වැඩියෙන් පොත් කියවූ තරමට මා ලෝකයට වඩාත් ලංකොට තැබුවා. -ගෝර්කි (595)

post-title

වොල්ගා නදිය අසබඩ නිෂ්නි නිව්ගොරොද් නගරයෙහි 1868 මාර්තු 16 වැනිදා එම මහා පුරුෂයා මෙලොවට බිහිවිය. පාරු පදවන්නෙකුගේ දියණිය වූ මවක හා කම්කරු පියෙකු දාව උපන් පුතුට මව්පිය සෙනෙහස අහිමි වීමට වැඩි කල් නොගෙවින. මව්පිය සෙනෙහස නැතිදා සිට තම ජීවිතය ගැටගසා ගන්නට වූයේ තම දයාබර මිත්තණිය සමග. එයත් එතරම් පහසු නොවුනේ ඔහුගේ සීයා දරදඩු නපුරු පුද්ගලයකු වූ බැවින්.

මාස හයකට ඔහුගේ අධ්‍යාපනය සීමා වන්නටද වූයේ ඒ නිසාමය.මෙහෙකරුවකු,රාත්‍රි කම්කරුවකු ආදී නොයෙක් මධ්‍යම පාන්තික කුඩා රැකියාවන් විශාල ප්‍රමාණයක් කරමින් ජීවිතය ගැටගසා ගත්තේය.නින්දා ,අපහස ,ගැරහුම් සමග කටුක වූ ජීවිතය ඔහුට අභියෝගයක් විය.ඔහු තුල තිබූ දෛර්‍යය එම සෑම අවස්තාවකම ඔහුව ජීවත් කරවිය.රස්තියාදුකාරයකු ලෙස රුසියාව පුරා ඇවිදිමින් කල්ගත කල ඔහු ඇසූපිරූ දේ සහ අත්දැකීමෙන් පෝෂණය වූ මිනිස්සුකු වූයේ එම සංචාරය තුලින්.ඔහුගේ ප්‍රථම සාහිත්‍යය නිර්මාණයට අත්පොත් තබන ලද්දේ එම වීදි සංචාරය තුලින් මුණගැසුන අහිකුන්ඨික චරිත ගොනු කරගෙන.ඇලෙක්සි මැක්සිමොව්ච් පෙෂ්කොව් නම් මැක්සිම් ගෝර්කි බවට නම් දැරුවෙ මකාර්වුද්‍ර නම් ප්‍රථම සාහිත්‍යය කෘතීයෙන් පසු.කොක්සෙස් නම් දිනපතා පුවත්පතේ මෙම කෙටිකතාව පළ කලේ මැක්සිම් ගෝර්කි යන නාමයෙන්.

ගෝර්කි ආ ගමන නම් ඉතා කටුකය.පැය දහහතරක් පමණ දවසට රැකියාවන් සමග වෙහෙසෙන ඔහු දවසේ ඉතිරි කාලය පොත් සමග ගෙව්වේ පොත් කියවීමට ඇති අදික ආශාව හා ඇල්ම නිසා.තමාගෙ ජීවිතයට ලැබෙන සෑම අත්දැකීමක් තම ජීවිතය සාර්ථකත්වට පිටුවහලක් කරුණක් කරගත ගෝර්කි දෛර්‍යයෙන් උපන්නෙකි.

" මා වැඩියෙන් පොත් කියවූ තරමට ඒ පොත් මා ලෝකයට වඩ වඩාත් ලංකොට තැබුවේය.ජීවිතය මට වඩ වඩාත් ප්‍රාණවත් අර්ථවත් විය.මා කියවූ සෑම පොතක්ම පිටුවක්ම මා සිත් කලඹවා මා නොදැන සිටි ලෝකයට කැදවාගෙන ගොස් මගේ හදවත දිරි ගැන්වූ සන්සුන් කරමින් පිරිමැද එහෙත් කිසියම් බලපෑමක් කල පණිවිඩයක් මා වෙත ගෙනාවේය."

