කාන්තා ලොව නිර්භීත ආත්ම ප්‍රතිරූපණය (175 වන ලිපිය)

post-title

ගොවියකුගේ දරුවන් 5 දෙනෙකු ගෙන් යුතුවූ පවුලක දෙවෙනියා බවට පත්වුණු ජෝති රෙඩ්ඩි ඉපදුනේ ඉන්දියාවේ නර්සිම්හුලා ගුඩේම් ගම්මානයේය. ඇගේ පියාට දරුවන් 5 දෙනෙකුව නඩත්තු කිරීමට තරම් තම ජීවනෝපාය සමත්කම් නොදැක්වූ හෙයින් 9 වැනි වියැති ජෝති සහ බාල දුවණිය හැනම්කොණ්ඩා නගරයේ පිහිටි අනාථ නිවාසයකට බර දුන්නේය. ඔහු දරුවන් ඇතුලත් කරන ලද්දේ තම බිරිඳ මිට මාසයකට පෙර මිය ගියායයි බොරුවක් පවසමිනි. එය බොරුවක් බව දැනගෙන සිටියත් දරු දෙදෙනා නිහඬව සිටියේ ඔවුන්ට ඒ හැර වෙන කිරීමට කිසි දෙයක් නොතිබුණු නිසාය.


ළමා නිවාසය මොවුන්ට අපායක් වූ අතර ආහාරයට ගැනීමට සිදුවුයේ මිය ගිය මකුණන් සහ ගුල්ලන් සහිත බත්ය. වතුර බාල්දියක් ලබා ගැනීමට පැය ගණනක් පෝලිමේ සිටීමට ජෝතිට සිදුවූ අතර ඇය අනාථ නිවාසයෙහි පිරිසිදු කිරීම් වලට සහ අස් පස් කිරීම් වලට උපකාර කිරීම හේතුවෙන් ඇය ගැන පැහැදුණු නිවාස පාලිකාව 10 වසරෙන් පසු ගුරු පුහුණු වෘත්තීය පාඨමාලාවක් සඳහා යොමු කරන ලදී. නමුත් ඉන්පසු උදාවුයේ ඉතාමත් අභාග්‍ය සම්පන්න දෙයකි. ඇයගේ පියා පැමිණ අන්ද්‍රා බාලිකා පාසලට ඇතුලත් වීමට ලබා දුන් සියලු ලියකියවිලි ඉරා දමා ඇයට වඩා වසර 10කින් වැඩිමහල් වූ සෑම් රෙඩ්ඩි හා විවාහා වීමට සුදානම් වන ලෙස තර්ජනය කළේය. ඔහු මැයට දුරින් නෑදෑ පුද්ගලයකු වූ අතර ගොවිතැනෙහි යෙදුනු පුද්ගලයකු විය. ඔහු හා කුඹුරු වල වැඩ කල අතර සැමියාගේ අකමැත්තෙන් ජෝති කුඹුරු වැඩ අවසන් වී හවස් වරුවේදී අසල තිබු පාසලක ඉංග්‍රීසි ගුරුවරියක ලෙස රු 120ක පඩියට ඉගැන්වීමට පටන් ගත් අතර , ඒ මුදලින් තමන්ට අවශ්‍ය මුදල් උපයා ගත්තාය. වසර 22දී ඇය උසස් පෙළ සමත්වී සරසවි වරම් ලැබූ අතර රාත්‍රී විශ්ව විද්‍යාලයක් වූ බි ආර් අම්බේඩකාර් විශ්ව විද්‍යාලයට විවුර්ත විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ අතර ගුරු පදවියෙන් ලැබූ මුදල ප්‍රමාණවත් වූ නිසා සැමියා මැයට බාධා නොකර නිහඬව සිටියේය.වසර 24 වන විට ඇය උපාධිය ඉන්දියාවේ කැකාටියා විශ්වවිද්‍යාලයෙන් සම්පුර්ණ කර ගත් අතර රු 400ක වැටුපට ආණ්ඩුවේ පාසල ගුරු පත්වීමකට බැඳුණි.

