ලංකාවේ ඉපිද වෘත්තියෙන් මූල්‍ය කළමණාකරණය ට ප්‍රවිශ්ට වුන ඔහු පසුකාලිනව විදේශ රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධව සිටියි. අද දින වචන සල්ලාපයට එක් වන්නේ සිසෙල්ෂ් රාජ්‍යෙය් ක්‍රිකට් කණ්ඩායමට තරග කරන එම ශ්‍රී ලාංකිකයා වන තිවංක රාජපක්ෂ යි
1. ඔබ කවුද කියලා හදුන්වාදෙමු ද මුලින් ම.
මම තිවංක රාජපක්ෂ, මගේ ගෙවල් පාදුක්කේ. මට එක් සහෝදරියක් ඉන්නවා ඇය සහ දෙමාපියන් ශ්‍රී ලංකාවේ පදිංච්ව සිටිනවා. මම දැනට ජිවත් වෙන්නේ සීෂෙල්ස් රාජ්‍යය තුළ . ඒ වගේම මම Seychelles Islands Foundation ආයතනයේ chief financial officer විදිහට කටයුතු කරනවා.
2. මොන අංශයෙන් ද ඔබ උසස් අධ්‍යාපනය හැදෑරුවේ සහ ඔබේ සරසවි ජීවිතය ගැන කතා කරමුද?
මගේ මුලික අධ්‍යාපනය සාමාන්‍ය පෙළ දක්වා ගියේ හන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට.පසුව මම උසස් පෙළ සඳහා commerce විෂය ධාරාවෙන් හැදැරීම සඳහා මරදානෙ ආනන්ද විද්‍යාලයට. මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් අතර, මම CIMA (UK) සාමාජිකයෙකුද වෙමි.
3. ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි කෙනෙක් වෙන්නෙ කොහොම ද ? ඒ කොයි කාලෙක ඉඳල ද?
කුඩා කාලයේදී මම මිතුරන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කීරිමට පුරුදුව සිටියා. ගොඩක් දුරට මම ක්‍රීඩා කලේ ඒ කාලයේදී සැහැල්ලු පන්දුව වලින් (Soft ball). නමුත් මම වයස අවුරුදු 15දී විතර ලෙදර් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කීරිමට යොමු වුනා. නමුත් එතරම් කාලයක් මට ක්‍රීඩා කරන්න හැකි වුනේ නැ. පසුව මම ආනන්ද විද්‍යාලයේ දී නැවත උත්සාහ කළද , එය ද සාර්ථක වුනේ නැ. විශ්වවිද්‍යාලයේදී ද ඒ් ආකාරයෙන්ම මට ක්‍රීකඩ් ක්‍රීඩාවට යොමු වීමට අවස්ථාව ලැබුනේ නැ. කෙසේ නමුත් මම වෘත්තිය සඳහා සීෂෙල්ස් ගිය පසු එරට තියෙන club සඳහා මට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා ඒ 2019 සිට 2022 දක්වා.
2022 දී මට එරට ජාතික කණ්ඩායමට තේරීමට වාසනාව ලැබුනා. එම අවස්ථාව නිසාම මෙරට නියෝජන කරමින් ජාත්‍යන්තර තරඟ කිහිපයකට සහභාගී වීමට අවස්ථාව ලැබුනා. මම හිතනවා එය මගේ ජිවිතේ මම කැමතිම ක්‍රීඩාව වු ක්‍රීකට් වෘත්තිමය මට්ටමෙන් ක්‍රීඩා කිරිමට ලැබුනු හැරවුම් ලක්ෂයක් කියලා. මගේ වෘත්තිමය තොරතුරු ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩකයින්ගේ තොරතුරු ඇතුලත් espncricinfo ලින්ක් එක තුළින් ඔබට වුනත් බලාගන්න පුළුවන්. https://www.espncricinfo.com/cricketers/thiwanka-rajapaksha-1345199
4. ඔබ වර්තමානයේ සීසෙල් රාජ්‍යයේ T20 ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්. අපි කැමති ඒ ගැන දැන ගන්න ඒ ගමන් මග කොහොමද ආරම්භ වුනේ කියන දේ?
මට 2022 සහ 2024 අවුරුදු T20 ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සීෂෙල්ස් රාජ්‍ය නියෝජනය කිරීමට හැකි වුනා. මගේ පළමු ආරම්භක තරඟයේදී මම ලකුණු 49 ලබා ගත්තා, එය මගේ ක්‍රීකටි ජිවිතේ අමතක නොවන සිදුවීමක්. පසුගිය වසරේදී අපිට සිම්බාබ්වෙට එරෙහිව ක්‍රීඩා කිරීමටද අවස්ථාවක් ලැබුණා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සිදුවන්නේ සාමාන්‍යයෙන් වෙනස් ආකාරයකට,මුලිකම හේතුව වනුයේ අපට වෘත්තියමය ක්‍රීකට් ක්‍රීඩකයින් නොමැති වීම. අපි බෝහෝ දුරට ක්‍රීකට් ක්‍රීඩා කරන්නේ ප්‍රධාන වශයෙන් ඉරිදා දිනයන්හි පමණයි.
5. ලංකාවේ ක්‍රිඩාවන් පිලිබඳව ඔබ සිතන්නේ කොහොමද?
