ලෝකයේ පිහිටි සාගර මුහුදු වැනි ජලාශ පිළිබඳව විමසීමේදී අරාබින් විසින් ලුණු මුහුද නමින් හඳුන්වන මල මුහුද සුවිශේෂී පිහිටීමකි. මෙය රතු මුහුදේ කොටසක් වශයෙන් පිහිටි ලුණු විලක් වන අතර එහි බටහිර වෙරල තීරුවෙන් අඩක් ඊශ්රමයලයට අයත්වන අතර නැගෙනහිර වෙරල තිරයෙන් අඩක් පලස්තීනයට අයත් වේ. 1967 දී පැවති අරාබි ඊශ්ර යෙල් යුද්ධයෙන් පසු බටහිර ඉවුර ඊශ්රටයෙල් ජනාවාස වලින් යුක්ත වේ. මළ මුහුද පෝෂණය වන්නේ එයට ගලා බසින ජෝර්දාන් ගංගාවෙනි.
මළ මුහුදේ ජල මට්ටම මුහුදු මට්ටමට වඩා පහතින් පිහිටා ඇති අතර , 20 වන සියවසේ දශක කිහිපයක් පුරා ඊශ්රටයලය සහ ජෝර්දානය විසින් අපරික්ෂාකාරී ලෙස මෙම මුහුදු ජලය පරිහරණය කිරීම නිසා තව දුරටත්මීටර් 400ක් ජල මට්ටම පහත් විය. මෙම ජල මට්ටම තව දුරටත් වාර්ෂිකව මීටර් 3 බැගින් පහත බසිමින් පවතී. මල මුහුද බටහිරින් ජ්යුදයේ කඳුකරයෙන් සහ නැගෙනහිරින් ට්රාාන්ස්ජෝර්ඩිනියානු සානුව අතර පිහිටා ඇත. ජල මට්ටම පහත වැටීමට පෙර මෙම ජල තලය කිලෝ මීටර් 80 ක පමණ දිගකින් සහ කිලෝ මීටර් 18 ක පළලකින් යුක්ත වූ අතර වර්ග කිලෝමීටර් 1020 ක භුමි ප්රසමාණයක් පුරා පැතිර තිබුණි.
අල් ලීසාන් අර්ධද්වීපයේ පිහිටි විල අසාමාන්යල ලෙස ද්‍රෝණි දෙකකට වෙන් වී ඇති අතර උතුරු ද්රෝලණියේ විල මුළු භුමි ප්රලමාණයෙන් හතරෙන් තුනකි. එනම් මීටර් 400 කි. දකුණු ද්රෝිණිය කුඩා වන අතර මීටර් 3ක පමණ ගැඹුරකින් යුක්ත වේ. බයිබලයට සම්බන්ධ යුගවලදී සහ ක්රිා.ව. 8 වන යුගයේදී ජනාවාස පැවතියේ උතුරු ද්රෝ ණිය අවට ප්රපදේශ වල පමණක් බව කියවේ.
20 වන සියවසේ මුල් භාගයේදී සහ 21 වන සියවසේ අග භාගයේදී විලේ ජල මට්ටම පහත වැටී මල මුහුදේ භෞතික ස්වරුපය වෙනස් වීමකට ලක් විය. ඉන්පසු සිදුවූ කැපී පෙනෙන වෙනස්කම නම් අල් ලිසන් අර්ධද්වීපය නැගෙනහිර දෙසට ව්යකප්ත විමයි. පසුව විලෙහි උතුරු සහ දකුණු ද්රෝමණි වියලි බිම් තීරුවකින් වෙන් විය. අවසානයේදී දකුණු ද්රෝ.ණිය ලුණු නිෂ්පාදනය සඳහා විශාල වාෂ්පීකරණ තටාක වලට යොදාගෙන ඇත.
මිට වසර මිලියන 2.5 කට පමණ පෙර ගලා ආ ජලයත් සමග පැමිණි ෂෙල්, මැටි, වැලි, ගල්, පාෂාණ, ලුණු, ජිප්සම් වැනි අවසාධිත විල් පත්ලේ තැන්පත් වී පසුව මැටි, මාර්ල්, මෘදු හුණු , සහ ජිප්සම් වැනි සතර සහ බොරළු ස්ථර බවට හැරවුනි.
අල් ලීසාන් සහ සේදොම් කන්ද පෘතුවියේ චලනයන්හි සහ පිපිරීම් වල ප්රනතිපලයකි. එමෙන්ම මල මුහුදේ පහත ජල මට්ටමක් පිහිටීමේ තවත් ප්රතතිඵලයක් නම් කලාපයේ නිරිත දිග පෙදෙසේ ගිලී යාමයි. වැවෙහි ජලය පහත යාමත් සමග මතුපිට පිහිටි ජල මට්ටම ඉහල යාමටත් අධිකව ඇති ලුණු තට්ටුවේ භූගත ලුණු ආකර සහිත ගුහාවන් විසිරුවා හැරීමට ද හැකි විය.