ජෝඩි ට සමාජයෙන් ලැබුණු වටිනාකම උහුලා ගත නොහැකිවූ සැමියා දිනක නිවසින් හොරෙන්ම පිටමන් වී ගියත් ඇය එයින් නොසැලී ජිවන ගමන යද්දී ඇයගේ ඥාති සොයුරියක ඇමරිකාවේ සිට පැමිණ ඇයට ඇමරිකාවට එන ලෙස ඉල්ලීමක් කලාය. මේ වන විට ජෝදිට දරුවන් දෙදෙනෙකු සිටි අතර ඔවුන් ළමා නිවාසයක නවතා ඇය 2000 මැයි දෙවෙනිදා B 1 විසා එකකින් ඇමරිකාව බලා පිටත් විය. කැලිෆෝනියාවේ වීඩියෝ සාප්පුවකද ,ක්ෂණික ආහාර වෙළඳ සැලකද සේවය කරන ඇයට වර්ජිනියා සරසවියේ පරිඝනක මෘදුකාංග විද්‍යාවට සම්බන්ධ පාඨමාලාවක් අධ්‍යයනය කරන්නට පටන් ගත්තාය. ඒ සමගින්ම ඇමරිකානු මෘදුකාංග සමාගමක සහය ඉංජිනේරුවරියක් ලෙසට ඇයට පත්වීමක් ලැබුනේ මේ අතරතුරදිය.

තමන් බැඳුනු මෘදුකාංග සමාගමේදී ලද අත්දැකීම් ඇසුරෙන් 2011 වසර අවසානයේදී කී සොෆ්ට්වෙයා සොලියුෂන් නමින් තමන්ගේම ව්‍යාපාරයක් ඇමරිකාවේ ෆීනික්ස් නගරයේ ආරම්භ කල අතර පළමු වසරේදීම ඩොලර් 168000ක ශුද්ධවූ ලාභයක් ඉපැයීමට සමත් විය. සාමාන්‍ය පෙළ සමත්වූ පසු තම දියණියන් දෙදෙනාව ළමා නිවාසයෙන් ගෙන්වා ගෙන ඔවුන්ව තම සමාගමේ සහය ඉංජිනේරුවන් දෙදෙනෙකු ලෙස බඳවා ගත්තාය.මේ වන විට කී සොෆ්ට්වෙයා සොලියුෂන් සමාගමේ සේවක සේවිකාවන් 100 කට අධික සංඛ්‍යාවක් සේවය කරන අතර වාර්ෂික අදායම ඩොලර් මිලියන 1.5කි.


මුල අමතක නොකළ ඇය තමන් ජිවත් වූ අනාත නිවාසය ද නඩත්තු කිරීමට පටන් ගත් අතර එහි සිටින තරුණියන්ව විවිධ පාඨමාලා කෙරෙහි යොමු කරමින් ඔවුන්ට ජිවන ගමන ඉදිරියට ගෙන යාමට උපකාර කරයි. ඇයට ඇමරිකාවේ නිවාස 4ක් සහ හයිද්‍රබාදයේ මන්දිරයක් හිමි ය. ඇය වරින් වර ඉන්දියාව වෙත පැමිණ මධ්‍යම ආණ්ඩුවේ නිලධාරින් හා එක්වී පාඨමාලා සම්බන්ධීකරණය කරනු ලබයි. ජිවිතයේ සිදුවන කුඩා බිඳ වැටීමකදී පවා සිත් තැවුලට පත්වී ජීවිතය අමතක කරන කාන්තාවන්ට සේම තරුණියන්ට ද ජෝඩි විසින් ලබා දෙන්නේ නිර්භීත වූ ප්‍රතිරුපයකි

එකතු වෙන්න අපේ wachana.lk Whatsapp සමුහය වෙත

Top