කලාව යනු මිනිසා විසින් සොයාගත් අතිශය සියුම් ප්‍රකාශන මාධ්‍යකි. ඒ මිනිසා තම දක්ෂතාවය මත ලොවට දායාද කල උතුම් වස්තුවක් වූ සාහිත්‍යය ද එක් වී පැවතීම නිසාවෙනි. එම සාහිත්‍යය තුළ අන් කවරකටත් වඩා බිහිවූ නිර්මාණ හා නාද රටා ප්‍රබල වූයේ කෙනෙකුගෙන් කෙනෙකුට අනන්‍ය වූ හැගීම් සහ සාහිත්‍ය චින්තනයන් කලා නිර්මාණයන් බවට පත්වීමෙනි. ඒ තුළ තිබූ ඔවුන්ගේ භාෂා භාවිතය නාද රූප භාවිතය හා චිත්ත රූප සංකල්පයන්ට අනුකූල වෙමින් රාජකීය සංගීතය බිහි විය. සිංහල සාහිත්‍යයන් අතර සාහිත්‍යය නවමු මගකට යොමු කල කාව්‍ය සංකල්පයක් ලෙස මේ ප්‍රශස්ති කාව්‍ය ලක්ෂණ හදුන්වා දිය හැක්කේ ඒ නිසාවෙනි.
ප්‍රශස්ති යන්නෙහි අපර නාමය "විරුද" යන්නයි. එය සකු බසෙහි "විරුද කාව්‍ය" නමින් හැඳින්විය. "ගද්‍ය පද්‍ය රාජස්තූතිර් විරුදමුච්චතේ" යනුවෙන් ප්‍රකට වනුයේ "ප්‍රශස්තිය යන්න රාජ වර්ණනා වෙසෙසින් දැක්වීම" පිණිසයි. මේ අනුව යම් යම් නිර්මාණයන් පුරාවට රජ කෙනෙකු හෝ ප්‍රසිද්ධ කීර්තිමත් චරිතයක ගුණ කවියෙන් වැයීම මෙහි මුඛ්‍ය පරමාර්ථය විය. මේ ප්‍රශස්ති විවිධ ය. දේව ප්‍රශස්ති, භූත ප්‍රශස්ති, රාජ ප්‍රශස්ති සහ බුද්ධ ප්‍රශස්ති යනුවෙන් මේ ප්‍රශස්ති හැදින්වේ. මේ අතරින් දේව ප්‍රශස්ති සහ භූත ප්‍රශස්ති යාතු කර්ම හා සම්බන්ධ වෙමින් අනාදිමත් කාලයක පටන් පැවත එන්නකි.
සිරස ඔටුණු නයි යාලක් වෙලාගෙන
මුඛයේ ලේ පොළොන් රන් ඇස් ඔබාගෙන
සුරතේ කඬුව වමතේ ගිනි දරාගෙන
වඩිනේ සූනියම් යකු තුරඟ වාහන
ලොව ඕනෑම පැරණි සාහිත්‍යයක පුද්ගලාභිවාදනයට ලැබී ඇත්තේ වැදගත් ස්ථානයකි. උක්ත ප්‍රශස්ති ගුණාංගයන්ගෙන් යුතු කෘති රෝම ග්‍රීක සාහිත්‍යය වල පමණක් නොව වෛදික සාහිත්‍යයේ ද දැකිය හැකිය. මෙරට රාජ ප්‍රශස්ති ප්‍රචලිත වූයේ මහනුවර යුගයේ දී. මහනුවර රාජ සභාවේ කවිකාර මඩුව, වාහල ඉලංගම, දිග්ගේ ඉලංගම ගායක ගායිකාවන්ගෙන් හා නළුවන්ගෙන් සමන්විත විය. මේ පිරිස් රාජ සභාව ආරම්භයේ දී රජුට ප්‍රශස්ති ගායනා කළයුතු විය. විශේෂයෙන් 1607 - 1627 රජ කල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ්‍ය සමයේ ප්‍රශස්ති ගායනා බහුලව ප්‍රචාරය විය. පවන, රාජසිංහ වර්ණනාව, ශ්‍රී නාමය, ඇහැලේපොළ වර්ණනාව හා පැරකුම්බා සිරිත යන ප්‍රශස්ති ප්‍රබන්ධ අප අතරව ශේෂව පවතී. ඒ වගේ ම අදටත් පත පොතෙහි නොලියවුණු බොහෝ ප්‍රශස්ති පාරම්පරිකව කලාකරුවන් අතර සැඟවී පවතී. ලක්දිව සිංහල සාහිත්‍ය අධ්‍යනය කිරීමේ දී මෙහි ප්‍රශස්ති කාව්‍ය ප්‍රවණතා ලක්ෂණ දැකිය හැකිය. මේ බව සීගිරි ගී හා මහාවංසය තුලද දැකිය හැකිය. මීට අමතරව මුවදෙව්දාවතේ මඛාදේව රජු වර්ණනාව කදිම උදාහරණයක් සපයනු ඇත.
