තරුණ සිත් දවාලන ප්‍රංශයේ ඉරෝතික විප්ලවය (194 වන ලිපිය)

තරුණ සිත් දවාලන ප්‍රංශයේ ඉරෝතික විප්ලවය (194 වන ලිපිය)

ඉතාලි ජාතික බර්නාඩෝ බර්ටෝලුච්චි විසින් 'Gilbert Adairගේ 'The Holy Innocents' නවකතාව පාදක කරගෙන හදන විශිෂ්ට චිත්‍රපටයක් තමා 'The Dreamers(2003)' කියන්නේ. "ද ඩ්‍රීමර්ස්" චිත්‍රපටය ඇමරිකාවෙ NC-17 ට ශ්‍රේණිගත වුනා. අතිශය විවෘත විදියට නිරුවත පෙන්වන්න "ද ඩ්‍රීමර්ස් " අධ්‍යක්ෂ බර්තෝලුචිචිගේ සිනමා හපන්කම නම්, බියසුළුකම නම් මාරයි. චිත්‍රපටයේ කතන්දරය දිහාවට හැරිලා බැලුවොත් තියෝ සහ ඉසබෙල් නිවුන් සහෝදරයා සහ සහෝදරිය අතර ව්‍යභිචාරී සම්බන්ධයක් ගැන තමයි බර්තෝලුචිචි චිත්‍රපටය ඇතුළෙ කතා කරන්නේ. හැබැයි ඔවුන් එය සාධාරණීකරණය කර ගන්නේ තමන් Siamese Twins ලෙස හඳුන්වා ගනිමින්. 1968 දී ප්‍රංශය තුළ සිද්ධ වු විප්ලවය සමඟ ඓතිහාසික සිනමා පසුබිමක සෙලියුලයිඩි ජවනිකා මත තබමින් අතිශය පුද්ගලවාදී ලිංගික තේමාවකින් චිත්‍රපටය ගොඩ නඟන්නට බරතෝලුචිචි සමත්වෙලා තියෙනවා. මේ කරුණු තුනම එවකට ප්‍රංශ සමාජය තුළ වූ සම්ප්‍රදාය පිටු දැකීමේ විප්ලවීය පිබිදීමට සම්බන්ධ කොට තිබෙනවා. විප්ලවයටත් වඩා ප්‍රංශ සිනමා නව රැල්ලේ සෙලියුලයිඩි කෑලිත් මේකට අමුණනවා.

හඳගමගේ 'අක්ෂරය' චිත්‍රපටය තුළින් විවෘත ලිංගිකත්වය පිළිබඳ, ලාංකිය සමාජ සන්දර්භය පිළිබඳ කතාවක් කියන කොට ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය ඒ කතාව කියන කෙනාට දඬුවම් දෙන්න මහන්සි වෙද්දි , ප්‍රංශයේ ලිංගිකත්වය කියන එක පුදුමාකාර විදියට විවෘත කරන්න බර්තෝලුචිචි උත්සාහ දරනවා. ලංකාව සහ එතෙර සිනමාවෙ වෙනස මෙන්න මෙයයි. 'ද ඩ්‍රීමර්ස්' මාර චිත්‍රපටයක් වෙන්නෙ සෙක්ස් පාර්ට් අමු අමුවෙ පෙන්නන හින්දම නෙමෙයි. සෙක්ස් අස්සට ඉරොටික් කෑල්ල අමුණලා රොමැන්ටික් එක්ක මුසු කරලා ගහන මික්ස් පෘට් එකක් හැටියටයි. තියෝ, ඉසබෙලා, මැතිව් තිදෙනාම උග්‍ර සිනමා ලෝලීන් වන අතර කලා - දේශපාලනික උද්යෝගය තුළ ද අනන්‍ය වෙනවා. මොවුන් තිදෙනාම එකට ඇඳ බැද තබාගන්නෙ මේ ෆ්‍රෙන්ච් සිනමැටික් ෆීලින්ග් එක. ඒ හුයෙන් බැඳුණු ඉරොටික් ෆීලින්ග් එක නමි මාරයි. ඇත්තටම ඊවා ග්‍රින්ගේ ශරිරය ගත්තොත් නිකං කිරිගරුඬෙන් නෙළලු ග්‍රීක දෙවඟනක් වගේ. එක අවස්ථාවක වීනස් ඩි මෙලෝ ප්‍රතිමාව සිහිපත් කරන අවස්ථාව නිරූපණයක ඊවා ග්‍රීන් පෙනී හිටිනවා.