මල මුහුද පිහිටා ඇත්තේ කාන්තාර පෙදෙසකය. එම නිසා සුළු වර්ෂාපතනයක් ලැබෙන අතර එයද අක්රුමවත්ය. මෙම පෙදෙසට වාර්ෂිකව ලැබෙන්නේ මි.මි. 65 ක වර්ෂාපතනයකි. විල ඉතාමත් පහළ උන්නතාංශයක පිහිටීම නිසා ශිත කාලයේදී උණුහුම අඩු වන නමුදු ගිම්හානයේදී සෙල්සියස් අංශක 51ක උපරිම උෂ්ණත්වයක් පෙන්නුම් කරයි. වසරකට මි. මි. 1500ක් ලෙස ගණනනය කර ඇති වැවේ ජල ප්රතමාණය වාෂ්පීකරණය වීම හේතුවෙන් බොහෝ විට වැවට ඉහලින් මීදුමක් සේ ජල පටල දක්නට ලැබීම සුලබ දසුනකි.
මල මුහුද අවට ගංගා වල වායුගෝලීය ආර්ද්රේතාවය මැයි මාසයේදී 45% සිට ඔක්තෝම්බර් වන විට 62% දක්වා වෙනස් වේ. වසන්ත සමයේදී ජෝර්දාන් නදියෙන් ඔරොත්තු නොදෙන ප්ර%මාණයේ ජල ප්ර්වාහයක් මල මුහුදට ගලාගෙන එන අතර ගංගාවේ ජලය හරවා යැවීමකට ලක්වූ නිසා මළ මුහුදේ ජල මට්ටම පහත වැටීමට එය හේතුවක් විය. ජෝර්දානයේ සිට නැගෙනහිර දෙසින් අල් උයිමා, සරකා මාන්, අල් මව්ජිබ්, අල් අසා, නමින් අතු ගංගා හතරක් මළ මුහුදට එකතු වේ.
මල මුහුදේ ජලය අතිශයින්ම ලවණ මුසු අතර විලෙහි ගැඹුරට යන්නට එම ලවණ මට්ටම වැඩිවේ. එම සංසිද්ධිය නිසාවෙන් වැවෙහි ජල ස්කන්ධ දෙකක් නිර්මාණය වූ අතර 1970 දශකයේ අග දක්වා දශක 3ක් පමණ පැවතුනි. මෙම ජලයේ හයිඩ්රනජන්, මැග්නීසියම්, පොටෑසියම්, ක්ලෝරීන් සහ බ්රො මින් යනාදී සාන්ද්රපණයන් අඩංගු වේ. ගැඹුරු ජලය සෝඩියම් ක්ලෝරයිඩ් සමහ එකතුවන අතර ගැඹුරු ජලය පොසිලකරණයට ලක් වේ. 1960දී ජෝර්දානයෙන් ගලා එන ජල ප්රයමාණය අඩුවූ අතර මළ මුහුදේ ලවණ සාන්ද්රණණය වැඩි විය.
විලෙහි ඇති මෙම අධික ලවණ ගතිය හේතුවෙන් බැක්ටීරියා වර්ග හැර අනිකුත් සතුන්ට මෙහි ජිවත් වීමට හැකියාවක් නොමැත. ගංගා ඉවුර දිගේ සහ විල් ඉවුරේ සාමාන්යට පරිදි ශාක වැවෙන අතර ලුණු සහිත හෝ ක්ෂාරීය පසෙහි( හැලෝෆයිට්) වැඩෙන ශාක විල අසබඩ දක්නට ලැබේ.
නිරිත දිග වෙරල අසල විශාල ලුණු නිධි ද සංචාරකයින්ට දක්නට ලැබීම සුලබ දසුනකි. එදා පටන්ම සුළු වශයෙන් ලුණු කර්මාන්තය මෙහි පැවති අතර 1929 දී ජෝර්දානයේ පොටෑෂ් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන ලදී. මෙය මුල්ම කම්හල වූ අතර 1948 දී අරාබි ඊශ්රරයෙල් යුද්ධයෙන් එය විනාශ වී ගියේය. ඉන්පසු 1955 දී පොටෑෂ් ,මැග්නීසියම් ,කැල්සියම් , ක්ලෝරයිඩ් ,නිපදවන කර්මාන්ත ශාලාවක් සේදොම් හිදී ගොඩනගන ලදී, විලෙහි දකුණු පෙදෙසේ ඇති ඛනිජ නිස්සරණය කරන වාෂ්පීකරණ තටාක සඳහා ජලය සපයනු ලබන්නේ උතුරු ද්රෝවණියේ නිර්මාණය කර ඇති කෘතීම ඇළ මාර්ග ඔස්සේය.