ටෙඩ් ලැසෝගේ වික්‍රමය

ටෙඩ් ලැසෝගේ වික්‍රමය

Tottenham Hotspurs පාපන්දු කණ්ඩායම කළමනාකරණය කිරීම සදහා එක්සත් රාජධානියට ගෙන එන ලද බලාපොරොත්තු රහිත ඇමරිකානු පාපන්දු පුහුණුකරුවෙකු වන ටෙඩ් ලැසෝගේ (Ted Lasso) වික්‍රමය නිරුපණය කළ කෙටි NBC රූපවාහිනී ප්‍රවර්ධන වැඩසටහන් දෙකක් පාපන්දු ලෝලීන් වන ඔබහට මතක ඇත. ඔබට මෙම ලිපියට පහතින් දක්වා ඇති ලින්ක් මාර්ගයෙන් ඒවා යළිත් නැරඹිය හැකිය.

මේවා ප්‍රචාරණය උනේ 2013 දීය. ඊට වසර 7කට පසු AppleTV+ මගින් මෙම ආදරණීය ටෙඩ් චරිතය නිරෑපණය කරන රූපවාහිනී කතා මාලාවක් නිමවා ඇති අතර එය පැය භාගයේ කොටස් දහයකින් සමන්විත කථාංගයක් ලෙස ලබා දී ඇත. එය Sudeikis සහ Scrubs maestro Bill Lawrence විසින් ඉතාම සුන්දරව නිර්මාණය කර ඇති කතා මාලාවක් ය.

මෙහිදී ලාසෝ සහ ඔහුගේ සහයක පුහුණුකරු බියර්ඩ් (Coach Beard) එක්සත් රාජධානියට පැමිණෙන්නේ එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතාම අසීරු ස්ථානයක පසුවන දුර්වල කණ්ඩායමක් වන AF Richmond කණ්ඩායමේ කළමනාකරු ලෙස වගකීම භාර ගැනිමටය.

ඒ වන විට මෙම AFC Richmond කණ්ඩායමේ නව අයිතිකරු වන්නේ අවුල් සහගත විවාහ ජිවිතයකින් දික්කසාද වී තම සැමියාගෙන් පසුව හිමිකාරිත්වය ලැබූ රෙබෙකා (Rebecca) ය. රෙබෙකා විසින් ටෙඩ් ලාසෝව කළමනාකරු ලෙස පත්කිරීම මාධ්‍ය මගින් නිර්භීත තීරණයක් ලෙස පෙන්නුවද මෙම කථාමාලාවේ දී ඇයගේ ඇත්ත අරමුණ වන්නේ හිටපු සැමියාගේ ආදරණීය කණ්ඩායම විනාශ කිරීමේ රහසිගත සැලසුමක් ක්‍රියාත්මක කිරීම ය. එතැන් පටන් එම සිදුවීම් ඇසුරු කර ගනිමින් ගලා යන මෙම රූපවාහිනී කතා මාලාව අද වන විටත් ලෝකයේ බොහෝ පාපන්දු ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් නිර්මාණය කරන ලද කතා මාලාවක් ය. එම කතා මාලාවට ලැබී ඇති ප්‍රතිචාර කිහිපයක් අප ඔබට මෙසේ දක්වමු.

Ted Lasso is the best thing to hit Apple TV+ since launch

-imore-

Ranking the 20 best TV shows of 2020: Ted Lasso tops Queen’s Gambit

-The Athletic-

The best TV shows of 2020

-The Verge-

විනෝදය හා ත්‍රාසය කැටිකර ගත් අපූරු සිදුවීම් වලින් පිරුණු මෙම කතා මාලාව ඔබ සොයාගෙන ම බැලිය යුතු කතා මාලාවක් යැයි අප විස්වාස කරන්නේ මෙම කතා මලාව ලොව පුරා ප්‍රේක්ෂක විචාරක දෙපක්ෂයේම පැසසුමට ලක්ව ඇති බැවින් ය.

NBC රූපවාහිනී ප්‍රවර්ධන වැඩසටහන් දෙක පහත ලින්ක් ඔස්සේ නැරඹිය හැකිය

රූපවාහිනී කතා මාලාවට අදාල පූර්ව ප්‍රචාරක වීඩියෝ පහත ලින්ක් මගින් නැරඹිය හැකිය

 

Top