ලාවා ගැලීමෙන් බිහිවූ සුන්දර Yellow Stone උද්‍යානය (316)

post-title

පෘතුවි අභ්‍යන්තරයේ ඇති ලාවා ගැලීම් මිනිස් සංහතියට මෙන්ම පරිසරයටද හානි කරනවාක් මෙන්ම අයස්කාන්ත නිර්මාණයන් ද මිනිසාට දායාද කරයි.උතුරු ඇමරිකාවේ පිහිටි යෙලෝ ස්ටෝන් උද්‍යානයද ගීසරයක් හේතුවෙන් ඉදි වූ අසාමාන්‍ය නිර්මාණයකි. 

වයොමින්ග්, මොන්ටානා, අයිඩොහෝ යන ප්‍රාන්ත පුරා පැතිරෙන Yellow Stone උද්‍යානය 1872 දී ඇමරිකාවේ ජනාධිපති ග්‍රාන්ට් ගේ අදහසකට අනුව නිර්මිත ප්‍රථම ජාතික උද්‍යානය වේ. මෙය වර්ග සැතපුම් 3472ක් ආවරණය කරන අතර එයින් 96%ක ප්‍රමාණයක් වයොමින්ග් ප්‍රන්තයටද , 3%ක ප්‍රමාණයක් උතුරු හා වයඹ මොන්ටානා වලටද , 1%ක ප්‍රමාණයක් අයිඩහෝ ප්‍රන්තයටද බෙදී යයි. යෙලෝස්ටෝන් සානුවේ පිහිටා ඇති මෙම උද්‍යානය මුහුදු මට්ටමේ සිට මීටර් 2400ක උන්නතාංශයක පිහිටා ඇත. සානුවේ බොහෝ පැතිවල කඳු පංති ඇති අතර ඒවා බොහෝ විට මීටර් 2700 ක මීටර් 3000 දක්වා උසින් දක්නට ලැබේ.

භූ විද්‍යාවට අදාළ වන ජීවින්, ශාක විශේෂ, කෘමි, කුරුළු ආදී විශේෂයින්ගෙන් සමන්විත මේ උද්‍යානය ෆොමරල්ස් සහ මැමත් උණුදිය උල්පත්, උණු ජලය ඉහලට විදිනා ගිසර් නමැති උණුදිය උල්පත්, රුස්වෙල්ට් කැනියන් ගංගා සහ කඳු වැටි, ධිවර පාලම මෙන්ම ලැමර් සහ හේඩ්න් නිම්න ආදියෙන්ද සමන්විත වූ සොබාදහමට අනුබද්ධ වූ අසාමාන්‍ය වූ සුන්දර නිර්මාණයකි. එමෙන්ම රතු දත්ත පොතට ඇතුළත්වීමට නියමිත ලොව දුර්ලබ සතුන් වූ ග්‍රීස්ලි වලහා, බයිසන් ගවයා ,කළු වලසුන්, එළුවන් එල්ක්, මුස් කොටළුවන් සහ වෘක වර්ගයන් උරගයින්, ක්ෂීරපායින් උභය ජීව විශේෂ මෙන්ම ආදී සත්ත්වයින් රැසකට නිජබිම වී ඇත. එමෙන්ම නරඹන්නන්ට කෞතුකාගාරයක්, නැරඹීම් කුළුණු යනාදියෙන් ද සමන්විත අතර මෙය දකුණු රොකී වනාන්තර පරිසර කලාපයටද අයත්වේ,

යෙලෝස්ටෝන් විල ඇමරිකාවේ උසම විල් වලින් එකක් වන අතර අක්‍රිය ගිනිකන්දක් වූ කැල්ඩෙරා කේන්ද්‍ර කොට ගෙන පිහිටා ඇත. මෙය පසුගිය වසර මිලියන දෙක තුළ කිහිප වතාවක් ම අනතුරුදායි ලෙස පුපුරා ගොස් ඇත. එහි නටඹුන් යෙලෝස්ටෝන් කැන්ඩෙරා නමින් හඳුන්වන අතර එම ගිණි කන්දෙන් පිට වූ ලාවා වලින් yellow Stone උද්‍යානයේ බොහෝ ස්ථාන ආවරණය වී ඇත. මෙම උද්‍යානය උතුරු සෞම්‍ය කලාපයේ ඉතිරිව ඇති විශාලතම ජෛව පාරිසරික පද්ධතියයි. 1978 දී මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කරන ලදී.

