යුරෝපයේ හරිත වහල ලෙස නම් ලද බොහීමියානු වනය (484)

post-title

බොහීමියානු මැසිෆ්හි නිරිත දිග උස බිම් වනාන්තර තීරය ජර්මානු චෙක් ජන රාජ්‍යයේ මායිම වන අතර වයඹ දෙසින් ඕර් ගංගාවේ ඉහල නිම්නයේ සිට ඩැනියුබ් ගඟේ කොටසක් දක්වා විහිදේ. කේතුධර හා පතනශීලි වනාන්තර පරාසයෙන් තුනෙන් එකකට වඩා ආවරණය වන අතර විවිධ ඛනිජ සහ පාෂාණ වර්ගවලට හිමිකම් කියන පරිසරයක් මෙහි දක්නට ලැබේ. රෙජන් සහ ඉහල්ස් යන ගංගාද බොහිමියානු වනාන්තරය හරහා ගලාගෙන යයි. භූගෝලීය වශයෙන් ගත් කල , දකුණු බොහොමියාවේ සිට උතුරින් සැක්සානි සහ ලුසැටියාව ඊසාන දෙසින් සිලිසියාව, නැගෙනහිරින් මොරවියාව ඔස්ට්‍රියාව සහ ජර්මනියේ බැවෙරියාව දක්වා විහිදෙන අතර කිලෝමීටර් 50ක් පළල මැසිෆ්හි බොහිමියාවේ උසම කඳු මුදුන වේ. ජර්මානු භාෂාවෙන් බුමර්වෝල්ඩ් ලෙස හඳුන්වන මෙම කඳු පන්තිය මධ්‍ය යුරෝපයේ පහත් කඳු පන්තියකි.

ක්‍රිස්තු පුර්ව 400- 8 දක්වා කාලය තුළ මෙම රාජධානිය ව්‍යාප්ත වූ අතර බෝයි ජනයා යුරෝපය පුරා ව්‍යාප්ත විය. බෝයි යනු පැරණි කෙල්ටික් ගෝත්‍ර තුනක රෝම නාමය වන අතර ට්‍රාන්ස්පයින් ගෝල්(ප්‍රංශය ), සිසල්පයින් ගෝල් (උතුරු ඉතාලිය ), සහ බොහිමියාව, මොරවියාව, සහ බටහිර ස්ලෝවැකියාව යන රටවල මෙම මිනිසුන් වාසය කරති. මධ්‍යතන යුගයේදී වෙළඳ මාර්ග මෙම වනාන්තර හරහා වැටි තිබුන අතර කුඩා ගොවිපලවල් ,ආරාම, කෘෂිකර්මාන්ත සහ වීදුරු නිෂ්පාදන කර්මාන්ත ආදිය ව්‍යාප්තව පැවතුනි. තැනින් තැන දක්නට ලැබෙන කුඩා බලකොටු, මාලිගා සහ නගර වල නටඹුන් මෙහි තිබෙන්නට ඇතයි සැලකෙන පුළුල් වාණිජ ක්‍රියාකාරකම් වලට නිදර්ශන සපයන අතර රාජකීයයන් සහ වංශිකයින් අතර ඇතිවූ ඝට්ටනයන් වසර 37කට පසු අවසන් විය.

ජර්මානු පෙදෙසේ නිරිත දෙසින් බැවෙරියානු වනාන්තරයේ සමාන්තර සහ පහල පරාසයන් පිහිටා ඇත. බොහිමියානු වනාන්තරයේ විශේෂත්වයක් වන්නේ එය වීදුරු කර්මාන්තය සහ දැව ඇඹරීමේ කර්මාන්තය සඳහා උසුලන ප්‍රසිද්ධත්වයයි. මෙම වනාන්තර ප්‍රදේශය 1963 දෙසැම්බර් 27 වන දින ආරක්‍ෂිත පෙදෙසක් බවට පත් කල අතර 1990දි ජෛවගෝල රක්ෂිතයක් බවට පත් කරන ලදී. මෙම භුමි ප්‍රදේශය ඇතුලත ස්වභාවික රක්ෂිත 88ක් ද මල් සහ ආම්ලික වනාන්තර, කඳුකර ස්ප්‍රුස් වනාන්තර ප්‍රදේශයෙන් 88%ක් ආවරණය වේ.මුහුදු මට්ටමේ සිට උන්නතාංශය අඩි 3200 කි.

