ගැමියන් පේවී කරන හේන් කෙරුවාව (352)

post-title

wachana.lk "ජනදිවි වතගොත" සමගින් දිගහැරුණු අතීතයේ පටන්ම ප්‍රකට "හේන් කෙරුවාව" පිළිබඳ වගතුග රැගෙන පසුගිය සතියේ ලිපියේ ඉතිරි කොටස 

හේන් කෙටීමට එන්නේ ගංකරේ පිරීමි ඇත්තන් පමණ යි. බවලත් උදවියට හේන් කෙටීම අකැප යි. ඒ වගේ ම හේන් කොටන පිරිමි ඇත්තන් කිල්ලට අහු නො වී සිටිය යුතු වෙනවා. මේ ආකාරයට කැලෑ වැදිලා හේන් යාය එළිකර ගැනීමට කලියෙන් ගංකරේ සංහිඳට ගොස් ගොවියන් කවුරුත් වාගේ බාරහාර වෙනවා. හේන්කරය සාර වුණාත් බාර ඔප්පු කරනවා කියලා. විදානේ උන්දෑ බාර වීම නිත්‍ය අංගයක්. ඔහු බාර වෙන්නේ ගංකරේ ඇත්තන්ගේ කාගෙත් හේන් සරු වුවහොත් පළමු අස්වැන්න ගමේ පංසලට නැතිනම් දේවාලයට ගෙනවිත් දෙන බවට පොරොන්දු දීමෙන්. මේ වගේ බාරහාර වීම් සාමාන්‍ය දෙයක්. ඇතැම් විටක හේන්කරය වැපිරීමට තෝරාගත් භූමියේ පිහිටි විශාල ගහක් යටට ගිහිං මේ ලෙස බාර වෙනවා. බාරහාර කටයුතුවලින් පසු වක්කැති පාර පඳුරකට ගසා හයියෙන් මොර දෙනවා අනෙක් ඇත්තන්ට දෙවියන් බුදුන් සිහි කරගෙන වැඩේට මුල පුරමු කියලා.

හේන් ගෙවදීම ඒ කියන්නේ හේන් කෙටීම පටන් ගත්තාට පසු ව ගජරාමෙට වැඩ තියෙනවා. මුළු හේන් යාය ම සුද්ද කර ගත යුතු යි. ඒකත් කිසි යම් පිළිවෙළක් තියෙනවා. කපා බිම පෙරළූ ගස් කොළං පහසුවෙන් අරන්දෙට වේළෙන ආකාරයට තුනී කරනවා. ඒ වගේ ම යි, ගිනිලන විට පහසුවෙන් පිලිසෙන හැටියටයි කපා බිම දැමූ ගකොළවල අතු සුඹුලු වක්පිහියෙන් කුඩාවට කපා බිම අතුරන්නේ. හේන් කෙටීමට භාවිත කරන පොරවක් සහ අත් පොරවක්.  නවදැලි හේනක්, අදඬුවා හේනක්, මූකලන් හේනක් එහෙමත් නැති නම් හේන් කනත්තක් වෙන්න පුළුවන්. මේවා කැලෑ කපා වගාවට සරිලන සේ සකසා ගන්නා විට දවස් කීපයක් ම ගත කරන්න සිදු වෙනවා. මේ හැම දවසක ම වයිතාලෙන් ගෙදරින් හුනුමුල්ලට කුරහන් රොටියක් නැතිනම බත්මුලක් දමාගෙන ලබු කට්ටට වතුර පුරවාගෙනයි එන්නේ. ඒ ඇවිත් මේ ලබු කට්ටයි හුනුමුල්ල යි දෙක ම එල්ලන්නේ කැලෑ සුද්ද කරගෙන යන ඉදිරිපිටින්. ඇයි එහෙම කරන්නේ කියලා දන්නවා ද? එතකොට දවල් කුසගින්න ඇතිවෙන වෙලාව වෙද්දී හුනුමුල්ල ගාවට සුද්ද කරගෙන එන්න පුළුවන්. එහෙම වුණොත් සෑහෙන කොටසක් සුද්ද කරලා අවසන් බව අපිට හැරිලා බලන විට පේනවා. ඒක හරියට ඉලක්කයක් සපුරා ගැනීමට හිත - ගත දිරිමත් කිරීමක් වගේ. දිවා භෝජන්නේ ගන්න ඕනෑ නම් හුනුමල්ල එල්ලා තියෙන ගහ ගාවට සුද්ද කළ යුතුයි කියලා තීන්දුවක්

