වන විනාශය සේම කොරෝනාවටද යටත් වූ ඇමසන් වනය (274 වන ලිපිය)

post-title

මෙම මස එනම් මාර්තු 21 වන දිනට ජාත්‍යන්තර වනාන්තර දිනය යෙදී තිබුණි. මේ පිළිබඳව විමසීමේදී ලොවට ඔක්සිජන් වායුව සපයන ඔක්සිජන් ආකරය ලෙස හඳුන්වන දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරයේ සිදුවන වන විනාශය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතේ. ඇමසන් වනාන්තරය ලෝකයේ දේශගුණය සමතුලිත කිරීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමට එරෙහිව ක්‍රියා කිරීම උදෙසා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන අතර මෙම වනාන්තරයද අද වන විට කොරෝනා වෛරසයෙන් බරපතල ලෙස පිඩා විඳියි.

ලෝකයේ විශාලතම ගංගාවන්ගෙන් එකක් වන ඇමේසන් නදිය මෙම වනාන්තරය මැදින් ගලා බසින බ්‍රසීලය, බොලිවියා, පේරු, ඉක්වදෝර්, කොලොම්බියා, වෙනිසියුලා, ඝානා, සුරිනාම් ෆ්‍රෙන්ච් ගුවානා යන රටවල් මෙම කලාපයේ පිහිටා ඇත. දක්ෂිණ අක්ෂාංශ 2.9 - 47.1 දක්වාද බටහිර දේශාංශ 35.9 - 55.7 අතර දළ වශයෙන් පිහිටා ඇත. ඇමසන් වනාන්තරය ලොව විශාලතම සහ වෙනස්ම නිවර්තන වැසි වනාන්තරය වන අතර එහි මිලියන 33 ක ජනතාවක් සහ සතුන් ජිවත් වේ. එමෙන්ම විවිධ වර්ගයේ ශාක වර්ගද මිලියන ගණනකට හිමිකම් කි වන පෙදෙසක් වීමද සුවිශේෂී වේ

2019 වසරට සාපේක්ෂව 2020 වසරේ මුල් මාස 4 තුල මෙම වන විනාශය 55%කින් ඉහල ගොස් ඇති බව පරිසරවේදීන්ගේ අදහසයි. අවුරුදු 11 ක පමන කාලයක සිට වනාන්තර ගිණි තැබීම , නීති විරෝධී ගස් කැපීම් ඉඩම් වල නිෂ්පාදන, නීති විරෝධී පතල් කැනීම් යනාදිය ඉහල යමින් තිබෙන අතර එය නැවත්වීමට නොහැකි අයුරින් වේගවත්ව වැඩිවන ප්‍රතිශතයකට ඉහල යන බව පරිසරවේදීහු පවසති.

කොරෝනා වෛරසය බ්‍රසීලයට ව්‍යප්තවුදා පටන් මාර්තු මාසයේ බ්‍රසීලයේ වැඩිම ආසාදිතයින් අනුපාතය සඳහන් කල රට ඇමානස් රාජ්‍ය වේ. අනිකුත් රටවල සේම මෙහිද වෛරසය පැතිරීම සිමා කිරීම උදෙසා සමාජ දුරස්ථභාවය සහ ගමන් සිමාවන් පනවා ඇත.

අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්ත්සියක් වන INPE සංවිධානය මගින් ලබා දුන් මුලික චන්ද්‍රිකා දත්ත අනුව අප්‍රේල් මාසයේදී රෝගීන් සංඛ්‍යාව ඉහල ගොස් රජයයන් හුදකලා කිරීමට පියවර ගන්නා විට වනාන්තර විනාශය 2019 වසරදී එම ප්‍රමාණයට වඩා 64 % කින් ඉහල ගොස් තිබී ඇත. පසුගිය වසරේ ඇමසන් වනන්තරේ සිදුවූ විසල් ලැවූ ගින්නකින් වනාන්තරයෙන් විශාල ප්‍රමාණයක් විනාශ විය. වැඩියෙන්ම ලැවූ ගිණි ඇතිවන්නේ ජුලි මාසයේ සිට වන අතර විශේෂඥයින්ට අනුව කොරෝනා සමයේ උච්චතම අවස්තාව ඊට සමපාත විය හැකිය.