කළු මුහුදේ සහ උතුරු මුහුදේ දිය ඇලි අතර බෙදීම් පරාසය , බොහිමියානු වනය වන අතර සෞන්දර්යය වටිනාකමින් අනුන වේ.වසර මිලියන 300 කට වඩා පැරණි අතීතයක් ඇතයි විශ්වාස කරන බොහිමියානු වනාන්තරයේ ඇති කඳුකරය ඇල්ප්ස් සහ හිමාලය කඳු මුදුන් වලට වඩා පැරණි බව විශ්වාසයයි.මෙය බැවෙරියානු, සුමාවා යන නමින්ද හඳුන්වනු ලැබේ.මෙම ප්‍රදේශයේ අධික වර්ෂාපතනයක් දක්නට ලැබෙන අතර එමගින් පිට්බෝග් සහ ලිප්නෝ වේලි පිරි ඉතිරි යයි.ඒ ඔස්සේ උමාවා ප්‍රදේශය මධ්‍යම යුරෝපයේ ජල පෝෂක ප්‍රදේශයක් බව වැටහේ.ඉල්වා ඇල මාර්ගය ඔස්සේ දැව ප්‍රවාහනය සඳහා ශ්වසේන්බ්ර්ග් නැව් ඇළ මාර්ගය යොදා ගැනේ.එය වල්ටාවා සහ දැනියුබ් යන දියඇලි භාවිත කරමින් නිර්මාණය කර ඇත.

ජෝසේෆ් රෝසේනොවර් විසින් 1879 අප්‍රේල් 29 සෙස්කේ ක්‍රොම්වෙල් දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර 1791 අප්‍රේල් 12වෙනිදා පළමු මුහුදු ගමන ආරම්භ විය. 19 වන ශත වර්ෂයේදී ඇළ මාර්ගය කිලෝමීටර් 52 ක් දුර ට විහිදුන අතර කිලෝමීටර් 37ක් චෙක් රාජ්‍ය හරහා පැතිරුණු අතර ගංගා 27කින් ප්ලිනේ විලෙන් සහ රෝසේනෝවර්,ජෙලානේ සහ අජිටා ජලාශ වලින් ජලය ලබා දෙන ලදී. 

කෙල්ටික් ජනාවාසයක පුජනිය නටඹුන් යයි කිව හැකි මාලිගාවක කොටසක් උමා ප්‍රදේශය තුල දක්නට ලැබෙන අතර අඩි 3215ක උන්නතන්ශයකින් පිහිටා ඇත,අභිරහස් වලින් පිරි ස්ථානයක් වන මෙහි බිත්ති අතරින් විවිධ දේ වරින් වර හමුවීම මෙම බලකොටුවෙහි ඇති සුවිශේෂිත්වයයි.ප්‍රදේශවාසීන් අතර පවතින පුරාවෘත්තයකට අනුව මෙහි කලකට බිත්ති අතරින් අඳුරෙ බිත්ති අතරින් එලියට එන අඩි 10ක පමණ දිගැති අස්ථියක් ඇති බව කියවේ.එමෙන්ම මෙම අස්ථි සැමවිටම දිදුලන බවද කියවේ. තවත් පුරාවෘත්තයකට අනුව මෙම අස්ථිය අසල ගඟක පාලමක් ලෙසද භාවිතා කල බව කියවේ.එමෙන්ම කෙල්ට් යනුවෙන් යෝධයින් සමුහයක්ද මෙම පෙදෙසේ සිටි බව කියවේ.

මෙහිදී ප්‍රධාන වෘක්ෂලතා කලාප තුනක් දක්නට ලැබෙන අතර බිච් වනාන්තර ,ආම්ලික මෝන්ටෙන්බීච් වනාන්තර,උච්චතම ස්ප්‍රුස් වනාන්තර වේ. කඳු නගින්නන්ට සුදුසුම ගමනාන්තයක් වන බොහිමියානු වනාන්තරය සුන්දර නිවාඩු නිකෙතනයක්ද වේ.කිලෝමීටර් 500කට වඩා දිව යන සිත්ගන්නා සුළු ස්වභාවික මංපෙත් ගිම්හාන මණ්ඩප ,සංචාරක නවාතැන්, මෙහි දක්නට ලැබේ.

යුරෝපයේ හරිත වහල යන අන්වරත නාමයෙන් හඳුන්වන බොහිමියානු පෙදෙස සීත සමයේදී අස්ච්ර්යමත් සුන්දරත්වයකින් යුතු ප්‍රදේශයක් වේ.හිම ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන අයට ඉතාමත් සුදුසු දේශගුණයක් සහ පරිසරයක් මෙහි නිර්මාණය වේ.සුන්දර ග්ලැසියර් විල් ,හිම පතිත ගැඹුරු වනාන්තර,සුන්දර නිම්න ,මෙම ප්‍රදේශයට සොඳුරු බවක් එක් කරයි. එමෙන්ම මෙම උද්‍යානයෙ චිත්‍රපට නිෂ්පාදකයින් සඳහාද වෙනම කොටසක් සුන්දර දර්ශන සහ පසුබිම් තල සහිතව නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි.

Top