අපේ රටේ ජනතාව ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩා වෙත විශාල ආශාවක් දක්වනවා. ඒ නිසාම ඒ ජනප්‍රියත්වය සහ වෘත්තිමය භාවය නිසා පිරිමි හෝ කාන්තාවන් වෙනත් ක්‍රීඩාවන් කීරිමට යොමු වීම හරි අඩුයි. මට දැනෙන ආකාරයට අපේ වසර ගණනාවක් පුරා විවිධ ක්‍රීඩා ක්ෂේත්‍රවල හොඳ කුසලතා තිබෙන ක්‍රීඩකයින් බිහි වී තියෙනවා එමෙන්ම ජයග්‍රහණත් ලබා ගෙන තියෙනවා, ඒ කියන්නේ අපේ ක්‍රීඩකයින්ට හැකියාව තියෙනවා. නමුත් ඔවුන්ට වෘත්තිමය ආකාරයෙන් ක්‍රීඩා කීරිමට අපේ රටේ පසුබිමක් නිර්මාණවී නැහැ. මම හිතන්නේ අපේ රාජ්‍ය බලධාරින්ගේ සහාය වඩා වැඩි වැඩියෙන් වෙනත් ක්‍රීඩා සඳහා ලබා දිය යුතුයි.
6. නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට උගත් කෙනෙක් හැටියට අපි කැමති ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ඔබේ ආකල්පය දැන ගන්න ?
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය තිබීම අපට ලැබුනු විශාල භාගයක් එමෙන්ම මම සෑම විටම නිදහස් අධ්‍යාපනය අගය කරනවා. රටක් ලෙස මට හිතන්නේ අපි තාක්‍ෂණයේ ගමන් මඟ සමඟ ගමන් කිරීමට උත්සාහ ගත යුතුයි සහ ලෝකය යන දීශාව වෙත යොමු විය යුතුය. එසේ නැතිනම් අපි පැරණිවීම සහ නව ලෝකය සමඟ ගමනට ඒක්වීමට නොහැකි වෙනවා. එනිසා රජගේ වගකීම නම් අපගේ අධ්‍යාපන පද්ධතිය ඒ අනුව සකස් කිරීමයි.
7. ඔබ හැබැයි වෘත්තිමය විදිහට වැඩ කටයුතු කරන්නේ වෙනත්ම අංශයක් තුලින් අපි කැමති ඒ ගැන දැන ගන්න?
මම මගේ උපාධිය ලබාගත්තේ Facilities Managementපිළිබඳවයි. උපාධියට පසු මම මගේ වෘත්තිය මාර්ගය මාරු කර ගනිමින් මූල්‍ය ක්ෂේත්‍රයටී පිවිසුණා. මම හිතනවා ජිවිතේ අපිට එක් අවස්ථාවක් එනවා අපි කැමති මාර්ගය තෝරගන්න ඉතිං මම ඒ තීරණයට යොමු වුනා. මට සතුටුයි ඒ පිළිබඳව.ඒ නිසාම අද මම කැමති අංශයෙන් සහ කැමති ක්‍රීඩාව කරමින් මෙරට තුළ ජිවත් වෙමින් සිටිනවා.
8. ඔබ වෘත්තිමය ජිවිතය සහ ක්‍රිකට් ක්‍රීඩාව කියන අංශ දෙක කොහොමද ජිවිතේ සමබරව කරගෙන යන්නේ. අපි කැමතියි ඒ ගැනත් විස්තර දැන ගන්න.
සීෂෙල්ස් යනු අගය කළ යුතු නිදහස් සහ සැහැල්ලු රාජ්‍යයක්. සතියේ වැඩ කරන දින වලදී මම මහන්සි වේලා වැඩ කරනවා, සහ අවස්ථාවක් ලැබෙන විට පුහුණු සැසිවලටද සහභාගිවෙනවා. සෙනසුරාදා උදේ සහ ඉරිදා දිනය මම ක්‍රිකට් සඳහා කැප කරලා තියෙනවා.
9. විෂය බාහිර දෙයක් ලෙස ක්‍රිඩාව වැනි කටයුත්තක නියැලෙන කෙනෙකුට ඔබ ලබා දෙන උපදෙස
ක්‍රීඩාව මඟින් ඔබගේ නරක ශක්තීන්, ජීවිතයේ අනෙක් සියලුම මානසික ආතතියන් ජිවිතෙන් ඉවත් කරලා දානවා. එය සෞඛ්‍යවත් කර ඔබගේ විශ්වාසය සහ පෞරුෂ්‍ය වැඩිදියුණු කිරීමට ශක්තියක් වනවා.
10. ඔබේ අනාගත අරමුණු හා අභිලාෂ ගැන කතා කරමුද?
මම ජිවිතේ ලැබෙන ආකාරයෙන් මගේ ජිවිතේ ලොකු අරමුණු නෑ.මම ජිවිතේ සතුටු වෙනවා ඒ මොහොත තුල වගේම කුඩා දිනුමක් ඇතුලේ වුවත් මම සතුටු වෙනවා, වෘත්තිමය විදිහට හිතුවොත් මම කැමති තවත් අලුත් ආයතනයක් තුල වෙනත්ම වෘත්තිමය අභියෝග වලට මුහුණ දෙන්න. නමුත් දැනට මගේ ජිවිතේ තියෙන වර්තමාන අභියෝග මම මුලින් විසඳා ගැනීම සිදුකරන්න ඔිනී.