හොල්මන් සැරිසරන ඔහියෝහි පිහිටි උටෝපියා නම් අත්භූත නගරය (688)

post-title

මෙම නගරයට ගුප්තජනක වූ ඉතිහාසයක් ඇති බව එම නගර වාසීන්ගේ මතයයි. එම මතවාදයන් නිසාවෙන්ම එම වැසියන් මෙම නගරය ඔහියෝහි අත්භූත නගරය ලෙසින්ද හැඳින්වීමට පෙළඹී ඇත

19 වන සියවසේ මැද භාගයේදී මෙම නගරය පිහිටුවා ඇති අතර ප්‍රංශ ජාතික චාල්ස් ෆුරියර් විසින් 1844 දී මෙම නගරය පිහිටුවා ඇති බව කියවේ. මෙම නගරය ඔහියෝහි සින්සිනාටි නගරයට සැතපුම් 52ක් පිටතින් පිහිටා ඇත. මිනිසුන් 150ක් පමණ එහි වාසය කරන බව පැවසේ.

උතෝපියාව යන වචනය ශ්‍රීමත් තෝමස් මෝර් විසින් 1516 දී පුරාණ ග්‍රීක භාෂාවෙන් උපුටා ගන්නා ලද්දකි. එය ග්‍රීක භාෂාවෙන් නො- නැත යන තේරුම දෙන අතර වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සමාජයක් නොවන අතර සමකාලින සමාජයට වඩා සැලකිය යුතු ලෙස උසස් බව ද ඉන් ගම්‍ය වෙයි. තවද ඔහියෝ ගං ඉවුරේ පිහිටි මෙම නගරය, මනෝ රාජික සමාජ ස්ථර තුනක නැගීම පිළිබඳව සාක්ෂි දරයි.

1847 දී ඔහියෝහි ඇතිවූ මහා ගංවතුරෙන් නගරයේ වැසියන් බොහෝ දෙනෙකු මිය ගිය අතර , නගරය පිළිබඳ සමහර මිනිසුන් අතර පැවති මනෝරාජික සමාජ අදහස් සහ මතවාදයන් දුර්වල වී ගියහ. ඒ අතර එහි සිටි තවත් අධ්‍යාත්මික කණ්ඩයමක් භූගත දේවස්ථානයක රහස් සාකච්ජාවන් පැවැත්වු අතර මෙම භුගත දේවස්ථානය දුම්රිය මැදිරියක් ලෙස භාවිතා කළෝ ය.

ඔහියෝහි හොල්මන් සහ අත්භූත සිදුවීම් සිදුවන ස්ථාන පවතින බව පැවසේ. 1803 දී සංගමය විසින් ප්‍රාන්තය නීතිගත ලෙස පිහිටුවීමට පෙර එහි යුරෝපිය පදිංචිකරුවෝ වසර ගණනාවක් ඔහියෝහි වාසය කළෝ ය. ආදිවාදින් විසින් වසර ගණනාවක් තිස්සේ එය හැඳින්වුයේ නිවස ලෙසිනි. නමුදු අද වන විට එය මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක් ලෙස විනාශ වෙමින් පවති. පෙර පදිංචිකරුවන්ගේ අවතාර මේ පෙදෙස් පුරා සැරිසරන බව කියවේ.

ඔහියෝහි සැරිසරන අවතාර දඩයම් කිරීමෙහි ලා ප්‍රසිද්ධියක් උහුලන්නේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රතිසංස්කරණ ආයතනයයි. ප්‍රාන්තයේ හොල්මන් වල ගමනාන්තය එය වන අතර වික්ටෝරියානු නිවෙස් රැසක් නගර මධ්‍යයේ දක්නට ලැබෙන්නේ විසල් රහස් ගොන්නක් සගවා ගනිමින්ය. දේශීය පුරාවෘත වල අසන්නට ලැබෙන රහස් අභිරහස්, ගුප්ත විශ්වාසයන් රැසක් මේ හරහා එහි යන සංචාරකයින්ට අසන්නට ලැබීම විශේෂත්වයයි. ෆුරියර් මෙම නගරය නිර්මාණය කල පසු ඔහුගේ අනුගාමිකයෝ මෙහි වාර්ගික සමාජයක් නිර්මාණය කරන ලදී. මෙම සමාජයට ඇතුල් වීම සඳහා ජනතාවට කළ යුතු වුයේ ඩොලර් 25ක් ගෙවා නිවසක් ලබාගෙන එම සමාජයට ඇතුල් වීමයි. නමුදු උතොපියාවේ මෙම සංවර්ධනය පැවතියේ වසර දෙකක් වැනි සුළු කාලයක් පමණි.


