''මිනිසාගේ ස්වභාවික පරිසරයේ සදාකාලික පැවැත්ම සහතික කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් සහිත ක්‍රියාකාරීත්වයක් පවත්වාගෙන යාම'' යන තේමාව පෙරදැරි කරගෙනලෝකයේ පරිසරය සම්බන්ධයෙන් සංවිධානයක් 1948දී බිහිවිය.එය පළමු ස්වාධීන ජාත්‍යන්තර සංවිධානය වන පාරිසරික සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමයයි.ප්‍රංශයේ හොන්ටන් බ්ලූ නගරයේ ආරම්භ වන මෙම සංවිධානය 1956 වර්ෂයේ දී නැවත ස්වභාවික ධර්මතා සහ ස්වභාවික සම්පත් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමය ( International Union for the Conservation of Nature and Nature resources) වශයෙන් නම් කරනු ලැබේ. ස්විට්සර්ලන්තයේ ග්ලෑන්ඩ් නගරය මූලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සංගමයේ මූලික පරමාර්ථය වන්නේ පෘථිවියේ පවතින කිසිදු ශාක හෝ සත්ත්ව විශේෂයක් වඳවීමේ තර්ජනයට ලක් නොවන පරිදි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රමෝපායන් යෙදවීමයි. ලෝකයේ පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීමේ තර්ජනයට ලක් වූ ශාක සහ සත්ත්ව විශේෂ සංගණනය කරමින් ඒ ශාක සත්ත්ව ප්‍රජාවන් කෙරෙහි අවධානය යොමු කරමින් එම ප්‍රජාවන් ආරක්ෂා කිරීමේ මූලිකත්වය මෙම සංවිධානයේ (SSC) Species Survival Commission මඟින් සිදු කරනු ලබයි. මෙම සංවිධානයශාක හා සතුන් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ස්වභාවය මත නිර්ණායක ඉදිරිපත් කරමින් කාණ්ඩ නවයකට රතු දත්ත වර්ගීකරණය සිදු කර ඇත.එහිදී එම විශේෂ ඇතුළත් කරමින් සකසන කෘතිය 'රතු දත්ත පොත' ලෙස හඳුන්වනු ලැබේ.මෙය වසරින් වසර යාවත්කාලීන කරන අතර එමඟින් නවත ම දත්ත ඇතළත් කිරීම සිදු කරනු ලැබේ.
1.වඳ වී ගිය Extinct (EX)
යම්කිසි ජීවි විශේෂයකට අයත්වන අවසාන ජීවියත් මියගොස් ඇත්නම් සහ නව පරපුරක් ඇතිවීම සඳහා කිසිම සත්වයෙක් වාර්තා නොවන විට එම විශේෂය සදහට ම මෙලොවින් තුරන් වී තුරන් වී ඇත බවට සලකනු ලැබේ.මෙවැනි තත්ත්වයක් ඇති වීම සඳහා ප්‍රධාන වශයෙන් වාසභූමි අහිමි වීම,යැපෙන්නන් වඳවීම,ජානමය ගැටලු,පරිනාමය වීම,ස්වභාවික වරණය,විලෝපිකයන්ට ගොදුරු වීම,පෘථිවියේ විවිධ අවධි පසු කිරීම වැනි සාධක හේතු වී ඇත.මෙවැනි ජීවි විශේෂවලට නිදසුන් ලෙස ඩයිනසෝර් සත්ත්ව විශේෂය හැඳින්විය හැක.මොවුන් සදහට ම මෙලොවින් තුරන් වී ඇත.එසේ ම Dodo පක්ෂි විශේෂය ද Wooly Mamoth,Javan Tiger,Atlas Bear,Japanese Sea Lianයනාදී සත්ත්ව විශේෂයන්ද සමනල විශේෂයන්ද මෙලෙස සදහට ම වඳ වී ගිය සත්ත්ව විශේෂ ලෙස දැක්විය හැක.
2.පරම්පරාගත ගහනයෙන් තොර වූ වනයේ පරිසරයෙන් නෂ්ට වූ Extinction in Wild (EW)
මෙහිදී පූර්වයේ වාර්තා වූ ගහනයන්ගෙන් ඉතා ම සීමිත වශයෙන් ජීවින් වාර්තා වීම හඳුනාගත හැකිය.එනම් බොහෝවිට එක ජීවියෙක් පමණක් ඉතා කලාතුරකින් වාර්තාවීම හඳුනාගත හැක.Red Wolf Java Rhino,Guam Rail,Alagoas Curassow යනාදින් ද ගලපගෝස් දූපත්හි හඳුනාගත් Lonesome Gorge ද වැදගත් වේ.මෙම සත්ත්ව වර්ගයේ අවසාන සත්ත්වයා 2012 වර්ෂයේ දී මියගොස් ඇත.