වැසි වනාන්තර ආරක්ෂා කිරීමට නීති විරෝධී වන විනාශය නැවත්වීමට , ලැවූ ගිණි මැඩ පැවැත්වීමට බ්‍රසීල හමුදා නිලධාරින් විසින් ඇමසන් කලාපයේ හමුදාව යොදවා ඇත.මෙම වසරේ වන විනාශය ඉහල යෑමට පෙර පවා ඇමසන් රටවල් නමය පුරා අනුපාතය අඛණ්ඩව ඉහල ගොස් ඇත. 2019 දී ප්‍රාථමික වනාන්තර අහිමිවූ රටවල් 5 අතරට බ්‍රසීලය, බොලිවියාව සහ පේරු යන රාජ්‍යයන් අයිතිවූ අතර බොලිවියාවේ ඇතිවූ ලැවූ ගිණි හේතුවෙන් වාර්තාගත ගස් ආවරණයක් එරටට අහිමි විය.

දේශගුණ විද්‍යාඥ ඇන්ටෝනියෝ ඩොනාටෝ නොබ්‍රේ ට අනුව මාධ්‍ය වල කරන කතාබස්වලට වඩා 20% කට වැඩි ප්‍රමාණයක් ඇමසන් වනාන්තරය විනාශ වී ඇති බව කියවේ. එම නිසා විද්‍යාඥයින් පවසන්නේ අප විසින් වනාන්තර විනාශය හා වර්තමානයේ වන පරිහානිය නවත්වාලීමට කටයුතු නොකළහොත් සිදුවන දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිවිපාක දිනෙන් දින වේගවත් විය හැකි බවයි.

Global Forest Watch සඟරාවට අනුව 2019 දී පමණක් ඇමසන් වනාන්තරයේ ගස් ආවරණ අලාභය හෙක්ටර් මිලියන 2.4 ක් වී ඇත. මින් අඩක් ප්‍රථමික වනාන්තර මට්ටමේ පැවති අතර ජෛව විවිධත්වයෙන් පරිනත විය. 2019 දී එහි සිදුවී ඇති විනාශය ප්‍රථමික වනාන්තරයේ සිට පාපන්දු පිටි තුනක ප්‍රමාණයක විනාශය හා සමානව සිදුවී ඇත. 

සමස්ත ඇමසන් වනාන්තරයේ ප්‍රමාණය යනු ජෛව විද්‍යා වනාන්තර ප්‍රමාණයෙන් 0.32 ක් පමණි.නමුදු එය ගුණාත්මකභාවය පිලිබඳ පැනයකි.ඔක්ස්වර්ඩ් සරසවියේ පාරිසරික විද්‍යාඥ Erika Berenger ට අනුව සෑම හෙක්ටයරයකම පරිසර විනාශයක් යනු පරිසර පද්ධතියේ කොටසක් ක්‍රියාවිරහිත වන අතර මෙය සෙසු අයටද බලපායි.

ප්‍රථමික වනාන්තරයක් යනු අවුරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් පැරණි ගස්වල වාසස්ථානයකි. එය දැවැන්ත කාබන්ඩයොක්සයිඩ් ගබඩාවක් ලෙස ක්‍රියාකරන බැවින් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් අවම කිරීම උදෙසා කරන කාර්යභාරය ප්‍රභලය. ප්‍රභාසංස්ලේෂණයේදී ගස් මගින් අවශෝෂණය කරන CCO2හි කුඩා කොටසක් ශ්වසනය අතරතුර වායුගෝලයට මුදා හැරේ. ඉතිරිය කාබන් බවට පරිවර්තනය වන අතර එහි පරිවෘත්තිය ක්‍රියාවලියට අවශ්‍ය සිනි නිපදවීමට ගස් භාවිතා කරයි. ගසක් පැරණි සහ විශාල වන තරමට එහි අඩංගු කාබන් ප්‍රමාණය වැඩි වේ. ආචාර්ය බෙරෙන්ගුවෙර් ට අනුව විශාල ගසක මීටර තුනක වට ප්‍රමාණයකින් යුතු කාබන් ටොන් තුනක් අඩංගු විය හැක, මෙය CO2 ටොන් 10 - 12 ත් අතර ප්‍රමාණයකට සමාන වේ.

මේ අනුව ඇමසන් වනාන්තරයේ විනාශ වීම නතර කිරීමට පියවර නොගතහොත් ලෝ වාසීන්ට මීට වඩා ස්වභාවික ආපදා වලට මුහුණ දීමට සිදුවන වනු ඇත.

" මිනිසා පරිසරය වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට උත්සහ ගන්නා සෑම අවස්තාවකදීම පරිසරය ඊට වඩා දෙගුණයකින් මිනිසාට දඬුවම් දෙනු ඇත."

Top