එයින් බේරීමට වාංපතුල් දාගන්නවා. පතුල් කියලා කියන්නේ පයේ දමන සෙරෙප්පුවලට යි. මේවා ගෝන හම් හෝ මුව හම් පදම් කිරීමෙන් සකසා ගන්නේ. හැඩය හරි හතරැස්, කකුලට වඩා විශාල නිසා කටු ඇනීමට තියෙන ඉඩකඩ ඇහිරී යනවා. හේන් කෙටීමට භාවිත කරන වාංපතුල් පුරාණ සම්මතයට අනුව හේන් කෙටීමට මුල පුරන්නේ නිකිණි මහට යි. නිකින්න ගිනි අව් රස්නය නිසා කපා බිම දමන ගස් කොළන් බලා ඉද්දි ම පිලිසිලා යනවා. ඒ නිසා අමු ගස්කොළන් ගිනි දමා පිලිස්සීමට පහසු වෙනවා. බිනර මහට ආකාසේ වැහි බිත්තර අතනින් මෙතැනින් මතුවෙන්න ගන්නවා. මේ වැහි බිත්තර මෝරාගෙන එද්දී හේන් පිලිස්සීමට අවැසි පදමට ගස් කොළන් දැවී කරවෙලා තියෙන්නේ. එවිට අත්දැකීමෙන් විදානේ උදෑ දන්නවා දැන් හේන් යාය ගිනිලා පුලුස්සා ගත යුතු යි කියලා.

හේන් ගිනි ලන එක හරි සීරුමාරුවට කළ යුතු යි. බිනර ආකාසේ මෝරන වැහි බිත්තර සතිය හමාර ගෙවෙද්දිං අවැස්ස බවට පත්වෙනවා. බැරිවෙලාවත් දවල් දවසේ ගිනි අවට කරවෙලා තියෙන හේන් යායේ ගකොළ මතට වැහි ඇල්ලක් වැටුණොත් ආයේ ඒවා ගිනි තියනවා බොරු. මේ නිසා අවැස්සන්වීමට කලියෙන් හේන්යාය ගිනිලෑමට සුබ දවසක් තීන්දු කර ගන්නවා. පුරාණ සමන්ට අනුව ගින්දර උපන් සදුදා දවස තම යි මේ කටයුත්තට වෙන්කර ගන්නේ. ගිනි උපන් දොහේ යමකට ගිනිලෑමෙන් හරි සාරෙට ගිනිදලු බෝ වෙනවා කියන විශ්වාසයක් පුරාණ ඇත්තන් අතරේ තියෙනවා.

වූ පසු ව විදානේ අණ කරනවා "ගිනිලාපියව්” කියලා. හුළං හමන උඩු අත බලා ගින බෝ වී යන ලෙස හේන්යායට ගිනිලනවා. කෙමෙන් ගිනි දලු නැග් එක යායට ඇවිළෙන විට යායේ ගොවීන් අත්දැකීමෙන් වටහාගෙන තියෙනවා ගින්න සාරයි ද නැතිනම් ආයේ වංගියක් ගිනිලෑ යුතු යි ද කියලා.

පුරා දිනක් - දෙකක් හෝ තුනක් හෝ මේ ආකාරයෙන් හේන ඇවිළෙනවා. කපා බිම පෙරළා තිබෙන ගස් කොළන්වල හැටි හැටියට තමයි ගින්න ඇවිලී අවසන් වීමේ කලවෙලාවන් තීරණය කෙරෙන්නේ. හොඳින් ගිනි ඇවිළී හේන් යාය පිලිස්සුණාට පසු වපුරන බවබෝග රැකවල් කිරීම පිණිස දඩුවට ගැනීමට සිදු වෙනවා. වල් අලින්ගෙත් උවදුරු නිතර නිතර තියෙන ඉසවක හේන් යාය පිහිටා තිබේ නම් දඬුවැට බැඳීමට අමතර ව අලිමංකඩවල ඇහිරීම සඳහා දඬුවැටට පිටින් දඹුවැටක් තැනිය යුතු යි. දඬුවැට කියලා කියන්නේ බාගෙට පිලිස්සුණු කොට හෙවත් දඹු අරගෙන එම කොට එක පිට එක ගොඩ ගසා අලින්ට හේන් යායට ඇතුළුවීමට බැරි ලෙස අහුරන වැටට යි.

