ක්යක්තියෝ පැගෝඩා චෛත්‍ය බුරුමයේ මොන් ප්‍රාන්තයේ පිහිටා ඇති අතර එය බුරුම රටේ වඩාත් ප්‍රසිද්ධ වූද කැපී පෙනෙන්නාවුද ආගමික ස්ථාන තුනෙන් එකකි. මුන් ජනපදය බෙහෙවින්ම පතලව ඇත්තේ එහි කඳු මුදුනෙහි විශාල ස්වර්ණ ගල් කුල මත පිහිටා ඇති චෛත්‍ය නිසාය. මෙහි විශේෂත්වය වන්නේ ගල් කුල මත අඩමානව පිහිටා තිබීමයි. දැනට එය ගල්කුලට සම්බන්ධ වන සේ රන් බදාමයක් යොදා ඇත.
එහි සියවස් ගණනක සිට නැරඹීමට පැමිණෙන බෞද්ධයින් විසින් රන් කොළ අලවා තිබෙනු දක්නට ලැබේ. ක්‍යක්තියෝ කඳු මුදුනේ ඇති මෙම පාෂාණය පිහිටා ඇත්තේ කෙසේද යන්න පිළිබඳව කිසිවෙකුටවත් නියමිත අදහසක් දිය නොහැක. ග්‍රැනයිට් වර්ගයේ ගල් කුලක් වන අතර සාමාන්යෙන් ග්‍රැනයිට් සමබරතාවය සුරකින පාෂාණ වර්ගයක් වන අතර එය පොළවේ ගුරුත්වාකර්ෂණ බලය ප්‍රතික්ෂේප කරන බව කියවේ. එම හේතුව නිසා මෙම ගල්කුල නොවැටි තිබේයැයි අපිට නිමානය කල හැක. මේ පිළිබඳව බුරුමයේ සුපතල කියමනක් ඇත.
එනම් ‘’මෙම ගුරුත්වාකර්ෂණ බලය නොසලකා හරින ඕනෑම පුද්ගලයෙකු රන් පර්වතය දෙස බැලීමෙන් බුදුදහම වැළඳ ගැනීමට පෙළඹෙන බවයි.’’
නිරුක්තිය
මොන් භාෂාවෙන් කයික් යන වචනයේ තේරුම ගත් විට පැගෝඩා යන අර්ථය දෙන අතර yo යන්නෙන් භික්ෂුන් වහන්සේගේ හිස යන අදහස ගෙනෙන අතර කයක්තියෝ පැගෝඩා යනු ඉංග්‍රීසි බසින් පැගෝඩා ආරාමයේ හිස යන අර්ථය ගත හැකිය.
පිහිටි ස්ථානය
ක්‍යක්තියෝ පැගෝඩා ව ටෙනරිසම් මුහුදු තීරයේ සිට මීටර් 1100ක උසින් පිහිටා ඇත. මෙම කඳුකරය නැගෙනහිර යොමා කඳුකරයේ හෝ කෙලෙසා කඳුකරයේ කොටසක් වන අතර යෝන්ගොන් නගරයේ සිට කිලෝමීටර් 210ක් දුරින් පිහිටා ඇත. චෛත්‍යයට ආසන්නයෙන්ම පිහිටි ගම්මානය කිංපුන් වන අතර දේවමලිගය වන්දනා කිරීමට ඉහළට ගමන් කළ යුතුය. කාරයකින් ගමන් කළ හැකි අවසාන ස්ථානය යොන්ටෝන් වන අතර එතන සිට බැතිමතුන් පාගමනින් යා යුතුය.
පුරාවෘත සහ ඉතිහාසය
බුරුම ජන කතා වලට අනුව බුදුරජාණන් වහන්සේ වරක් තායික් තා නම් තාපසයෙකුට තම හිසකෙස් කිහිපයක් දුන් බවත් තවුසා විසින් එය ආරක්ෂිතව තම කෙස් කළඹේ එය ගැට ගසා පසුව රජතුමාට ප්‍රධානය කල බව කියවේ. ඔහුගේ පැතුම වී ඇත්තේ බුදුන්වහන්සේගේ හිසකෙස් නිදන් කර ඇති ගල්කුල තාපසයෙකුගේ හිසක හැඩයකින් නිර්මිත වීමයි. රජතුමාට අනුව ඔහු සතු අත්භූත බලය ලැබී ඇත්තේ ආදී රසායන විද්‍යාඥයකු වූ සැව්ගි නම් ඔහුගේ පියාගෙනුත් , සර්ප මකර කුමරියක වූ මවගෙනුත්ය. එම නිසා රජු දෙමවුපියන් සමගින් මුහුදු පතුලේ පිහිටි රවුම් කඳු මුඳුන නිවහන කරගෙන තිබේ. ඉන්පසුව බෞද්ධ විශ්ව විද්‍යාවට අනුව ත්වදින්තා ස්වර්ගයට අධිපති රජු ලෙස හඳුන්වන තග්යාමින් රජුගේ උපකාර ඇතිව ගල් තලාව තැබීමට ස්ථානයකුත් නුලකින් සම්බන්ධ කල හැකි පැගෝඩාවකුත් නිර්මාණය කර තිබේ. මෙහි තැම්පත් කල බුදුන්වහන්සේගේ හිසකෙස් නිසා මෙම පර්වතය පෙරලි නොයන බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.