"මුවදෙව් උයන් වැදී - නරනිඳු සඳ සබපියා
කරෙමින් මෙන් මුළු නුවර විණි නද රතු පුලෙන්"
එසේම කවිසිළුමිණ කතුවරයා කුස රජු වර්ණනාව තුලද මේ ලක්ෂණ දැකිය හැකිය.
"මමන පොද වත්සුනු පැහැසර සර'ග මල්දම් බඳ මුහු උස හඟවා ගනකුළුව සුරිඳු සැව්"
"සිරි සිම්බා තෙල පොළඹා රුදු නිතොර රුපු ගජබා
මුල් නොතබා ගත් කෙසෙර ලක ඔලඹා සිරි සුලබා කළ
මෙපුර දින මනබා බුවනෙකබා රජ පවර
( මයුර සංදේශය - 5 වන සියවස ගම්පොළ යුගය බුවනෙකබා රජ වර්ණනාව )
සතර දිගත යසහර ලම්බා පුරුදු ළතිර රුපුන් ජය ගෙන පුම්බා විදුර නොහැර වෙතම කර දෙරණම්බ සිරිඳු නිතොර වැජඹී සිරි පැරකුම්බා නිරිඳු"
( හංස සංදේශ - පරාක්‍රමබාහු වර්ණනාව )
සිංහලයන් අතර මෙන්ම මෙම ගායනා දමිල භාෂාවෙන් පවා රචනා වී ඇත. තෙලිඟු භාෂාවේ ද ආභාෂයක් මෙහි දක්නට ඇත. මහනුවර යුගයේ කවිකාර මඩුවේ සේවයේ යෙදී ඇති ප්‍රසිද්ධ කවීන් සිටි නමුත් මෙරට ඉංග්‍රීසි යටත්විජිත සමයෙන් පසුව විවිධ හේතු නිසා ප්‍රශස්ති රචනා වීම දුර්වල විය. මෙහි දී භාෂාව කුමන ආකාරයේ වූවද සිංහලයන් බහුලව යොදා ගනු ලැබූයේ සිව්පද ආකෘතිය යි.
යස ධර නිධ ජනක කීර්ති තේජ රාශි
වේද ජාත මනිධර කප රාජ ලෝල නෛක
දාන පාරි ජාත ශ්‍රී ධර නෲප සිංහරාජ
ජය ජයතු නානු වංශ ජාත
( පවන )
මෙසේ පරවි, කෝකිල, සැළලිහිණි වැනි සංදේශ කාව්‍ය වල ද ප්‍රශස්ති ලක්ෂණ විද්‍යාමාන වේ. මේ අනුව මුල් කාලීන පද්‍ය සාහිත්‍යය තුල ප්‍රශස්ති කාව්‍ය ලක්ෂණ දැකිය හැකි වූව ද පරිපූර්ණවත් සිංහල ප්‍රශස්ති කාව්‍යක් නිර්මාණය වීම හා එහි සලකුණ සටහන් වන්නේ කෝට්ටේ යුගයේදී ය. සංදේශ කෘති වල හෝ වෙනත් සාහිත්‍යය කෘති වල මුල සිට ප්‍රශස්ති ප්‍රවණතා ගොඩනැගුණ ද එක පුද්ගලයෙකු අරමුණු කරගනිමින් ඔහුගේ කිත් යසස් කෘතිය පුරාවටම වර්ණනා කිරීම ආරම්භ වන්නේ මේ යුගයෙනි. එම ප්‍රවිශ්ඨාර්ථ සලකුණ සඳහන් කෘතිය වන්නේ " පැරකුම්බා සිරිත" යි. මෙහි දී ජීවමාන රජෙකු පිළිබඳ ගුණ වර්ණනාවක් ඉතා සාර්ථකව ගෙනහැර දක්වා ඇත. මින් පසුව ප්‍රශස්ති කාව්‍ය රැසක් සිංහල කාව්‍ය ඉතිහාසයේ හටන් කාව්‍ය වල මෙන් ම ප්‍රශස්ති කාව්‍ය වල ද ස්වණමය යුගය වන්නේ මහනුවර යුගය යි.
