- ඔබ කවුද කියලා හදුන්වාදෙමු ද මුලින් ම.
මගේ ගෙවල් මල්වානේ. මම ජාතික මූලික අධ්‍යයන ආයතනයේ Research assistant කෙනෙක් හැටියට තමයි කටයුතු කරන්නෙ. එතනදි මං වැඩ කරන්නෙ plant taxonomy and conservation අංශයෙ. ශාක හදුනා ගැනීම්, විස්තර කිරීම්, නම් කිරීම් සහ වර්ගීකරණය තුළ මොන ස්ථානයේ ද තියෙන්නෙ කියන කාරණය පිළිබද කටයුතු කරන එක තමයි අපි කරන්නෙ එතනදි.
- මොන අංශයෙන් ද ඔබ උසස් අධ්‍යාපනය හැදෑරුවේ සහ ඔබේ සරසවි ජීවිතය ගැන කතා කරමුද?
ඉස්කෝලෙ ගියේ මරදානෙ ආනන්ද විද්‍යාලයට. මම උසස් පෙළ කලේ ගණිත අංශයෙන්. මොකද මං පාඩම් කරන්න අකමැති කෙනෙක් ඒ නිසා මම උසස්පෙළදී ගණිත විෂය ධාරාව තෝරාගත්තේ ඒ හේතුව නිසාමයි. ඊට පස්සෙ මොරටු කැම්පස් සිලෙක්ට් උනා. ඉංජිනේරු විද්‍යාව හදාරන්න තමයි මං ඇතුළත් වුනේ. ඊට පස්සෙ සිවිල් ඉංජිනියරින් කියන අංශය තමයි මං ඉගෙන ගත්තෙ. එතනදි මං වැඩි පුර ආශාවෙන් ඉගෙන ගත්තේ ජලය සම්බන්ධ හැදෑරීම් වලට. මේ වෙද්දි මම කොළඔ විශ්විද්‍යාලයේ විද්‍යා පීඪයේ PhD එකේ අවසන් අදියරේ ඉන්නෙ. හැබැයි මම PhD එක කරන්නෙම නමි වෙනම ක්ෂේත්‍රයකින් ඒ කියන්නේ ඉංජිනියරින් පැත්ත නොවේ ශාක සම්බන්ධවයි.
- ඔබ සොබාදහමට ලැදි කෙනෙක් වෙන්නෙ කොහොම ද ? ඒ කොයි කාලෙක ඉඳල ද?
මං ඇවිදින්න පුලුවන් උන කාලෙ ඉදන්ම කැලේ ඇවිදින්න පටන් ගත්තා. තාත්තා නිතරම ඉස්සර කැලේ ඇවිදින්න යනවා. එතකොට මාව එක්කං යනවා. තාත්තා පාසල් කාලේ ච්‍ත්‍ර අදින්න දක්ෂයි ඒ ච්ත්‍ර වලින් ජයග්‍රහණ ලැබුවා. ඒ ලැබෙන තැගි වචුර් වලින් බෝහෝ දුරට තාත්තා කරල තියෙන්නේ වයිල්ඩ් ලයිෆ් පොත් මිලදී ගැනීමයි, මේ නිසාම තාත්තා ගාව ගොඩක් වයිල්ඩ් ලයිෆ් පොත් තිබුනා මම ඒ පොත් කියවන්න හුරු වුනා. ඒ වගේ ම තාත්තා ගොවිතැන් කළ කෙනෙක්. ඉතින් ඒවා එක්ක මම සොබා දහමට ලං වුනා.
- ඔබ සමනලයන් ගවේෂණය සම්බන්ධයෙන් ජනප්‍රිය කෙනෙක්. සමනලුන් පිළිබද ගවේශකයෙක් වෙන්නෙ කොහොමද ඔබ ?
