සංජානනය හා ගුවන්විදුලි මාධ්‍ය (489)

post-title

මිනිසාගේ ප්‍රජානන ක්‍රියාවලියේ ප්‍රධානතම අංගය වන්නේ සංජානනයයි . සංවේදනය මගින් ලබාගන්නා තොරතුරු සකස් කිරීමෙන් හා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඒවා අර්ථකථනය කරනුයේ සංජානනය මගිනි . සංජානනය යනු පුද්ගල ඉන්ද්‍රීය බද්ධ ක්‍රියාවලිය කි. එයට හේතුව වනුයේ මිනිසාට සංවේදනය සිදු වනුයේ ඇස,කන,නාසය, දිව හා ශරීරයෙන් වීමයි. එසේම සංජානන ක්‍රියාවලිය වරණීය වන අතර පුද්ගල බද්ධ වේ. එයට හේතුව එකම වස්තුව විවිධ පුද්ගලයන් විවිධ අයුරින් දැකීමට , ප්‍රතික්‍රියා දැක්වීමට හා මනෝගමනය කිරීමටද පෙළඹීමයි. සංවේද ඉන්ද්‍රියන් මගින් සැපයෙන වාර්තා අතුරෙන් ඉච්ජිත අවධානය හෝ නිරායාස අවධානය යොමු වන දෑ පමණක් සංජානනය කරනු ලබයි. සංවේද ඉන්ද්‍රිය ආශ්‍රයෙන් යම් කිසි කාර්‍යයකට අවශ්‍ය අමු ද්‍රව්‍ය , සංජානනය මගින් ලබා ගත්තද ඒවා ප්‍රකාශයට පත් වන්නේ මනසේ භාවිතය මගිනි . නිදසුන් ඇසුරෙන් පැහැදිලි කරන්නේ නම් එක් අයෙකුට චිත්‍රයක් තුළ මිනිසෙකුගේ රුවක් පෙනුනද තවකෙකුට එය සතෙකුගේ රුවක් ලෙස දැකිය හැක. 

සංජානනයට බලපාන සාධක ගණනාවක් පවතින අතර ඉන් එක් ප්‍රධාන සාධකයක් ලෙස කටහඩ හදුනාගත හැකිය. හඩ උස්පහත් වීම, ස්වරණය හා ළය යනාදි සියල්ල කටහඬක් මගින් චිත්ත රූපයක් මැවීමට ඉවහල්වන ප්‍රධාන සාධක වේ. කන මගින් චිත්ත රූප මැවීමද සංජානනයයි . මෙයට පරිකල්පන හැකියාව යනුවෙන් ද පවසයි.එසේ පැවසීමට හේතුව උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්නෙ නම් ගුවන්විදුලි ප්‍රවෘත්තියකදි හඩේ ඇති වන උස් පහත් භාවය මත පුවතේ වටිනාකම පිළිබඳ ශ්‍රාවකයා චිත්‍රයක් මවා ගනු ලබයි. එසේම වැඩසටහනක් මෙහෙය වීමේදි යොදාගන්නා භාෂාව , කටහඬ අනුව විහිලුවක් ද දෙබිඩි තේරුම්ක්ද යථාර්ථයක් ද යන්න පිළිබඳ පැහැදිලි රූපයක් ලබා දෙනු ලැබේ. ශබ්ද අනුව තමන්ගේ උගත්කමට සරිලන පණිවිඩයක් මොළයට යවන අතර ශබ්දයට සරිලන අවස්ථාවක් මනසෙහි සටහන් වෙනු ලබයි.. ඒ අනුව ප්‍රතිචාර දැක්වීම ආරම්භ වෙයි. කටහඬ මූලික කරගත් විද්‍යුත් මාධ්‍යයක් වන ගුවන්විදුලිය තුළ සංජානනය හා සජීවී විචිත්‍ර ස්වභාවය දැනවෙන්නේ ගීතය, භාෂාව , සංගීතය හා ශබ්ද ප්‍රයෝග මූලික කරගනිමිනි. ගුවන්විදුලි මාධ්‍ය අනෙකුත් මාධ්‍යන්ට වඩා සුවිශේෂී වන්නේ මෙහි ඇති ක්ෂණ භංගුර භාවය හේතුවෙනි. එනම් ඇසී නෑසී යන මාධ්‍යයක් වීමයි.

කන මගින් එකවර පණිවිඩය ග්‍රහණය කරගත නොහැකි වුවහොත් එම පණිවිඩය සංජානනය කර ගැනීමේ හැකියාව මගහැරී යයි. එබැවින් කන ආශ්‍රිත සංජානන ක්‍රියාවලිය ඉතාමත් තියුණු වේ. ගුවන්විදුලි මාධ්‍යයෙහි ඇති තවත් සුවිශේෂීතාවක් වනුයේ නිහැඩියාවත් මෙහි ශබ්ද ප්‍රයෝගයක් ලෙස භාවිතයට ගැනීමයි. ඒ අනුව නිහඬ බවටද යම්කිසි කරුණු අවධාරණය කිරීමේ හැකියාව මෙම මාධ්‍ය තුළ හිමිව ඇත.

Top