දමිළ කවියෙහි සලකුණ ;ජෙයපාලන්(188 වන ලිපිය)

post-title

ගෙදර යන්නට කියා

පුත්තලම් වෙරළ තෙර ගගනතින් පියාසර කරන විට

අහම්බෙන් බිම බැලිණි...

හිසෙහි අත ගස ගසා

ළයෙහි දුක වගුරුවා

කෑ ගසා-බෑගිරි නගා හැඩුවෝ ඔවුහුමය

අපේ කවියම

අපේ මුහුණට දමා ගැසුවේ පියාපත් තටුවලිනි

සියලු ලෝ වැසියන්ගේ හදගැබේ ඇනුණේ ද

අපේ ම කවිය ය

පහල පුත්තලම් ලුණු ලේවාවල

කටු පදුරු අතර සෙවණැලි නොදැක

කදුළු සමගින්

සැරිසරති අපගේ

නුවර පුරවැසියෝ

අමුඩ රෙදිකඩ ද උදුරා

පලවා හැරියේ අප

අපගේ ම ප්‍රජාවයි"

(68 පිට)

පුදුවෛ, නූමාන් සේ ම සුවිශ්ෂ දමිළ කවියකු වන ව.අයි.ස.ජෙයපාලන් එවකට පැවති සමාජ ක්‍රමය දැඩිව ප්‍රශ්නයට නැගූ අයෙකි. ඕමාර් ඛයියාම්ට කවියකු වීමට අවැසි වූ අවශ්‍යතා සියල්ල ඔහුද සපුරා තිබූ හෙයින් එවැන්නකු වීමට හැකියාව තිබියදී තමාට වෙනස් මගක යාමට සිදු වූයේ පවත්නා සමාජ දේශපාලන ක්‍රමය නිසා බැව් ඔහු පවසා තිබුණි. ජෙයපාලන් සහ දමිළ කවී පිළිබද ව හැදෑරීමෙහි ආරම්භක පියවරක් වශයෙන් නිලාර් එන්. කාසිම් විසින් සිය උපාධි නිබන්ධනය ඇසුරින් සකසා ඇති මෙම කෘතිය දමිළ සාහිත්‍යයේ මුහුණුවර සිංහල සාහිත්‍යයට හඩ ගා කීමක් බදුය.

මෙහි,

* දමිළ කවියෙහි ජෙයපාලන් සොයා යාම

* ජෙයපාලන් සිරිත

*යුද්ධය සාමය හා ජෙයපාලන්ගෙ කවිය

*සරණාගතයකුගේ ගීතය

*උපග්‍රන්ථ- ජෙයපාලන්ගේ පරිවර්තිත කවි සහ වෙනත්

යන මාතෘකා යටතේ නිලාර් එන් කාසිම් වැදගත් හදුන්වාදීම් කිහිපයක් සිදු කරයි. ඔහු විසින් දමිළ බසින් සිංහලයට පරිවර්තනය කරන ලද ජෙයපාලන් සහ තවත් දමිළ කවීන්ගේ කවි මෙන් ම ඒ පිළිබද සමාජ දේශපාලන කියවීමක් ද අඩංගු වෙයි.

යාපනය පුස්තකාලය ගිනි ලූ අවස්ථාව සම්බන්ධව ජෙයපාලන් මෙසේ කියයි.

"රෑ පුස්තකාලයට ගිනි තැබූ පුවත බලන්න ගිය අපි හැඩූ කදුළින් ඉද්දී ඊට මීටර් සීයක් තරම් ඈතින් සිටි හමුදාව අත්පුඩි තලමින් බයිලා කියමින් හූ කියමින් හිනාවුණා. අපි වුණත් ආයුධ ගැන විශ්වාසයක් තිබ්බෙ ඒ වෙලාවෙ. ජනතාව එතන ඉකිබිදිමින් විලාප දුන් හඩ තාමත් නින්නාද වෙනවා..."

ජෙයපාලන්ට සමකාලීන එම්.ඒ.නූමාන් කවියා ඒ සිදුවීම හරහා මානුෂිකත්වය හා සදාචාරය දැවීයාම දුටුවේ 'බුදුන් ඝාතනය කිරීම' යන මැයිනි.

" පෙර දින මගෙ සිහිනයක

බුදුහු වෙඩි වැදී මළහෙ

සිවිල් ඇදුමෙන් සැදුණු බළ සෙන‍ෙ

උන්වහන්සේ ඝාතනය කළහෙ

තිබිණ බිම ඔත් ලේ විලක් මතෙ

ශ්‍රී දේහය

යාපනය පොත් ගුළට ඇතුළු වන

පඩිපෙළ ළග ම"

(36 පිට)

ප්‍රශ්නය ඇත්තේ දමිළ සාහිත්‍ය කෘති පළ වීම නොව ඒවාට ඉඩකඩ අහුරා සිටීම බව පැහැදිලිය.එ වෙඩිවර්ධනගේ 'මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි' ෆහීමා ජහාන් සහ රිෂාන් ෂෙරීෆ් විසින් 'තලපෛටරාම් තායිනිලම්' මැයෙන් දමිළ බසට නැගුන ද එය ලංකාවට නොපැමිණීමේ සිදුවීමත් තැපැල් කන්තෝරු මගින් ඒවා ගෙනයාම තහනම් කිරීමත් කොටින් ම ඒවා කියවීමට අනුමැතිය නොදීමත් වැනි වාතාවරණයක් උඩ මෙවැනි කෘති නැවත නැවත මුද්‍රණය වීම ඇවැසි බව කියා සිටිමු.

කෘතිය-කර්තෘ ප්‍රකාශන

Top