ඔබත් අන්තර්වර්තික පුද්ගලයෙක් ද? (806)

post-title

ලෝක ජනගහණයෙන් 40% ක් අන්තර්වර්තික පුද්ගලයෝ ( introverted people)  එහෙමත් නැත්නම් අඩු කතා බහක් සහිත මිනිසුන් ලෙස සැලකෙනවා. ඔවුන් වැඩිපුරම හුදෙකලාව තමා සමඟ ම සන්නිවේදනයේ යෙදෙන්න වැඩි කැමැත්තක් දක්වන පිරිසක්. ව්‍යවහාරයේදි ගුප්ත මිනිස්සු කිව්වත් මේ අය සමහර වෙලාවට හිතාගන්න බැරි තරම් සමාජශීලී වෙන්නත් පුලුවන්. ඒ තමන්ට අපහසුවක් හිරිහැරයක් නැහැයි කියල හිතෙන තැන්වලදි.

ඒත් සාමාන්‍යයෙන් සමාජය දිහා බලද්දි මේ අය ආන්තීකරණයකට ලක් වෙන තත්ත්වයක් දැකගන්න පුළුවන්. අපෝ එයා වැඩිය කතාකරන්නෑ, ලොකුකම, සමාජශීලී නෑ වගේ කතා. ඒත් සමස්තයක් විදිහට ගත්තොත් අනෙක් 60% සමාන්තරව තමන් කැමති විදිහෙ සබඳතාවයක් සමාජය තුල පෙන්නුම් කරන්න ඒ අයට අපහසුවක් ඇති කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

ලෝකයේ බහුතරයක් බුද්ධිමතුන්, විද්‍යා ලේඛකයන් මේ introverted person ගණයට ඇතුළත් වෙනවා.

ඒත් තමන් සමාජයෙන් කොන් වෙයි කියන බයට බහුතරයක් දෙනා තමාව යටපත් කරමින් අසාමාන්‍ය පෞරුෂයක් ගොඩනගාගන්න උත්සාහ කරනවා. මේ නිසා සමීක්ෂණ වල පවා introverted people වරු 25%-40% අගයන් අතර හිටියත් ඒක නිශ්චිත වෙන්නෙ නෑ. හේතුව ඔවුන් ඔවුන්ව සඟවගෙන හරිම uncomfortable ජීවිතයක් තමයි ගත කරන්නේ.

ඇත්තටම අඩුවෙන් කතා කිරීම කියන්නෙ ලෙඩක් නෙවෙයි. ඔවුන් සමාජයේ අනුකම්පාව ලැබිය යුතු පිරිසකුත් නෙවෙයි.ඇත්තටම ඔවුන් හරිම සංවේදී ආදරණීය පිරිසක්. සමහරවිට තමන්ව හංගගන්න ක්ෂණික කෝපයක් පෙන්නුවත් ඔවුන් හරිම සුන්දර මිනිසුන් පිරිසක්.

ඉතින් මේ වගේ introverted person කෙනෙක් හමු වුනාම අපෝ ඔයා කතා කරන්නෑනෙ ඉතින් වගේ මෝඩ කතා නොකියා ඔවුන්ව විඳින්න.. ඔවුන්ට පුළුවන් මේ ලෝකෙ ඇත්තටම ලස්සන කරන්න.


(අන්තර්ජාලයෙන් හා සමාජමාධ්‍ය හරහා ලබාගත් තොරතුරු ද සහිතයි.)

Top