මම මේ කියන්න හදන මතකයේ කතා නායිකාව අදටත් මගේ ලෝකයේ වීර නායිකාවක්. එයාව මට මුණගැහෙන්නේ පාසලේ දී සදුදට ඉස්කොලේ තියෙන ලොකු රැස්වීමට ප්‍රින්සිපල් සර් කවුරුම හරි සුවිශේෂ චරිතයකට ආරාධනා කරනවා කතාවක් කරන්න. මගේ මතකයේ හිටිය නායිකාවත් එදා ඒ විදියට ආරාධනාවක් ලැබිලා අපේ ඉස්කෝලෙට එනවා. කහපාට සාරියක් ඇදලා හරි ආඩම්බර ස්වරයකින් ඇය එදා අපි වෙනුවෙන් කතාකරන්න පටන්ගත්තා. මුලින්ම ඇය කවුද කියලා අපිට අදුන්නලා දුන්නා. ඊට පස්සෙ හරි රසවත්, අදටත් මගේ මතකයේ රැදිලා තියෙන අපූරු කතාවක් ඇය අපි එක්ක බෙදාගත්තා. " ආදරණීය දරුවනි, එක්තරා ගෑනු ළමයෙක් ඉන්නවා. ඇය හරිම අහිංසකයි. ඇය ජීවත්වෙන්නෙ ඇගේ අත්තම්මා එක්ක. ඉස්කෝලේ ඇරිලා වෙනදා වගේ මේ ගෑනු ළමයා ඔන්න ගෙදර යනවා. එදා ඇය ගෙදර ගියෙ නිකන් නෙමෙයි. ගෙදර ගිය විගස ඇය ඇගේ අත්තම්මට කතා කරලා කියනවා ' අත්තම්මේ, මට අද ඉස්කොලේ බිම වැටිලා තිබිලා මෙන්න මේක හම්බුනා ' කියලා ඇය අත්තම්මා අතට දෙනවා ලස්සන පැන්සල් පෙට්ටියක්. අත්තම්මා ඇයව ලඟට අරගන්නවා. හෙමින් සැරේ විස්තරත් අහගන්නවා. මොකක්ම හරි වරදක් තියෙනවා කියලා අත්තම්මට තේරෙනවා. ' අපි හැමෝම කියන කරන දේවල් දිහා බලන් ඉන්න කෙනෙක් ඉන්නවා පුතේ. අපි කාට බොරුවක් කිව්වත් කලත් අපිට බෑ අපි දිහා බලන් ඉන්න කෙනාට බොරුකරන්න. ඒ කෙනා ඉන්නෙ මෙන්න මෙතන ' කියලා අත්තම්මා ගෑනු ළමයගෙ පපුව ලඟින් ඇගේ අත තියලා හරි ආදරෙන් කියලා දෙනවා. ගෑනු ළමයා අඬනවා. අත්තම්මා ඇයව තුරුල් කරන් කියනවා ' අඬන්න එපා පුතේ, අපි මේක ඒ කෙනාටම බාරදෙමු ' කියලා කියනවා. ඒ පැන්සල් පෙට්ටිය ගෑනු ළමයා හොරකම් කරන් ඇවිත් තිබුනෙ. මේක දැනගෙන අත්තම්මා ගහලා බැනලා නෙමෙයි හරි ආදරෙන් ඒ වරද මේ ගෑනු ළමයට කියලා දුන්නා. පහුවෙනිද අත්තම්මත් යනවා ගෑනු ළමයා එක්ක ඉස්කොලෙට. ගිහින් පන්තිභාර ටීචර් හම්බෙලා මේ ගැන කතා කරනවා. ටීචර් ටික වෙලාවකින් අත්තම්මා එක්ක ගෑනු ළමයා ලඟට ඇවිත් ඇස් දෙක දිහා බලාන කතා කරනවා. " අපි ලඟ නැති දෙයක් තවත් කෙනෙක් ලඟ තියෙනවා දැක්කම අපි ඒ දේට මොනතරම් ආස කලත් නොකියා ගන්න හොද නෑ. එයා ගොඩක් දුක්වෙන්න පුළුවන්.ඔයා දැන්ම ගිහින් ඒ යාලුවට කතා කරලා එන්න. ඔයාට ඊට වඩා වටින දෙයක් ආපිටම ලැබේවි." ටීචර් කියන දේ අහලා මේ ගෑනු ළමයා යාලුවා ලඟට යනවා.