මෙම රන් පර්වතය බවට හැරවුන බෝට්ටුව ක්‍යක්තියෝ පැගෝඩා වේ සිට මීටර් 300ක දුරින් ගලක් බවට පරිවර්තනය වී ඇති බව කියවේ. බැතිමතුන් විසින් වන්දනා මාන කරන මෙම ගල ක්යුක්තන්බන් ස්ථුපය ලෙසින් හැඳින්වෙන අතර එය ගල්බෝට්ටු ස්ථුපය යන අර්ථය දේ.
ප්‍රාග් ඓතිහාසික වාර්තා වලට අනුව ,ක්‍රි.පු.581දී තෙක්තධම්ම සිහරාජා රජු විසින් මෙම පැගෝඩා ව නිර්මාණය කල බව කියවේ. තවත් වාර්තාවකට අනුව 11වන සියවසේදී සංචාරයේ පැමිණි භික්ෂුවක් බුදුන් වහන්සේගේ හිසකෙස් කෙඳි තුනක් තිස්ස රජුට දී එය නිදන් කර භික්ෂු හිසක හැඩති පර්වතයක් නිර්මාණය කරන්නට කි බවද පැවසේ.
කෙසේ වුවද මේ ගැන ඇති ජනප්‍රියම විශ්වාසය වන්නේ කිංපුන් වල පිහිටා ඇති කඳවුරේ සිට මෙම දේව මන්දිරයට වසරකට තුන් වරක් වන්දනා කරන බැතිමතුන්ට ජීවිතය පුරාවටම සමුර්ධිය සහ කිර්තිය ලඟා වෙන බවයි.
අපේක්ෂා කල යුතු දේ
ක්‍යක්තියෝ පැගෝඩා ව මීටර් 7.3ක උසින් යුක්ත වන අතර මීටර් 15ක විශ්කම්භයකින් යුතු වේ. මෙම රන්වන් ගල්පව්ව පාෂාණමය වේදිකාවක් මත පිහිටා ඇති අතර එය ගල්කුලට ආධාරකයක් ලෙස ස්වභාවිකව පිහිටා ඇත. කෙසේ වුවද රන් ගල්කුල පාෂාණ වේදිකාවෙන් වෙන්ව පවතින්නේ කුඩා ස්පර්ශක ප්‍රදේශයකිනි. එම නිසා එය නරඹන්නාට අස්ථිර පිහිටිමකින් යුක්ත ගල්කුලක් බව බැලුබැල්මට පෙනෙන දෙයකි.
රන්වන් කොළවල අඳින ලද නෙලුම් මලක හැඩයෙන් පර්වත පාදම නිර්මාණය කර ඇති අතර , පර්වතය වට කර සිතුවම් කර ඇත. පැගෝඩා සංකීර්ණයට පඩිපෙලකින් පැමිණෙන බැතිමතුන්ට දේවමලිගාවේ ආලින්දයේ සිට චමත්කාර දර්ශනයක් නැරඹිමට හැකියාව ලැබේ. මෙම අංගනයේ කුඩා විහාර සහ පැගෝඩා ගණනාවක් දක්නට ලැබීමේ විශේෂත්වයකි.මෙම පර්වත අංගනයේ පසෙක ගොන්ගෝ කවය දක්නට ලැබෙන අතර එහි ප්‍රසාදයට කිට්ටුවෙන් දේවදුතයන් ගේ හා නැට් ආත්මයන්ගේ ප්‍රතිමා හතරක් දක්නට ලැබේ.