සමාජයේ විෂමජන පන්තීන් ඔහුගේ ශ්‍රමය හූරා කෑවේය.ඔහු වහල් රැකියාවෙන් නිදහස් කොට පිළිගත් රැකියාවකට යොමු කලේ ලෙනින් නම් නීතිවරයා හා කොරලෙන්කෝය.ප්‍රාදේශීය පුවත්පත් ආයතනයක සේවයට ගිය ගෝර්කි ලේඛකයකු ලෙස සමාජය තුළ ස්ථාවර නමක් දිනා ගැනීමට එය පිටුවහලක් විය.එකල රුසියානු සමාජයේ තුල විප්ලවීය වෙනසකට මුල් වූයේ ගෝර්කි.මර්ධනකාරී පාලනයට එරෙහිව බොහෝ දී ලිවීමට ගෝර්කි අමතක නොකලහ.1917 සෝවියට් සාහිත්‍යයේ නව මාවතක ආරම්භය ස්නිටුහන් කිරීමට මැක්සිම් ගෝර්කි සමත් විය.රුසියානු සමාජයේ අන්ත දරිද්‍රතාව මිලේජ්ජ බව ඔහුගේ නිර්මාණවලට පාදක වූයේ ඒ සමග.

ළමා කාලය හා අම්මා කෘතිය ලෝකය තුළම කතාබහට ලක් වූ ඔහුගේ ගමන්මගේ තවත් සංධිස්ථානයක් සටහන් කරමින්.මව් සෙනෙහස නොලැබ මාක් විලස තම මිත්තණිය ගෝර්කිගේ ජීවන ගමනට අතදුන් අයුරු අම්මා කෘතියෙ මැනවින් නිරූපණය කර ඇත.පීඩිත පන්තියේ අනේකවිධ වේදනාවන් , තහංචි,වධබන්දනයන් සමාජ උදාහරණ ගෙන අපූර්වතම ලෙස ලිවීමට ගෝර්කිට හැකි විය.විප්ලවයත් සාහිත්‍යයත් අතර පාලමක් තැනූ එකම සාහිත්‍ය දාර්ශනිකයා නම් මැක්සිම් ගෝර්කි වේ.තත්කාලීන රුසියානු සමාජය තුල දෙවැනි ආණ්ඩුවක් තරම් වූ බලයක් ගෝර්කි වටා රැස් වී සිටි ජනයා තුලින් ඔහුය මහත් ශක්තියක් විය.ජන බලය සමග ජනයාගේ දුක හදුනන මින්සකු ලෙස ලෝකප්‍රකට වූ මැක්සිම් ගෝර්කි නම් රුසියානු සාහිත්‍යදරයා සදා අමරණීයයි.1936 ජුනි මස 18 වන දින ඔහු මෙලොවින් සමුගත්තෙ අපට උගැනීමට බොහෝ දෑ ඔහුගේ ජීවිත කතාව තුලින් නිර්මාණයන් තුලින් කියා දෙමින්.

එනම් කියවීම මිනිසා සම්පූර්ණ කරන වගට හිදම සමාජ නිදසුන තහවුරු කල ශ්‍රේෂ්ඨතමයා නම් මැක්සිම් ගෝර්කි යැයි කිව හැක .පොතපත කියවීම වැඩිවන තරමට අත්දැකීම් බහුල වේ.එවිට අපට අපගේ ජීවිතය කියවාගෙන හැඩගස්වා ගැනීමට පහසු වේ.මැක්සිම් ගෝර්කි නම් සාහිත්‍යදරයා උපතින් දස්කම් රැගෙන ආ අයෙකුද නොවේ.පොතපත කියවීමට ඔහු තුල වූ ඇල්ම ආශාව නිසා ලොවක් අවදි කල යුගයක පෙරලිකාරී චරිතයක් වීමට හැකි විය.හැකි සෑම විටම පොතපත කියවමු.එවිට ජීවිතයට එන අත්දැකීම් අභියෝග ජයටැඹ වෙත ගෙනයාමට අවශ්‍ය වන්නා වූ නුවණස වැඩෙනු ඇත.

Top