ගෑනු ළමයට බයයි. එයාට මේ පැන්සල් පෙට්ටිය වැටිලා හම්බුන එකක් නෙමෙයි නෙ. එයා දන්නවා මේක යාලුවගෙන් අහන්නෙ නැතුව ගත්තෙ කියලා.ඇය ඇගෙන් සමාව ඉල්ලනවා. ආපිටම පැන්සල් පෙට්ටියත් දෙනවා. පහුවෙනිද ඉස්කොලේ යනකොට අර යාලුවා ඇය එනකන් මඟ බලන් ඉන්නවා. ඇය පුංචි පෙට්ටියක් අතේ තියාන තමා හිටියෙ. ' මේක මම ගෙනාවෙ ඔයාට. ඔයාට පුළුවන් ද මගෙ හොඳම යාලුවා වෙන්න ? ' මේ ගෑනු ළමයගෙ ඇස්වල කඳුලු පිරිලා. හොරකම් කරලා දෙයක් ගන්නවට වඩා වටින දේවල් මේ ලෝකේ තියෙනවා කියලා ඇය ඉගෙනගන්නවා. එදායින් පස්සෙ ඇය කවදාවත් හොරකම් කලේ නෑ. ඇය ගෙදර ගිහින් අර පෙට්ටිය ඇරලා බලනවා.පෙට්ටිය ඇතුලෙ පුංචි ලියමනක මෙහෙම ලියලා තියෙනවා. ' මම ඔයා එක්ක තරහා නෑ. මේ තෑග්ග ඔයා මට ආයෙම මම ආසම කරන පැන්සල් පෙට්ටිය ගෙනත් දුන්නට ' ඒ ගෑනු ළමයට හරි සතුටු හිතෙනවා. මොකද එයාට ලස්සන පැන්සල් පෙට්ටියක් හම්බෙනවා වගේම හොඳ යාලුවෙකුත් මුණගැහුනනෙ. මේ කතාව මගේ මතකෙ ඉන්න කතා නායිකාව කියලා අවසන් වෙලා මෙන්න මෙහෙම කිව්වා. " ඒ කතාවෙ හිටිය ගෑනු ළමයා වෙන කවුරුත් නෙමෙයි දරුවනේ.ඒ මමයි. " අපි හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි.අපි ජීවත්වෙනකොට පුංචි පුංචි අත්වැරදි වගේම අපි අතින් හිතාමතාම වැරදි වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් ආයෙ ආයෙම ඒ වැරදි නොවෙන්න අපේ ජීවිතය වෙනස් කරගෙන අපේ ජීවිතයට ලොකු වටිනාකමක් දෙන්න ,එතනයි අපි ජයග්‍රහණය කරන්නෙ. මගේ මතකයේ නායිකාව ඔන්න ඔය විදියට කතාවෙන් සමුගන්නවා. හැබැයි ඒ කතාව මගේ ජීවිතයේ ගොඩක් තැන්වලදි මට වාරුවක් වෙනවා. ජීවිතය කියන්නෙම පාඩමක්. අපි ඉගෙනගන්නෙ ජීවත්වෙන්න.විෂය දැනුම විතරක් නෙමෙයි, අපිට මුණගැහෙන ජීවිතවලින් ගන්න පුළුවන් අත්ඳැකීම් අපිට අපේ ජීවිතය හැඩකරගන්න , පාට කරගන්න වාරුවක් වෙනවා. වචන එක්ක ඔයාටත් පුළුවන් අකුරු කරන්න. ඔයාගෙ ජීවිතයට මුණගැහුන ඔයාගෙ ජීවිතය වර්ණවත් කරගන්න අත්දැකීම් දුන්න මතකයේ නායකයෙක් හරි නායිකාවක් හරි. එන්න අපි ඒ අත්දැකීම් බෙදාගමු.ආදරණීය ලෝකයක් වෙනුවෙන් අපි ඒ ආදරේ බෙදාගමු. අපිට නොලැබුන දේවල් ලැබෙන්නට ඉඩ හදමු