1930 දී ඇරඹුණු X ray කෙරු රෝස සහ ලිලි මල් පිලිබඳ අනාවරණය

post-title
Xray යන්න සවනට වැටෙද්දී අපට සිහිපත් වන්නේ මිනිස් සිරුරේ අස්ථි ව්‍යුහය පිලිබඳවය,නමුදු 1930 දී එක්තරා විකිරණවේදියෙක් මෙන්ම ඔස්තියෝපති වරයෙකු ශාකවල ව්‍යුහ විද්‍යාව ඔස්සේ අවධානය යොමු කර ඔහුගේ X කිරණ යන්ත්‍රය තම කැමරාව බවට පත් කරගෙන විස්කම් මැවිය.1872 දී බෝල්යෙට් හි විස්කොන්සන්හි උපත ලද ටාස්කර් ලොස් ඇන්ජලිස් හි විල්ෂයර් රෝහලේ ප්‍රධාන විකිරණවෙදියාය.20 වන දශකයේදී ඔහු පළමු වරට ජයාරුපකරණය පිළිබඳව ඇල්මක් දැක්වීමට පටන් ගත්තේය.,

Dr. Dain L. Tasker විසින් X කිරණ භාවිතයෙන්
පෙති වල සහ කොළ වල මෘදු ස්ථර  වර්ණයෙන් තොර රූ රටා මැවූ අතර ඒවා තීන්ත වලින් අදින ලද සිතුවම් වලට සමානය. කලුසුදු වර්ණයෙන් මෙම ජායාරුප සමන්විත විය.මෙම X කිරණ ජායාරුප ක්‍රියාවලිය පිලිබඳ ඔහුගේ දැනුමින් සහ විකිරණ පිලිබඳ දැනුමත් වර්ධනය කරගනිමින් ඔහු X කිරණ වලින් විවිධාකාර සුන්දර XRay ගන්නා ලදී.මෙය විද්‍යාව සහ කලාව එක්තැන් කරන සුවිශේෂී ක්‍රියාවලියක් වන අතර සමකාලින ජායාරුප භාවිතයේ සිදුකල පර්යේෂණාත්මක ක්‍රමවේදයන් තුල පුරෝගාමියකු ලෙස නම් කල හැක.ඔහු පවසන්නේ මෙම Xray  සේයාවන් ගැනීමට ඉවසිලිවන්ත බව සහ මල් පිළිබඳව ඔවුන්ට මනා දැනුමක් අවශ්‍ය බවයි.

නමුදු 30 දශකය වන විට ඔහු තම X කිරණ වලින් කල නිර්මාණ එකතුව ගෙන යාම සහ සොඳුරු සොබාදමේ අලංකාර භූ දර්ශන සහිත පසුතල සොයා ගෙන යෑම  ආරම්භ කළේය.මල් වලින් නිර්මාණය කර ගත විවිධ මෝස්‌තර රටා
මල් වල ගුණාංග පිළිබඳව පර්යේෂණ කරන ලදී.උත්සවයකට  හෝ වෙනත් දෙයකට මල් තෝරා ගැනීමේදී අප පළමුව නෙත යොමු කරන්නේ මලේ වර්ණයට වන අතර එහි දීප්තිමත් බව පිළිබඳව අප විශේෂ සැලකිල්ලක් යොමු කරයි,
එහිදී බොහෝ විට තද රස්තු, තැඹිලි ,කහා ආදීවූ උෂ්ණ වර්ණ විශේෂයෙන් තොරයි
පසුව ඔහු මෙම ක්‍රියාවලිය පිලිබඳ  ඔහුගේම අදහසක්
"Flowers are the expression of the love life of plants" මෙලස සඳහන් කරන ලදී.එහි තේරුම වන්නේ
"පැලැටි වල ආදරණිය ජිවිතය මල් මගින් විදහා දක්වයි යන්නයි." මෙය ඔහු ගත් සෑම සේයාරුවකම මොහු පසෙකින් සඳහන් කර තිබීම විශේෂත්වයකි.

ආචාර්ය ටාස්කර්  ගේ Xray සේයාවන්ගේ මොනෝග්‍රැෆියක් ලෙස 2000 වසරේදී ස්ටයින්හෝර් මුද්‍රණාලය මගින් ප්‍රකාශයට පත් කරන ලදී.එමෙන්ම මෙම නිර්මාණය ලොස් ඇන්ජලිස් ප්‍රාන්ත කෞතුකාගාරයේ ,සැන්ටා බාබරා කළා කෞතුකාගාරයේ ,සැන් ෆ්‍රැන්සිස්කෝ නුතන කෞතුකාගාරයේ ,ලලිත කළා කෞතුකාගාරයේ, හුස්ටන් නිර්මාණාත්මක ජායාරුප මධ්‍යස්ථානයේ ,බොස්ටන්හි ලලිත කළා කෞතුකාගාරයේ
යන ස්ථානයන්හි ටාස්කර්ගේ මෙම අපුර්ව නිර්මාණයන් දක්නට අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලැබී ඇත.
ඔහුගේ ජයාරූප ඉතිහාසය ගත් කල ,වඩාත්ම ප්‍රසිද්ධ උනේ Xray මල් වල සේයාවන්ය.
2016 පෙබරවාරි 9 වන දින කැලිෆෝනියාවේ ජෝසප් බෙලෙස් කලාගාරයේදී මල් ප්‍රදර්ශනයේදී ටාස්කර් ගේ X කිරණ ජායාරුප තෝරා ගැනීම සුවිශේෂී විය.
Top