අංග මංගජ මංගලෙන් වැඩි බිංග මෙන් මුනි පා කමල් වට
අංග තුංග මතංගජන දෙන ඉංගකින් කවි බන් දදන් හට
අංග වංග කලිංග හිංගුල කොංගනෙන් පැවසූ යසින් තුට
අංග සංග වළංගවෙන් සිරි සංඝබෝ පැරකුම් රජුන් හට
( පැරකුම්බා සිරිත 86 )
ක්ෂිර සලිල ස්වේත ශෛල සාර යස ධෞත පුර නීරඳ සුමන්ති සුරඥා නා
දිගු දිෂ්ටි මන ප්‍රය රති ජානා කල ගංග තුංග වන් කනු ප්‍රමා නා
( ශ්‍රී නාමය )
ප්‍රශස්ති හා හටන් කාව්‍ය ග්‍රන්ථ සංඛ්‍යාව හා එහි සාහිත්‍යයමය අගය විමසීමේදී බොහෝ සෙයින් උපහරන වන්නේ පැරකුම්බා සිරිත ලෙස ගැනෙනුයේ එහි මනා ශබ්ධාලංකාර කාව්‍යාලංකාර මනාව ගැබ්වී තිබීමයි. වන්නම් වල ඇසෙන සුගායනීය බව සහ විරිත් භාවිතය සේම ශබ්ධාලංකාර යොදා ගනිමින් මෙම පැරකුම්බා සිරිතහි එන උදාහරණයක් සඳහන් කල හැකිය. එසේම මෙහි රචක කවියා චිත්ත රූප මවමින් කාව්‍ය අර්ථ රසයෙන් පූර්ණ කොට තිබේ.
"තරිඳු ගුණයෙන් - ගැබරින් - කිරිඳු කිරිඳු - බලයෙන් - දිරියෙන් - ගිරිඳු - ගිරිඳු - නුවණින් - විකුමෙන් - සිරිඳු දිනපැර - කුම්බුජ - නිර්ඳු "
පැහැදි සරම්බා - රැඳි මනරම්බා
තුනුසිරි රම්බා - පති පිළිබිම්බා
රුපු රජ රම්බා - රණමතු කුම්බා
දින පැරකුම්බා - හිමි තෙවි කුම්බා
පවර සරාමය - යුධයට වන් සඳ
නිසැකින් සිරි උර - තල සුසැ
( බින්තැන්නේ හිමි - රාජසිංහ සිරිත )
ප්‍රශස්ති කාව්‍ය සිංහල සාහිත්‍යය ඇසුරින් විමසීමේ දී පසක් වන්නේ පැරණි අපගේ සාහිත්‍යයේ දක්නට ලැබෙන කාව්‍ය කෘති වල අඩංගු කාව්‍යාලංකාර සේම ඔවුන්ගේ ඇති විදග්ධ බවයි. මේ හේතුවෙන් ප්‍රශස්ති සාහිත්‍යය කෙරෙහි බලපාන ලද සාහිත්‍යය වගේම ඔවුන්ගේ මනා භාෂා රටාව තුලින් රජු වෙත ගෞරවනීය චින්තනයන් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබුණි. කිරලා වන්නමේ භාෂා රටාව සිංහල ගැමි වහර උපයෝගී කරගෙන නිර්මාණය වී ඇති අතර එයට අනුගත වෙමින් නිර්මානය වූ ප්‍රශස්තිද ඒ අතර දැකිය හැකිය.