මෙම පැගෝඩාවට ආසන්නව ආගමික මෙවලම් , පිළිම අලෙවි කරන වෙළඳ සැල් රැසකින් යුක්ත නගර චතුරශ්‍රයක් පිහිටා ඇති අතර එම පොටෙම්කින් ගම්මානයේ අහාරපාන අලෙවිසැල් , විවිධ තිළිණයන් ආදිය ඇති අලෙවිසැල් වලින් සමන්විතය.
පුජෝත්සවය
වන්දනා සමය සෑම වසරකම නොවැම්බර් මාසයේ ඇරඹෙන අතර මාර්තු දක්වා අඛණ්ඩව පැවතේ. බැතිමතුන්ට මෙම පුජනිය බිම තුල ප්‍රබෝධමත්ව හා බැතිසිතින් වන්දනා කල හැකි වාතාවරණයක් සැකසේ. උදේ සිට හවස් වන තෙක්ම රන්වන් පර්වතය තේජසින් බැබලෙන ආකාරය දකින්නට ලැබෙන අතර බැතිමතුන්ගේ නමස්කරයන්ගෙන් අවට පරිසරයම දෝංකාර දෙන්නේ අධ්‍යාත්මික පරිසරයක් නිර්මාණය කරමිනි.
දහස්ගණන් බැතිමතුන් සහභාගී වන මෙම උත්සව සමය තුළ රාත්‍රිය පුරාම සුවඳ දුම් කුරු සහ හඳුන් කුරු දල්වමින් රාත්‍රිය පුරාම බැතිගී ගායනා කරන අතර ශුද්ධ වූ චාරිත්‍ර අනුගමනය කරමින් ගල් බිත්ති පුරා රන් ආලේපිත කොළ ඇලවීමේ නියුතු වේ. මහලු සහ අබාධිත පුද්ගලයන්ට මුදලක් ගෙවා දේව මන්දිරය වෙත යාමට පොටර්වරුන් සහ ගිලන් ඇඳවල් මිලට ගැනීමේ පහසුකම ඇත.
මාර්තු මාසයේ පුර පසළොස්වක පොහොදිනයේදී ටබෝන්හි මෙම පාෂාණ වේදිකාව දැල්වූ ඉටින්පන්දම් 90000කින් ආලෝකමත් වේ.මෙම බැතිමතුන් බුදුන්වහන්සේට පුජාවක් ලෙස මෙය කරන අතර පුජාවක් ලෙස ඉටිපන්දම් , සුවඳ දුම් සහ පලතුරු පුජා කරයි.
නවාතැන්
වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට ක්‍යක්තියෝ කඳු මුදුනේ නවාතැන් තිබුනත් , කිංපුන් හි කඳවුරේ හෝටලයක් කුලියට ගැනීම සුදුසුවේ. එහි හොඳ හෝටලයක් සහ අවන්හල් ඇති අතර නරඹන්නන් එහි රාත්‍රියක් ගත කර පසුදින උදැසනින් ගමන ඇරඹිය යුතුය.Golden Rock ,Paan Myo Thu,The Mountain Top Hotel සහ Yoe Yoe Lay මෙම ප්‍රදේශයේ ඇති හොඳ තත්වයේ හෝටල් කිහිපයකි.
පැමිණෙන ආකාරය
මුල් කඳවුරේ සිට වාහනයක් කුලියට ගත හැකි අතර එය බොහෝ විට මගීන්ගෙන් පිරි පවතී.ඒ ඔස්සේ ඔවුන්ට කඳු මුඳුනට ලඟා විය හැකි අතර අලංකාර කඳුකර මාර්ගයක් ඔස්සේ රැගෙන යනු ඇත.එසේ නැතහොත් කිලෝමීටර් 11ක දුරක් කන්දේ ඉහලට නැගිය හැකි අතර සෙවණ සහිත සුන්දර ප්‍රදේශයක් හරහා ගමන් කිරීමට හැකියාව ලැබේ.කඳු මුදුනට යාමට පැය 3,4ක් ගතවන අතර පන්සල් මාර්ගය හොඳින් සකසා ඇත.එසේම යන්ගොන් නගරයේ සිට දුම්රියක් ඔස්සේ පැය 3කින් 4කින් ක්යක්තියෝ සහ කින්පුං ගම්මානයන්ට යා හැකිය.පැය 5ක පමණ දුරකින් බස් රථයෙන් ගමන් කිරීමටද බැතිමතුන්ට හැකියාව ඇති නමුදු දුම්රිය ගමන වඩාත් සුවපහසු වේ.එමෙන්ම සුන්දර බුරුම ගම්මනයන්ද මේ නිසාම නැරඹීමට හැකියාව ලැබේ