3.වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ අතිශය/ අන්තරායට ලක් වූ Critically Endanger (CE)
මෙයට අයත් වන්නේ වඳවීයාමේ තර්ජනයට බහුල ව ලක් වූ ජීවි විශේෂයන් ය.සත්ත්ව විශේෂ 2139ක් ද ශාක විශේෂ 1831ක් ද වර්තමානය වනවිට වඳවීමේ උග්‍ර තර්ජනයට ලක්වී ඇති බව හඳුනාගත හැකි අතර 2018-2010 කාලය තුළ රටවල් දහහතක ජීවි විශේෂ පහළොවක් වඳවීමේ උග්‍ර තර්ජනයට ලක් වී ඇති බවට වාර්තා වේ.Cross River Gorilla,Sumatran Orangutan,Silky Sifaka,Golden Head Langurයනාදි ජීවින් මෙම කාණ්ඩයට නිදසුන් වේ.
4.වඳවී යාමේ ඉහළ අවදානමක් ඇති Endangered (EN)
මෙම කාණ්ඩයට අයත් වන්නේ පරිණත සත්ත්වයන් 250ට වඩා අඩු,පරම්පරා තුනක් හෝ වසර දහයක කාලය තුළ ගහනය 50%කින් අඩු බව දැකගත හැකි,ජීවීන් වාර්තාගත භූමි ප්‍රමාණය 5000Km හෝ 500Km දක්වා අඩු වන යනාදි සාධක සපුරන ජීවි විශේෂයන් වේ.Tiger,African Penguin,Asian Elephant,Persian Lepord,Volcano Rabbit,Greean Sea Turtileයනාදී සතුන් මීට අයත් වේ.
5.අනතුරට ලක්විය හැකි Vulnerable Species (VS)
CE හෝ EN වර්ගීකරණයට අයත් නොවන එහෙත් නුදුරු අනාගතයේ දී වඳවීමේ තර්ජනයට ලක්විය හැකි ජීවි විශේෂ මෙම කාණ්ඩයට අයත් වේ.American Elephant,Cheetah,Fossa,Red Panda,GoldenHamster,American Paddlefish,Clouded Lepardයනාදී විශේෂ මෙයට අයත් වේ.සංගණනයන්ට අනුව වසර සියයක් තුළ ගහනය 10%ක් අඩුවන,පරිණත සතුන් 10000කට වඩා අඩු වීම මෙම කාණ්ඩයට අයත්වීමට හේතු වේ.
6.අවදානම හමුවේ ඇති Near Threatened (NT)
CR,EN,VU යන කාණ්ඩවලට අයත් නොවූවත් අනාගතයේ එම කාණ්වලට අයත් විය හැකි ජීවි විශේෂ NT කාණ්ඩයට අයත් වේ.Leopard,Jaguar,Magellenic Penguin,American Bison,African Gray Parrot,Asian Golden Cat යන ජීව් විශේෂ මෙයට නිදසුන් වේ.
7.අවම අවදානමේ පවතින Least Concern (LC)
ඉහත දැක්වෙන CR,EN,VU,NT යනාදි කාණ්ඩවලට අයත් නොවන ජීවි විශේෂ මෙයට අයත් වේ.මෙම ජීවි විශේෂවල බහුල ව්‍යාප්තියක් හඳුනාගත හැකි වේ.Baboon,Orca,Giraffe,Common Frog,Indian Peafowl,American Crow මෙයට අයත් වේ.
8.දත්ත ඌනතා සහිත Data Deficient (DD)
ගහනයේ තත්ත්වය හෝ ව්‍යාප්තිය පිළිබඳ ප්‍රමාණවත් දත්ත නොමැති ජීවී විශේෂ මෙයට අයත් වේ.
9.වර්ගීකරණයට ලක් නොවූ Not Evaluated (NE)
තර්ජනයට ලක් වූ නිර්ණායකවලට අනුව තක්සේරු කර කාණ්ඩ නොකළ විශේෂ මෙයට අයත් වේ.Amason Tree Boa,Ayu,Black-headed python,Black Swallower,Blue Maleshian Coral Snake යනාදීන් මෙයට අයත් ය.