තාත්තා එක්ක කැලේ ගිහින් ඇවිදින කොටම මං සත්තු ගැන ඉගෙන ගන්න පුරුදු වුණා. මං හයේ හතේ පන්තිවල ඉද්දි මගේ නැදෑ කෙනෙක් මට හුරු කරා සත්තු හදුනාගන්න. මුලින් ම කුරුල්ලන්ව හදුනා ගන්න මං පුරුදු වුනා. පස්සෙ විවිධ සතුන්ව හදුනා ගන්න මං යොමු වුනා. ඒ එක්ක තමා මං සමනල්ලුන්ව හදුනා ගන්න පුරුදු වුනේ. විශේෂයෙන්ම ඒ කාලේ සමනල්ලු ගැන හදාරන්න මොකුත් පොත් පත් එහෙම ලොකුවට තිබුණෙ නැහැ. දන්න අය හිටියෙත් අඩුවෙන්. මගේ ඉස්කෝලෙ යන කාලෙ මගේ යාලුවෙක් හිටියා චමිත කියලා අපි දෙන්නාම කැලේ ගිහින් ඇවිදලා කෑම්ප් ගහලා සමනල්ලු ගැන හොයලා පීල්ඩ් නෝට් ගහලා එහෙම තමා සමනල්ලු හදුනා ගන්න පුරුදු වුනේ. පස්සේ සබරගමුව කැම්පස් කාලයදී චමිතගේ මාර්ගයෙන් අපිට එකතු වුනා සරත් කියලා කෙනෙක්. ඊට පස්සෙ අපිට Dr van der Poorten මග පෙන්වීම ලැබුණා , සමනල්ලු හදුනාගෙන විතරක් මදි එයාලාගේ ජිවින චක්‍රය, ජිවත් වන පරිසරය වාගේ විශේෂ දේවල් පිළිබඳව හදාරන්න කියන එක. ඉතින් ඒ දේවල් එක්ක තමයි සමනල්ලු ගැන විශේෂයෙන් ම හදාරන්න පටන් ගන්නෙ.
- ලංකාවේ සොබා දහම සහ දියුණුව අතර ගැටලු ඇතිවීම ගැන ඔබ දකින්නෙ මොකද්ද?
ඕක ලංකාවේ විතරක් තියෙන ගැටලුවක් ම නෙවේ. Homo sapiens මානවයාගේ දියුණුව එක්ක තමා ඔය ගැටලුව එන්නෙ. ඒ යන ගමනෙ එක ස්ටේජ් එකක් තමයි මේක. දැන් ඉන්න ජෙනරේෂන් එක මේ ප්‍රශ්නය ගැන දැනුවත්. ඒ නිසා ඒ අය මේ ගැන කතා කරනවා වාගේම ඒ්වා වෙනුවෙන් පෙනී සිටිමත් සිදුකරනවා. ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. මේ නිසාම වත්මන් සමාජය තුල පරිසර සංරක්ෂණය සම්බන්ධව යමි කිසි ප්‍රගතියක් තිබෙනවා. ඒ වාගේම අපි සැලකිලිමත් වෙන්න ඕන අපේ අවශ්‍යතා ඉටු කර ගනිද්දී පරිසරයෙන් ගන්න සම්පත් අවම කරන්නත් ඒ වාගේම පරිසරය මුදා හරින අපද්‍රව්‍ය අවම කරන්නත් කටයුතු සිදුකරන්නේ කොහොමද කියන එක. ඉතිං එහෙම සිද්ධ කරපුවාමයි පරිසරයට සිදුවන හානිය අවම වෙන්නේ .
- ලංකාවේ අලි ප්‍රශ්නයට ඔබ දකින විසදුමක් තියෙනවා ද?
