ලොව වඩාත් ම හපන් දරුවා

post-title

අක්රිට් ජ්ස්වාල් යනු ඉන්දියාවේ චන්දිනගර්හි වීර ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය උදෙසා අධ්‍යයනය කරනු ලබන සිසුවෙකි. මොහුගේ සුවිශේෂිත්වය වනුයේ මොහු තවමත් වයස 17ක කුඩා දරුවකු වීමයි. මොහු ලොව වඩාත්ම හපන් දරුවා (The Worlds Smartest Boy ) යන අන්වර්ථ නාමයෙන් පිදුම් ලද අතර එයට හේතුව වුයේ වයස අවුරුදු 7 දී සිය අසල්වැසි නිවසේ සිටි සය හැවිරිදි දිළිඳු දැරියකගේ පිලිස්සී ගිය අතක් සම්බන්ධව සිදු කරන ලද ශල්‍යකර්මයයි.

එම සැත්කම සිදු කර ඇත්තේ තම නිවසේ වන අතර සත් හැවිරිදි අක්රාට් ට වෛද්‍ය විද්‍යාව පිලිබඳ කිසිම හැඟීමක් හෝ පරිණත බාවයක් නොතිබීම විශේෂත්වයයි. නමුදු නිරීක්ෂණයෙන් ලද අත්දැකීම් ඔස්සේ මෙම ශල්‍යකර්මය සිදු කල බව ඔහුගේ පවුලේ උදවියගේ අදහසයි. මොහුගේ මවට අනුව මොහු වයසට වඩා මුහුකුරුව ගොස් තම හැකියාවන් ප්‍රදර්ශනය කරන්නෙකි. මාස 10ක් පමණ වන විට සොයුරු සොයුරියන් අභිබවා ගොස් බහ තෝරා ඇති අතර අවුරුදු 5 දී විශ්ව සාහිත්‍යධර විලියම් ශේක්ස්පියර්ගේ සාහිත්‍ය කෘතීන් රස විඳීම ආරම්භ කර ඇත. එමෙන්ම අවුරුදු 5 දී ඔහු අත්දෙකින්ම ලිවීමේ හැකියාව තිබී ඇත.

එමෙන්ම ඔහු කායික විද්‍යාව කෙරෙහි මනා ඇල්මක් දැක්වීමද විශේෂත්වයක් වේ. එම හේතුව නිසාම පවුලේ හිතවත් වෛද්‍යවරුන් විසින් රෝහල් වලට කැඳවා ගෙන ගොස් ඔහුට ශල්‍යකර්ම නිරීක්ෂණය කිරීමට අවස්තාව දී ඇත.

වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පොත පත කියවීම අක්රට් ගේ විනෝදාංශය වන අතර තම උසස් අධ්‍යාපනය සිදු කර ගෙන යන්නේ ව්‍යවහාරික විද්‍යා අංශයෙනි. නිදහසේ සිටින වෙලාවල් වලදී ම්හු වැඩිපුරම කියවීමට ලක් කරන කෘතීන් අතර Grays Anatomy ,Physiology Cancer යන කෘතීන් ද්විත්වය ඇතුලත් වේ.මොහු දිනකට පැයක් තම අධ්‍යාපන කටයුතු වල නිරත වන අතර අවස්තාව ලැබෙන විදියට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන බව ඔහුගේ මව පවසා ඇත.ඔහු පවසන්නේ ඔහුගේ දෙමවුපියන් විසින් ඉගෙනුම පිලිබඳ පීඩනයක් ඔහුට දී නොමැති අතර සැමවිටම ඔහුගේ නිදහස අගයන බවයි.

මෙම අසාමාන්‍ය බුද්ධියකින් හෙබි දරුවාගේ බුද්ධි බලය (IQ ) 146ක් බව කියවේ.එය ඔහුගේ වයසෙහි ඉන්දියාවේ සිටින කිසිඳු දරුවෙකුට නොමැති බුද්ධි බලයකි. අක්රට්ගේ සිහිනය වනුයේ පිළිකා රෝගීන් ගේ පිළිකා තත්වය මර්ධනය කිරීම උදෙසා ඖෂධයක් සොයා ගැනීමය. ඒ සඳහවා අක්රට්ගේ පියා නිසි බලධාරීන්ගේ සහය පැතුවත් එය සාර්ථක නොවීම හේතු කොටගෙන මානසිකව සහ කායිකව බිඳ වැටුණු ඔහු නිවසද ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට හේතුවකි.

ලන්ඩන් නුවර Imperial Lege මෙම දරුවාට ලන්ඩනයට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. නමුත් දරුවාගේ තේරීම වුයේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. මහාචාර්ය මුස්ටාටා ඩයම්ගොස් (Mustata Diamgoz ) මොහුට උපකාර කිරීමට ඉදිරිපත් වූ අතර ඔහුගේ බුද්ධිමත් භාවය විමසීමේ පරීක්ෂණයකට භාජනය කරන ලදී. එහි අංකිත සහ කථන පරීක්ෂණ වලින් මොහු විශිෂ්ට ලෙස ජය ලැබූ අතර මාදිලි ගැලපීම යන පරීක්ෂණයෙන් අසමත් වීම සමාර්තයකු  ලොවට හඳුනා ගැනීමට තිබු අවස්තාව ලොවටම අහිමි කර ගැනීමකි. ඔහුගේ අනුසශකය වූ මුස්ටටා ඩයම්ගොස්  පවසන්නේ මොහුගේ විශිෂ්ට බව පිළිබඳ කීමට වචන නැති බවයි. ඔහුගේ හැකියාව පිලිබඳ කිසිඳු සැකයක් තමන්ට නැති බවයි.

ඉන්දියාවේ ධර්මශාලා පාසලේ අධිපති බි ආර් රාහි මහතා විසින් ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට අනුග්‍රහය සපයන අතර මේ වන විට අක්රාට් විද්‍යා උපාධියක් සඳහා චන්දිග්ර්හ් පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි. වයස 12 දී ඉන්දියානු විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ ලාබාලතම විද්‍යර්තියා බවට පත්විය.

මේ වන විට පිළිකා රෝගය නැසීම උදෙසා පර්යේෂණ පවත්වන මේ කුඩා දරුවා Oral Gene Therapy  නම් න්‍යායක් පිළිබඳව සොයා බලමින් සිටි.

මුලාශ්‍ර - (Akrit Jaswal the child surgeon from Wikipedia the free encyclopedia)
              (www.srikumar.com/
            (sisj.in/blog/arkit-jaswal-the-seven-year-old-surgeon/)

Top