තියෝ සහ ඉසබෙලා, මැතිව් එක ඇඳෙහි නිරුවතින් නිදාගැනීම, මැතිව් සහ ඉසබෙලා එකිනෙකා තොල් සිප ගැනීම, ඔවුන්ගේ සිනමා ලෝලී බව ඉස්මතු කරන ජවනිකා, ඉසබෙලාගේ මනෝමය සිතුවිලි ඔවුන් අතර ගැඹුරු - අසාමාන්‍ය ලිංගික සම්බන්ධතාවක් තියෙන බව හිතන්න සහ ඉසබෙලාගේ මනෝමය ගූඨ සිතුවිලි හිතන්න අර සරල හැසිරීම් ටික ප්‍රේක්ෂකයාට ඇති. හොඳම උදාහරණයක් තමයි මැතිව් සහ ඉසබෙලා තමන්ගේ ලිංගික ආස්වාදය උපරිම ස්ථානයට පත්වෙද්දි, තියෝ බිත්තර බුල්සයි දමන අවස්ථාව.

මැතිව් අතින් ඉසබෙලාගේ කන්‍යා පටලය සිදුරුකිරීම සංකේතාත්මකව කියන්නෙ මොකක්ද? මැතිව්ගේ පුරුෂ නිමිත්තත්, ඉසබෙල්ගේ කන්‍යා පටලයත් විසින් යෝජනා කරන්නේ තවදුරටත් සංස්කෘතිය විසින් වසාගත් දැවැන්ත රහසඟ විවෘත කිරීමකි. ඉසබෙල් සහ මැතිව් ඇති පදම් කාමභෝගී වෙති. කාමසුඛල්ලිඛානුයෝගයේ යෙදෙති. ඒවා අතිශය ශෘංගාරාත්මකය. ඒ සමඟම ආදරණීය ය.

අනෙක් අතට බර්තොලුචිච් මේ ඉරොතික් ලව් එක ඇතුළේ තරුණ අසහනය සහ පීඩනය, විප්ලවය කියන එකත් පෙන්වනවා. චිත්‍රපටය තුළ යටිපෙළින් පෙන්වන 68 විප්ලවය හරහා තරුණ කැරැල්ල හරහා තරුණයන්ගේ ශරීර ඉරෝතිකයෙන් දැවෙමින් ද, විප්ලවීය ජන හඬින් ද පුපුරා යන හැටි අවසන් රූප රාමුවෙන් පෙන්වනවා. 


ස්ත්‍රී නිරුවත් සිරුරේ ඉදිරි පෙනුම මෙන්ම පුරුෂ නිමිත්ත හා සංසර්ගයේ ප්‍රහර්ෂය පෙන්වන චිත්‍රපට නිලංකාර සිනමාව හෙවත් නිල් චිත්‍රපට කියලා ප්‍රවර්ගයට දාන්න පුලුවන් වුනත්, දැන් ඒක ලෝකයට වඩාත් විවෘතව දෘෂ්ටිවාදය ප්‍රමුඛකරගත් සිනමාවක් බවට පත්වෙලා. Bernardo Bertolucci ගේ 'ද ඩ්‍රීමර්ස්' (2003) චිත්‍රපටය ඒ සීමා මායිම් අතික්‍රමණය කළ නිර්මාණයක්. මෙහි ඉසබෙල් ගේ චරිතය නිරූපනය කළ ඊවා ග්‍රීන් පසුව පවසා තිබුණේ ඇගේ දෙමාපියන් පවා එම චරිතය රඟ නොපාන්නැයි ආයාචනා කළ බවයි. චිත්‍රපටයේ දළ සංස්කරණයේ ලිංගික ජවනිකා දුටු විට තමන් තිගැස්සී ඉවත බැලූ බව ඇය වරෙක කියා තිබුණා. 'The Dreamers' කියන්නෙ මාර සිනමැටික් එක්සපීරියන්ස් එකක්. ලිංගික දර්ශන ටික වෙනම මානයකින් බැලුවොත් සෞන්දර්ය කියන එක හොඳාකාරවම විඳින්න පුලුවන් සිනමා කෘතියක් විදියටයි මම දකින්නේ.

Top