මිනිස් ජීවිත තුළ බැඳී පවතින අභිචාර (696)

post-title

19 වන සියවසේ අග භාගයේ චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද පරිණාම වාදී න්‍යාය ආභාෂය කොටගෙන මානව විද්‍යාඥයින් ආගමික ප්‍රභවය ගැන කථා කරන්නට විය. ඒ අතර

E.B. ටයිටර්

ජේම්ස් ෆෙසර්

රොබට් එම් බෙලා

රෙඩ්මන් ෆර්ත් 

එමිල් ඩුර්කයිම්

මැලිනොව්ස්කි දැක්විය හැකිය. 

ලෝකය පිළිබඳව කථා කරද්දී එහි ආරම්භය කවදා කෙසේ සිදුවුණිදැයි නිශ්චිතව ම කිව නොහැකියි. ඒ කෙසේ වෙතත් විශ්වාස මත ප්‍රාථමික මිනිසා එල්බ ගෙන සිටි බව විද්‍යාඥයින් විශ්වාස කරයි. ඔවුන් මෙයට විශ්වාස කිරීමට හේතු සාධකය වූයේ ඔවුන් ඉතා ආශාවෙන් ආරක්ෂා කරගත් බව භෝග සම්පත්, ස්වභාවික සම්පත් විනාශ වීම නිසා ද තමා බලාපොරොත්තු නොවූ ලෙස ලෙඩ රෝග වැළඳීම නිසා ද ඔවුන් ස්වභාවික බලවේග වලට දේවත්වය ආරෝපණය කර ඉරු දෙවියෝ, සඳ දෙවියෝ, ගිනි දෙවියෝ, වැස්ස වලාහක දෙවියෝ ආදී ලෙස දේවත්වය ආරෝපණය කරගෙන ක්‍රියා කලහ. මොවුන් අභිචාර හා පුද පූජා පවත්වා ඔවුන්ගේ ගුණ ගායනා කොට සිත් දිනා ගත්හ.

එසේම ප්‍රාථමික මිනිසා තමා අවට අදෘශ්‍යමාන භූත ලෝකයක් ඇතැයි කියා ද, ඒ භූත ලෝකය වූ කලී ගස්, ගල්, කඳු, පර්වත, වැව්, පොකුණු, ගංගා, වනපෙත් ආදී ස්වභාවික වස්තූන්ට අදිගෘහිත වූ දෙවිදේවතාවුන්ගෙන් ද මළගිය වූ වන්ගේ ද ආත්ම වලින් ද යුක්ත වූවක් ලෙස සිතීය. මරණය සෑම බලවේගයක්ම ජය ගැනීමටත් ලෞකික අපේක්ෂාවන් ඉටු කර ගැනීමටත් අභිචාර කිරීමට පෙළඹුණහ. ආගම හා අභිචාරය පිළිබඳ පැහැදිලි වර්ගීකරණය කළ සමාජ මානව විද්‍යාඥයයෙකු වූ "රොබට් එම් බෙලා"පවසනුයේ "සමාජ සම්බන්ධයෙන් ආගමේ ස්වරූපයන් එකම ස්වරූපයක් ගන්නා බවයි." ඔහු ලෝකයේ ඇදහිලි සංස්ථා 04 ක් ඇති බව ප්‍රකාශ කලේය.

1) කපුවන් මැදිහත් වී වත්පිලිවෙත් කරන ආගම්

2) ජන සමූහයක් විසින් එකට එක්ව කරන ද්වාර කර්ම හෝ දින දර්ශනවල දින හැටියට කරන වත්පිලිවෙත් (උපත, වැඩිවිය පැමිණීම, විවාහය, මරණය) අවුරුද්දේ තෝරාගත් දිනකදී හෝ දින කිහිපයකදී සමූහයක් එක් වී කරන වත්පිලිවෙත් ( සිංහල හින්දු අලුත් අවුරුද්ද, වැදි ජනයාගෙ කිරි කොරහ නැටීම, නෝම්බි ඇල්ලීම, නත්තල් උත්සවය, මහා ශිව රාත්‍රිය) හැදින්විය හැකිය.

3) මෙයට පූජක පක්ෂයක් ඇත. ඒ වටා දේව වළල්ලක් ඇත. වර්තමානයේ මෙය හින්දු ආගම තුලින් විද්‍යාමාන වේ. විෂ්ණු, පත්තිනි, කතරගම මේ දෙවිවරුන්ගේ කාර්‍යභාරය එකිනෙකට වෙනස්‍ ය. නමුත් ඔවුන් සියලු දෙනා එකම දේව වළල්ලක් යැයි සිතා හින්දූන් අදහනු ලබයි.

4) ඒකදේවවාදය

බෙලා මෙයින් පැහැදිලි කොට ඇත්තේ සියලුම වත්පිලිවෙත් හා විශ්වාසයන් එක් දෙවියෙකු මතම රඳා පැවතීමයි. 

( ක්‍රිස්තියානි සංස්කෘතිය හා මුස්ලිම් සංස්කෘතිය )

ජේම්ස් ෆෙසර් විසින් ආගම හා අභිචාරය කොටස් 02 ට බෙදනු ලැබීය.