හේන් ගිනි තැබීමට පෙර සැගවී සිටින සතුන් පන්නා හැරීම සම්ප්‍රදායක් .මේ වන විට කීප දොහක් අගින්නේ වියළා ගත් යායට ගිනි බෝකිරීමට පැමිණෙන්නේ පිරිමි පාර්ශවයේ ඇත්තන් පමණ යි. ළමා ළපටින්ට වගේ ම බවලත් උදවියටත් හේන් ගිනිලනවා බැලීම තහංචි යි. තමුන්ගේ මායියා ගැබ්බර වෙලා ඉන්නවා නම් ඒ උදවියත් හේන් යායට ගිනිලන්න වීමෙන් වළකිනවා. ඒ ඇත්තන්ගේ පංගු ගිනිලෑමට ගංකරේ කවුරුත් අනාරාධනයෙන් ඉදිරිපත් වෙනවා.

හේන් ගිනිලෑමට තෝරා ගත් සඳුඳා දිනට පෙරාතුව විදානේ උදෑ සංහිඳේ බාරහාර වෙනවා. ඒ කිසිම දේකට නො වෙයි. ගිනිලෑමෙන් කැලෑ පුලුස්සන විට නො දැනුවත්කමින් හෝ සතා සිව්පාවුන් ඊට ගොදුරු වෙලා පිලිස්සී ගියොත් ඊට සමාවෙන්නයි කියලායි දෙවියන්ට කන්නලව් කරමින් කියා සිටින්නේ. සංහිඳේ සිදු කෙරෙන මේ දේව කන්නලවට ගංකරේ හේන් කොටන කොයි කවුරුත් සහභාගි වෙනවා.

ඉර මුදුන්වන මද්දහනේ තමුන්ගේ පයට හේමලයාගේ හිස පෑගෙන වෙලාවට හේන් ගිනිලෑමට ගංකරේ ඇත්තෝ පිටත් වෙනවා. එවිට ගිනි හුලකුත් අරගෙනයි යන්නේ. ඒ ගිනිහුළ තරමක් දිගට බැඳ ගන්නේ. හනසු, මටලු, ගස්වල පොතු, අතු සුඹුලු එකට එකතු කර දිග රිටකට තියමින් වැපොටකින් වෙළුම් ගසා ගන්නවා. එවිට වැඩි වෙලාවක් දැල් වී තිබෙන ගිනිහුළක් තනාගත හැකි යි. විදාන්නේ උදෑ තම තමුන්ගේ ගෙදරින් ගිනිහුළ අවුළුවාගෙන එළියට බහිද්දි හූවක් කියනවා. ඊට පිළිතුරු කියමින් ගංකරේ අනෙක් ගොවියන් ද හුළු අතු රැගෙන හේන් යායට සේන්දු වෙනවා. එහෙත්, ඒ ඇත්තන්ගේ හුළුඅතු අවුළුවන්නේ හේන් යාය අද්දරට ආවයින් පසුව යි. එතෙක් විදානේ උන් දෑ හුළුඅන්ත නිවෙන්න නො දී බලා ගන්නවා. හේන් යාය ගිනිලෑමට කලියෙන් “ගිනි යාතිකාව” කියමින් මොර ගානවා. ඒ කපා බිම දමා තිබෙන ගස්කොළන් අතරේ යම්විටක සැඟවී හෝ සතා සිව්පාවුන් සිටිනවා නම් උන් එළවා දැමීමට යි.

“උඩින් පියාඹන සතු - කුරගානා සතු - බඩගානා සතු පොළොව පස්සට ලගින සන්තු අළු නො වී පලයලා”. කියමින් ගිනි යාතිකාව කියනවා. ඊට පසු ව කවුරුත් එක්කලා මහා හයියෙන් හූ කියනවා.

ඉතින් ඕං ඔය ආකාරයට වැඩ කටයුතු සිද්ද වෙන අතර හේං කෙරුවාවේ තවත් රස මුසු තැන් සොයා ලබන සතීයේදිත් හමුවෙමු.



Top