අඟහරුගේ ජීවය පිළිබදව නාසා ආයතනය ලොවට හෙළි නොකළ සත්‍යය (378)

post-title

අඟහරු ග්‍රහයා එසේ නොමැතිනම් රතු ග්‍රහයා පිළිබදව ඔබට ඇසුණු සැනින් මතක් වෙන්නේ අඟහරුලොවෙහි ජීවත් වෙතැයි කියන පිටසක්වළ ජීවීන්ය. එහෙමත් නැත්නම් අළු මිනිසුන්ය. අඟහරුලොවෙහි ජීවය පවතිනවාදැයි යන්න සැවොම මතම ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර තබන අභ්‍යාවකාශ විද්‍යාව, තාරකා විද්‍යාව තුළ එක්තරා වූ උපන්‍යාශයක් වී හමාරය. මෙයට කදිම පිළිතුරක් සපයන්නට ශ්‍රී ලංකාවට ලෝකාභිමානයක් එක් කළ අපගේ ධරණීතලය තුළින් බිහි වූ හදවතින්ම ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ට හැකි වී තිබේ. මම සිතනවා ඔබ මෙතුමන් පිළිබදව අසා ඇති වගට නම් කිසිදු සැකයක් නැහැ. එසේ අසා නොමැති නම් එය ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් කණගාටුවට පත් විය යුතු කරුණකි. අද මම ඔබට කියන්නට යන්නේ මෙතුමාගේ ෆැන්ස්පර්මියාවාදයෙන් හෙළි කළ ඔබ නොදත් කරුණක් පිළිබදවයි.

මහාචාර්ය වික්‍රමසිංහයන් හා ආචාර්ය ෆ්‍රෙඩ් හොයිල්ගේ සුසංයෝගයෙන් නූතන ලෝකය තුළට ෆැන්ස්පර්මියා වාදය දායාද කළහ. නමුත් මෙය හෙළි කළ මුල් වකවානුවේ දී බටහිර ලෝකය එය ප්‍රබල ලෙස විවේචනයට ලක් කළ අතර එය කිසිදු ලෙසකින් විද්‍යාත්මක ලොව තුළ යථාර්ථයක් නොවන බව පෙන්වා දීමට බලවත් උත්සාහයක නිරත විය. විශේෂයෙන්ම මෙම මතය තුළින් හෙළි වන විශ්වය පුරාම ජීවයේ සාධක විසිරී පවතින බව අමෙරිකානු සහ යුරෝපීය විද්‍යාඥයින් බලවත් ලෙස විවේචනයට භාජනය කළහ. විශේෂයෙන්ම අන්තරීක්ෂ වලාකුලු හරහා එන ආලෝකය පිළිබදව රක්ත ප්‍රතිදීප්ත පරීක්ෂණය හරහා සිදු කළ පරීක්ෂණයෙන් විශ්වයේ ජීවයේ සාධක පැවතීම මොවුන් දෙදෙනා විසින් තහවුරු කරන ලදී. නමුත් 70 දශකයේ අග භාගයේ දී බි්‍රතාන්‍ය රාජකීය විද්‍යා සංගමයේ විද්‍යාඥයින් එය බොරුවක් බවට ප්‍රකාශ කළේය. නමුත් ක්‍රම ක්‍රමයෙන් වසර 35 කට පසුව චන්ද්‍රා වික්‍රමසිංහයන් කළ ප්‍රකාශය සහ ඔහු විසින් ඉදිරිපත් කළ ෆැන්ස්පර්මියා වාදය මෙන්ම විද්‍යාත්මක න්‍යායන් ද සත්‍ය බව තහවුරු වෙමින් පවතී. විශේෂයෙන්ම මේ වන විටත් නාසා ආයතනය ඊසා ආදී විවිධ ආයතන විශ්ව ගවේෂණයෙහි යෙදී සිටී. වසර 15 ක සිට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ද අජටාකාශ ගවේෂණයෙහි යෙදී සිටී. ඒ අනුව අගහරු ගවේෂණය, වල්ගාතරු ගවේෂණය, ප්ලූටෝ ගවේෂණය, කෙප්ලර් වළල්ලේ ඇති සිරස් හා ඩෝන් වැනි ග්‍රහලෝක ගවේෂණය, සෙනසුරුගේ චන්ද්‍ර ගවේෂණය ආදී ගවේෂණ රාශියක් සිදු වෙයි. එපමණක් නොව අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් චන්ද්‍රයාගේ අදුරු පැත්තෙහි පිටසක්වළ ජීවීන් සිටී ද?, සද මතුපිට මිනිස් ජනාවාස ඉදි කිරීමේ ව්‍යාපෘති ඇතුළත් චන්ද්‍ර ගවේෂණ, වෙනත් මන්දාකිණි පිළිබද ගවේෂණ ආදිය සිදු කෙරෙමින් පවතී. මේ සියලු ගවේෂණ තුළින්ම මූලිකවම බලාපොරොත්තු වන්නේ විශ්වයේ ජීවය තිබේද, පෘථිවි වැසියන් වන අප තනි වෙලාද? යන්න පිළිබදව සොයා බැලීමයි. 