මං ඒ සම්බන්ධව ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් මට ඒ ගැන අදහසක් තියෙනවා. ලංකාවේ අලි ගහල මැරෙන මිනිසුන්ට වඩා වාහන වලට හැප්පිලා මැරෙන මිනිස්සු වැඩියි. නමුත් සමාජය උලුප්පලා දක්වන්නෙ අලි ගහලා මිනිස්සු මැරෙන එක. ඒක මාධ්‍ය මගින් කරන උලුප්පා දැක්වීමක්. හැබැයි ඒ වාගේම ලංකාවේ අලි නිසා සිදුවෙන වගා හානියද අති විශාලයි. ඒ නිසා මැද තැනක ඉදලා අපි ඕක දකින්න ඕන. මං දකින විදියට ලංකාවේ ජනාවාස පිහිටුවිමේ ක්‍රමවේදය අතිශය දුර්වලයි. පාරක් කපලා පාර දෙපැත්තෙ ගෙවල් හදන එක තමයි අපි ගොඩක් වේලාවට දකින්නෙ. ඉතින් ඒ විදිහට පාර දෙපැත්තෙ රේඛිය ජනාවාස පිහිටුවන්නේ එයින් දෙපැත්තේ තියෙන කැලැ අතර අලිමංකඩවල් ඇහිරෙන ආකාරයටයි. ඉතින් එහෙම නැතිව ඒක තැනක cluster එකක් විදිහට ජනාවාස නිර්මාණය කලාම අලින්ට කැලේ අතර ගමන් කරන්නත් පුලුවන් මිනිසුන්ට තමන්ගෙ ජනාවාසවල ආරක්ෂිතව ඉන්නත් පුලුවන්.
අනිත් දේ තමයි , අලි ගොඩක් කැමති මහ කැලයට වඩා පදුරු කැලයට. හේන් විදිහට භාවිතා කරපු බිම් ජාතික වනනෝද්‍යාන විදිහට නම් කලාට පසුව ඒවා මහ කැලැ බවට පරිවර්තනය විමට පටන් ගත්තා. එතකොට අලි ඒ තැන් වලින් එලියට ඇවිත් පදුරු කැලෑ තියෙන වගා බිමි සහ ගම්වලට එනවා. මේ නිසා ජාතික වනනෝද්‍යාන වල විශේෂිත කොටසක් අලින්ට සුදුසු භූමි විදියට හදලා තියන්න පුළුවන් නම් හොදයි.
- නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට උගත් කෙනෙක් හැටියට අපි කැමති ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ඔබේ ආකල්පය දැන ගන්න ?
ඒකෙ නම් ලොකු අවුලක් තියෙනවා. මොකද මේ අධ්‍යාපන රටාවෙන් වෙන්නෙ පොතේ ගුරාලා බිහි වෙන එක. ඒක වෙනස් වෙලා ළමයින්ව පොතේ ගුරා ලා නොකර ළමයින්ට හිතන්න පුරුදු කරන්න ඕන. ඒත් ලංකාවේ ඒක වෙන්නෙ නැහැ. මේ අධ්‍යාපන ක්‍රමය යටතේ හිතලා වැඩ කරන්න ළමයි ලංකාවේ ඇකඩමික් වලින් කැපිලා අයින් වෙනවා. කටපාඩම් කරන අය ඇකඩමික් වලට ඇතුළත් වෙනවා. ඒ වාගේම සාමාන්‍ය ජිවිතේ දී මුහුණ දෙන ප්‍රශ්නයකදි වුනත් ළමයෙකුට හිතලා ඒකට මුහුණ දෙන්න පුළුවන් කමක් නෑ. ඒක ලොකු ඛේදවාචකයක්.
