පුපුරා ගිය ක්‍රැකටෝවා දිවයින

post-title

ක්‍රැකටෝවා යනු ඉන්දුනීසියාවට අයත් කුඩා දිවයිනක් වන අතර ජකර්තා නුවර සිට මීටර් සියයක දුරින් පිහිටා තිබේ. වර්ෂ එක්දහස් අටසිය අසූ තුනේ අගෝස්තු මස ක්‍රැකටෝවා හෙවත් කරකට්ටු හි දී ඇතිවූ මේ දරුණු ගිණි කඳු විදාරණ විනාශයෙන් මිනිසුන් 36000කට අධික සංඛ්‍යාවක් මිය ගිය බව වාර්තා වූ අතර වත්මන් ලෝකයේ සිදුවූ දරුණුතම යමහල් විදාරණය මෙය බව පැවසේ.

එමෙන්ම මෙහි සුවිශේෂිත්වය වන්නේ මෙම පිපිරුම නිසාවෙන් ලෝක සිතියමේ එම ප්‍රදේශයද වෙනස්වීම් වලට බඳුන් කිරීමට සිදුවීමයි.පොම්පෙහි විසුවියස් පිපුරුමට පසු සිදුවූ විශාලතම ගිණි කඳු විදාරණය වන්නේ ක්‍රැකටෝවා විදාරණයයි. එමෙන්ම මෙම පිපිරීම නිසා ඇතිවූ කම්පන තරංග මාපක උපකරණ වල දින කීපයක් යන තුරුම සටහන්ව පැවතුනු බවත් සඳහන් වෙනවා.

මෙම ප්‍රදේශය වැඩි වශයෙන් යමහල් සහ ගිනි කඳු බහුලව පවතින ප්‍රදේශයක් බැවින් ගිනිකඳු ක්‍රියාකාරිත්වය පවතින ප්‍රදේශයක් ලෙසට ගණන් ගැනේ. ක්‍රැකටෝවා දුපත සුන්ඩා සමුද්‍ර තීරය අසල ජාවා සහ සුමාත්‍රා දුපතට මැදිව පිහිටා ඇති අතර, ඕස්ට්‍රේලියානු ඉන්දු භූතැටිය අසලින් පිහිටා තිබීම නිසා භූකම්පන ආදියට නිතර මුහුණ දීමට සිදුවන ප්‍රදේශයක් යයි සැලකේ.

එක්දහස් අටසිය අසූ තුනට පෙර ක්‍රැකටෝවා දිවයිනක්ව පැවති අවදියේදී එකිනෙකට සම්බන්ධ වූ යමහල් ද්වාර තුනක් පැවතුනි. පර්බෝවටාන්, රකාටා, දනාන් නම් වූ මෙම යමහල් ද්වාර තුන ට අමතරව දිවයිනේ දෙපසට වන්නට පැරණි පිපුරුමක ප්‍රතිපලයක් ලෙස ඇතිවූ ලන්ග් සහා වර්ලටාන් යමහල් ඇති වී තිබේ. මෙම පිපිරුම නිසා එම ස්ථානයේ විශාල කල්දේරමක් ආකාරයේ ගැඹුරු නිම්නයක් ද නිර්මාණය වී තිබීම සුවිශේෂිත්වයකි.

මෙම යමහල් විදාරණයෙන් ඇතිවූ විෂ අළුපතනයෙන් සහ දුම් විසිරීමෙන් සහ විෂ වායුන්ට ගොදුරුවීමෙන් ගම් එකසිය හැට තුනක් විනාස වී මිනිසුන් තිස් හයදහස් හාරසිය දහහතකට අධික සංඛ්‍යාවක් මිය ගිය බව වාර්තාවල සඳහන් වේ. ඉන්පසු එක්දහස් නමසිය තිහේ දී මෙම ස්ථානයේදීම තවත් දුපතක් මතු වෙන අතරම එය ක්‍රැකටෝවාගේ දරුවා (අනන් ක්‍රැකටෝවා) ලෙස හඳුන්වයි. වසරකට මීටර් හතක වේගයකින් වර්ධනය වන මෙම දූව එක්දහස් නමසිය අනූ හතරේ සිට මේ දක්වාම සක්‍රිය යමහලකි.

එක්දහස් අටසිය අසූ තුනේ අගෝස්තු විසි හය වැනි දින පර්බෝවටාන් ගිනි කන්ද සක්‍රිය වූ අතර පළමු පිපිරුමෙන් විසිරුණ ලාවා හා සුන්බුන් කිලෝමීටර් විසි හතරක් පමණ දුරට විසිරුණ බව කියවේ. කලකට ඉහත සිදුවූ පිපිරුමක් නිසාවෙන් සිරවිමකට ලක්වූ මෙහි මෙම පිපිරීම නිසා එහි මැග්මා කුටීරයේ කම්පනයක් ඇතිවී විසල් පිපිරීමක් ඇතිවිය. එහිදී ඇතිවූ පීඩනයෙන් ඇතිවූ ශබ්දය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරටත් මොරිෂ් නගරය දක්වාත් දුරට ඇසුණු බව කියවේ. එය මිනිස් ඉතිහාසයේ ඇසුණු විශාලතම ශබ්දය බවද කියවේ,

මෙම පිපිරුම මුලින්ම දැක ඇති බව කියන්නේ ඉන්දුනීසියාව අසබඩ මුහුදේ ගමන් කල එලිසබෙත් නම් ජර්මන් යුධනෞකාවේ කපිතාන්වරයකුය. ඔහු නැවට ඉහල අහසේ අඳුරු වලාවන් පාවෙනවා දුටු අතර ඒවා සැතපුම් හතක් පමණ අහසේ ඉහලට විසිර යන බව වාර්තා කර ඇත. අගෝස්තු විසි හත වන තුරුම මේ සිදුවීම සිදුවී තිබෙන අතර අවට දුපත්වාසින් ස්වභාවික ගිණි කෙලි යයි සිතමින් ප්‍රිතිගෝෂා කරමින් විනෝද වී තිබුණි.

මෙම පිපිරුම සමහ ඇතිවුන පර්බෝවටාන් කුටීරයේ උණු ලාවා මුහුදු ජලයට එකතු වීම හේතු කොට ගෙන ජලය උණු විය. එක්වරම සිදුවූ මෙම හදිසි වෙනස්වීම හේතුවෙන් සාගරයේ පැයට කිලෝමීටර් සියයක වේගයෙන් රළ පහරවල් හටගෙන තිබුණි. එම ජල පහරවල් වල වේගය ටී එන් ටී මෙගා ටොන් දෙසීයක වේගයක් බව පැවසෙන අතර පරමාණු බෝම්බයක පිටවන ටී එන් ටී ශක්තියට සමාන බව පැවසේ.

මෙම විදාරණයෙන් පසු ක්‍රැකටෝවා දිවයිනේ 23%ක් හැර අනික් කොටස් මුහුදු බත්වුන අතර වසර ගණනාවක් යන තුරු මුහුදු පතුලේ කල්දේරම තුල සැගව පැවතියේය.

Top