ප්‍රංශයේ මහාගත්කරු ලෙස විරුද ලද - වික්ටර් හියුගෝ (481)

post-title

වික්ටර් හියුගෝ මාරි හෙවත් වික්ටර් හියුගෝ විශ්ව සාහිත්‍ය කලාවේ අමරණිය චරිතයකි.මොහු ප්‍රංශයේ මහා ගත්කරු ලෙසින්ද විරුදාවලිය ලද අතර ප්‍රංශයේ මහා කවියා ලෙසද හැඳින්විය. මොහු 1802 පෙබරවාරි 26 වැනිදා ප්‍රංශයේ බිසැන්කොන්හි මොහු උපත ලැබිය. මොහුගේ පියා නැපෝලියන් බොනපාට්ගේ හමුදාවේ ජෙනරාල්වරයකු වූ Joseph Leopold Hugo විය .මොහු නවකතා රචකයකු, නාට්‍ය තිර රචකයකු සේම කාව්‍ය නිර්මාණකරණයේ යෙදෙන්නෙකු මෙන්ම මානව අයිතිවාසිකම් ක්‍රියාකරියකුද වූ අතර 19 වැනි සියවසේදී ප්‍රංශයේ විසු බලවත්ම පුද්ගලයින් අතර වැජඹෙන පුද්ගලයකු විය.

මෙහි Pension Cordier හා Lycee Louis Le Grand යන පාසල් වල මොහු ඉගෙනුම ලැබූ අතර පැරිස් නගරයේ නීති පිඨයේ උසස් අධ්‍යාපනය ලැබුවෙකි.මුලින්ම මොහු පදය රචනයට යොමු වුන අතර කාව්‍ය රචක වර්ජිල්ගේ අභාෂය තම කාව්‍යයන්ට උපයුක්ත කර ගන්නා ලදී.මොහුගේ පළමු කාව්‍යයට පැරිසියේ 18 වැනි ලුවී රජු විසින් සම්මානයක් දුන් අතර ඔහුගෙන් ජිවිත කාලය පුරා ලැබෙන ලෙසට විශ්‍රාම වැටුපක්ද ලැබීමට ඔහු සමත්විය.මොහු එකල ප්‍රංශයේ ප්‍රචලිත වූ සම්භාව්‍ය සාහිත්‍ය කලාවට එරෙහි රෝමාන්තික සාහිත්‍යධරයෙකු ලෙස ප්‍රචලිතය.

මොහුගේ ප්‍රථම කෘතිය වන්නේ හෑන්ස් ඔෆ් අයිලන්ඩ් (Hans of Island) කෘතිය වන අතර 1825 දී මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී.1827දී නිර්මාණය කරන ලද ක්‍රොම්වෙල් (Cromwell )මොහුගේ ප්‍රථම නාට්‍ය වේ.මාලොන්ද ලෝමේ (Marlon De Lome )හෙවත් වෙසඟනකගේ අවිචාරී ආලය නම් නාට්‍ය පසුකාලීනව ප්‍රචාරණයට තහනම් කරන ලදී.රටෙහි පැවති සමාජීය සහ දේශපාලනමය ක්‍රියාදාමයන් මනාව රසිකයන් වෙත ලංකෙරු නාට්‍යන් ලෙස 1832 දී ලී රෝයි සම්සේ (LE Roy Samnse )1838 දී බ්ලාස් (Blas )1843 දී ලේබර් ග්ලාවස් (Labour Glawas )ඇතුළු තවත් නාට්‍ය කීපයක් දැකිය හැකිය.මොහු තමන් මෙන්ම කළාවට සාහිත්‍යට රුචිකත්වයක් දැක්වූ පිරිසක් එක් කරන් Cenacle නමින් සාහිත්‍ය සංගමයක්ද පවත්වාගෙන යන ලදී.

මොහු විසින් 1831 දී රචනයට ලක් කරන ලද ලේ මිසරබ්ලේ (Le Miserable )කෘතිය ලොව ජනප්‍රියත්වයට පත්වූ අතර ලොව විවිධ භාෂාවන්ට පරිවර්තනයට ලක්වූ අග්‍රගණයේ කෘතියක් වේ.මෙය ඊරියගොල්ල මහතා විසින් මනු තාපය නමින් සිංහලයට පරිවර්තනය කරන ලද අතර මෙහි ප්‍රධාන චරිතයන් වන්නේ (ජනවර්ජන ) ජින්වැල් ජින් ,ජන්තු (ජාවට් ),පුජක තුමා යන චරිතයන්ය.මෙහි ප්‍රස්තුතය වන්නේ පාන් ගෙඩියක් සොරකම් කිරීම හේතුවෙන් වසර 19ක් සිරබත් කන (Jean Val Jean )ජින් වැල් ජින්ගේ කතාවයි.ආදරය ,කුතුහලය, වෛරය, ශෝකය, ත්‍රාසය යන සෑම රසයකින්ම යුක්ත වූ මෙම කතාව ඉතාමත් අපුරු වෘතාන්තයක් වන අතර 1959 දශකයේදී පාසල් පොතට පවා ඇතුළත්වූ කරන ලදී.

මෙම කෘතිය මගින් එවකට සමාජයේ පැවති අඳුරු කාල වකවානුව,පාතාල ලෝකයේ සංසිදුවීම් පිළිබඳව පුළුල් අවබෝධයක් පාඨකයා වෙත ලං කෙරේ.බඩගින්න නිවා ගැනීමට පාන් ගෙඩියක් සොරකම් කරන ලද ජින්වැල් ජීන් ටූ ලෝන් සිරගෙය වෙත යවා වසර 19කට පසු නිදහස් වුවත් ජන්තු (ජාවට් ) නම් පොලිස් නිලධාරියා ඔහුව සැක කරමින් දිගටම පසුපස පන්නන ආකාරය මෙහිදී අපට දක්නට ලැබේ.මේ මගින් ප්‍රංශ මහා විප්ලවය ගැනද ඉඟියක් වික්ටර් හියුගෝ විසින් පාඨකයා වෙත දෙන බව විචාරකයින්ගේ මතයයි.

1885 මැයි 22දෙවෙනිදා පැරිසියේදී වසර 88ක් ආයු වළඳා මෙම විශ්ව සාහිත්‍යධරයා මෙලොවින් සමුගන්නා ලදී.

Top