සෑම වසරකම මෙම උද්‍යානයේ ලැව් ගින්නක් ඇතිවන අතර 1988 දී ඇතිවූ ලැව් ගින්නෙන් උද්‍යානයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් විනාශ විය. යෙලෝස්ටෝන් නැරඹීමට පැමිණෙන නරඹන්නන්ට කඳු නැගීමට, බෝට්ටු පැදීමට මසුන් ඇල්ලීම ආදී බොහෝ විනෝදාංශ වල යෙදීමට ඉඩ හසර ලැබී ඇත.

මෙහි ඉතිහාසය ගත් කල ,18 වන ශතවර්ෂයේ අග භාගයේදී ප්‍රංශ උගුල් අටවන්නන් විසින් යෙලෝස්ටෝන් ගංගාව හඳුන්වා ඇත්තේ Roche Jaune ලෙසය. පසුකාලීනව ඇමරිකානු උගුල් අටවන්නන් විසින් මෙය යෙලෝස්ටෝන් ගංගාව ලෙස නම් කරන ලදී. මෙයට හේතුව ගංගාව අසබඩ සහ ගංගා පත්ලේ ඇති කහ පැහැති පාෂාණ බවද කියවේ.

මෙහි ඇති බ්ලැක් ග්ලාස් කන්ද ඔබ්ඩිසියන් පාෂාණයෙන් ගොඩනැගී ඇති අතරඇමරිකානු ස්වදේශික වර්ගයක් වූ ෂෝශේණි ජාතිකයින් තමන්ගේ ඊතල වල හිස් නිර්මාණයට යොදාගත් බව කියවේ. උතුරා යන ලාවා ඝනීභවනය වීමෙන් මෙම කන්ද නිර්මාණය වී ඇත. වසර 11000 කට පමණ පෙර විසු ස්වදේශික ඉන්දියානුවන් මෙවලම් සහ යුධ නිර්මාණය කිරීමට භාවිතා කල ඇබ්සිඩියන් මෙහි දක්නට ලැබේ. මේවයින් තැනු ඊතල මිසිසිපි නිම්නයෙන්ද සොයාගෙන තිබුණි. එයින් වැටහෙන්නේ දෙරටේ ගෝත්‍රිකයින් අතර ඇබ්සිඩියන් වෙළඳ හුවමාරුවක් පවතින්නට ඇති බවයි.

1806 දී ලුවිස් සහ ක්ලාක් යන ගවේශකයින් මේ ප්‍රදේශයේ ගවේෂණයෙහි යෙදුනහ. ඒ සතුන්ගේ ලොම් ලබා ගැනීම සඳහා උගුල් අටවන්නන්ගේ කණ්ඩායමකට සම්බන්ධ විම සඳහාය .1856 දී කඳුකර මිනිසා යන අන්වරත නාමයෙන් හඳුන්වන ජිමි බ්‍රිජර් (මහා ලුණු විල දුටු ප්‍රථම යුරෝපිය ඇමරිකානුවා ලෙස හඳුන්වයි) පසුව ඔහු 1859 දී හමුදා මිනින්දෝරුවකු වූ කපිතාන් විලියම් එෆ් රෙනොල්ඩ්ස් සමග උතුරු රොකි කඳුකර ප්‍රදේශය පිලිබඳ ව අවුරුදු දෙකක නිරීක්ෂණයක් කරන ලදී. මොහු ඇතුළු කණ්ඩායම විසින් වයඹ දිග වයෝයිම් හි සුළං ගංගා ජල ප්‍රවාහයෙහි සිට සාගර සානුව හරහා මහාද්වීපය තරණය කිරීමට උත්සහ කරන ලදි.

