ඉන්දියාවේ චතුරංගනී සේනාවට එංගලන්තයෙන් නයිට් පදවි දුන් චෙස් (639)

post-title

චෙස් කියන්නේ එංගලන්තේ ඉදලා ආපු සෙල්ලමක් කියලා ඔයාලා හිතුවට ඇත්තටම මේ ක්‍රිඩාවේ උපත සිදුවෙන්නේ ඉන්දියාවේ. සමහර තොරතුරුවල දැක්වෙන විදියට මෙහි ඉන්නේ චතුරංගනී සේනාව. මේ ක්‍රිඩාව හරියට බෝර්ඩ් එකක් උඩ කරපු යුද්ධයක් වගේ. කොහොම හරි මේ විදියට නිර්මාණය වුණු ක්‍රිඩාව පර්සියාවේ ඉදලා වෙළදාමේ ආපු අය ආරාබියට අරගෙන ගිහින් තියෙනවා. ඒ පැත්තෙන් යුරෝපයට ගිය වෙළෙන්දො තමයි මේ ක්‍රිඩාව යුරෝපයට අරගෙන යන්නේ. ඔවුන් නැවත ආසියාව ආක්‍රමණය කරද්දි ඔවුන්ගේ ක්‍රමයට වෙනස් කරපු චෙස් ක්‍රිඩාව අපිට ගෙනාවා වෙන්න පුළුවන්. 

ඒ වගේම තවත් ඉතිහාසගත සාක්‍ෂියකට අනුව චෙස් ක්‍රිඩාව මන්දෝදරි කුමරියගේ නිර්මාණයක් බවත් කියවෙනවා. ඇය රාවණා රජුගේ බිසවක් කියලා තමයි අපි දන්නේ. නමුත් මේ කියන මන්දෝදරි කුමරිය නම් ඉදලා තියෙන්නේ ඉන්දියාවේ. එයා විනෝදයට කරන්න සෙල්ලමක් ඕන නිසා මේ ක්‍රිඩාව හැදුවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. 

කොහොම වුණත් චෙස් කියන්නේ මේ වෙද්දි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිඩාවක්. හැබැයි චෙස් සහ දාදු කියන ක්‍රිඩා දෙකම කාලයෙන් කාලයට යුරෝපයේ රජවරු තහනමට ලක් කරලා තියෙනවා. උදාහරණයක් විදියට ප්‍රංශයේ නවවන ලුවිස් රජතුමා මේ ක්‍රිඩාව තහනමට ලක් කලා. කොහොම වුණත් චෙස් නිසා ඒ කාලේ එකිනෙකා අතර සහයෝගය වර්ධනය වීම, දැනුම වැඩි දියුණු වීම, අදහස් අතර ගැටුම් ඇතිවීම නිසා නව අදහස් මතුවීම වගේ මානව සංහතියට වඩාත් වැදගත් දේවල් සිදුවෙලා තියෙනවා. ඒ නිසාම එංගලන්තයේ පළවන හෙන්රි රජු, දෙවන හෙන්රි රජු, ජෝන් රජු, පළවන රිචඩ් රජු, දෙවන පිලිප් රජු හා ස්පාඥ්ඥයේ දසවන අල්ෆොන්සෝ රජු, රුසියාවේ හතරවන අයිවන් රජු මේ ක්‍රිඩා දෙකම ජාතික ක්‍රිඩාවන් බවට පත්කර තිබෙනවා. 

චෙස් බොර්ඩ් එකේ නැගලා ඉන්දියාවෙන් යුරෝපයට ගිය චතුරංගනී සේනාව වෙනුවට යුරෝපයේ දී නයිට්වරු රජතුමයි රැජණයි අරන් චෙස් බෝර්ඩ් එකට නැග්ගා. මේකත් කාලෙන් කාලෙට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ සමහර කාලවල නයිට්වරුන්ගේ හැඩය, පෙනුම ඉන්න විදිය වෙනස් වුණා කියලයි කියවෙන්නේ. 1475 දී රැජණ ප්‍රමාණයෙන් විශාල වෙලා. එංගලන්තයේ බිෂොප්වරු ප්‍රංශයේ දී ෆූල් ලා වෙද්දි රුසියාවෙදි එයාලා අලි බවට පත්වෙලා තියෙනවා. 

විශේෂත්වය වෙන්නේ මේ ක්‍රිඩාව වර්ෂ 1500 වෙනකල්ම ක්‍රිඩා කලේ පිරිමි අය විතරයි. ගැහැණු අයට අවස්ථාව ලැබුණේ වර්ෂ 1500 න් පස්සේ. ඒ වෙද්දි රැජණ ගේ පෙනුමත් වෙනස් වුණා. එයින් පස්සේ 19 වන සියවසේ විතර ඉදලා මේ ක්‍රිඩාව ජාත්‍යන්තර මට්ටමෙන් ඉතාම වැදගත් ක්‍රිඩාවක් බවට පත් වුණා. ජාත්‍යන්තර තරඟවලින් චෙස් සූරයන් පවා බිහිකරන්නට සමත් වුණා. ඒ අතර අපේ රටේ නම බබලන්ට සමත් වුණු “මිනුල් දොළුවීර, ඉසුරු අලහාකෝන්, හර්ෂ තිලකරත්න හා 2020 වසරේ චෙස් ශූරයා විදියට රනිඳු දිල්ෂාන් ලියනගේත්” ඉන්නවා. 

කොහොම වුණත් චෙස් කියන්නේ ඔයාගේ සිතිමේ හැකියාව හා තර්කන බුද්ධිය වර්ධනය කරන්න සමත්වුණු ක්‍රිඩාවක්. ඒ නිසා ලෝක ශූරයෙක් නොවුණත් විනෝදාංශයක් විදියට හෝ චෙස් ක්‍රිඩා කරනවා නම් ඒක ඔබේ මනසට හොඳ ව්‍යයාමයක්. 

Top