1) දුරභිචාර

2) සුදු අභිචාර

මනුෂ්‍යයාගේ යහපත උදෙසා කරනු ලබන අභිචාර සුදු අභිචාර ලෙස සැලකේ. ලාංකික ජන සමාජය තුල බලි, තොවිල්, ශාන්තිකර්ම, ගම්මඩු, කිරිමඩු, දෙවොල්මඩු, පුනාමඩු, දෙහි කැපීම, නූල් දැමීම ආදී පූජා ක්‍රම දැක්විය හැකි ය. 

දුරාභිචාර යනු පුද්ගලයෙකු හෝ සමූහයකට අයහපත ඇති කිරීම සඳහා කරනු ලබන අභිචාර විධි වේ. සූනියම්, වස්කවි, වැනි මේ දේවල් ලාංකික සමාජය තුල වැඩි වශයෙන් දැකිය හැකි ය. ඇතැම් ප්‍රාථමික සමාජ තුල සතුරෙකුගෙන් පලිගැනීමට අවශ්‍ය වූ විට ඔහුගේ රූපයට සමාන රූපයක් ඇඳ එයට කටු ගසා හිංසා කල කල්හි එම රූපය සතු කෙනාට හිංසා කරදර වන බව විශ්වාසය යි. ඒ අතර විෂ බැදීම හා ඉනා බේත් කැවීමද සිදු කරනු ලබයි.

රෙමන්ඩ් ෆර්ත් විසින් දැරූ න්‍යාය මීට වඩා වෙනස්‍ ය. ඔහු මෙය කොටස් 03 ට බෙදා දක්වා ඇත.

1) නිෂ්පාදන අභිචාර 

2) ආරක්ෂක අභිචාර 

3) විනාශකාරී අභිචාර 

නිශ්පාදන අභිචාර යටතේ දඩයම, ගොවිතැනෙහි සශ්‍රීකත්වය, අස්වැන්න, වර්ෂාව ලබා ගැනීම, මසුන් අල්ලා ගැනීම, ඔරු සෑදීම සහ යාත්‍රා කිරීමේ වත්පිලිවෙත්, ආලය පිළිබඳව අභිචාර වර්ග කෙරේ. ආරක්ෂක අභිචාර යටතේ විපත් වලින් ගැලවීම, ජනයා එක්රැස් කිරීම, දේපල ආරක්ෂා කිරීම, ලෙඩ රෝග ඇති කිරීමට උදව් වන අභිචාර ලෙසද මෙය හැදින්විය හැකිය. 

ඩුකයිම් පවසන ආකාරයට ඔහු කොටස් 02ට බෙදා ඇත.

1) විශ්වාස

2) පුද පූජා ලෙස ය. 

විශ්වාස වලට නතු වූ ලෝකයේ එම විශ්වාස පදනම් කරගත් පුද පූජා විධි පවත්වන ලෝකය අතර වෙනසක් සම්බන්ධයෙන් ඔහු කරුණු දක්වා ඇත. මොහු පවසන ආකාරයට උත්තරීතර පාරිශුද්ධ දෙයක් මත ගෞරවාන්විත ඇදහීමක් සිදු කරන බව පවසා ඇත. එයින් පොදු ආකල්ප ඇති වන බව ද දක්වා ඇත. එය සත්‍යයකි. ( ධාතූන් වහන්සේලා, පිරිත් නූල්, කුරුසය, ශිව ලිංගය, සළඹ, මේ ගණයට අයත් වේ)

මේ අනුව ඇතැම් අභිචාර විධි යම්කිසි වස්තුවක් මූලික කොටගෙන පවතින බව පෙනේ. මෙවැනි අවස්ථා තුළ ඔහු " ඕස්ට්‍රේලියානු චිහ්න වන්දනාව පිළිබඳව දක්වා ඇත." චිහ්න වන්දනාව යනු යම්කිසි වස්තුවකට හෝ සතෙකුට පාරිශුද්ධත්වයෙන් පිදිමයි. ආගම ආරම්භ වූයේ " ටෝමය" පිදීමෙන් බව ඔහුගේ අදහසයි. අද වත්මන් සමාජයේ ද වෘක්ෂ වන්දනාව, ඇතැම් පූජනීය වස්තූන් වන්දනාව හා හින්දූන්ගේ ගවයා වන්දනාව හැදිවිය හැකිය.

මෙහි දී මැලිනොව්ස්කිට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඔහු ට්‍රෝබියන් දූපත් අධ්‍යනය කොට Argonauts of western pasific යන ග්‍රන්ථය රචනා කර එහි මේ පිලිබද කරුණු දැක්වීය. එහි ඔවුන් අනුගමනය කල අභිචාර රැසකි. ඒ අතර

1) කෘෂිකාර්මික අභිචාර 

2) යුද්ධ අභිචාර 

3) ඉලක්කම් සම්බන්ධ අභිචාර 

4) ගෘහ උපකරණ අභිචාර 

#BBD0E0 »

Top