1847 දී පමණ ජෝන් වොට්ල්ස් නම් පුද්ගලයෙක් ගේ නායකත්වයෙන් යුතුව පැමිණි අධ්‍යාත්මක බලයක් සහිත කණ්ඩායමක් උතොපියාවේ නවාතැන් ගත් අතර ඔවුහු මිය ගිය අය සමගින් සන්නිවේදනය කල හැකි බව කීවෝය. නමුදු එය අසත්‍යයක් විය. මහා ගං වතුරින් ඔවුන් මිය ගියේ ය. 


අධ්‍යාත්මික ප්‍රජාවගේ මිය යාමෙන් පසුව මෙම ප්‍රදේශය අයත්වුයේ ජෝසියා වොරන්ටයි. ඔහුගේ දැක්ම ශ්‍රමය පදනම් කර ගත් ආර්ථිකයක් වූ අතර , එහි වූ දේපල පුද්ගලයන් සතුවූ අතර වැඩ කරන පැය ගණන සඳහා භාණ්ඩයට ගෙවන ලදී. ප්‍රජාවට සම්බන්ධ වීමට ඇති එකම ක්‍රමය වුයේ ප්‍රජාවේ කෙනෙකුගෙන් එයට සම්බන්ධ වන්නැයි ආරාධනයක් ලැබීම පමණි. ඒ ඔස්සේ තමන්ගේ ආරාධනය ඔස්සේ තමන්ට සම්බන්ධ වුවන්ගේ අයිතීන් ආරක්ෂා විය.

ඔහියෝහි දක්නට ලැබෙන හොල්මන් නගර 7කි.

  1. Boston Mills ("Hell Town")

බොස්ටන් නගරයේ ගම්මාන දෙකක් පිහිටා ඇත. එනම් Boston Height's සහ Boston Mils ය. කෙසේ නමුදු බොස්ටන් මිල්ස් යනු මෙහි සමෘද්ධිමත් වූ ප්‍රජාවකි. උතුරු සමිට් ප්‍රාන්තයේ පිහිටි මෙය අද වන විට හැඳින්වන්නේ නිරයේ නගරය යන නමිනි. මෙම ප්‍රදේශයේ ජාතික වන උද්‍යානයක් පිහිට වීම සඳහා මෙහි වැසියන්ට නගරයෙන් පිටවන්නට පැවසු අතර ඒ හේතුව නිසාවෙන් නගරය හදිසි ඉවත් කිරීමකට ලක් කෙරුණි. නමුදු අදටත් එහි ඉතුරු වූ පිරිසේ මිය ගිය ආත්ම සැරිසරන බව කියවේ. මිනිසුන්ගේ කට කතා සහ ජනප්‍රවාද අතර එක කටකතාවක් වන්නේ එම ප්‍රදේශයෙහි ඇති පසෙහි අඩංගු විෂ සංඝටක සහ සාතන්ගේ ක්‍රියාවන් හේතුවෙන් මෙම නගරය ඉවත් කර ඇති බවයි.

  1. Sabina

ඉයුජින් ද මමී ගැන ඔබ අසා තිබේද ? මොහු එම නගරයේ ස්වභාවික ලෙස ජිවත් වී ස්වභාවික ලෙස මරණයට පත් වූ තැනැත්තෙකි. 1920 ගණන් වල අගදී එක්තරා නන්නාදුනන මිනිසෙක් සභිනා නගරයට පිටතින් පිහිටි මාවතක් ඔස්සේ ඇවිද යනු බොහෝ දෙනෙක් දැක තිබුණි. ස්වභාවික හේතුන් මත දින කිහිපයකින් මොහු මියගොස් තිබුණි. පසුව මොහුව එම්බාම් කර ඔහුගේ නිවස පිසුපස මඩුවක තබා තිබුණත් වසර ගණනකාවක් පුරා , මිලියන ගණනක් ජනතාව පැමිණ ගියත් මොහුව හඳුනා ගැනීමට ඒ කිසිවෙකුටවත් හැකියාවක් නොලැබුණි.