සුන්ද්‍ර රුවැති අසමාන පියුම් සර විදි මද රද දසකී
චන්ද බිම්බ සත ලිය සැව් අත ඇත නොකියව එලෙස සකී
කුන්ද දරා අයිරාවන පැලඹෙත සක් රජුදෝ මෙ සකී
ඉන්ද්‍ර දිසාපතී දහසක් නය නැති එකටෙක නොකිය සකී
( ශ්‍රී නාමය )
බුද්ධ ප්‍රශස්ති හා දේව ප්‍රශස්ති ලෙස සාහිත්‍යය තුල දක්නට හැකි ප්‍රශස්ති විශේෂ කිහිපයකි. මේ ආගමික ප්‍රශස්ති අතර යාදිනි, කෝල්මුර වැනි විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබන ගායන විශේෂ දක්නට ඇත. පත්තිනි, විශ්ණු, විභීෂණ, නාථ, සමන්, කතරගම හා දැඩිමුණ්ඩ වැනි දෙවිවරුන්ගේ ගුණබල ශක්ති, වර්ණනා කිරීම එකී කවි වල අන්තර්ගත වන හෙයින් මේවා දේව ප්‍රශස්ති ලෙස හැඳින්වීම අර්ථාන්විතය. බුද්ධ ප්‍රශස්ති වශයෙන් චින්තාමනි ශාන්තිය, දළදා අෂ්ඨක හා සූවිසි දුනි අශ්ඨකය ප්‍රමුඛත්වයක් දක්වයි. මෙම ප්‍රශස්ති ගායනා තුල දක්නට ලැබෙන තවත් සුවිශේෂී කරුණක් වන්නේ අතිශෝක්ති වර්ණනාය. එය සැබවින්ම ප්‍රශස්ති කාව්‍යය ගැලපෙන කාව්‍ය ලක්ෂණකි.
මෙරනිඳු විකුමෙන් සිතුවොත් වැරසර
මෙහමෙර තුඹසකි කිදැලෙකි සමුදුර
සියදොර වැලි මළුවෙහි දඹදිව තර
සෙසු රජ නර පණුවන් කිම බැඳ වෙර
( පැරකුම්බා සිරිත )
විරහ ප්‍රශස්ති රචනයේ දී කාව්‍ය තුළ ශෘංගාරය විරහ වේදනාව දැනවෙන අයුරින් ද රචනා කර ඇත.
වන් සදස සන තොසේ - කොඳපෙති කටුමෙන ව්ෂපෙව්වා
රන් කළ දෙ සරොසේ - යුධයට ගනිමින් ඉඟු සැව්වා
මෙන් කළ සද මෙලෙසේ - නොසිති මදකුත් පෙර කීව්වා
පින් කළ සමිදු දේසේ - බැදී සිටි යැන් සකි උනුලුව වා
අතීතයේ සිට ම මෙරට රාජ සභාවන්හි වන්දිභට්ටයන් විසින් ගායනා කරන ලද මෙම ප්‍රශස්ති ගායනා රජු සතුටු කිරීම සඳහාම යොදාගන්නා ලදී. මෙම ගායනා සඳහා මූලික වී ඇත්තේ ග්‍රීක රෝම සාහිත්‍යය යි. මෙයින් බිදී ආ ප්‍රශස්ති ගායනා සඳහා සංස්කෘත ශතක කාව්‍ය හා සංදේශ කාව්‍යද මූලික කොට ගන්නා ලදී. කෝට්ටේ, සීතාවක හා මහනුවර යුග ඔස්සේ වර්ධනය වූ මෙම ප්‍රශස්ති ගායනා සුවිශේෂී ලක්ෂණ හදුන්වා දෙමින් කාගෙත් සිත් බැඳ ගැනීමට සමත් විය. මේ හේතුවෙන් ප්‍රශස්ති ගායනා අප සිංහලයන්ට උරුම වූ අංගයන් හා මුසු වෙමින් සංස්කෘතික සංකල්පයන් හා ගැටෙමින් අතීතය පින වන්නට ඇති බව සිතිය හැකිය.