අනික ලංකාවේ පිළිගැනීම තමයි යුනිවර්සිටි කියන්නෙ රස්සාවක් වෙනුවෙන් කෙනෙක්ට උගන්වන තැනක් කියන එක. ඒත් ඒක එහෙම විය යුත්තක් නොවේ. යුනිවර්සිටි විය යුත්තේ ඇත්තටම හිතන විදිහ දියුණු කරගැනීමට ළමයින්ට මඟ පෙන්වීම වාගේම නව නිර්මාණ හා නව හොයා ගැනීම් සිදු කිරීම. ජොබ් මාකට් එකට ළමයි යොමු කරන්න තියෙන්න ඕන යුනිවසිටි නෙවෙයි ටෙක්නිකල් කොලේජ්. ඇත්තටම අපේ රටේ වෙන්න ඔිනි අලුතින් විශ්වවිද්‍යාල බිහිකිරිම නොවේ, අලුත් ටෙක්නිකල් කොලේජ් බිහිකරලා වැඩි පිරිසකට ඒවාට ඇතුලත් වීමට අවස්ථාව සලසා දීලා, විශ්වවිද්‍යාල තුළ අර මම කලින් කියපු කාරණා ටික සුළු පිරිසක් විසින් සිදු කිරීමට අවස්ථාව සළසා දීමයි.
- ඔබ මේ වෙද්දි සමාජ වැඩ කටයුතු වල මොනවද කරන්නෙ ?
මං පරිසරය සම්බන්ධ සොයා ගන්නා දේවල් වලින් අනික් අයව දැනුවත් කරන්න මම ගොඩක් උත්සහ කරනවා. ඒ වෙනුවෙන් විවිධ සංවිධාන සෑහෙන්න ප්‍රමාණයක වැඩ කටයුතු කරනවා.
- ඔබ විසින් පසුගිය කාලයේ කෘතීන් කිපයක් ජනගත කර තිබෙනවා. අපි කැමතියි ඒ ගැන විස්තර දැන ගන්න.
දැනට මං පොත් දෙකක් ලියලා තියෙනවා. එකක් A Pocket Guide to the Butterflies of Sri Lanka. අනික Common Butterflies of Sri Lanka ඒ දෙකම ඉංග්‍රීසියෙන් ලියපුවා. සිංහලෙන් සමනලුන් ගැන පොතක් ලිවීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබුනා, මොකද සමනලුන්ට සිංහලෙන් හරියට නාමකරණයක් තිබුනේ නෑ. ඉතින් මා විසින් ඒ අඩුපාඩුව මඟ හරවා ගැනීමට දැන් සිංහල නම් ලැයිස්තුවක් හදලා තියෙනවා. ඒ ඇසුරු කරගෙන ඉදිරියෙදි සිංහලෙන් තව පොතක් ලිවීමේ අදහසක් තියෙනවා. ඒ වාගේම මේ වන විට ලංකාවේ Syzygium ගණයේ ගස් පිළිබඳව පොතක් කරමින් පවතිනවා.
- සමනල්ලු ගැන හදාරන්න කැමති අයට ඒකට මොකද්ද කරන්න ඕන
සමනලුන්ගේ විස්තර ඇතුලත් www.slbutterflies.lk කියලා වෙබ් අඩවියක් අපි මේ වෙනකොට පවත්වාගෙන යනවා. ඒ වෙබ් සයිටි එකේ ලංකාවේ සමනලුන් නම් වාගේම ඔවුන් ගැන වැඩි විස්තරත් දැන ගන්න පුලුවන්. ඊට අමතරව සමනලුන් ගැන වැඩ කරන අපේ සංගමයක් තියෙනවා. එකේ නම ශ්‍රී ලංකාවේ සමනල සංරක්ෂණ සංසදය (Butterfly Conservation Society of Sri Lanka) . ඒකෙ වෙබ් එකට සහ ෆේස්බුක් පේජ් එකට ගිහින් වැඩි විස්තර ලබා ගන්න පුලුවන්.
11.ඔබේ අනාගත අරමුණු හා අභිලාෂ ගැන කතා කරමුද?
එහෙම විශේෂ අරමුණක් නෑ . මේ අවස්ථාවේ සතුටින් ජිවිත් වීමයි මුලික අරමුණ.
මෙම සංවාදය වචන.lk ප්‍රධාන කර්තෘ ගෙන් අනුමැතියක් නොමැතිව විද්‍යුත් මාධ්‍ය තුල හෝ මුදිත මාධ්‍ය තුල ප්‍රකාශය පත් කීරීම සපුරා තහනම් වනු ඇත.