උද්‍යානය නිල වශයෙන් විවුර්ත වුන දා සිට උද්‍යානයේ පළමු පාලක සහ අධිකාරි වරයා ලෙස අභ්‍යන්තර ලේකම් කොලම්බස් ඩෙලනෝ විසින් නතානියෙල් ලාන්ග්ෆර්ඩ් ව පත් කරන ලදී. නමුදු ඔහුගේ පරිපාලනයේ සිදුවූ අඩුපාඩු හේතුවෙන් උද්‍යානයේ යම් යම් ප්‍රයෝගික ප්‍රශ්න ඇතිවීමට හේතු විය.1875 දී ජෝර්ජ් ආම්ස්ට්‍රෝන් කස්ටර්ගේ අනුමැතිය මත විලියම් ලුඩ්ලෝට ගවේෂණයක් සිදු කිරීමට අණ ලැබුණ අතර ඔහුගේ වාර්තාවට අනුව උද්‍යානයේ සිදුවූ උද්‍යාන සම්පත් අවනීතිය සහ සුරා කෑම පිළිබඳව ඇතුලත් විය.

රිවර් සයිඩ් ගීසර් උණුදිය උල්පත ෆයර් හෝල් නදිය අසබඩ පිහිටා ඇත.මෙහි අඩි 75-80 අතර උසැති ජල හා වාෂ්ප කඳක්පැය 7 කට 8 කට සැරයක් අහසට විදී. හිරු එළිය වැටි ඇති විටෙක මෙහිදී දේදුනු පැහැයෙන් දක්නට ලැබෙන දසුන ඉතාමත් සුන්දරය. පොළව යට තිබෙන කිලෝමීටර් 5ක් පමණ ගැඹුරු වූ පාෂාණ ගුලියකින් සැදී ඇති විවරයකින් මෙම උල්පත් වල ජලය උණු වීමට සහ ඉහලට විදීමට අවශ්‍ය ශක්තිය ලැබේ.මෙයින් නිර්මාණය වුන යෙලෝස්ටෝන් ගිණි කන්ද උතුරු ඇමරිකාවේ භයානකම ගිණි කඳු විවරය වේ. එම නිසාම මෙය සුපිරි යමහලක් ලෙස හැඳින්වේ.

මෙම උද්‍යානයේ ඇති අලංකාරවත්ම ස්ථානය වන්නේ යෙලෝස්ටෝන් විල වන අතර එය අක්කර 87040 ක බිම් පෙදෙසක් ආවරණය කරනු ලබයි. අඩි 400ක ගැඹුරකින් මෙය යුක්තවන අතර උතුරු ඇමරිකාවේ මුහුදු මට්ටමින් පිහිටි උසම විල වේ.20% ක ප්‍රමාණයක් තණබිම් වලින් සමන්විත මෙම උද්‍යානය 80%ක් වනාන්තරයෙන් සමන්විත වේ.

යෙලෝස්ටෝන් හි අසමානය දේශගුණයට හේතුව වී ඇත්තේ පාෂාණ කඳුකරයක පිහිටීම බව භූ වියාඥයින්ගේ මතයයි. නමුදු මෙහි සුන්දරත්වය විඳීමට වසරකට නරඹන්නන් මිලියන 2කක ට අධික ප්‍රමාණයක් පැමිණෙන බව පාලකයින්ගේ අදහසයි. උද්‍යානයේ පිවිසුම් මාර්ග 5කි.

1.උතුරේ සිට ලිවින්ස්ටන් හා ගාඩිනර් හරහා 

2.ඊසාන දෙසින් බේයර් - ටුත්(වයමින්ග් ) හරහා 

3.නැගෙනහිරින් කොඩි හරහා 

4.දකුණින් ජැක්සන් හරහා 

5.ග්‍රෑන්ඩ් ටෙටෝන් හරහා විත් බටහිරින් ඉඩහෝ දිය ඇල්ල හරහා විත්ය.

පරිසර සහ සත්ව ජිවිත සංරක්ෂණය කිරීම මෙවැනි උද්‍යාන නිර්මාණයේ ප්‍රධාන අරමුණ වේ.යෙලෝස්ටෝන් නිර්මාණයට පෙර ස්වභාවික විද්‍යාඥ හෙන්රි ඩේවිඩ් ත්රෝ සහ ආධාරකරුවන් එම ප්‍රදේශයේ සොභාදහම ආරක්ෂා කර දෙන මෙන් රජයෙන් ඉල්ලීම් කළහ.පසුකාලීනව 1841 දී ජාතික වනයෝද්‍යාන පනත නමින් පනතක් ගෙනා අතර එක්සත් ජනපද කොන්ග්‍රසය මගින් වන ජීවින් සහ අනිකුත් ස්වභාවික වන සම්පත් ආරක්ෂා කළේය. 

Top