මේ වන විට මෙම පරීක්ෂණ හා ගවේෂණ තුළින් චන්ද්‍රා වික්‍රමසිංහයන්ගේ මත සත්‍ය වෙමින් පැවතීම සතුටට කරුණකි. මෙතුමන් පවසන ආකාරයට අගහරු ග්‍රහයාගේ මතුපිට ඇති පාෂාණ කොටස් හරහා කරන ලද ගවේෂණයන්ගෙන් එහි ජීවී සාධක පැවති බව සොයා ගන්නා ලදී. එය 1976 මුල්ම අගහරු ගවේෂණයෙන් ඒ පිළිබදව තහවුරු කර ගන්නා ලදී. නමුත් නාසා ආයතනය එම කරුණු ලෝකයාට හෙළි කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන නැත. එය ඕනෑකමින් කළ දෙයක් ලෙස මෙහි දී ඔප්පු වෙයි. එමෙන්ම පිටසක්වළ ජීවීන් පෘථිවිය සමග සන්නිවේදනයෙහි යෙදුණු ආකාරය ඇමෙරිකානු ලෝක බලවතුන් විසින් හිතාමතාම ලෝකයාගෙන් වසන් කරන බව මෑතකදී පුවත්පතක ද හෙළිදරව් කෙරිණි. එමෙන්ම නීල් ආම්ස්ට්‍රෝන් සද මත පා තැබීමේ දී පිටසක්වළ යානා පිළිබදව ඔහු දුටු සහ ලද අත්දැකීම මුලින් ඔහු ලෝකයාගෙන් වසන් කළත් ඔහු මිය යාමට පෙර ඒ පිළිබදව මාධ්‍යයට සත්‍ය අනාවරණය කිරීම නිසා මේ පිළිබදව ගවේෂණය කරන අභ්‍යාවකාශ ගවේෂණ ආයතන වලට විශාල රුකුලක් සහ අස්වැසිල්ලක් විය.

එමෙන්ම චන්ද්‍රා වික්‍රමසිංහයන් සදහන් කරන්නේ මෑතකදී කෙප්ලර් දුරේක්ෂය මගින් විද්‍යාඥයින් ද විශ්මයට පත් කරමින් අලුත් විද්‍යාත්මක සිදුවීමක් සොයා ගත් බවයි. එනම් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1480කට එපිටින් එක්තරා ග්‍රහලෝකයක සුපිරි දියුණු ජීවීන් සිටිය හැකි බවයි. නාසාහි විශ්ව ගවේෂණයෙහි යෙදෙන මෙම කෙප්ලර් දුරේක්ෂය හරහා 2013 වර්ෂයේ දී අපගේ මන්දාකිණියේ පමණක් ග්‍රහලෝක බිලියන 144ක් පවතින බව සොයා ගනු ලැබුවා. මෙම 

