වුවමනාවට වඩා සාක්ෂි මවා නරඹන්නා අවුලින් අවුලට යවන - බද්ලා

වුවමනාවට වඩා සාක්ෂි මවා නරඹන්නා අවුලින් අවුලට යවන - බද්ලා

මියගිය පුද්ගලයෝ කතා මැවීම් නවතාලන්නෝ නොවෙති. මළ පුද්ගලයකුට නිග්‍රහ කිරීමට ඔබට හැකියාවක් නැත. ඒ ඔබේ අදහස්වලට විරුද්ධ වීමට පවා ඔවුන් ළග නොරැදෙන බැවිනි. 2019 මාර්තු මස ඉන්දීය රිදීතිරයට එක්වූ බද්ලා (පලිගැනීම) සිනමාපටය අධ්‍යක්ෂණය කළ සුජෝයි ගෝෂ් මේ බව ඔබට තහවුරු කරයි. බළලාත් මූසිකයාත් එකම කාමරයේ මේසය වටා උපක්‍රමශීලීව සරමින් ක්‍රීඩාකරන්නාක් බදු දක්ෂ වෙළීමක සුජෝයි ගෝෂ් නියැළෙයි.

හෝටල කාමරයක මළ සිරුරක් සමඟ සිටින යුවතියක් හමුවේ. තමා මිනීමැරුවේ නැති බවට ඇය දිවුරන නමුත්, ඇගේ කාමරයෙන් පිටතට හෝ ඇතුළට කිසිවකුත් යන්නේ ද එන්නේ ද නැත. සිය පෙම්වතා මරා දැමූ බවට චෝදනා ලැබූ එම යුවතිය හා ඇය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇගෙන් සත්‍ය තතු ලබාගැනීමට තැත්දරන නීතිඥයකු වටා මෙම සිනමාපටය ගෙතේ. යුවතියත් නීතිඥවරයාත් යන දෙදෙනාම ඔවුනොවුන් කෙරේ විශ්වාසය නොතබන අතර, මුසාබස් කියමින් සත්‍ය තොරතුරු අනෙකාගෙන් වසා දැමීමට කටයුතු කරති.

බද්ලා, 2017දී නිෂ්පාදනය කරන ලද ස්පාඤ්ඤ සිනමාපටයක් වන කන්ට්‍රෙයිටෙම්පෝ (Contratiempo)හි නැවත නිෂ්පාදනයකි. ගොෂ් උපරිම කුතුහලයෙන් සහ ත්‍රාසයෙන් ප්‍රේක්ෂකයා පීඩාවට පත්කරමින්, රවටමින්, නැවත යථාව දක්වමින් සිනමාපටය ගලායාමට සලස්වයි. නමුත් එහි අවසානය පහසුවෙන් වටහාගත හැකි අතර ඇතැම් නළුනිළියන් සිනහසෙන්නේ අවසන් වතාවට ලෙසින් සිතීමට පවා ප්‍රේක්ෂයා අපේක්ෂා කරති. බද්ලා ත්‍රාස්තජනක වුවත් ප්‍රේක්ෂකයන් පෝෂණය කිරීමෙහි ලා මන්දගාමී නොවේ. එසේම එය ප්‍රේක්ෂක ග්‍රහණය කිසිවිටක මග නොහරී.

බද්ලාහි ප්‍රධාන චරිත නියෝජනය කරන සිනමා නළු අමිතාබ් බච්චන්, බදාල් ගුප්තා නම් නීතිඥවරයා ලෙසද, තප්සී පන්නූ, නෙයිනා නම් යුවතිය ලෙසද පෙනී සිටිති. ඔවුන් දෙදෙනා අතර වන ඇතැම් සංවාද මූලික අදියරේ සිටිමින් පිටපත ලියන පිටපත් රචකයකු හා තිර රචනා උපදේශකයකු අතර වන සංවාදයක් සිහිකරවයි.

 “ඔබේ පාපොච්චාරණ කතාවේ ඉන්න මිනිස්සු හරියටම ඔබට ඕනෙ ජාතියේ පුද්ගල චරිත බවට හැරෙනවා?” යි ගුප්තා මහතා පවසයි.

“මම ඔබට ගෙවන්නෙ මගේ කතාවේ තියෙන කපොලු හොයන්න නෙමේ” යි නෙයිනා පවසයි.

සියලු සිදුවීම් කතාව හා බැඳ තබාගන්නා පරිද්දෙන් සිනමාපටය අධ්‍යෂණය කරන ගෝෂ් එය ගලායාම තුළ වුවද තවදුරටත් ප්‍රහේලිකාත්මත ස්වරූපය මතුකරයි. මෙම සිනමාපටයේ මවන ප්‍රහේලිකාව එඩ්ගා ඇලන්පොගේ කෙටි කතාවක් වන ‘රූ මෝග්හි මිනීමරන්නෝ’ (Murders In The Rue Morgue) සිහිකැඳවයි. නමුත් සිනමාපටය අවසානයේදී එම ස්වභාවය විරුද්ධ අතට පෙරැළී ත්‍රාසජනක කතාන්දරය අවසන් වේ. එවිට එය ජිම් ගැලප්සි 1997දී අධ්‍යක්ෂණය කළ ‘I Know What You Did Last Summer’ සිනමාපටයට සමීප වේ.

බච්චන් සහ පන්නූට අමතරව පුතු අහිමි මවකගේ භූමිකාවට අම්රිතා සිං පණ පොවයි.

බද්ලා සිනමාපටය ස්කොට්ලන්තයේ රූගත කර ඇත. එයම සිනමාපටය සම්බන්ධයෙන් නරඹන්නන්ගේ භාව සහ දැක්ම වර්ධනය කරවයි.

අවික් මුඛෝපාද්යේ තියුණු සූක්ෂ්මතාවයෙන් යුතු ලෙස බද්ලාහි සිනමා රූපණ මැවීමේ ශිල්පයෙහි යෙදෙයි. ඒ අනුව ඉන්දීය පොලිස් නිලධාරීන් සහ ඉන්දීය මාධ්‍යවේදීන් සිටින මෙම කතාවේ චරිත සම්පූර්ණ ඉන්දීය පරිසරයකට අනුගතව සැකසේ. හාස්‍යයට කරුණ වන්නේ ඔවුන්ගේ හැඳුනුපත්වල ඇති ඡායාරූපවල ඔවුන් ඇඳ සිටින වස්ත්‍ර, සිනමාපටයේද එලෙසින් දක්නට ලැබීමයි.

සිනමාපටයේ ඇතැම් තාක්ෂණික ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් යාථාර්ථවත් නොවේ. පුවත්පතේ ප්‍රධාන සිරස්තලය, පෝස්ටර් දැන්වීම්වල එන තරමේ විශාල අකුරු ලෙස සැකසී තිබීම, ශබ්ද පටිගත කිරීමේ උපාංග නොගැළපෙන ලෙස ප්‍රතිසම කර තිබීම, කාල ගණන යන්ත්‍ර වශයෙන් ජංගම දුරකථන භාවිත කිරීම යනු ඊට නිදසුන් කිහිපයකි.

බද්ලා සිත්ඇදගන්නාසුලු සිනමාපටයකි. එහෙත් එහි උච්චතම අවස්ථාව අමිතාබ් බච්චන් කාබාසිනියා කිරීම වෙනුවෙන් ප්‍රේක්ෂක දෝෂාරෝපණය අධ්‍යක්ෂකට යොමුවිය හැකිය.

 (හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිනි)

Top