ශ්‍රී ලංකාවට ආවේණික වූ මිරිදිය මත්ස්‍යයින්ගෙන් බහුතරයක් මේ වනවිට රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.ඊට හේතුවී ඇත්තේ මෙම මිරිදිය මත්ස්‍යයින්ගේ සීමිත ව්‍යාප්තියයි.දුම්බර පෙතියා,පතිරණ සාලයා,බන්දුල පෙතියා,බුලත් හපයා,ලේ තිත්තයා,හීත මස්සා,හල්මල් දණ්ඩියා වැනි මත්ස්‍යයින්ද මුහුදු කරවලා,පළා පොළඟා වැනි උරගයින් ද කළු වඳුරා,රිළවා,රන් හේතඹුවා වැනි ක්ෂීරපායීන් ද සැළලිහිණියා,අළු ගිරවා,ශ්‍රී ලංකාවේ අලු කෑදැත්තා,පීතකන් කොණ්ඩයා වැනි පක්ෂීන් ද රතු දත්ත පොතේ ඉඩ ලබාගෙන ඇත.ලංකාවේ පමණක් දක්නට ලැබෙන හදුන් දිවියා සහ කොළ දිවියා ද වැදගත් ජීවි විශේෂ වේ.
ලංකාවේ 2012න් පසුව රතු දත්තපොත යාවත්කාලීන නොවීමට බලපා ඇති සාධක පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ප්‍රධාන වශයෙන් ම සිදු වී ඇත්තේ රජයේ අවධානයක් මේ සඳහා යොමු නොවීමයි.රතු දත්ත පොත යාවත්කාලීන කිරීම සඳහා ප්‍රධානත්වය ලබාදිය යුතු වන්නේ රජය වුව ද එම කාර්යය 2012න් පසුව පැවති පාලන තන්ත්‍රයන් තුළින් සිදු වී නැත.මේ හේතුවෙන් විශේෂඥ දැනුමෙන් යුතු ව ස්වෙච්ඡාවෙන් කටයුතු කළ දැනුමැත්තෝද මින් බැහැර වී ඇත.ප්‍රතිපාදන වෙන් නොකිරීම,බලධරයන් සතු අවම දැනුම සහ නොසැළකිල්ල,උන්නදුවක් නොමැතිවීම වැනි හේතු සාධක නිසා මෙම කටයුතු ප්‍රමාද වී ඇත.මෙම තත්ත්වය හමුවේ වනජීවි කාර්යාලවලට,උසාවිවල කටයුතු සඳහා යොදාගන්නෙ වසර අටකට පෙර දත්ත වීම නිසා මෙම කටයුතු ද නිරවද්‍යතාවයෙන් යුක්ත වීමට ඇති ඉඩකඩ බොහොදුරට අවම වේ.
එසේ ම සංවර්ධන ව්‍යාපෘතිවලට යොදාගැනීමට නිරවද්‍ය දත්ත නොමැතිවීම නිසා බොහෝවිට අවශේෂ වනාන්තර විනාශ වීම බහුල ව සිදු වේ.නිදසුනක් ලෙස පිටවල පතන පාරිසරික වශයෙන් විශේෂිත ප්‍රදේශයක් ලෙස නොපෙනුණද එහි ‘දුම්බර ගල්පර මැඬියා’ ද ‘පතන් අල ශාකය’ ද පවතියි.මෙහි විශේෂත්වය වන්නේ ලෝකයේ මෙම ශාකය සහ සත්ත්වයා ජීවත් වන එක ම ස්ථානය පිටවල පතන වීමයි.එසේ ම 2017 වර්ෂයේ ගැටඹේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත විදුලි බලාගාරයක් නැවැත්වූයේ එහි පැවති ජෛව විවිධත්වය අවබෝධ කර ගැනීම හේතුවෙනි.ඒ එහි ශ්‍රී ලංකා ‘කොළ ගඩයා’ නමැති මාළු විශේෂය ජීවත් වීම නිසාවෙනි.
ලංකාවේ මෙම යාවත්කාලීන නොවීමේ ප්‍රබල ම ගැටලුව වන්නෙ ශාක හා සත්ත්ව ජීවීන් සංරක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට නොහැකි වීමයි.මෙම තත්ත්වය හමුවේ ලංකාවේ ශාක හා සත්ත්ව විශේෂයන්ට සිදුවිය හැකි බලපෑම් හඳුනා ගැනීමට නොහැකිවීමත්, ඒ තුළින් ජීවීන් වඳවීමට ඇති ප්‍රවණතාවයන් වර්ධනය වීමත් සිදු වේ.රතු දත්ත පොත ලෝකයේ පරිසරවේදීන් හා පරිසර සංවිධාන අතර සම්බන්ධතා ගොඩනගන දාමයක් ලෙස ක්‍රියා කරයි.වාර්ෂික ව ජාත්‍යන්තර වශයෙන් නිකුත්වන මෙය ලෝකයේ ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි ලෝකයාගේ අවධානය යොමු කරවන වඩාත් වැදගත්ම වාර්ෂික ලියවිල්ල ලෙස ලෝක ප්‍රජාව තුළ සැලකේ.