අරාබියේ අමෘතය හෙවත් කෝපි පානයේ උත්පත්ති කතාව

post-title

සිතත් ගතත් පණ ගන්වන කෝපි කෝප්පයේ රස අපට අමුත්තක් නොවුණත් එහි මුල් කතාව බොහෝ දෙනෙක් නොදන්නා බව අපිට නොරහසකි. කොප්පෙයා අරාබිකා යන උද්හිද නාමයෙන් හඳුන්වන මෙහි ශරීරය ප්‍රාණවත් කරන කැෆෙන් නම් රසායනිකය අඩංගු වේ. ඝර්මකලාපික රටවල වැවෙන කෝපි වල උපත ඇබිනිසියාව නමින් අතීතයේ පතල වූ වර්තමානයේ ඉතියෝපියාව නම් ලද පෙදෙසේ සිටි කෆා නම් පුජකයෙකු විසින් සොයාගත් බව කියවේ.

එදවස ඇබිනිසියාවේ කෆා නම් කඳුකර පෙදෙසේ ආරාමයක සිටි මේ පුජකතුමාට තම සිසු පුජකවරුන් තරමක අලස බවකින් යුතුව අධ්‍යන කටයුතු වල යෙදෙන බවක් දක්නට ලැබුණි. ඔවුන් පාඩම් කරන අතරතුර ගස් යටට වී අලසව නිදන අතර දේවස්ථානයේ එළු රංචුව ඒ අවට පේන්නට නොසිටියහ. උන් ඒ අසල වූ පඳුරු වල ගෙඩි කොළ කමින් ක්‍රියාශීලිව සිටිනු මෙම පුජකතුමාට දක්නට ලැබුණි. ඒ දුටු පුජකතුමා එම ගෙඩි කඩාගෙන විත් උණු වතුරට දමා තම්බා සිසු පිරිසට බොන්නට දුන්නේය. ඉන්පසු කෙමෙන් අලස ගතිය අඩුව ගොස් ක්‍රියාශීලි බව ඇතිවූ බව දුටු පසු ක්‍රමවත්ව කෝපි පානය සිදු කරන ලදී. කෆා ප්‍රදේශය නිජබිම බැවින් කොෆි යන නාමය මෙයට ලබා දුන් බව කියවේ. කෆායා යන්න තුර්කි වචනයක් බවත් සිංහලෙන් කෝපි ලෙසත් කියවේ.

ප්‍රධාන වශයෙන් කෝපි වල ප්‍රබේද දෙකක් වේ. එනම් Arabica සහ Robusta ලෙසිනි. මෙය බීම වර්ගයක්ම නොවන අතර අප්‍රිකානුවන් සත්ව මේදය එකතු කොට මෙය ආහාරයක් ලෙසද භාවිතයට ගෙන ඇති අතර ඉතිහාසඥයින්ට අනුව මෙය ලොව ප්‍රථම ශක්තිජනක ආහාරය වන්නට ඇතැයි කියා ද පැවසේ.

1652 ලොව පළමු කෝපි අවන්හල එංගලන්තයේදී ආරම්භ වූ අතර පසුව එවැනි අවන්හල් අරාබියේද සාර්ථකව පැතිර ගියහ. මේ සමගම ජැමෙයිකාව, වෙනිසියුලාව, දකුණු ඇමරිකාව, ඉක්වදෝරය, අයිවරි කෝස්ට්, ශ්‍රීලංකාව ඇතුළු බොහෝ රටවල කෙමෙන් කෙමෙන් කෝපි වගාව පැතිර ගියහ.

ශ්‍රී ලංකවෙහි මුල්ම කෝපි වත්ත ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව.1823 ගම්පොල සිංහ පිටියේ දී සර් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාර වරයා විසිනි. එකලදී මෙහි ප්‍රධාන ආර්ථික බෝගය වුයේ ද කෝපිය. ලොව වැඩිම කෝපි ප්‍රමාණයක් නිපදවන රට වන්නේ බ්‍රසීලය ය. දෙවෙනි රට කොලොම්බියාව ය. ඊට අමතරව අප්‍රිකාව, ආසියාව, සහ ඇමරිකානු රටවල් කීපයක් මුල් තැන ගනී. කෝපි ලෝකය පුරා ප්‍රචලිතව ඇත්තේ අරාබියේ අමුර්තය ලෙසය. වැඩිපුරම කෝපි බොන්නේ ස්කැන්ඩිනේවියානු ජනයාය.

නමුදු ජෝන් හොප්කින්සන් විද්‍යා විද්‍යාලයේ වෛද්‍ය විශේෂඥයින්ට අනුව වැඩිපුර කෝපි බොන්නන්ට හෘද රෝග සෑදීමේ ප්‍රවණතාවයක් ඇත. කෝපි කෝප්ප පහක් දවසට බොනවා නම් එම පුද්ගලයාට හදවත් රෝග සෑදීමේ ප්‍රවනතාවය වැඩිය. කෝපිවල අඩංගු කැෆෙන් නම් එන්සයිමය ලේ තුල අන්තර්ගත සේරටෝනින් නම් රසායනිකයේ සාන්ද්‍රතාවය ඉහල නංවයි. එය මොළයේ වාහිනී චලන වේගය උත්සන්න කරයි. කෝපි බිව් විට දැනෙන ප්‍රාණවත් බවට හේතුව එයයි. ඒ සමගම හදවතේ සංකෝචනය වැඩිවන අතර රුධිර පීඩනය වැඩි කරයි. එබැවින් කෝපි අමෘතය වනවා මෙන් ම මරණීය කැදවුම් කරුවෙක් ද වෙයි.

Top