  1. Moon Ville

ගිනිකොණ දිග ඔහියෝහි වින්ටන් ප්‍රාන්තයේ අතහැර දැමු ගල් අඟුරු ආකර කැනීම් සිදුකිරීම් ඇරඹියේ 1856 දි ය. ඒ වන විට මැරියේටා සහ සින්ටියෙටා දුම්රිය මාර්ගයන් මෙම ප්‍රදේශයේ ඝන වනාන්තරය මැද්දෙන් වැටි තිබුණි. මුන්විල් උමග අදටත් ඉතිරිව ඇති මෙම නගරයේ එක් සැලසුමකි. 1900 ගණන් වලදී අඟුරු නිධි තව දුරටත් නොපැවතුණු හෙයින් එහි ප්‍රජාව කෙමෙන් අඩුවිය. අවසාන පවුලත් 1947 දී එයින් පිටව ගිය පසු , අද වන විට එහි ඉතිරිව ඇත්තේ පැරණි පාසලේ අත්තිවරමත්, දුම්රිය උමං මාර්ගයේ නටඹුන් සහ ප්‍රජා සුසාන භුමිය පමණි.

පුරවෘතයන්ට අනුව මෙම හොල්මන් උමං ඇරඹුම අසල සහ උමග හරහා ගමන් කරන කෝච්චිවල මගීන්ට ක්ෂණිකව සැරිසරන අවතාරයක ඡායාවක් පෙනෙන බව පැවසේ. හෝකිං හිල්ස් ප්‍රාන්ත උද්‍යානයේ ස්වභාවික විද්‍යාඥයකු වන පැට් ක්වකන්බුෂ් පවසන්නේ උමග තුළ සහ ඒ අවට සාමාන්යෙන් මරණ 25ක් පමණ වාර්ෂිකව සිදුවන බවයි.

  1. Shawnee

1873 දී මෙම නගරයේ අගුරු පතල් කැනීම් අරඹන ලද අතර මෙම නගරය පෙරී ප්‍රාන්තයේ විශාලතම නගරය විය. මෙහි ප්‍රථම පදිංචිකරුවන් වුයේ දකුණු ඔහියේ වාසය කල වැසියන්ය. ඉක්මනින්ම මෙම ප්‍රාන්තය, බ්‍රිතාන්‍ය සංක්‍රමනිකයන්ගෙන් පිරි ගියහ. මෙම ප්‍රාන්තයේ ජීව බලය වුයේ පතල් කැණීම , ගඩොල් කර්මාන්ත ශාලා, ගඩොල් උදුන් තැනීම ය. නගරයේ සංවර්ධනය වැසියන් 4000 කට අධික සංඛ්‍යාවක් සහිතව 1900 ගණන් දක්වා විහිදුණි.

5.Carpenter Hill


ඩොලර්වෙයාර් ප්‍රාන්තයේ 1840 මුල් භාගයේ නිර්මිත Mill නගරයෙන් ඉතුරුව ඇත්තේ කුඩා ප්‍රමාණයකි. ගල් පාලම , කණු , ආදී නෂ්ඨාවශේෂ මෙම පැරණි නගරයේ දක්නට ලැබේ. වෙස්ලියන් විශ්ව විද්‍යාලය අසලින් ගලාගෙන යන ඔලෙන්ටැංගි ගංගා ඉවුරේ පිහිටා ඇත.

6.Cheshire

1863 දී 2000 කට අධික පිරිසක් පැමිණ මෙම නගරය ආක්‍රමණය කර , නගරය කොල්ල කා වැටලීම් සිදුකර එහි සිටි මිලේශියන් සිරකරුවන් ව පැහැර ගෙන ගියහ. මෝගන්ගේ ආක්‍රමණය ලෙසින් හැඳින්වූ මෙම ආක්‍රමණය ඉන්දියානා ඔහියෝ වැටලීම, මහා වැටීම , වැටලීම ලෙසද හඳුන්වයි

  1. Findlay Ghost House

Glister පවුල මගින් නිර්මිත මෙම නගරයේ 1880 දී නිර්මාණය කරන ලද පිළිරුවක් මාර්ගය අසල ගොඩ නගා ඇත. වර්තමානය වන විට නඩත්තු කටයුතු නිසියාකාරව සිදු නොවීම හේතුවෙන් මෙම නගරය පාලු හුදකලා බවකින් යුක්ත වී ඇත.

Top