ටයිටැනික් රෝස් ලෙස ලොවක් දැනගත් කේට් එලිසබෙත් වින්ස්ලට් (444)

post-title

ලෝ ප්‍රකට ආදර අන්දරය වූ ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතය රඟ පෑ කේට් Berkshire හිදී උපත ලද අතර දෙමව්පියන් වූ රොජර් වින්ස්ලට් සහ සැලි ඈන් බ්‍රිජස් වින්ස්ලට් වේදිකා නළු නිළියන් විය. ඇයගේ ආච්චි සහ සීයා කියවීමේ වාර්තා රඟහලක් පවත්වාගෙන ගිය අතර මාමා වූ රොබට් බ්‍රිජස් ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් රඟහල බාරව සිටියේය. කේට් කුඩා කල සිටම රඟපෑමට දක්ෂතා දැක්වූ දැරියක වන්නට මේ කාරනා හේතුවන්නට ඇත.

රංගන දිවියේ අඩිතාලම අවුරුදු 11 වන විට දැමු අතර ළමුන් සඳහා වන ධාන්‍ය වර්ගයක් හඳුන්වාදීමේ වෙළඳ දැන්වීමකට ඇය පෙනී සිටියාය. ඒ අතරම රංගනය ඉගෙනුම ආරම්භ කළ ඇය රංගකලා උසස් විද්‍යාලයකින් විධිමත් පුහුණුවක් ලබමින් වේදිකාවට පිවිසි අතර කලානුරූපව රංගනයෙන් දක්ෂතා දැක්වූවාය.

1994 දී අවුරුදු 17ක තරුණියක ව සිටියදී ම ඇය Heavenly Creatures චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය දැක්වූවාය. මනකල්පිත ලෝකයක ජිවත් වන ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වූ අතර විචාරකයින්ගේ මහත් ප්‍රසාදයට ලක්විය.

1985 දී ඊළඟ වසර සඳහා Ang Lee ගේ Sense and Sensibility වෙනුවෙන් cattle call audition එකක් සඳහා සහබාගි වූ ඇය චිත්‍රපට තාරකාවක් වූ එමා තොම්සන් පිළිබඳ ඇයගේ සිතේ ඇතිවූ ක්ෂණික හැඟීමක් එළිදරව් කළ අතර පැහැරගත් මේරියන් ඩෑෂ්වුඩ් ගේ චරිතය වෙනුවෙන් තරග කළ සියයකට අධික පිරිසක් පරාජය කළා ය. කේට් ගේ මෙම උත්සාහය වෙනුවෙන් බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මානය සහ හොඳම සහය නිළිය ලෙස ඔස්කාර් සම්මානය ලැබීමට ඇය වාසනාවන්ත විය.

1996 දී කැරලිකාර තරුණියක ලෙස Jude චිත්‍රපටයෙත් Kenneth Branagh විසින් 1996 දී නිර්මාණය කල හැම්ලට් හි Ophelia යන චරිතයත් ඇය නිරූපණය කළාය.

ඇයගේ රංගන ජිවිතයේ පෙරලියක් ඇති කිරීමට සමත්වූයේ 1997 දී ජේම්ස් කැමරන් නිෂ්පාදනය කළ ටයිටැනික් චිත්‍රපටයේ රෝස් ඩේවිට් බුකැටර් ගේ චරිතයයි. ඒ චරිතය ඇයව ජාත්‍යන්තර තලයේ තාරකාවක් කළා ය. ලොව පුරා තරුණියන්ගේ ආදරයට ලක්වූ ඇය තාත්වික අයුරින් කළ අපුර්වතම රඟපෑම නිසා හොඳ ම නිළිය සම්මානය සහ ඇකඩමි සම්මාන දෙකක් ලබා ගත් ලොව ලාබාලතම නිළිය බවට පත්වීමේ වරම් ඇයට හිමිවිය.

ඉන්පසු ඇය 1998 දී ලැබුණු Shakespeare in Love සහ 1999 දි Anna and the King චිත්‍රපට දෙකම ප්‍රතික්ෂේප කළ බව කියවේ. ඇකඩමි සම්මාන 4කින් සම්මාන ලැබූ ලාබාලතම නිළිය වූ ඇය සිවුවන සම්මානය ලැබුවේ වයස 29 දිය. 2016 වන විට ඔස්කාර් සම්මානය සඳහා 7 වරක් නිර්දේශ වි එක් සම්මානයක් දිනා ගත්තාය. 2008 දී The Reader නාට්‍ය සඳහා හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානය ලැබීය. අයගේ 7 වැනි ඇකඩමි සම්මානයට නාම යෝජනා ලැබුවේ 2015 Steve Job චිත්‍රපටයේ රඟපෑ Joanna Hoffmanගේ චරිතයටයි.

ඇය නාට්‍ය වෙනුවෙන් සිදුකල අද්විතීය සේවය නිසා ද 2012 දී බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණගේ උපන් දින උත්සවයේ ගෞරව ආරාධිත ලැයිස්තුවේ විශේෂ ස්ථානයක් ද හිමි කර ගත්තාය.

Top