවා. අවසානයේ තේරුම් යනවා චිත්‍රපටය පුරාවටම පන්නා තිබෙන්නේ ගවයෙක් පසු පස්සේ නෙවේ අපි අපි වෙනුවෙන් තිබ්බ මනුස්සකම පස්සෙම නේද කියන දේ.

ෆිල්ම් එකේ මූලික සංකල්පේ විදිහට යොදා ගෙන තියෙන්නේ Hareesha ගේ Maiost කියන කෙටි කතාව.

නමුත් චිත්‍රපටය නිෂ්පාදනය කිරීම පරක්කු කිරීමට නිෂ්පාදක කණ්ඩායම ට සිදුවෙනවා. මක්නිසාද යත් ගවයගේ රූප රාමු ඇනිමේෂන් තාක්ෂණය ඔස්සේ යොදා ගැනීම නිසා මලයාලමේ සෑම විටකම උලුප්පා ඇති ස්වාභාවිකත්වය එතනින් නැති වී යන නිසා, චිත්‍රපටය අසාර්ථක වේවිදෝ යන සැකය ඔවුන් තුළ පැවති බැවින්.

නමුත් චිත්‍රපටය අති සාර්ථක අන්දමින් තිරගත වනවා. නිෂ්පාදක කණ්ඩායම වරක් මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

" ඇත්තටම ගොඩක් දෙනෙක් තවමත් පිළිගන් නෑ ගවයාගේ රූප රාමු ලබා ගත්තේ VFX තාක්ෂණයෙන් කියන එක"

ඉතින් පිළි ගන්න මැලි වෙන්න නෙවේ පිළි ගන්න බැරි තරමටම අතිශයින්ම තාත්ත්වික විදිහට Jallikattu චිත්‍රපටය රිදී තිරය ආක්‍රමණය කරනු ලබනවා.

Top