අනන්ත විශ්වයෙහි සමාන්තර විශ්වයන් පැවතිය හැකි බවත් ඔවුන් සදහන් කරයි. එසේ නම් එවැනි සමාන්තර විශ්වයන් තුළ පෘථිවි ජීවීන්ට වඩා බුද්ධියෙන් හා තාක්ෂණයෙන් දියුණු සුපිරි ජිවීන් සිටිය නොහැකිද? බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල අග්ගඤ්ඤ සූත්‍රය වැනි සූත්‍ර දේශනා තුළින් සක්වළ තුළ දියුණු ජීවීන් සිටින බව විද්‍යමාන කර දක්වයි. ඒ නිසා විදු ඇස උන්වහන්සේගේ දේශනාවන් වඩාත් සනාථ කරලීමට උත්සාහ දරන අතර විශ්ව තලය තුළ සිදුවන මෙවැනි ප්‍රපංචයන් මගින් ලෝකයා හමුවේ එය පිළිගැනීමටත් සලස්වයි. අද්‍යතනය වන විට අගහරුගේ අබිරහස් සෙවීම සදහා ගවේෂණ යානා පෘථිවියේ සිට යවනු ලබයි. ඇතැම් රෝවර් අගහරු මතුපිට එහෙ මෙහෙ යමින් පස් සාම්පල රැස් කරමින් ඒවායේ දත්ත සහ ලබා ගන්නා අති පැහැදිලි ජායාරූප පෘථිවියට එවමින් සිටී. ඒ අතරින් කියුරියෝසිටි රෝවර් යානය එවූ ජායාරූප රැසක අගහරු ග්‍රහයාගේ අබිරහස් වස්තූන් දක්නට ලැබුණි. ඉතා සූක්ෂම අයුරින් අගහරු මතුපිට ගොඩබෑමෙන් පසු කියුරියෝසිටි සිය ගවේෂණය ආරම්භ කළේ අගහරුගේ ගේල් නැමැති ආවාටය කේන්ද්‍ර කර ගනිමිනි. කියුරියෝසිටි පස් සාම්පල පරීක්ෂා කිරීමේ දී නාසා විද්‍යාඥයන්ට දක්නට ලැබුණු අබිරහස් ආලෝකයක්, මලක් සහ සපත්තුවක් නිසා මහත් ආන්දෝලනයක් හට ගත්තේය. කියුරියෝසිටි කැමරාවෙහි සටහන් වුණු මෙම අබිරහස් සංකේතයන් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිටසක්වළයින් සම්බන්ධ කතා පුවත් පාදක කර ගනිමිනි. නමුත් මලේ සහ සපත්තුවේ අබිරහසට පිළිතුරු දෙමින් නාසා විද්‍යාඥයන් පවසන්නේ එය අසාමාන්‍ය පාෂාණ පිහිටීමක් විය හැකි බවයි. නමුත් ජායාරූපවල සදහන් අසාමාන්‍ය ආලෝකය පිළිබදව නාසා විද්‍යාඥයින්ට තවමත් අබිරහසක් වන අතර ඒ සම්බන්ධ නිශ්චිත අදහසක් ප්‍රකාශ කළ නොහැකිය . එය සත්‍ය ලෙසම අගහරුගේ අහසේ ගිය කිසියම් ආකාරයක ආකාශ වස්තුවක්ද? එසේත් නැතිනම් පියාඹන පීරිසියක්ද? නාසා විද්‍යාඥයන්ට එය අදටත් ප්‍රහේළිකාවකි. 

කෙසේ නමුත් වසර 2030 දී අගහරු ග්‍රහලොවට මිනිසුන් යැවීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. අගහරු යනු විදු නැණින් සියල්ල හෙළි කරන විද්‍යාත්මක ග්‍රහයෙක් පමණක් නොවෙයි. අනාගතයේ යම් දිනෙක අගහරු මිනිස් වර්ගයාගේ නව නිවහන බවට පත් වනු ඇත. මන්ද අද වන විට සද මතුපිට ජනාවාස ඉදි වෙමින් පවතින කාල වකවානුවක මෙයද සිදු වුවහොත් එය පුදුමයට කරුණක් නොවෙයි. අනාගතයේ දවසක මිලියන ගණනක් දෙනා පෘථිවියෙන් අගහරු වෙත ගොස් එහි ජනාවාස පිහිටුවා ගනු ඇතැයිද ඒ සදහා මංපෙත් විවර කරන්නේ නූතන ඉංජානේරුවන් සහ විද්‍යාඥයින් බව පැවසෙයි.

ඔබට මෙයත් සමගම පුදුමය දනවන කරුණක් කියන්නට කැමතියි. එනම් වල්ගාතරු ගවේෂණය කිරීමේ දී අනාවරණය කරගත් ආකාරයට ලම්ජෝයි නම් වල්ගාතරුවෙන් සෑම තත්පරයකටම වරක් මධ්‍යසාර බෝතල් 500ක් පිරවීමට තරම් මධ්‍යසාර වෑස්සෙන බව සොයා ගැනීම මුලු මහත් ලෝකයටම පුදුමය දනවන කතාවකි. එසේ නම් මොහොතකට සිතන්න.... මේ මහා අනන්ත විශ්වයෙහි කොපමණ නම් මන්දාකිණි තිබෙනවා ද? ඒවායෙහි ඔබ, මම නොදත් කොතරම් දේවල් සැගවී ඇත්ද? දෙයක් කියන්නම්...සත්‍යය නම් ඒ සත්‍යයම පමණි....

Top